සුභ දවසක් හැමෝටම!!
චිත්‍රපටිය ගැන කියනවා නම් මේ ලිපිය ලියන මොහොත වන විට මේ චිත්‍රපටිය ලොව පුරා තිරගතවෙමින් ඉන්දියානු රුපියල් කෝටි 400 සීමාව පසු කරන්නට සමත් වෙලා තියෙනවා. ඒ වගේම ගොඩක් අය දන්නේ නැති තවත් කාරණයක් තමයි මේ චිත්‍රපටියේ කතාව රචනා කරලා තියෙන්නේ කාගේත් අවධානය දිනාගත් Baahubali චිත්‍රපටියේද කතාව රචනා කල K. V. Vijayendra Prasad විසින් බව. එකම පුද්ගලයෙකු අතින් කතාවන් සැකසුනු මේ චිත්‍රපටි දෙකේ පමණක් මේ වෙද්දී ආදායම ඉන්දියානු රුපියල් කෝටි 850 කටත් වැඩියි. බජ්රන්ගි භායිජාන් චිත්‍රපටියේ රේටින් ගැන කියනවා නම් IMDB අගය මේකට 8.5 ක් ලැබිලා තියෙනවා. මේ චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරන්නේ Ek tha Tiger චිත්‍රපටිය අධ්‍යක්ෂණය කල් කබීර් කාන් විසින්. එමෙන්ම නිෂ්පාදනය සල්මන් කාන් විසිත්ද, සංගීතය ප්‍රීතම් විසින්ද සපයා ඇති මිනිත්තු 158ක් පුරා දිවෙන මේ චිත්‍රපටිය Eros International ආයතනය විසින් 2015 ජූලි 15 වෙනිදා සිට ලොවපුරා සිනමාහල් 4000කට අධික සංඛ්‍යාවක ප්‍රදර්ශනය සඳහා බෙදාහරිනවා. කවුරුත් දන්නවනේ ඉතින් චිත්‍රපටියේ රංගනයේ නිරත වෙන අය කවුද කියලා. සල්මන් කාන්, කරීනා කපූර්, නවාසුද්දීන් සිදිකි, සහ ළමා චරිතයෙන් හර්ශාලි මල්හෝත්‍රා මේ සඳහා තාම රංගන දායකත්වයන් සපයනවා. කතාව ගැනත් යමක් කියමුකෝ.
ශාහිදා කියන්නේ ගොළු දැරිවියක් වයස අවුරුදු හයක් පමණ වන. එයා පකිස්තානයේ කෙනෙක්. ඉතින් ඉන්දියාවේ දිල්ලි වල තියෙන පල්ලියකට එයාව එක්කරගෙන ගියොත් එයාව සනීප කරන්න පුළුවන් වෙයි කියන එක තමා එයාලගේ විශ්වාසය, ඉතින් ඒ බලාපොරොත්තුව හිතේ තියාගෙන ශාහිදාගේ අම්මා ශාහිදාවත් අරගෙන ඉන්දියාවේ ඒ කියන පල්ලියට යනවා. නමුත් ඔවුන් පාකිස්ථානයට පැමිණෙන අතරතුර ශාහිදාගේ අම්මට ශාහිදාව මගහැරෙනවා. ශාහිදා ඉන්දියාවේ තබා එයාගේ අම්මට පාකිස්තානයට යන්න සිද්ද වෙනවා. නැවත ඉන්දියාවට ගිහින් හොයන්න අවසරයක් නෑ. ඉතින් අවසානයෙන් ඔවුන්ට ප්‍රාර්ථනා කරන්නට ඉතිරි වී තිබුනේ ශාහිදාව ඉන්දියාවේ හිත හොඳ කෙනෙකුට හමුවේවා කියන ප්‍රාර්ථනාවයි…!!! ඔයාලා බලලා කමෙන්ට් එකකුත් දාගෙන යන්න…
ජය වේවා!!
ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ තාරක නුවන් දිල්‍හාර සහෝදරයාගේ ලිපිය
උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න
සුභ දවසක් හැමෝටම!!
