Matthew Lewis Archives - SinhalaSub https://sinhalasub.lk/cast/matthew-lewis/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Tue, 09 Jan 2024 03:12:46 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://sinhalasub.lk/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Matthew Lewis Archives - SinhalaSub https://sinhalasub.lk/cast/matthew-lewis/ 32 32 Me Before You (2016) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/me-before-you-2016-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/me-before-you-2016-sinhala-subtitles/#comments Wed, 04 Oct 2023 10:54:14 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=55552 Me Before You Sinhala Sub Me Before You Sinhala Subtitles Me Before You (2016) Sinhala Sub Me Before You (2016) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! ආදර කතා නම් ඕනේ තරම් අහලා දැකලා ඇති. සැබෑ ජිවිතයෙද ඒක වෙනසක් නෑ. මට විශ්වාසයි. ගොඩක් අය අත්විදලා/විදවලා ඇති. ගොඩක් ආදර කතා පටන් ගන්නවට වඩා ඉක්මණට ඉවර වෙනවා. විශ්වාසය නැතිවීම […]

The post Me Before You (2016) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Me Before You Sinhala Sub
Me Before You Sinhala Subtitles
Me Before You (2016) Sinhala Sub
Me Before You (2016) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

ආදර කතා නම් ඕනේ තරම් අහලා දැකලා ඇති. සැබෑ ජිවිතයෙද ඒක වෙනසක් නෑ. මට විශ්වාසයි. ගොඩක් අය අත්විදලා/විදවලා ඇති. ගොඩක් ආදර කතා පටන් ගන්නවට වඩා ඉක්මණට ඉවර වෙනවා. විශ්වාසය නැතිවීම වගේ නොයෙක් සැලකිය යුතු කාරණාත් එක්ක. මෙහෙම කියනවට තරහා වෙන්න එපා, අද කාලේ නම් ගොඩක් ආදර කතා කියන්නේ හරිම විහිළුවක්. ඒ මොකද දැන් මේක සමහරුන්ට විහිළුවක් වෙලා. කට්ටියගේ භාෂාවෙන් කියනවනම් ආතල් එකට කාලේ කන්න කරන වැඩක්. තමන්ගේ සහකාරිය/සහකරුවා තෝරගන්න වැඩේ හරියට කලේ නැත්තම් තමන්ටමයි විදවන්න වෙන්නේ. එදිනෙදා ජීවිතයේදීම අපිට කී දෙනෙක් හමුවෙනවද, එහෙමත් කෙනෙක් අපේ ජීවිතයට එනවා, ඇවිත් ලැගුම් අරගෙන ජීවිතාන්තය දක්වාම එකට ඉන්නවා. නැත්තම් මගදී දාලා යනවා. එහෙමත් අයගෙන් අබ්බගාත කොල්ලෙක්ව/ කෙල්ලෙක්ව බාර ගන්න ගොඩක් අය අකමැති වෙන්න හැකිළෙන්නේ නෑ. මොකද ඒක කරදරයක් හැටියටයි දකින්නේ. ඒත් ඇත්තටම ආදරය කරනවනම් මේ වගේ ප්‍රශ්ණ කියන්නේ බොහොම පොඩි දේවල්. මොකද ආදරය කියන්නේ මිට වඩා වැඩි යමක්.

