Malin Åkerman – SinhalaSub https://sinhalasub.lk සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Thu, 27 Jul 2023 20:55:17 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.3 https://sinhalasub.lk/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Malin Åkerman – SinhalaSub https://sinhalasub.lk 32 32 Watchmen (2009) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/watchmen-2009-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/watchmen-2009-sinhala-subtitles/#respond Thu, 27 Jul 2023 20:55:17 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=47080 Watchmen Sinhala Sub
Watchmen Sinhala Subtitles
Watchmen (2009) Sinhala Sub
Watchmen (2009) Sinhala Subtitles

එහෙනම් ඔන්න තවත් චිත්‍රපටයක් අරගෙන මුණගැහෙන්න ආවා. නිකන්ම නිකන් ෆිල්ම් එකක් නම් නෙවෙයි ඩීීසි කොමික්වල මීට වසර ගණනාවකට කලින් නිකුත් වෙච්ච ක්ලැසික් චිත්‍රපටයක්. මේ චිත්‍රපටයට මෙතෙක් කල් තිබුනේ වෙබ් අඩවිය පටන් ගත්ත මුල් කාලෙ චිත්‍රපට සම්බන්ධ ලිපි පමණක් පල කාලෙ අපේ ඉසිර සහෝදරයා පල කරපු ලිපියක් පමණයි. ඒකවත් තේරුම් ගන්න බැරුව සමහර අය ලිපියට කැත විදිහට බැනලා තියෙනවා. තාමත් කමෙන්ට් මකලා නැති නිසා ඔයාලටම වුනත් බලාගන්න පුලුවන්. මම දැනගෙන හිටියේ නැහැ මේ වගේ ක්ලැසික් ෆිල්ම් එකක් බලන්න හිතෙන අය අතරත් ඒ තරම් පහත් මානසිකත්වයත් තියෙන අයත් ඉන්නවා කියල. ? ආපු කාරණාවට බහිමුකො එහෙනම්. මේකෙ චිත්‍රපටය දිහාවට කෙලින්ම යන්නෙ නැතුව පොඩ්ඩක් වතගොත ගැන බලලා ඉමු.

වොච්මෙන් කියන නම යටතේ කොමික් පැත්ත දිහා බැලුවොත් ජස්ටිස් ලීග් වලට වගේම හොද පැතිකඩක් දීලා තියෙන චිත්‍රකතා බිහිවෙලා තියෙනවා. වොච්මෙන් චිත්‍රකතාවල මූලාරම්භය සිද්දවෙන්නෙ 1986 වසරේ සැප්තැම්බර්වල නිකුත් වුනු Watchmen මුල්ම කලාපය තුලින්. Alan Moore විසින් කතාව ගොඩ නැගෙද්දී, Dave Gibbons විසින් තමයි චිත්‍රකතාව සිතුවමට නැගිලා තියෙන්නෙ. මේ අයගේ කණ්ඩායම තුල Ozymandias, Nite Owl II, Comedian, Doctor Manhattan, Silk Spectre II වගේම Rorschach I කියන චරිතය කිහිපය දකින්න ලැබුණා. 1987 පුරාමටම දිග හැරුණු වොච්මෙන් චිත්‍රකතා කලාප 12 ක් ඔස්සෙ මුලදී දිගහැරිලා තියෙනවා. ඊටපස්සෙ Before Watchmen, DC Universe Rebirth මුල් කලාපය තුලින් වගේම Doomsday Clock තුලින්ද මේ චරිත දැකගන්න ලැබුණා. මේ විදිහට නිර්මාණය වූ වොචේම්න් කණ්ඩායම එක්කාසු කරලා 2009 වසරේ පෙබරවාරි මාසයෙ ඒ නමින්ම චිත්‍රපටයක්ද, 2009 වසරේ මාර්තු මාසයේදී Watchmen: The End Is Nigh නම් ක්‍රීඩාවද, 2019 වසරේදී HBO නාලිකාව හරහා මේ නමින්ම රුපවාහිනී කතාමලාවක්ද එළිදැක්වීමට නියමිතයි.

ඔය විදිහට නිර්මාණය වුනු අති ජනප්‍රිය වොච්මෙන් චිත්‍රකතා ඇසුරින් නිර්මාණය වෙච්ච මේ චිත්‍රපටය නිර්මාණය වෙන්නෙත් 1986-1987 කාලය අතරතුර බිහිවුනු කලාපයන් 12 ක් පුරාවටම නිර්මාණය වූ චිත්‍රකතා ඇසුරින්. ඔයාලා මේ වෙද්දී චිත්‍රපටය බලලා ඇතියි කියලා හිතන  නිසා කතාව ගැන ලොකුවට විස්තර කරන්න යන්නෙ නැහැ. ඒත් කෙටියෙන්ම කියනවනම් මේකයි වෙන්නෙ. 1930-1940 කාලෙ රැකවලන වැඩ කටයුතු කරපු කණ්ඩායමක් තමයි “මිනියුට්මෙන්” කියන්නෙ. මේ අයගේ කාලෙන් පස්සෙ වසර දහයක කාලයක් ගත වෙලා නව පරම්පරාවක කට්ටියක් එකතු වෙලා තවත් රැකවලුන් කණ්ඩායමක් නිර්මාණය කරගන්නවා. මේ අයව හදුන්වන්නේ “වොච්මෙන්” කියලා. මේ අය අතරෙත් සමහර අය කාලයත් එක්ක මේ රැකවලන වැඩෙන් අයින් වෙනවා. ටික කාලයත් ගත වෙනවත් එක්කම මුල් කණ්ඩායමේ හිටිය සාමාජිකයන්ගේ කෙනෙක් වන කොමේඩියන්ව දරුණු විදිහට මරලා දානවත් එක්ක රෝෂෑෑක් මේ මරණය විමර්ශණය කරන්න ගන්න තීරණයත් එක්කම වොච්මෙන් කණ්ඩායමේ හිටිය තවත් දෙන්නෙක් ආපහු වතාවක් රැකවලන වැඩ වලට එක්කාසු වෙනවා.

