Michael Shannon Archives - SinhalaSub https://sinhalasub.lk/cast/michael-shannon/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Fri, 20 Dec 2024 06:07:35 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://sinhalasub.lk/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Michael Shannon Archives - SinhalaSub https://sinhalasub.lk/cast/michael-shannon/ 32 32 The Bikeriders (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/the-bikeriders-2024-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/the-bikeriders-2024-sinhala-subtitles/#comments Fri, 20 Dec 2024 06:07:10 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=84981 The Bikeriders Sinhala Sub The Bikeriders Sinhala Subtitles The Bikeriders 2024 Sinhala Sub The Bikeriders (2024) Sinhala Sub The Bikeriders (2024) Sinhala Subtitles උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය […]

The post The Bikeriders (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
The Bikeriders Sinhala Sub
The Bikeriders Sinhala Subtitles
The Bikeriders 2024 Sinhala Sub
The Bikeriders (2024) Sinhala Sub
The Bikeriders (2024) Sinhala Subtitles

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post The Bikeriders (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/the-bikeriders-2024-sinhala-subtitles/feed/ 1
Man of Steel (2013) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/man-of-steel-2013-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/man-of-steel-2013-sinhala-subtitles/#comments Thu, 27 Jul 2023 21:37:36 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=47118 Man of Steel Sinhala Sub Man of Steel Sinhala Subtitles Man of Steel (2013) Sinhala Sub Man of Steel (2013) Sinhala Subtitles ක්‍රිප්ටන්! ඒ තමා ඔහුගෙ නිජබිම. ඒත් ඔහුට එහේ ඉන්ඩ ඉඩ ලැබුණේ ඉපදිලා විනාඩි කීපයක් විතරයි. මොකද ඔහු ඉපදෙනකොටත් ඔහුගෙ ලෝකය අවසන් සුසුම් හෙළමින් තිබුණා. තමන්ගෙ දරුවාව ඒ ලෝකයේ ඉරණමෙන් බේරලා යවන්ඩ ඔහුගේ දෙමාපියන් […]

The post Man of Steel (2013) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Man of Steel Sinhala Sub
Man of Steel Sinhala Subtitles
Man of Steel (2013) Sinhala Sub
Man of Steel (2013) Sinhala Subtitles

ක්‍රිප්ටන්! ඒ තමා ඔහුගෙ නිජබිම. ඒත් ඔහුට එහේ ඉන්ඩ ඉඩ ලැබුණේ ඉපදිලා විනාඩි කීපයක් විතරයි. මොකද ඔහු ඉපදෙනකොටත් ඔහුගෙ ලෝකය අවසන් සුසුම් හෙළමින් තිබුණා. තමන්ගෙ දරුවාව ඒ ලෝකයේ ඉරණමෙන් බේරලා යවන්ඩ ඔහුගේ දෙමාපියන් තීරණය කළේ, ඔහුව විතරක් බේරාගන්නා අරමුණින් නොවෙයි. ඔවුනගේ මුළු වර්ගයාම බේරාගන්නා අරමුණින්. ඒ වෙනුවෙන් තමන්ගේ හමුදා නායකයාටත් එරෙහිව යන්නට ඔවුන් පසුබට වුණේ නෑ. ඔහුට සුදුසුම ලෝකය ලෙස ඔවුන් ‍තෝරාගත්තේ අපේ ලෝකය. නමුත් ඔවුන් හිතූ තරම් මේ ලෝකය ඔහුට කාරුණික වුණේ නෑ. ඒත් ඔහුව හදාවඩා ගත්, ‍රැකබලාගත් මේ ලෝකයේදී ඔහුට හිමි වූ දෙමාපියන් තමයි ඔහුට මේ ලෝකෙට ඔරොත්තුදෙන්ඩ වුවමනා ශක්තියත් විශ්වාසයත් ඔහු තුළ ඇති කළේ. මේ ලෝකෙදි ඔහු හිතාගන්ඩත් බැරි තරම් පුදුමාකාර ශක්තියකින් යුතු කෙනෙක්. ඒත් ඒ හේතුව නිසාම ඔහු හරියට අසරණ වුණා. හරි බව දැන දැනත් කළ ඇතැම් දේවල් නිසා ඔහුගේ හිත වේදනාවෙන් රිදුම් දුන්නා. සියල්ල වනසන්නට තරම් වේගයන් හිත දවනකොට, ඔහු අසලින්ම ඉඳගෙන අවැසි ශක්තිය දුන්නේ මේ ලෝකෙදි ඔහුට ලැබුණු තාත්තයි, අම්මයි දෙන්න තමයි.