එහෙම ආබාධිත කෙනෙක් තමයි විල්[විලියම්] ට්‍රේයිනර් කියන්නේ. මෙයාටත් පෙම්වතියක් ඉන්නවා. නමුත් වැස්ස දවසක පාර මාරු වෙන්න ගිහින් අනතුරකට ලක් වෙලා විල්ට ඇවිදගන්න බැරිව යනවා. මේකෙන් එයාගේ සුෂුම්නාව තුවාල වෙනවා. ඒකෙන් අතේ ඇගිලි සීමිත ගානක් තමයි හොලවන්නත් පුළුවන්. විල් කියන්නේ යම්තාක් දුරකට සල්ලි තියෙන කෙනෙක්. ඒත් ඉතින් එහෙමයි කියලා එයාගේ පෙමව්තිය එයා ලග නතර වෙන්නේ නෑ. ඔහොමම මතක තියාගන්න මං මේ පෙම්වතිය ගැන පස්සේ කියන්නම්. ලුවීසා කියන්නේ සාමාන්‍ය ෂොප් එකක වැඩ කරන කෙල්ලක්. ඒත් දවසක ඒ ෂොප් එකේ අයිතිකාරයා එයාව රස්සාවෙන් අස් කරනවා. සල්ලි කියන දේ හොදාකාරවම අවශ්‍යතාව තියෙන ලුවීසා කොහොමහරි රස්සාවක් හොයාගන්නවා. ඒ තමයි මේ විල්ව බලාගන්න වැඩේ. විල් ඉන්නේ ගෙදර සේවකයක් නම් ඉන්නවා නේතන් කියලා ඒත් ඒක ප්‍රමාණවත් නෑ. ඒ නිසා ලුවීසාව විල්ව බලාගන්න වැඩේ ලැබෙනවා. විල් නම් ලුවීසාට පොඩ්ඩක්වත් කැමති නෑ. ඔහොම කාලය යත්ම මේ දෙන්නා ගොඩක් සුහද වෙනවා. දවසක් විල්ගේ ගෙදරට එනවා එයාගේ පරණ පෙම්වතිය. ඇය නමින් ඇලීෂියා, නිකන් නෙවෙයි විල්ගේ හොදම යාළුවා රූපට් කියන හාදයෙක් එක්ක විල්ව බලලා යන්න.මේ දෙන්නාගේ පැමිණීම නම් විල්ට හොද දෙයක් වෙන්නේ නෑ. මාස හයකට වතාවක් විල්ව වෛද්‍ය පරික්ෂාවට ලක් කරන්න රෝහලට යන්නත් තියෙනවා.

එක්තරා දවසක විල්ගේ ගෙදරට ආපු ලියුමක තිබුණු දෙයක් නිසා විල්ගේ අම්මයි තාත්තයි අතරේ ඇතිවන රණ්ඩුව ලුවීසාට ඇහෙනවා. ලුවීසා මේ ගැන දැනගත්තට තමයි විල්ට තවත් ගොඩක් සුහද වෙන්න වගේම එයාව සතුටින් තියන්න උත්සහ කරන්නේ. ඒත් ලුවීසාට පෙම්වතෙක් ඉන්නවා. පැට්රික් කියලා. එයා වෘතිමය වශයෙන් කරන්නේ ක්‍රීඩා ආශ්‍රිත දේවල්. පැට්රික් නම් කැමති වෙන්නේ නෑ මේ ලුවීසයි විල් අතරේ ඇතිවන සුහදතාවයට. ඒ අතරේ විල්ගේ පරණ කෙල්ල ඇවිත් එයාගේ වෙඩින් කාඩ් එක දීලා යනවා. ඒ වෙන කවුරුවත් එක්ක නෙවෙයි මිත්‍රවරුණේ විල්ගේ හොදම යාළුවා වෙච්චි රූපට් එක්ක. මෙතනින් පස්සේ නම් වෙන දේ මං කියන්න යන්නේ නෑ. එහෙම උනොත් කතාවේ රසය නැති වෙනවා. ලස්සන සිදුවීම් පෙළක් අවසානය වෙනකන්ම බලාගන්න පුළුවන්. ලස්සන සින්දු ටිකකුත් තියෙනවා.

