Melissa Barrera Archives - SinhalaSub https://sinhalasub.lk/cast/melissa-barrera/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Sat, 09 Nov 2024 02:12:30 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://sinhalasub.lk/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Melissa Barrera Archives - SinhalaSub https://sinhalasub.lk/cast/melissa-barrera/ 32 32 Scream (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/scream-2022-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/scream-2022-sinhala-subtitles/#respond Sat, 09 Nov 2024 01:50:24 +0000 https://sinhalasub.ml/?post_type=movies&p=14309 scream පලවෙනි චිත්‍රපටයෙන් පස්සෙ අවුරුදු 25 කට පස්සෙ තමයි මේ ෆිල්ම් එක එන්නෙ (??පලවෙනි එක එනකොට මම ඉපදිලාවත් නෑ ??) බිලි ලුමිස්ගෙ දුවත් ඉන්නවා.. ගෙදරක තනියම ඉන්න ගැනු ලමයෙකුට කෝල් එකක් එනවා ඒ කතා කරන කෙනා ප්‍රශ්න ටිකක් අහනවා එවට හරියට උත්තර නොදුන්නොත් මැරෙන්න තමා වෙන්නේ ඉතින් ඒ ප්‍රශ්න මොනවාද? කව්ද මේ මිනීමරුව කියලා බලන්න […]

The post Scream (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
scream පලවෙනි චිත්‍රපටයෙන් පස්සෙ අවුරුදු 25 කට පස්සෙ තමයි මේ ෆිල්ම් එක එන්නෙ (??පලවෙනි එක එනකොට මම ඉපදිලාවත් නෑ ??) බිලි ලුමිස්ගෙ දුවත් ඉන්නවා..

ගෙදරක තනියම ඉන්න ගැනු ලමයෙකුට කෝල් එකක් එනවා ඒ කතා කරන කෙනා ප්‍රශ්න ටිකක් අහනවා එවට හරියට උත්තර නොදුන්නොත් මැරෙන්න තමා වෙන්නේ ඉතින් ඒ ප්‍රශ්න මොනවාද? කව්ද මේ මිනීමරුව කියලා බලන්න නම් ෆිල්ම් එක බලන්නම වෙනවා හොදේ..????

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Scream (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/scream-2022-sinhala-subtitles/feed/ 0
Abigail (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/abigail-2024-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/abigail-2024-sinhala-subtitles/#respond Tue, 07 May 2024 17:55:39 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=69823 Abigail Sinhala Sub Abigail Sinhala Subtitles Abigail (2024) Sinhala Sub Abigail (2024) Sinhala Subtitles

The post Abigail (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Abigail Sinhala Sub
Abigail Sinhala Subtitles
Abigail (2024) Sinhala Sub
Abigail (2024) Sinhala Subtitles

The post Abigail (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/abigail-2024-sinhala-subtitles/feed/ 0
Scream VI (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/scream-vi-2023-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/scream-vi-2023-sinhala-subtitles/#respond Mon, 17 Jul 2023 01:04:42 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=44891 Scream VI Sinhala Sub Scream VI Sinhala Subtitles Scream VI (2023) Sinhala Sub Scream VI (2023) Sinhala Subtitles ජීවිතයේ ඒක වතාවක් පමණක් මුහුණ දෙන්න ලැබෙන, අපි ගොඩ දෙනෙක් කතා කරන්න අකමැති දෙයක් තමයි මරණය කියන්නේ. ස්වභාවික මරණයක් නොලැබෙන ගොඩ දෙනෙක් මැරෙන්නේ අසනීප, හදිසි අනතුරු, සිය දිවි නසා ගැනීම් සහ මැරුම් කෑම් වලින්. ඒ අතරින් වඩා […]

The post Scream VI (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Scream VI Sinhala Sub
Scream VI Sinhala Subtitles
Scream VI (2023) Sinhala Sub
Scream VI (2023) Sinhala Subtitles

ජීවිතයේ ඒක වතාවක් පමණක් මුහුණ දෙන්න ලැබෙන, අපි ගොඩ දෙනෙක් කතා කරන්න අකමැති දෙයක් තමයි මරණය කියන්නේ. ස්වභාවික මරණයක් නොලැබෙන ගොඩ දෙනෙක් මැරෙන්නේ අසනීප, හදිසි අනතුරු, සිය දිවි නසා ගැනීම් සහ මැරුම් කෑම් වලින්. ඒ අතරින් වඩා බිහිසුණුම මරණය ඉතින් මැරුම් කන එක කියලා තමයි මගේ මතය.

සිනමාව පැත්තෙන් ගත්තම ක්‍රියාදාම චිත්‍රපට ගොඩක් ඒවා වෙඩි තියා ගන්නවා, කපා කොටා ගන්නවා. හැබැයි ඊට වඩා ත්‍රාසජනක මරණ තියෙන්නේ හොල්මන් (Horror) සහ අභිරහස් (Mystery) ගණයට වැටෙන චිත්‍රපට වල. ඒ අතරින් Scream කතා මාලාව කියන්නේ ත්‍රාසජනක මරණ වලට තෝතැන්නක්. මම හිතන්නේ වෙස් බැඳි දාම මිනී මරුවන් (Ghostface serial killers) ආශ්‍රයෙන් Scream චිත්‍රපට නිර්මාණය වීම ඒකට ප්‍රධාන හේතුවක් වෙන්න ඇති.