එක කලාපයක් හරි ආසාවට කියවලා තියෙනවනම් චිත්‍රකතාවල තියෙන බැරෑරුම්කම දන්නවා ඇති. ඒ වගේ ලොකු අවධානමක් එක්කම Zack Snyder විසින් වොච්මෙන් චිත්‍රපටය නිර්මාණය කරනවා. මේ කාලෙ මේ විදිහේ චිත්‍රපටයක් නිකුත්වෙනවා කියන්නෙ අනිකුත් කොමික් චිත්‍රපට නිර්මාණය කරන අධ්‍යක්ෂකවරුන්ට සෑහෙන ලොකු අභියෝගයක්. මොකද කොමික්වල තියෙන සිදුවීම් වලින් පුළුල් පරාසයක් මේ චිත්‍රපටය ඇතුලේ එහෙන් පිටින්ම ඇතුලත් වෙලා තියෙනවා. අන්න ඒකත් එක හේතුවක් මේ චිත්‍රපටය මේ තරමටම ජනප්‍රිය වෙන්නත්. 2006 වසරේ නිකුත් වන 300 චිත්‍රපටයේ නිර්මාණයට දායක වූ සැක් විසින් අධ්‍යක්ෂණය කෙරෙන වොච්මෙන් චිත්‍රපටයෙ නිෂ්පාදක කටයුතු සිද්දවෙලා තියෙන්නෙ Lawrence Gordon, Lloyd Levin වගේම සැක්ගෙ බිරිද වන Deborah Snyder විසින්. චිත්‍රපටය සදහා ලෝරි ජුපිටර්ගෙ චරිතය සදහා Malin Åkerman ද, ඩොක්ටර් මෑන්හැටන්ගේ චරිතය සදහා Billy Crudup ද, ඒඩ්‍රීීයන් වයිඩිට්ගේ චරිතය සදහා Matthew Goode ද, සැලි ජුපිටර්ගෙ චරිතය සදහා Carla Gugino ද, රෝෂෑෑක්ගේ චරිතය සදහා Jackie Earle Haley ද, කොමේඩියන්ගෙ චරිතය සදහා Jeffrey Dean Morgan ද, ඩෑෑන්/නයිට් ඔව්ල්ගෙ චරිතය සදහා Patrick Wilson කියන නළු/නිලියන් පිරිස සහභාගී වෙලා තියෙනවා. ඇමරිකානු ඩොලර් මිලියන 120 ක මුදලින් නිර්මාණය වෙන චිත්‍රපටය 2009 පෙබරවාරි 23 වැනිදා ඉදන් තිරගත වීම ආරම්භ වෙලා බොක්ස් ඔෆිස් දර්ශකය තුල  ඇමරිකානු ඩොලර් මිලියන 186.3 ක මුදලක් උපයාගන්න සමත් වෙලා තියෙනවා.IMDb දර්ශකය තුල 7.6/10 අගයකුත්, රොටර්න් ටොමෑටෝ දර්ශකය තුල 68% ක අගයකුත් ලබාගන්න සමත්වෙලා තියෙනවා. ඔය විදිහට විශාල ප්‍රේක්ෂක පැසසුමක් ලබාගත්ත මේ චිත්‍රපටය මේ වෙද්දී,

  • 36’වැනි සාටම් සම්මාන උළෙලේ හොදම ෆැන්ටසි චිත්‍රපටය සදහාද, හොදම ඇදුම් මෝස්‌තර නිර්මාණ කරණය සදහාද, විශේෂ ගණයේ ඩිවිඩි පට නිකුත් කිරීම සම්බන්ධයෙන්ද සම්මාන ත්‍රිත්වයක් ලබාගෙන තියෙනවා.
  • 2009 වසරේ පැවැත්වූ ස්ක්‍රිම් සම්මාන උළෙලේහොදම කොමික්-බුක් චිත්‍රපටය සදහාද සම්මානය දිනාගෙන තියෙනවා.

මේ විදිහට යම්තාක් දුරකට සාර්ථක වෙච්ච මේ චිත්‍රපටයෙ දෙවැන්නක්ද නිර්මාණය වෙන්න ඉඩ තිබුණු බව අන්තර්ජාලයෙ සදහන් වෙනවා. නමුත් මේ චිත්‍රපටයෙන් සැක් ස්නයිඩර් ලැබූ ජයග්‍රහණය නිසාම එයාට වෝනර් බ්‍රදර්ස්ලා සුපර්මෑන් වගේම බැට්මෑන්ව DCEU එක යටතේ රිදී තිරයට ගේන්න වගකීම පවරනවා. ඒකෙ ප්‍රතිඵලයක් නිසාවෙන් Man of Steel (2013) වගේම Batman v Superman: Dawn of Justice (2016) චිත්‍රපට දෙක නිර්මාණය කරන්න යෙදුන නිසා වොච්මෙන් සීක්වල් චිත්‍රපටය නිර්මාණය වෙන්න තිබුණු ඉඩකඩ නැතිවුනා කියලයි සදහන් වෙන්නෙ.

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ ශාන් විමුක්ති සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

]]>
https://sinhalasub.lk/movies/watchmen-2009-sinhala-subtitles/feed/ 0