ඒ වුණත් අන්තිමේදී ඔහුට, තමන්ගෙ අයව හමුවුණේ කොහෙත්ම නොසිතූ විදිහකට! සැබැවින්ම තමන්ගේ අය කවුද? කාගේ පැත්ත ගන්නද? කාව විශ්වාස කරන්නද? කා වෙනුවෙන් සටන් කරන්නද? කවුරුන් ඔහුව පිළිගනීවිද? කවුරුන් ඔහුට එරෙහිවේවිද? ඒ කොහොම වුණත්; මේ සියලුම ප්‍රශ්න එලෙසම හිත දරාගෙන ඔහු ඒ ගැන තීරණයක් ගත්තා. අන්න ඒ විදිහටයි ඔහු; සිය ලෝකයෙන් ලද උරුමය වූ බලාපොරොත්තුවේ සලකුණ පෙරදැරි කරගත්, එලොවින් ආ ගැළවුම්කරු බවට පත්වුණේ…

අවසාන වශයෙන් මා ඔබට අවධාරණය කරනවා; මේ චිත්‍රපටයේ වීරයන් මිස දුෂ්ඨයන් නැති බව! එයයි මා මෙහි දු‍ටු සුවිශේෂීම ලක්ෂණය. ඔබටත් එය වැටහේදැයි මෙය නරඹන විට සැලකිල්ලෙන් බලන්න!

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ උදා සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Man of Steel (2013) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/man-of-steel-2013-sinhala-subtitles/feed/ 1
The Flash (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/the-flash-2023-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/the-flash-2023-sinhala-subtitles/#comments Mon, 17 Jul 2023 22:09:05 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=45024 The Flash Sinhala Sub The Flash Sinhala Subtitles The Flash (2023) Sinhala Sub The Flash (2023) Sinhala Subtitles කොහොමෙයි කොහොමෙයි ඉතින් හැමෝටම? ‘කොහොමෙයි’ කියලා දෙපාරක්ම කිව්වේ විමා අයියටත් එක්කයි. මොකද දෙන්නා එකතු වෙලා තමයි උපසිරසිය හැදුවේ. උපසිරසි ජීවිතේ කරන පළවෙනි collab එකම විමා අයියාත් එක්ක කරන්න ලැබීම සෑහෙන්න ලොකු සතුටක් වගේම ගෞරවයක්. ? ඉතින් දෙන්නත් […]

The post The Flash (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
The Flash Sinhala Sub
The Flash Sinhala Subtitles
The Flash (2023) Sinhala Sub
The Flash (2023) Sinhala Subtitles

කොහොමෙයි කොහොමෙයි ඉතින් හැමෝටම? ‘කොහොමෙයි’ කියලා දෙපාරක්ම කිව්වේ විමා අයියටත් එක්කයි. මොකද දෙන්නා එකතු වෙලා තමයි උපසිරසිය හැදුවේ. උපසිරසි ජීවිතේ කරන පළවෙනි collab එකම විමා අයියාත් එක්ක කරන්න ලැබීම සෑහෙන්න ලොකු සතුටක් වගේම ගෞරවයක්. ?

