සුභ දවසක් හැමෝටම!!
චිත්‍රපටිය ගැන කියනවා නම් මේ ලිපිය ලියන මොහොත වන විට මේ චිත්‍රපටිය ලොව පුරා තිරගතවෙමින් ඉන්දියානු රුපියල් කෝටි 400 සීමාව පසු කරන්නට සමත් වෙලා තියෙනවා. ඒ වගේම ගොඩක් අය දන්නේ නැති තවත් කාරණයක් තමයි මේ චිත්‍රපටියේ කතාව රචනා කරලා තියෙන්නේ කාගේත් අවධානය දිනාගත් Baahubali චිත්‍රපටියේද කතාව රචනා කල K. V. Vijayendra Prasad විසින් බව. එකම පුද්ගලයෙකු අතින් කතාවන් සැකසුනු මේ චිත්‍රපටි දෙකේ පමණක් මේ වෙද්දී ආදායම ඉන්දියානු රුපියල් කෝටි 850 කටත් වැඩියි. බජ්රන්ගි භායිජාන් චිත්‍රපටියේ රේටින් ගැන කියනවා නම් IMDB අගය මේකට 8.5 ක් ලැබිලා තියෙනවා. මේ චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරන්නේ Ek tha Tiger චිත්‍රපටිය අධ්‍යක්ෂණය කල් කබීර් කාන් විසින්. එමෙන්ම නිෂ්පාදනය සල්මන් කාන් විසිත්ද, සංගීතය ප්‍රීතම් විසින්ද සපයා ඇති මිනිත්තු 158ක් පුරා දිවෙන මේ චිත්‍රපටිය Eros International ආයතනය විසින් 2015 ජූලි 15 වෙනිදා සිට ලොවපුරා සිනමාහල් 4000කට අධික සංඛ්‍යාවක ප්‍රදර්ශනය සඳහා බෙදාහරිනවා. කවුරුත් දන්නවනේ ඉතින් චිත්‍රපටියේ රංගනයේ නිරත වෙන අය කවුද කියලා. සල්මන් කාන්, කරීනා කපූර්, නවාසුද්දීන් සිදිකි, සහ ළමා චරිතයෙන් හර්ශාලි මල්හෝත්‍රා මේ සඳහා තාම රංගන දායකත්වයන් සපයනවා. කතාව ගැනත් යමක් කියමුකෝ.
ශාහිදා කියන්නේ ගොළු දැරිවියක් වයස අවුරුදු හයක් පමණ වන. එයා පකිස්තානයේ කෙනෙක්. ඉතින් ඉන්දියාවේ දිල්ලි වල තියෙන පල්ලියකට එයාව එක්කරගෙන ගියොත් එයාව සනීප කරන්න පුළුවන් වෙයි කියන එක තමා එයාලගේ විශ්වාසය, ඉතින් ඒ බලාපොරොත්තුව හිතේ තියාගෙන ශාහිදාගේ අම්මා ශාහිදාවත් අරගෙන ඉන්දියාවේ ඒ කියන පල්ලියට යනවා. නමුත් ඔවුන් පාකිස්ථානයට පැමිණෙන අතරතුර ශාහිදාගේ අම්මට ශාහිදාව මගහැරෙනවා. ශාහිදා ඉන්දියාවේ තබා එයාගේ අම්මට පාකිස්තානයට යන්න සිද්ද වෙනවා. නැවත ඉන්දියාවට ගිහින් හොයන්න අවසරයක් නෑ. ඉතින් අවසානයෙන් ඔවුන්ට ප්‍රාර්ථනා කරන්නට ඉතිරි වී තිබුනේ ශාහිදාව ඉන්දියාවේ හිත හොඳ කෙනෙකුට හමුවේවා කියන ප්‍රාර්ථනාවයි…!!! ඔයාලා බලලා කමෙන්ට් එකකුත් දාගෙන යන්න…
ජය වේවා!!
ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ තාරක නුවන් දිල්‍හාර සහෝදරයාගේ ලිපිය
උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න
සුභ දවසක් හැමෝටම!!
ඔන්න අද උදේ ott රිලීස් වෙච්ච හැමෝම ඉල්ලපු ෆිලුමක් අරන් තමයි මං අද ආවේ…
Gadar 2 කියන්නෙ 2001 ආපු Gadar කියන හින්දි ෆිලුමේ දෙවනි දිගහැරුම…
දැන් එතකොට මේක බලන්න අර 2001 ආපු එක බලන්නම ඕනෙද…??
නෑ නෑ එහෙම එකක් නෑ… ඒ කතාවෙන් තමයි මේක දිගටම දිගහැරෙන්නේ.. ඒත් කලින් එක බලලා ඉන්න ඕන කියලා එකක් නෑ.. අනික 2001 ෆිලුමේ සාරාංශයක් මේකෙ මුලදී පෙන්නනවා…
මේ අවුරුද්දේ අගෝස්තු 11 නිකුත් වෙච්ච මේ ෆිලුම අයත් වෙන්නෙ Action / Drama කියන Category එකට…මිනිත්තු 170 ක් පුරා දිවයන මේ ෆිලුම බ්ලොක් බාස්ටර් ලේබල් එකත් අලවගත්ත…
ඒ බජට් එක ඉන්දියානු රුපියල් කෝටි 60 ක වියදමකින් නිපදවල.. බොක්ස් ඔෆිස් වාර්තාව කෝටි 690ක් තියලා…
ෆිලුම පුරාවටම යන්නෙ ඉන්දියානු පාක්ස්ථාන් යුධ ගැටුම් තමයි.. වචන පවා ටිකක් අමුතුවට තිබුනා.. හැමෝටම තේරෙන්න ඕන නිසා පොඩ්ඩක් ශේප් කරල ගැහුවෙ…
එතකොට මේක අධ්‍යක්ෂණය කරන්නේ ගොඩක් අය දන්න කියන වගේ ෆිල්ම් සෙට් එකක්ම අධ්‍යක්ෂණය කරපු Anil Sharma කියන අධ්‍යක්ෂකතුමා… Gadar 1 එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙත් මෙයාම තමයි.. ඒ නිසා ශේප් ශේප්…!
ප්‍රධාන චරිතය ගොඩක් අය ආදරේ කරන බොලිවුඩ් නළුවෙක් වන Sunny Deol කරන්නේ.. අපේ අම්මා තාත්තාලාගේ කාලේ නළුවෝ නේ ඉතින්…!
අවන්කවම මං නම් මෙයාගේ ෆිල්ම්ස් වැඩිය බලලා නම් නෑ.. හැබැයි මේ ෆිල්ම් එකට නම් පොර ලොකු සාදාරනයක් කරලා තිබුනා..කාලෙකට පස්සේ තමයි Sunny Deol ෆිලුමකට අතගහල තියෙන්නේ.. කොහොම හරි වැඩෙත් පත්තු උනා…
Cast
Sunny Deol as Tara Singh
Ameesha Patel as Sakeena “Sakku” Ali Singh, Tara Singh’s wife
Utkarsh Sharma as Charanjeet “Jeete” Singh, Tara and Sakeena’s son
Gaurav Chopra as Lieutenant Colonel Devendra Rawat
Manish Wadhwa as Hamid Iqbal, General of Pakistan Army
ෆිලුම ගැන නම් ඇත්තටම විස්තරේ නම් කියන්න යන්නෑ.. මොකද විස්තරේ මෙතන දැම්මම ෆිලුම බලන එකෙන් වැඩක් නෑ නේ…
කෙටියෙන් කියනවා නම්,
◆ තමන්ගේ අම්මගේ තාත්තාගේ මරණයට මුළු ඉන්දියාවෙන්ම පලිගන්න හදන “පකිස්තාන් හමුදාවේ ජෙනරාල් හමීඩ් ඉක්බාල්”
◆ රට වෙනුවෙන් දිවි පුදන්න උනත් ලෑස්ති යකෙකුටවත් බය නැති හමුදාවක් මෙන් තනි මිනිහෙක් “තාරා සිං”
◆ තමන්ගේ තාත්තා වෙනුවෙන් ජිවිතේ උනත් අතාරින්න ලෑස්ති ආදරණිය පුතෙක් “ජීතේ”
◆ ජෙනරල් හමීඩ් ඉක්බාල්ගේ වියරුවට මැදිවුණු “තාරා සිං සහ ඔහුගේ පුත් ජීතේ”
ඔන්න ඔය සිද්දි ටික තමයි ෆිලුම පුරාවට ගලාගෙන යන්නෙ….2000 ගණන් වල ෆිලුමක් බලනව වගේ ෆීලින් එකක් ආවොත් හිතන්න එපා.. ෆිලුමෙ යන්නෙ 1900 ගණන් වල යුධ සීන් එකක් නිසා ඒ ගතිය තියෙන්නෙ..
