Megan Fox – SinhalaSub https://sinhalasub.lk සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Tue, 17 Jun 2025 13:15:08 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.3 https://sinhalasub.lk/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Megan Fox – SinhalaSub https://sinhalasub.lk 32 32 This Is 40 (2012) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/this-is-40-2012-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/this-is-40-2012-sinhala-subtitles/#respond Tue, 17 Jun 2025 13:14:46 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=103476 This Is 40 Sinhala Sub
This Is 40 Sinhala Subtitles
This Is 40 2012 Sinhala Sub
This Is 40 (2012) Sinhala Sub
This Is 40 (2012) Sinhala Subtitles

ඔයාලට මතකද Knocked Up (2007) ෆිල්ම් එක? මේක එකේ sequel එක. හැබැයි මේකේ ඉන්නේ ඩෙබියි පිටුයි එයාලගේ ළමයි ටිකයි විතරයි. අනිත් චරිත ටිකයි කතාවයි මේකට අදාල කරලා නෑ. මේකේ කතාව වයස 40ක බැඳපු ජෝඩුවකගේ පවුල් ජීවිතේ ළමයින් එක්ක මොන වගේද කියලා පෙන්වන එක. අපිට මේකේ කලින් කතාවේ දකින්න ලැබුණා ඩෙබි සහ පීට් කියන්නේ තමන්ගේ පවුල් ජීවිතේ සහ ළමයින් ගැන බොහොම තැකීමක් කරන දෙන්නෙක් විදියට. ඉතින් මෙයාලටම වෙන් වුණ මේ කතාවෙත් ඒක එහෙම්ම වෙලා ඇතිද ?

මේකේ අධ්‍යක්ෂකයා Judd Apatow කියන කෙනා. ඩොලර් මිලියන 35ක වගේ වියදමක් කරලා හදපු මේ චිත්‍රපටිය ඩොලර් මිලියන 88ක් විතර උපයගන්න සමත් වුණා. BOX office ගැහුවා!

අධ්‍යක්ෂ Judd Apatow කියලා තියනවා මේකේ තව sequel හදන්න කැමතියි කියලා. ඒත් ඒ පිට් සහ ඩෙබිගේ කතාව නෙවෙයි, එයාලගේ දියණිය සෙඩිගේ කතාව (අර ලොකු කෙල්ල) මත අවධානය යොමු කරන්න ඕනේ කියලා. 2013 මර්තු 30 වනදා සම්මුඛ සාකච්ඡාවකදී This Is 40 එකේ sequel එකක් ගැන අහද්දි තමා එහෙම අදහසක් ගැන තමන්ට කුතුහලයක් තියෙනවා කියලා එතුමා කියලා තියෙන්නේ.

2022 මර්තු මාසයේදී වාර්තා වුණා Apatow පිටපත ලිවීමේ මුල් අදියරේ ඉන්නවා කියලා. මේ චිත්‍රපටය කලින් එකෙන් අවුරුදු 10කට පස්සේ සිදුවෙන කතාවක් වෙන්න ඕනේ, නම This is 50 කියලා. මේක ඉතින් එයි කියලා නම් විශ්වාසයක් තියන්න අමාරුයි. දැන් මේ අපි ඉන්නේ 2025 නේ. අද වනතුරු තාමත් මේ ගැන කිසිම සඳහනක් නෑ 🙁

තව දෙයක් විශේෂයෙන් කියන්න ඕනේ, ඒ තමා, මේක බලන්න Knocked Up (2007) බළලා ඉන්නම ඕනේ නෑ. හැබැයි ඉස්සරවෙලාම ගිහින් Knocked Up බළලා මේක බලන්න එනවා නම් හොඳයි. මොකද එතකොට රසවින්ඳනය සහ චරිත ගැන දැනුවත් බව ඔයාලගේ තවත් වැඩි වෙනවා.

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

]]>
https://sinhalasub.lk/movies/this-is-40-2012-sinhala-subtitles/feed/ 0
Subservience (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/subservience-2024-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/subservience-2024-sinhala-subtitles/#respond Mon, 23 Sep 2024 19:10:52 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=75691 Subservience Sinhala Sub
Subservience Sinhala Subtitles
Subservience (2024) Sinhala Sub
Subservience (2024) Sinhala Subtitles

]]>
https://sinhalasub.lk/movies/subservience-2024-sinhala-subtitles/feed/ 0
Expend4bles (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/expend4bles-2023-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/expend4bles-2023-sinhala-subtitles/#respond Mon, 16 Oct 2023 06:20:22 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=57222 Expend4bles Sinhala Sub
Expend4bles Sinhala Subtitles
Expend4bles (2023) Sinhala Sub
Expend4bles (2023) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