ඉතින් දෙන්නත් එක්ක මේ අරගෙන ආවේ The Flash (2023) මූවී එකේ උපසිරසිය. මේක තමයි DCEU හි අවසානය. මේ ෆිල්ම් එකෙන් DCEU එක reboot කරලා James Gunn ගේ අලුත් DCU එක පටන් ගන්නවා. දැනට නම් කියලා තියෙන්නේ මේකෙන් universe එකේ සමහර කොටස් විතරයි reboot වෙන්නේ කියලා. ඒ කියන්නේ මේක soft reboot එකක්. ඒත් සමහර විට මේකේ Box Office ප්‍රතිඵලයත් එක්ක ඒක hard reboot එකක් කරන්නත් ඉඩ තියෙනවා.

ෆිල්ම් එක ගැන පොඩ්ඩක් විස්තර කියනවා නම් මේකට Rotten Tomatoes දර්ශකයේ 64%ක අගයක් සහ IMDb දර්ශකයේ 7.2ක අගයක් අරගෙන තියෙනවා. ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Andy Muschietti විසින්. Ezra Miller (Barry Allen), Ben Affleck (Batman), Sasha Calle (Supergirl), Kiersey Clemons (Iris West) ආදී නළු නිළියන් බොහොමයක් රංගනයෙන් දායක වෙනවා. මේ අතරේ Michael Keaton ව highlight නොකර කොහොමද. ඉතින් මේකෙන්ම පේනවා ඇතිනේ, අපිට හුරුපුරුදු මූණු කීපයක්ම බලාගන්න පුළුවන්.

ෆිල්ම් එකේ ඉතිහාසය ගැනත් පොඩ්ඩක් කියන්නම්. DCEU එකේ කොටසක් විදියට ෆ්ලෑෂ් මූවී එකක් එනවා කියලා මුලින්ම announce කළේ 2014 දී (ඉතින් දශකයක කාලයක් තිස්සේ මේක හදපු බව පැහැදිලියිනේ). ඒක release වෙන්න නියමිතව තිබුණේ 2018 මාර්තු 23 වෙනිදා. ඒත් ඒක කැන්සල් කරලා දැම්මා. ෆිල්ම් එකේ අධ්‍යක්ෂකවරු, WB එක එක්ක තිබ්බ ගැටලු නිසා සහ Ezra Miller, Fantastic Beasts franchise එකට සම්බන්ධ වෙලා තිබුණු නිසා මේ ෆිල්ම් එක දිගටම delay වුණා. අන්තිමට 2020 දී Andy Muschietti මේක භාරගන්නවා. එයා වැඩ අවසන් කරලා තමයි අන්තිමට 2023 දී ෆිල්ම් එක රිලීස් වෙන්නේ.

ෆිල්ම් එක පාදක වෙලා තියෙන්නේ කොමික් ෆෑන්ස්ලා අතර ජනප්‍රිය, ෆ්ලෑෂ්ගේ හොඳම කතාවන්ගෙන් එකක් (නැත්නම් හොඳම කතාව) විදියට සැලකෙන Flashpoint කතා මාලාව පදනම් කරගෙනයි. කොහොම නමුත් මේක පදනම් කරගෙන ගහපු The Flashpoint Paradox animated movie එකට වඩා වෙනස් විදියට මේකට මල්ටිවර්ස් පැත්තත් ගාවගෙන තියෙනවා.

කතාව සරලවම කියනවා නම්, බැරී ඇලන් හෙවත් ෆ්ලෑෂ් අතීතයට ගිහින් එයාගේ අම්මාගේ මරණය නතර කරනවා. එයා ආපහු වර්තමානයට එනකොට එයා අතීතය වෙනස් කරපු නිසා වර්තමානයත් සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා. උදාහරණයක් විදියට, crime alley එකේදී මැරෙන්නේ Bruce Wayne මිසක් එයාගේ දෙමව්පියෝ නෙමෙයි. Thomas Wayne හෙවත් බෲස්ගේ තාත්තා තමයි බැට්මෑන් වෙන්නේ. ඒවගේම Aquaman සහ Wonder Woman යුද්ධයක් පටන් අරන් ලෝකේ විනාශ කරන්නයි යන්නේ. ෆ්ලෑෂ් ඒක නවත්තලා ලෝකේ බේරගන්න උත්සහ කළාට ඒක කරගන්න බැරි වෙනවා. එයාට අන්තිමට කරන්න ඉතුරු වෙන දේ තමයි ආපහු අතීතයට ගිහින් එයාගේ අම්මට මැරෙන්න ඉඩ දෙන එක. ඒකෙන් ආපහු දේවල් තිබුණ විදියටම හරියනවා. හැබැයි මං කලිනුත් කිව්වා වගේ, The Flash (2023) මේක මත පදනම් වුණාට මේකට වඩා කතාව ගොඩක් වෙනස්.