IMDb දර්ශකයේ 7.4 ක අගයක් මේ වෙද්දී මේ සලරුවට ලැබිලා තියෙනවා. ධාවන කාලය පැයකුත් විනාඩි පනහකුත් වෙනවා. ඒවගේම මේක Drama, Romance කියන කැටගරියට තමයි අයත් වෙන්නේ. නිකුත් වුණේ 2016 ජූනි 3 වෙනිදා. අධ්‍යක්ෂණය නම් Thea Sharrock. තිර රචනය  Jojo Moyes. මේ චිත්‍රපටියේ ලොකු විශේෂයක් තියෙනවා. ඔයාලා දන්නවද Me Before You කියන්නේ Jojo Moyes කියන ඒ සුපිරි කතුවරිය විසින් 2015 ජනවාරි 5 වෙනිදා එක්සත් රාජධානියේ එළිදක්වන ලද සුපිරි ආදර නව කාතාවක්. Me Before You පොත එළිදැක්වීමත් පසුව 2015 වසර පුරා නිකුත් වූ පොත් අතරින් වැඩිම අලවියකට ලක්වුණු පොත බවට පත්වෙනවා. මෙතනින් පස්සේ තමයි Thea හා Jojo එකතුවෙලා මේක සුපිරි සලරුවක් බවට පත්කරලා අද අපි අතට මේ පත් කරලා තියෙන්නේ. Box office තුල ඇමරිකානු ඩොලර් මිලියන 33.9ක මුදලක් උපයා තියෙනවා. චිත්‍රපටිය සදහා අයවැය ඇමරිකානු ඩොලර් 20,000,000 වියදම් වෙලා තියෙනවා. නමුත් චිත්‍රපටිය එළිදැක්වූ පළමු සතිය තුල ඇමරිකාව තුල පමණක්,ඇමරිකානු ඩොලර් 18,723,269 (3 ජූනි 2016 දිනට) උපයා තියෙනවා. නමුත් මේ වනවිට ඇමරිකානු ඩොලර් 39,670,975 (14 ජූනි 2016 දිනට) උපයාගැනීමට හැකියාව ලැබිලා තියෙනවා.

විශේෂයෙන්ම මේකේ ඉන්න චරිත ගැන කතා කරනවානම් ප්‍රධාන චරිත දෙක වන ලුවීසා ක්ලාක්ට රංගනයෙන් දායක වන්නේ Emilia Clarke එහෙමත් නැත්තම් ගොඩක් අය එයාව Game Of Thrones වල අපේ මකර රැජිණ, ඩනේරිස් අක්කියා  විල් ට්‍රේයිනර්ට රංගනයෙන් දායක වන්නේ Sam Claflin හෙවත් The Hunger Games: Catching Fire වල හිටිය ෆීනික්. පැට්ට්‍රික් විදිහට රංගනයෙන් දායක වන්නේ Matthew Lewis හෙවත් අපි පොඩි කාලේ බලපු Harry Potter චිත්‍රපට මාලාවේ නෙවිල්. ලුයිසාගේ සහෝදරිය වන කැත්රිනා ක්ලාක් විදිහට රංගනයෙන් දායක වන්නේ Jenna Coleman හෙවත් Captain America: The First Avenger වල හිටිය කොනී. ඊළගට විල්ගේ තාත්තා ස්ටීවන් ට්‍රේනර් හැටියට රංගනයෙන් දායක වන්නේ Charles Dance හෙවත් Game Of Thrones කතාමාලාවේ අගුටුමිට්ටා විසින් මරා දමා අප අතරින් වෙන් වූ ටයිවින් ලැනිස්ටර්.

අඩුම තරමේ ලිපිය කියෙව්වමවත් තේරෙනවා ඇතිනෙ මේක සුපිරි ලව් ස්ටෝරියක් කියලා. රංගනයෙන් දායක උනෙත් එසේ මෙසේ කට්ටියකුත් නෙවෙයිනේ. කතාව බලන එක මං ඔයාලට බාර කරලා යන්නම්. මතක ඇතිව අදහසකුත් දාලා යනවනම් වටිනවා ඉතින්.

එහෙනම් ඉතින් තවත් මේ වගේ සුපිරි සලරුවකින් හමුවෙමු.

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ චාමර සම්පත් සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Me Before You (2016) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/me-before-you-2016-sinhala-subtitles/feed/ 1