ඔන්න ඔයාලට අද අරන් ආවා හින්දි සිනමා වංශ කතාවේ තවත් පැරණි ලස්සනම ලස්සන සංගීතමය සිනමා නිර්මාණයක සිංහල උපසිරැසියක්. චිත්‍රපටය තමයි 2005 අප්‍රියෙල් මස 08 වන මුලින්ම තිරගත කල Lucky – No Time for Love. බොක්ස් ඔෆීස් ආදායමක් උපයා ගන්නටත් සමත්වෙලා තියෙනව. අයත් වෙන්නෙ Musical, Drama, Romance යන කැටගරි වලට. රඟපෑමෙන් එක්වන්නේ Salman khan, Sneha Ullal සමග් Mithun Chakraborty. අයිෂ්වර්යා රායිගෙ පෙනුමට සමාන ස්නේහාව දක්නට ලැබුනු පළමු චිත්‍රපටය වෙන්නෙත් Lucky ම තමයි. ඇත්තටම ඇගේ මුල්ම චිත්‍රපටය වුනේ 2004 වසරේ තිරගතවීමට නියමිතව තිබූ Aryan. නමුත් කුමක් හෝ හේතුවක් නිසා එහි ප්‍රදර්ශනය පමාවුනා. “ලකී” විනාඩි 132 ක ධාවන කාලයකින් යුක්ත වන අතර Radhika Rao සහ Vinay Sapru ගේ අධ්‍යක්ෂනයක්.
මෙහි සංගීතය ගැන නම් කියන්නම ඕනෙ. මොකද චිත්‍රපටයේ සාර්ථකත්වයේ වැඩි ගෞරවය හිමිවෙන්නේ සංගීතයට. Adnam Sami ගේ සංගීතයෙන් වර්ණවත් වුනු ලස්සනම ලස්සන ගීත ගොන්නක් මෙයට ඇතුලත් වුනා. ලතා මංගේෂ්කාර්, අල්කා යාග්නික්, සෝනු නිගම්, උදිත් නාරායන්, අනුරාධා පෝද්වාල්, ආශා බෝස්ලේ සහ අද්නම් සාමිගෙ සුමියුරු හඬින් හැඩවුනු ඒ ගීත සියල්ලම පාහේ සුපර් හිට් වුනු අතර අදටත් ඉතාම ජනප්‍රියයි. ඒ විතරක් නෙමේ මෙහි ගීත ඇල්බමය වසරේ පස්වෙනි තැනට වැඩියෙන්ම විකුණුන ඇල්බමය වුනා.
බලන්න මේ ගීත ටික මතකද කියලා?
එහෙනම් කතාව පැත්තට හැරෙමු. ලකී අවුරුදු 17 ක පාසල් සිසුවියක්. ජීවත්වෙන්නෙ රුසියාවෙ. තාත්තා වැඩ කරන්නෙ රුසියාවෙ ඉන්දියානු තානාපති කාර්‍යාලයේ. දවසක් සයිකලේ පාසල් යනකොට, පාලු ප්‍රදේශයකදී ලකීට මිනිහෙක් කරදර කරන්න හදනවා. ලකී ඒ මිනිහගෙන් බේරෙන්න කාර් එකක් ඇතුලෙ හැංගෙනවා. ඒ කාරෙක අයිති ආදිත්‍ය සේක්රිට. ඔහු රුසියාවෙ ඉන්දීය තානාපතිගෙ පුතා. ලකී කාර් එකේ ඉන්න බව නොදන්න ආදිත්‍ය කාර් එක පදවගෙන යනවා. පොලිස් චෙක් පොයින්ට් එකකදී කාර් එක පරීක්ෂා කරනවා. එතකොට තමයි ලකී ගැන දැනගන්නෙ. ඇයට පාස්පෝට් නැති නිසා ඔවුන්ව අත් අඩංගුවට ගන්න හදනකොට, මුර පොලට දරුණු ත්‍රස්තවාදී ප්‍රහාරයක් එල්ල වෙනවා. ඔවුන් එතනින් පැනගන්නවා. රට පුරාම දරුණු සටන් ඇවිලෙමින් යනවා. හැම තැනම සටන්. ප්‍රවාහන සේවා අඩාලයි. පෝන් ලයින් ඩෙඩ්. මේ යුධ ගිනි දැල් මැද්දේ අතරමන් වන ලකීගෙ සහ ආදිත්‍යගේ ඉරණම් කෙසේ ලිය වේවිද? ඔයාලම බලන්න…
ජය වේවා!!
ලිපිය උපුටා ගැනීම :- Subsz.lk හි පලවූ Rasika Samanjith සහෝදරයාගේ ලිපිය
උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න