එහෙනම් ඔයාලට බාරයි ෆිලුම.. අදට ගිහින් එන්නම්..
හැමෝටම බුදුසරණයි! ජේසු පිහිටයි!
Sinhalasub.lk එක්කම ඉන්න.. අලුත්ම ෆිල්ම්ස් බලන්න!
ජය වේවා!!
ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ ශාන් සසංග (ශානා) සහෝදරයගෙ ලිපිය
උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න
සුභ දවසක් හැමෝටම!!
“දෛවය”
හරිම පුදුමාකාරයිනේ?
දෙදෙනෙක්ව මුණගස්සන්න ඕන වුණාම, කොහොම හරි ඒ දේ කරනවා.
ඒ නිසානෙ, ඔයාගෙ ආදරවන්තයා හෝ ආදරවන්තියව,
ඉස්සෙල්ලම හම්බවුණාම කියන්නෙ,
“මං එයාව කළින් ඉඳන් දන්නව වගේ කියලා”
ඒකනෙ දකින පළමු බැල්මනේම ආදරයක් ඇතිවෙන්නෙ….
ඒත් එහෙම දෙන්නෙකුට,
ලේසියෙන් එකතු වෙන්න,
අර කළින් කියපු ‘දෛවයම’ ඉඩ දෙන්නෙ නෑ නේද?
ඒක එහෙම ලේසි පහසු වුණා නම්,
‘දෛවය’ කියන මාතෘකාව මෙච්චර රසවත් නොවෙන්න තිබ්බා.
‘දෛවය’ විසින්ම එවැනි ආදරයකට ‘අකුල්’ හෙළන තරමටම, බාධා වැඩි කරන
තරමටම,
ඒ ආදරය තව තවත් ශක්තිමත් වෙනව නේද?
සමහර විට ඒ ආදරය මේ ජීවිතයේදී එකතු නොවෙන්නත් පුළුවන්.
ඒත් ඊළඟ ආත්මයේදී, ඒ ආදරය පෙරටත් වඩා ශක්තිමත්ව, ආදරණීයව එකතු
වෙන්න පුළුවන්.
ඒ නිසා තමයි මං මුළින්ම කිව්වෙ, ‘දෛවය’ හරිම පුදුමාකාරයි කියලා…..
“ඔබ සුරඟනන්ටත් වඩා අගනේය,
මුළු ලොවටම ඔබ තරම් අයෙක් නොවේ,
අවසන, අප මේ සටන ජයගත්තා.”
එන්න…..අපි සැරිසරමු….සුන්දර කාෂ්මීරයේ, රමණීය කුඩා ගමක…
මේ කථාව ඔයාගෙ හදවතටම කථා කරනවා සහතිකයි…
මොකද මේක තවත් එක් ආදර කථාවක්ම නොවන හින්දා!
ජය වේවා!!
ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ හිරන්ත සිල්වා සහෝදරයාගේ ලිපිය
උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න