Mimi Keene – SinhalaSub https://sinhalasub.lk සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Tue, 09 Jan 2024 02:31:25 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.3 https://sinhalasub.lk/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Mimi Keene – SinhalaSub https://sinhalasub.lk 32 32 Sex Education (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/tvshows/sex-education-2019-sinhala-subtitles/ https://sinhalasub.lk/tvshows/sex-education-2019-sinhala-subtitles/#respond Sat, 14 Oct 2023 07:57:44 +0000 https://sinhalasub.lk/?post_type=tvshows&p=56541 Sex Education Sinhala Sub
Sex Education Sinhala Subtitles
Sex Education (2019) Sinhala Sub
Sex Education (2019) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

එහෙනම් මේ ඔයාලට අරගෙන එන්නේ 2019 දි නිකුත් වුන Sex Education කතාසමයයි. නම දැක්ක ගමන් දැනගත්තනේ, ආයෙ අමුතුවෙන් පැහැදිලි කරන්න දෙයක් නෑ. ගොඩක් අය මේක බලලත් ඇති. කොහොම උනත් ඉතින් ලංකාවෙ ලිංගික අධ්‍යාපනය කියන දේ තියෙන්නේ සෑහෙන පහත තැනක නිසා සෙක්ස් කියන වචනය ඇහුනත් චීයා,  ඊයා වගේ කියන තත්වෙකට පත්වෙලා තියෙන්නේ. නමුත් මෙන්න මේ වගේ කතාවක් බැලුවානම් දැනගන්න තිබුනා ඔය සෙක්ස් කියන වචනෙ ඇතුලේ තියෙන්නේ ඒකම විතරක් නෙමෙයි කියලා. එහෙනම් අපි මේකෙ ආගිය තොරතුරු ටිකක් බලල ඉමු.,

මේක නිකුත් උනේ 2019 ජනවාරි 11 වෙනිදා Netflix මගින්. ලැබූ අති සාර්ථකත්වය නිසා ඔවුන් නිවේදනය කලා 2020 ජනවාරි 17 මෙහි දෙවෙනි සමය එලිදක්වනවා කියලා. IMDb වල 8.3 අගයකුත්, කුණු තක්කාලි මීටරේ 8.17 කුත් ලබාගන්න සමත් උනා.

එහෙනම් කතාව පැත්තට හැරෙමුකෝ.,

මේ කතාමාලාවට මුල් වෙලා තියෙන්නේ ලිංගිකත්වය කියන දේට සෑහෙන බයක් දක්වන කොල්ලෙක්ව. මිනිහගෙ අම්මා ලිංගික ලෙඩරෝග වලට උපදෙස් ලබාදෙන චිකිත්සකවරියක්. තාත්තත් එහෙමයි. නමුත් දෙන්නා අතර සිද්ධවුන ගැටලුවක් නිසා දැන් දික්කසාද වෙලා තියෙන්නේ. ඉතින් දෙන්නාම ඉන්නේ තනියෙම. හැබැයි එහෙමයි කියලා අම්මා සැලෙන්නෙත් නෑ. උපදෙස් ගන්න එන හොඳ පිරිමි දෙතුන් දෙනෙක් එක්ක කොහොමහරි වැඩේ කරනවා. ඉතින් මේ ඕටිස්ගෙ හොඳම යාලුව එරික්, සමලිංගික පොරක්. මිනිහත් හෙනම ආතල් ඩයල් එකක්. ඉතින් මේ පවුල් පසුබිමත් එක්ක කොල්ලා සෑහෙන හිතේ ප්‍රශ්නෙන් ඉන්නේ. ඔහොම ඉද්දී ඉස්කෝලෙ ඉන්න මේව් කියන කෙල්ල කියනවා ලිංගික උපදෙස් දෙන ක්ලිනික් එකක් පටන් ගමු කියලා. පොරටත් ඉතින් අම්මගෙ ආභාශය තියෙනව, අම්මගෙ පොතපත තියෙන නිසා කැමැත්ත දෙනව. ඉතින් ඔතන ඉඳන් ඔවුන් මුහුනදෙන ගැටලු වලින් තමයි මේ කතාව ඉස්සරහට යන්නේ. ඔයාල හිතන්න එපා මේකෙ නම සෙක්ස් එඩියුකේශන් උනාට තනිකරම තියෙන්නේ ඒවා කියලා. ඒ විතරක් නෙමෙයි, ආදරය, කරුණාව, යාලුකම, පාවාදීම්, පළිගැනීම් වගේ හැම මාතෘකාවක්ම එකකට එකක් ගලපලා හදපු සුපිරිම සීරීස් එකක් තමයි.