ගිය අවුරුද්දේ Scream 5 වෙනි චිත්‍රපටයට උපසිරැසිය කරන්න මට අවස්ථාව ලැබුණ නිසා අද ඔයාලට අරන් එන මේ Scream 6 වෙනි චිත්‍රපටයේ උපසිරැසිය කරන්නත් උරුමයෙන්ම මට ඉඩ ලැබුණා. නමුත් කතාවේ ඇති දෙබස් ප්‍රමාණය අධික වීමත්, වෙලාවට උපසිරැසිය ලබා දෙන එක ගොඩක් වැදගත් වීමත් නිසා මේ උපසිරැසිය කරන්න මම මට ගොඩක් හිතවත් යුරාන් ධනුක මල්ලිව මේ වැඩේට සම්බන්ධ කර ගත්තා. යුරාන් කියන්නේ බයිස්කෝප් පවුලට මට පස්සේ සම්බන්ධ උන, නමුත් මට වඩා උපසිරැසි නිර්මාණ රාශියක් කරපු එල කොල්ලෙක්. වැදගත්ම කාරණේ Scream 6 කියන්නේ මගේ පළවෙනි කඩයිම (50) සහ යුරාන්ගේ තුන් වෙනි කඩයිම (150) ඉවර කරලා අපි දෙන්නම කරන පළවෙනි උපසිරැසි නිර්මාණය වීමයි. ඉතින් මේ වෙලාව මං යුරාන් මල්ලිට ස්තූති කරන්න අවස්ථාව කර ගන්නවා. ඒ වගේම උපසිරැසිය බෙදා හරින්න ඇඩ්මින් එක පැත්තෙන් මුල් උන විමාවත් මතක් කරන්න ඕන.

ඉතින් කියන්න ඕන මේ චිත්‍රපටය බලන්න කලින් මුල් කොටස් 5 බලල නැති අය ඉන්නවා නම් එයාලා ඒවා බලලාම මේක බැලුවා නම් ගොඩක් හොඳයි කියලා. ඒකට හේතුව මේ කතා අතරේ සම්බන්ධයක් තිබීමයි. එහෙනම් පුංචි ඉඟියක් දෙන්නම් මේ කතාව ගැන.

Scream 5 වෙනි චිත්‍රපටයේ සමන්තා (Melissa Barrera) අතින් එයාගේ පෙම්වතා රිචී බල්ලෙක් වගේ මැරුම් කෑවට පස්සේ සමන්තාට ඕන වෙනවා ආපහු සාමාන්‍ය කෙල්ලෙක් විදිහට ජීවත් වෙන්න. නමුත් යම් මානසික ආතතියක් තිබීම සහ සමාජයෙන් මිනී මරුවෙක් විදිහට හංවඩු ගැහීමත් එක්ක සමන්තා ඉන්නේ කල කිරීමෙන්. තමන්ගේ නංගි ටේරා (Jenna Ortega) සහ පරණ යාළුවන් එක්ක සතුටින් ජීවත් වෙන්න උත්සහ කරන සමන්තාට ආපහු ඉස්සර වගේ මිනී මැරුම් ගැන අහන්න දකින්න ලැබෙනවා වගේම ජීවිත තර්ජන වලට මුහුණ දෙන්නත් වෙනවා. ඒ වෙන මුකුත් නිසා නෙමෙයි, එයා අතින් රිචී මැරුම් කාපු නිසා. ඇයි රිචී වගේ මිනී මරුවෙක් මරපු එකට සමන්තාට මේ තරම් ජීවිත තර්ජන? එතකොට ඒ තර්ජන එන්නේ කාගෙන් ද? ඕවාට උත්තර දැන ගන්න නම් ඔයාලට මේ චිත්‍රපටය බලන්නම වෙනවා.

Spyglass Media Group විසින් නිෂ්පාදනය කරන ලද Paramount Pictures සමාගම විසින් බෙදා හරින ලද Scream 6 චිත්‍රපටය අධ්‍යක්‍ෂණය කලේ Matt Bettinelli-Olpin සහ Tyler Gillett යන දෙදෙනායි. චිත්‍රපටය ඇමරිකාවේ නිව්යෝක් නගරය පදනම් කරගෙන නිර්මාණය උනත් රූගත කිරීම් සිදු කරේ කැනඩාවේ Montreal නගරයේයි. ඉහත සඳහන් කල ප්‍රධාන නිලියන් දෙපලට අමතරව මේ චිත්‍රපටයේ ඊතන් ලෙස Jack Champion, ගේල් ලෙස Courteney Cox, චැඩ් ලෙස Mason Gooding, ක්වින් ලෙස Liana Liberato, සහ ඩැනී ලෙස Josh Segarra රංගනයෙන් දායක වෙනවා.

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ යුරාන් ධනුක සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Scream VI (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/scream-vi-2023-sinhala-subtitles/feed/ 0