EXPEND4BLES 4

චිත්‍රපටයක් ගත්තම අපිට ගොඩක් වෙලාවට දකින්න ලැබෙන්නේ එක ප්‍රධාන නළුවෙක්, නිලියක් සෙසු චරිත එක්ක රංගනයේ යෙදීමක්. හැබැයි කොහොමද මේ වගේ ප්‍රධාන චරිත ගොඩක් එක පාර දකින්න පුළුවන් චිත්‍රපටයක් තිබ්බොත්? එහෙම කියනකොට අපි ගොඩ දෙනෙක්ට මතක් වෙන්නේ ඉතින් Expendables තමයි.

EXPENDABLES 1,2,3,4

Expendables චිත්‍රපටයේ පළවෙනි කොටස නිකුත් උනේ මීට අවුරුදු 13 කට කලින්, ඒ කියන්නේ 2010 අවුරුද්දේ. මේ කතාවට ගොඩ දෙනෙක් කැමති උනේ ඒක ඇක්ෂන් චිත්‍රපටයක් වීම නිසා විතරක්ම නෙමෙයි. ඒකෙ හිටපු සෙට් එක නිසා. ඉතින් මේ සෙට් එකේ එකා දෙන්න හැලිලා, අලුත් එවුන් එකතු වෙමින් චිත්‍රපටයේ දෙවෙනි සහ තුන් වෙනි කොටස් පිලිවෙලින් 2012 සහ 2014 අවුරුදු වල එළියට ආවා. ලොකුම ගැන්සිය හිටියේ 2014 චිත්‍රපටයේ. ඔන්න ඉතින් අවුරුදු 9 කට පස්සේ කතාවේ 4 වෙනි කොටසත් ආවා. දැන් නම් සමහරු ගොඩක් වයසයි. හැබැයි ඒ නළුවන්ගේ ගතිය, ඒ පරිණත බව ගැන නම් කියන්න වචන නැහැ.

Expend4bles මුලින්ම සිනමා ශාලා වලට නිකුත් උනේ සැප්තැම්බර් මාසේ 15, චීනයේ. මාසයක් යන්නත් කලින් කොපියක් ආවා ඔන්න. දවසක් දෙකක් විතර පරක්කු උනාට මම හිතනවා ඔයාල තාම මේක බලල නැතුව ඇති කියලා.

එහෙනම් ඉතින් කතාව ගැන කෙටි සටහනක් බලමු… ඔයාලා දන්නවා ඇති Expendables ලා කියන්නේ කුලී පදනම මත සටන් වදින, ආයුධ සන්නද්ධ කණ්ඩායමක් කියලා. මෙයාලා සාමාන්‍යයෙන් වැඩ කරන්නේ ඇමරිකානු ආණ්ඩුවට සම්බන්ධ Central Intelligence Agency වගේ ආයතන වලට.

මේ කණ්ඩායමේ ඇති විශේෂත්වය වෙන්නේ සාමාජිකයන්ගේ වයස් පරතරය වැඩි වීම වගේම, එයාලා විවධ ජාතීන් නීයෝජනය කිරීම. උදාහරණයක් විදිහට ප්‍රධාන නළුවා බාර්නි (Sylvester Stallone) ගත්තම එයා ඉතාලි ජාතිකයෙක්. එතකොට ක්‍රිස්මස් (Sylvester Stallone) කියන්නේ එංගලන්ත ජාතිකයෙක්. අනිත් අතට බාර්නි හද්ද නාකි වෙනකොට ගලාන් (Jacob Scipio) හරිම තරුණයි.

ඉතින් මේ Expendables ලාට මෙදා සැරේ ලැබෙන්නේ ලිබියාවට සම්බන්ධ මෙහෙයුමක්. කතාවට අනුව Central Intelligence Agency නියෝජිත මාෂ් (Andy García) මේ කට්ටියට දෙන වැඩේ තමයි ලිබියාවට ගිහින් ඔස්ලට් කියන අනවර්ථ නාමයෙන් හඳුන්වන ත්‍රස්තවාදියෙක්ව විනාශ කරන්න. ඒ ඔස්ලට් පරමාණු මිසයිල හදන්න අවශ්‍ය කරන පුපුරණ ද්‍රව්‍ය හොයාගෙන ලොකු විනාශයක් කරන්න හදන නිසයි. ඉතින් කවුද මේ ඔස්ලට් කියන්නේ? එතකොට ඔස්ලට්ට මේ වැඩේට උදව් කරන්නේ කවුද? මේවාට උත්තර හොයා ගන්න නම් චිත්‍රපටය බලන්නම වෙනවා.