එහෙනම් ඔයාලට අපි ආරාධනා කරනවා මෙ සුපිරි කතාසමය රසවිඳින්න කියල… ආයෙ අලුත් කතාසමයෙන් හමුවෙමු.

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ රඛිත රණතුංග සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

]]>
https://sinhalasub.lk/tvshows/sex-education-2019-sinhala-subtitles/feed/ 0
After Everything (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/after-everything-2023-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/after-everything-2023-sinhala-subtitles/#comments Wed, 11 Oct 2023 16:42:55 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=56776 After Everything Sinhala Sub
After Everything Sinhala Subtitles
After Everything (2023) Sinhala Sub
After Everything (2023) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

හායි… මෙ අරගෙන ආවේ After චිත්‍රපට මලාවේ පස්වැන්න හෙවත් අවසාන චිත්‍රපටය වන After Everything. මෙි චිත්‍රපටිය නිකුත් වෙන්නේ සැප්තැමිබර් 13, 2023 වෙනිදා. සුපුරුදු පරිදි මෙහිත් තිර රචනය සහ අධ්‍යක්ෂණය Castille Landon විසින්. මෙහි ප්‍රධාන චරිත සුපුරුදු ලෙස Josephine Langford සහ Hero Fiennes Tiffin විසින් නිරෑපණය කරනු ලබනවා. මෙහි සියලු බෙදාහැරිමි කටයුතු Voltage Pictures සමාගම විසින් සිදු කරනු ලබනවා.

මෙහි ප්‍රධාන චරිත ලෙස

Josephine Langford as Tessa Young
Hero Fiennes Tiffin as Hardin Scott
Louise Lombard as Trish Daniels
Stephen Moyer as Christian Vance
Mimi Keene as Natalie
Benjamin Mascolo as Sebastian
Cora Kirk as Freya
Rosa Escoda as Kat
Jessica Webber as Maddy
Ella Martine as Naomi
Laura Dutra as Paloma
Chance Perdomo as Landon
Kiana Madeira as Nora

චිත්‍රපටය විනාඩි 93 ක විකාශන කාලයකට යටත් වන අතර IMDb 4.6/10 ක අගයකුත් Rotten Tomatoes 79% ක අගයකුත් වාර්තා වෙලා තියෙනවා. මෙි චිත්‍රපටය බලන්න කලින් මෙිකේ අනිත් කොටස් හතර බලලා නැත්නමි බලන්න මොකද නැත්නමි සමහර දේවල් තේරුමිගන්න බැරි වෙනවා. (After 2019, After We Collided 2020, After We Fell 2021, After Ever Happy 2022)

පහල තියන පිංතූර Click කරලා ඔයාලට එ කතා ටිකත් බලන්න පුලුවන්

AFTER (2019)

AFTER WE COLLIDED (2020)

AFTER WE FELL (2021)

AFTER EVER HAPPY (2022)

චිත්‍රපටයේ කතාව ගැන කියනවනමි, After Ever Happy කොටසේ අන්තිමට ටෙසා සහ හාර්ඩ්න් දෙන්නා වෙන් වෙනවා, මෙි කොටසේදි වෙන්නේ හාර්ඩ්න් තමන්ගේ වැරදි නිවරදි කරගනිමින් ටෙසාව නැවත දිනාගන්න දරනු ලබන උත්සාහය සහ තමන් අතින් නැටලිට වුන වැරදි වලට සමාව ඉල්ලන්න ඇයව හොයාගෙන යාම තමයි මෙි චිත්‍රපටයේදි වෙන්නේ. කොහොමවුනත් මේක තමයි අවසාන කොටස ඉතින් මෙික සතුටු අවසානයක් වෙයි කියලද හිතන්නේ? බලලම කියන්න.

තව දෙයක් මෙකත් අනිත් හතර වගේම පවුලේ අයත් එක්ක නමි බලන්න බැහැ.

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ ජනිත් නවීන් සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

]]>
https://sinhalasub.lk/movies/after-everything-2023-sinhala-subtitles/feed/ 1