මැගී කියන්නෙ තමන්ගෙ අම්මත් එක්ක ජිවිතෙ අලුතින් පටන්ගන්න ඔහායෝ වලට එනවා. ඒවගේම තමයි මැගීගෙ තාත්ත ඔවුන්ව දාලා යනවා. මේ හේතුව නිසාම තමයි එයාලා මෙහාට එන්නෙ. ඔන්න ඉතිං අලුත් ඉස්කෝලයක් අලුත් යහළුවෝ. ගිය පලවෙනි දවසෙම කට්ටියක් ඇවිල්ල අහනවා පාටියක් තියෙනවා යමුද කියල. හැබැයි මැගී මේ වෙලාවේ ඒක ප්‍රතික්ෂේප කරනවා අම්මත් එක්ක ගමනක් දාගත්තු නිසා. ඒත් ඉතිං මැගීට අම්මත් එක්ක යන්න බැරිවෙනවා. ඉතිං මෙයා අර යහළුවෝ කට්ටියත් එක්ක යනවා. හැබැයි ඒ වෙනකොටත් පාටිය කැන්සල් වෙලා. ඉතිං මෙයාලා කරන්නෙ කාටහරි කියල බෝතල් ටිකක් අරගෙන කොහෙටහරි ගිහිල්ල බොන්න. හැබැයි ඉතිං මෙයාලා තරුණ ළමයි කට්ටියක් නිසා ඒක කරගන්න බැහැ. මෙයාලා කඩේ ළඟට වෙලා වෙන කෙනෙක්ගෙ මාර්ගයෙන් ගන්න උත්සහ කරනව. එන එන හැමෝම වගේ කිසිම උදව්වක් කරන්නෙ නැහැ. හැබැයි එක්කෙනෙක් හැර. නම සූ ඇන් අමුතුම කෙනෙක්. මුලින් ප්‍රතික්ෂේප කරල මැගීගෙ යහළුවෙක් වෙන ඇන්ඩිව දැක්ක ගමන් කැමති වෙනවා. ඒත් ඇයි? මොකක්හරි යටි අරමුණක් හිතේ තියාගෙනද මේ වැඩේ කරන්නෙ? හැබැයි මෙයා මේක මෙතනින් නවතින්නේ. කොහොමහරි මේ කට්ටියව තමන්ගෙ ගෙදරටම ගේන්න ගන්නවා. අඳුරන්නෙවත් නැති ඇයි මේ තරම් කරුණාව දක්වන්නෙ? මුලදී කාටවත් මේ ගැන හිතාගන්න බැහැ. හැමෝම මෝඩය වගේ රැවටෙනවා. හැබැයි පස්සෙ ටික ටික මේ සූ ඇන්ගෙ බයානක පැත්ත මතුවෙන්න ගන්නවා. ඉතිං මෙයාලාට මේ කෙනා මොන වගේ දේවල් කරයිද? මරයිද? නැත්තම් ඊටත් වඩා අන්ත වැඩක් කරයිද? ඒවගේම මේ දේවල් මොන දෙයක් හිතේ තියාගෙනද? අවසානය තෙක් නරඹන්නකෝ. වෙනස්ම ආකාරයෙ අත්දැකීමක් ලැබෙනවා නිසැකයි.
]]>Your killing me කියන්නෙ 2023 අප්‍රේල් 23 වෙනිදා රිලීස් උන Thriller genre එකට අයත් වෙන Film එකක්. Beth Hanna සහ Jerren Lauder යන දෙදෙනාගේ අධ්‍යක්ෂනයක් වන මෙහි McKaley Miller, Brice Anthony Heller, Will Deusner, Morgana Van Beebles යන නළු නිළියන් තම රංගන දායකත්වය ලබා දි තිබෙනවා. ඒ වගේම IMDB අගය 5.0කුත් rotten tomatoes හි 83% ratings ලබා ගන්නත් මේ චිත්‍රපටය සමත් වි තිබෙනවා
ඊඩ්න් සහ සාරා කියන්නේ පෙන්බෘෘක් පාසලට යන්න පොඩි කාලේ ඉඳන්ම හීන මවපු දෙන්නෙක්. ආසව තිබුණත් සල්ලි නැති කම නිසා මෙයාලගේ හීනෙ හැබෑ කරගන්න බැරි වෙනවා. ඒත් මෙයාලගේ පාසලේ ඉන්නවා පෙන්බෘෘක් පාසල් කමිටුවේ සාමාජිකයෙක් උන ජොඑල්ගෙ පුතා ශ්‍රෝඩර්.. එයාගෙ මාර්ගෙන් ජොඑල්ට කතා කරලා ශිෂ්‍යත්වයක් ගන්න හිතාගෙන මේ දෙන්නා ශ්‍රෝඩර්ගෙ ගෙදර පාටි එකකට යනවා.
ෆිල්ම් එක ස්පොයිල් වෙන හින්දා මීට වඩා මුකුත් කියන්නේ නැ. මේකෙ Thriller පාට් එක බලන්න නම් ඔයාලට Film එක අරගෙන බලන්නම වෙනවා
ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ තරිඳු මධුෂාන් සහෝදරයාගේ ලිපිය
උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න