Expend4bles චිත්‍රපටයේ ගැන්සිය තමයි පහලින් දාලා තියෙන්නේ. විශේෂයෙන්ම කියන්න ඕන ජීනාව (Megan Fox) මේ චිත්‍රපටයට එකතු කර ගත්ත එක ගොඩක් දෙනා චිත්‍රපටය බලන්න හේතුවක් කර ගත්තා.

Jason Statham
Sylvester Stallone
Curtis “50 Cent” Jackson (චිත්‍රපටයට අලුතින් හඳුන්වා දෙන ලදී)
Megan Fox (චිත්‍රපටයට අලුතින් හඳුන්වා දෙන ලදී)
Dolph Lundgren
Tony Jaa (චිත්‍රපටයට අලුතින් හඳුන්වා දෙන ලදී)
Iko Uwais (චිත්‍රපටයට අලුතින් හඳුන්වා දෙන ලදී)
Randy Couture
Jacob Scipio (චිත්‍රපටයට අලුතින් හඳුන්වා දෙන ලදී)
Levy Tran (චිත්‍රපටයට අලුතින් හඳුන්වා දෙන ලදී)
Andy García (චිත්‍රපටයට අලුතින් හඳුන්වා දෙන ලදී)

Andy Garcia, Jacob Scipio, සහ Megan Fox සිටින දර්ශනයක්

Expend4bles අධ්‍යක්‍ෂණය කරේ Scott Waugh. බෙදාහැරීම කලේ Lionsgate Films. චිත්‍රපටය හදන්න ඇමරිකානු ඩොලර් මිලියන 100ක් වියදම් කරලා තියනවා. හැබැයි අදායම අතින් නම් චිත්‍රපටය එතරම් සාර්ථක උනේ නැහැ. තාම හොයලා තියෙන්නේ ඇමරිකානු ඩොලර් 50 කට කිට්ටු අදායමක්. ඒ වගේම IMDb 5.1 අගයකුත් Rotten Tomatoes 14% අගයකුත් තමයි මේකට ලැබිලා තියෙන්නේ.

මේ අගයන් මොනවා උනත්, මට නම් කියන්න පුළුවන් මේක බැලුවට පාඩුවක් නැහැ කියලා. ඒ මුල ඉඳලම කම්මැලි නැතුව බලන්න පුළුවන් නිසා.

එහෙනම් ඔයාලා හැමෝටම මෙ සුපිරි චිත්‍රපටය බලන්න කියල ආරාධනා කරන ගමන් අපි දැනට සමුගන්නවා…

පහල පිංතූර Click කරලා ඔයාලට මෙ ෆිල්ම් එකේ අනිත් කොටස් ටිකත් බලන්න පුලුවන්…???

THE EXPENDABLES (2010)

THE EXPENDABLES 2 (2012)

THE EXPENDABLES 3 (2014)

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ චාමිකර විදානගේ සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

]]>
https://sinhalasub.lk/movies/expend4bles-2023-sinhala-subtitles/feed/ 0
Jonah Hex (2010) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/jonah-hex-2010-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/jonah-hex-2010-sinhala-subtitles/#respond Thu, 27 Jul 2023 21:18:16 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=47100 Jonah Hex Sinhala Sub
Jonah Hex Sinhala Subtitles
Jonah Hex (2010) Sinhala Sub
Jonah Hex (2010) Sinhala Subtitles

මේක මම පුද්ගලිකව කාලයක් තිස්සෙ බලාගෙන හිටපු එකක්. හේතු දෙකක් තියෙනවා මම මේ චිත්‍රපටියට ආස වෙන්න, එකක් මම සාමාන්‍යන් Western (cowboy) ගණයේ චිත්‍රපට බැලීමට තියෙන ආසාව සහ මෙහි ප්‍රධාන නිළියගේ චරිතය හොබවන්නෙ මම ආස කරන නිළියක් වන Megan Fox විසින් වීම. මතකනේ Transformers, Jennifer’s Body වගේ අපි ලබාදුන්න චිත්‍රපටි වල සිටි සුරූපිනිය. ඒ වගේම මෙහි Jona Hex ගේ චරිතයට පණපොවන්නෙ, ඔස්කාර් සම්මාන පවා දිනා ගැනීමට සමත්වුනු “No Country for Old Men” වගේ චිත්‍රපට තුල රංගනයෙන් දායකවුනු Josh Brolin විසිනුයි.