ඒත් කතාවේ ප්‍රධාන තේමාව දෙකේම එකයි. අපි හැමෝටම අපි කැමති සහ අකමැති දේවල්වලින් සමන්විත අතීතයක් තියෙනවා. සමහර වෙලාවට අපට හිතෙනවා ඒ අපි අකමැති දේවල් ආපහු ගිහින් වෙනස් කරන්න ක්‍රමයක් තිබුණා නම් කියලා. ඒත් අපටත් ෆ්ලෑෂ් වගේ අතීතයට ගිහින් ඒ සිද්ධවුණු දේවල් වෙනස් කරන්න හැකියාවක් සහ අවස්ථාවක් තියෙනවා නම්, අපි එහෙම කරනවද? මොකද ඒ අතීතයේ සිද්ධවුණු හොඳ හෝ නරක දේවල් නිසා තමයි අද අපි මෙතන ඉන්නේ. ඉතින් ප්‍රශ්නය අපි එහෙම කරනවද කියන එකම නෙමෙයි; ‘අතීතය වෙනස් කළ යුතුද?’ කියන එකයි.

ඉතින්… මේක Box Office ඉතිහාසයේ ලොකුම flops වලින් එකක් බව මේ වෙනකොට රහසක් නෙමෙයිනේ. ඒකට ප්‍රධාන වශයෙන්ම හේතු වෙලා තියෙන්නේ දැන් DCEU එක ගැන කිසිම hype එකක් නැති වීම සහ Ezra Miller ගේ අපරාධ කියලයි මට නම් හිතෙන්නේ. මොකද කතාව පැත්තෙන් ගත්තාම මේක සාමාන්‍යයෙන් හොඳම මට්ටමේ කතාවක්. මුල ඉඳලා අගට යනකම් කිසිම අවුලක් නැතුව බලන් ඉන්න පුළුවන් , ඒ වගේම DC විශ්වය රී-බූට් කරවන්න හොඳ අවස්ථාවක් මේකෙන් ලබා දෙනවා. විශේෂයෙන්ම මාවල් DC භේදයක් නැතුව කොමික් පාදක කරගත්ත ෆිල්ම් රසිකයෙකුට මේක හරිම අපුරු සිනමාපටයක් වේවි.

එහෙම නම්, අදට සමුගන්නවා. උපසිරසියට හවුල් වෙන්න ලබා දුන්නු අවස්ථාවට විමා අයියට බොහොම ස්තුතියි. තවත් සිංහල උපසිරසියකින් ඉක්මනින්ම හමුවෙමු. පීස් ✌

“The only way to save the world… is to keep this world from ever happening. Run.”

“ලෝකේ බේරගන්න තියෙන එකම විදිය තමයි… මේ ලෝකේ ඇති වෙන එක නවත්තන එක. දුවන්න.”

– Thomas Wayne (Batman)
The Flashpoint Paradox

 

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post The Flash (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/the-flash-2023-sinhala-subtitles/feed/ 1
Knives Out (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/knives-out-2019-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/knives-out-2019-sinhala-subtitles/#respond Fri, 03 Mar 2023 13:30:59 +0000 https://sinhalasub.net/?post_type=movies&p=1238 The post Knives Out (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
The post Knives Out (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/knives-out-2019-sinhala-subtitles/feed/ 0