Micheal Ward – SinhalaSub https://sinhalasub.lk සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Mon, 01 Sep 2025 06:20:37 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.3 https://sinhalasub.lk/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Micheal Ward – SinhalaSub https://sinhalasub.lk 32 32 Eddington (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/eddington-2025-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/eddington-2025-sinhala-subtitles/#respond Mon, 01 Sep 2025 06:20:09 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=111109 Eddington Sinhala Sub
Eddington Sinhala Subtitles
Eddington 2025 Sinhala Sub
Eddington (2025) Sinhala Sub
Eddington (2025) Sinhala Subtitles

“Eddington කියන්නේ 2025 අවුරුද්දේ නිකුත් වුණ Western/Comedy/Crime සහ Thriller ශානරයන්ට අයත්, පැය දෙකකුත් විනාඩි විසි පහක ධාවන කාලයක් හිමි, IMDb 6.7 ක අගයක් සහ කුණු තක්කාලි 69% ක අගයක් ලබාගත් සිනමාපටයක්.. සුප්‍රසිද්ධ Ari Aster අධ්‍යක්ෂණය යටතේ නිර්මාණය වුණු මේ සිනමාපටයේ ප්‍රධාන චරිත ද්විත්වයට රංගනයෙන් දායක වෙන්නේ කවුරුත් දන්න Joaquin Phoenix සහ Pedro Pascal. ඒ වගේම සුප්‍රසිද්ධ හොලිවුඩ් නිළි Emma Stone ද මේ සිනමාපටයට දායක වෙනවා.

කතාව දිවයන්නේ 2020 මැයි අගභාගයට.. කවුරුත් දන්නවා ඒ කොරෝනා හෙවත් COVID-19 බිහිසුණු වෛරසය ලෝකයම වෙළාගත් කාල පරිච්ඡේදය කියලා. මේ පසුබිමක ඇමරිකාවේ පොඩි නගරයක් වෙච්ච “එඩින්ටන්” තුළ තමයි කතාව දිගහැරෙන්නේ.. මේ නගරයේ නගරාධිපති තනතුරට තරඟ කරන චරිත දෙකක් ඔස්සේ තමයි මූල බීජය සැපයෙන්නේ.. එක්කනෙක් වත්මන් නගරාධිපති ටෙඩ් ගාර්සියා.. අනිත් කෙනා එඩින්ටන් ප්‍රාන්ත ෂෙරිෆ් ජෝ ක්‍රොස්.. මුල ඉඳන්ම සීතල යුද්ධයක් පවතින මේ දෙන්නා කතාවේ අගභාගය වෙනකොට පීක් ලෙවල් එකට ළඟාවෙනවා.. මේ දෙන්නගේ සටන කොහොම එකක්ද? කතාවේ මැද එඩින්ටන් නගරයේ කළු සුදු බේද ගොන්නක් මැද්දෙන් පැන නගින විරෝධතා වලින් කොච්චර නම් බලපෑමක් මේ චරිත වලට වෙයිද? වෛරසය කොච්චර බලපෑමක් මේ කතාවට කරලා තියෙනවද? වගේම මේ දෙන්නගෙන් දිනන්නේ කවුද සහ අවාසනාවන්ත ඉරණමකට මූණ දෙන්න වෙන්නේ කාටද? මේ ඔක්කොම ප්‍රශ්න වලට උත්තර මේ සිනමාපටයේ අන්තර්ගතයි.

කතාව මුල හරිය ටිකක් බෝරින් ගතියක් උසුලන මුත් මැදින් පටන් ගන්නේ Next Level සිනමා අත්දැකීමක්.. විශේෂයෙන් ම කියන්න ඕන Phoenix ගේ රංගනය අතිවිශිෂ්‍ටයි.. Pedro ගේ වගේම Emma ගෙන් පවා ඊට නොදෙවෙනි රංගනයන් බලාගන්න පුළුවන් වෙනවා..

Recommendations පැත්තට ගියාම කියන්න තියෙන්නේ කතාවේ මුල මැද කිසිම ප්‍රශ්නයක් නැතුව පවුලේ සැමට බලන්න පුළුවන් කතාවක්.. ඒත් අන්තිම හරියේ එක නිරුවත් දර්ශනයක් අන්තර්ගත වෙනවා.

ජය වේවා!

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

]]>
https://sinhalasub.lk/movies/eddington-2025-sinhala-subtitles/feed/ 0