කට්ටියට මතක ඇති Iron Man 2 චිත්‍රපටිය අපේ ගෝලයා විසින් දෙනකොට Marvel Comics ගැන පොඩි හැඳින්වීමක් කෙරුවා. Marvel Comics වල එන චරිත ගැන එහෙම. DC Comics කියන්නෙත් Marvel Comics වලට දෙවෙනි නොවෙන චරිත ඇතුලත් සමාගමක්. DC Comics ලගෙන් එන චරිත තමයි Batman, Superman, Wonder Woman, The Flash, Robin.

Jonah Hex කියන්නෙත් DC Comics වලට අයිති බොහොම ප්‍රසිද්ධ චරිතයක්. ඇත්තටම DC Comics ලට උවමනා කරලා තිබුනා Marvel Comics ලා නිපඳවනු ලැබූ Spider Man වගේ නිර්මාණ වලට දෙවෙනි නොවෙන විදියේ නිර්මාණයක් කරන්න. ඒ සඳහා ඔවුන් Warner Bros. Pictures, Legendary Pictures එක්ව මේ චිත්‍රපටය $47,000,000 වගේ විශාල මුදලක් යොදා නිර්මාණය කෙරුවා. නමුත් මටනම් ඔවුන්ගේ වෑයම 100% සාර්ථකයි කියන්න බෑ. මොකද ඔවුන් හිතපු තරම් ආදායමක් මෙම චිත්‍රපටිය තුලින් උපයා ගැනීමට නොහැකිවුන නිසා. චිත්‍රපටය ගැන හුඟක් විස්තර කියුවනේ.

කතාව ගැන කියනවනම්, චිත්‍රපටය පටන්ගන්නෙ Jonah Hex ගේ මුළු පවුලම Quentin Turnbull කියන පුද්ගලයා විසින් ඉතා කෲර ලෙස මරා දමන දර්ශනයකින්. ඔහු Jonah Hex වත් මරා දමා ගියත් Jonah Hex ට ජීවත්වීමෙ භාග්‍ය හිමි වෙනවා. ඒ වගේම Quentin Turnbull කියන පුද්ගලයාව මුළු මහත් ඇමරිකාවටම තර්ජනයක් වෙනවා. Quentin Turnbull ගේ ක්‍රියා නැවැත්වීමට ඇමරිකානු රජය විසින් Jonah Hex ගේ පිහිට පතනවා. ඔන්න ඕක තමයි මූලික කතාව. තව දෙයක්, Jonah Hex ට හැකියාවක් තියෙනවා, මියගිය මිනිසුන්ට පණ දීමට. කතාව මෙහෙම උනාට Jonah Hex විසින් මෙහෙයවන පරණ කාලෙ තුවක්කු ජවනිකා එහෙම ඉතා රසවත් හා ඇසිපිය නොහෙලා බලන්න පුලුවන් අයුරින් නිර්මාණය කරලා තියෙනවා.

ඔබ අනිවා බැලිය යුතු චිත්‍රපටියක් ලෙස මෙය හඳුන්වන්න පුලුවන්. නමුත් මම මේක සුපිරි චිත්‍රපටයක් කියලනම් කියන්නෙ නෑ. කට්ටිය බලලා චිත්‍රපටිය ගැන කමෙන්ට් කරන්නකො එහෙනම්.

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ සිරාජ් ප්‍රියන්ත සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

]]>
https://sinhalasub.lk/movies/jonah-hex-2010-sinhala-subtitles/feed/ 0
Transformers: Revenge of the Fallen (2009) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/transformers-revenge-of-the-fallen-2009-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/transformers-revenge-of-the-fallen-2009-sinhala-subtitles/#respond Fri, 21 Jul 2023 19:24:38 +0000 https://sinhalasub.net/?post_type=movies&p=6350 Sam Witwicky leaves the Autobots behind for a normal life. But when his mind is filled with cryptic symbols, the Decepticons target him and he is dragged back into the Transformers’ war.

]]>
https://sinhalasub.lk/movies/transformers-revenge-of-the-fallen-2009-sinhala-subtitles/feed/ 0
Transformers (2007) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/transformers-2007-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/transformers-2007-sinhala-subtitles/#respond Fri, 21 Jul 2023 19:23:06 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=45856 Transformers Sinhala Sub
Transformers Sinhala Subtitles
Transformers (2007) Sinhala Sub
Transformers (2007) Sinhala Subtitles ]]>
https://sinhalasub.lk/movies/transformers-2007-sinhala-subtitles/feed/ 0