සුභ දවසක් වේවා කියල පිළිගන්නව හැමෝවම , ඔන්න ඉතින් අදත් මම ආවේ තවත් අලුත්ම දමිල චිත්‍රපටයක
සිංහල උපසිරැසි උනු උනුවෙම අරගෙන, වැඩි කතා නැතුව අපි බලමු විස්තරේ.
5 June 2025 දා ලොව පුරා සිනමාශාලා වල තිරගතවීම ඇරඹුන මෙම චිත්‍රපටය නමින් Thug Life ෆිල්ම් පිස්සෙක් නම් නම දැකපු ගමන් දන්නවා මොකක්ද මේ කියලා , කොහොම උනත් මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ ප්‍රවීන අධ්‍යක්ෂකවරයෙක් වන Mani Ratnam මහතා විසින් වන අතර චිත්‍රපටයේ ප්‍රධාන නලුවා ලෙස දමිල සිනමාවේ විශිෂ්ඨතම රංගන ශිල්පියෙක් වන ” කමල් හසන් ” සහ සිම්බු (Silambarasan) රංඟනයෙන් දායක වන අතර ප්‍රධාන නිලියන් ලෙස Trisha Krishnan , Aishwarya Lekshmi , Abhirami යන රංඟන ශිල්පිණියන් රංඟනයෙන් දායක වන අතර ඊට අමතරව දමිල සිනමාවේසිටින තවත් දක්ෂ රංඟන ශිල්පී ශිල්පිනියන් රැසක් මෙහි රංඟනයෙන් දායක වෙනවා.
චිත්‍රපටයේ තවත් විස්තර කීපයක් පහලින් දාන්නම්.
Directed by Mani Ratnam
Written by Mani Ratnam , Kamal Haasan
Produced by Kamal Haasan ,R. Mahendran , Mani Ratnam , Siva Ananth
Cinematography Ravi K. Chandran
Edited by A. Sreekar Prasad
Music by A. R. Rahman
Production companies Raaj Kamal Films International , Madras Talkies
Distributed by see below
Running time 163 minutes
Country India
Language Tamil
Budget ₹200–300 crore
Box office est. ₹96 core
කතාව ගැන කියනවා නම් ,
” මේක ගැන්ග්ස්ටර් චිත්‍රපටයක් , මෙහෙම කිව්ව ගමන් හිතාගන්න පුලුවන්නේ , අනිවාරෙන්ම බලන්න , ලස්සන කතාවක් , කුතුහලය , සටන් , හැඟීම් මේ හැම දෙයක්ම එකතු උන ලස්සන චිත්‍රපටයක්.
එහෙනම් තවත් උපසිරැසියකින් හමුවෙන බලාපොරොත්තුවෙන් අදට මම සමුගන්නවා , හැමෝටම බුදු සරණයි.
ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ ලිපිය
උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න
ඔන්න අදත් ඔයාලට හොඳට රසවිඳින්න පුලුවන් සුපිරි ගණයේ හිංදි බයිස්කෝප් එකක් ඔයාලට අරගෙන ආව. මේක නිකුත් වුනේ 2012 සැප්තැම්බර් 28 වෙනිදා. ජාත්‍යන්තර චිත්‍රපට දර්ශකයේ ලකුණු 8.5/10 ක් අරන් තියන පට්ට ෆිල්ම් එකක්. හිතාගන්න පුලුවන්නෙ ඒකෙන්ම මේ ෆිල්ම් එක කොහොමද කියල. මේක අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ Umesh Shukla විසින්. Akshay Kumar, Paresh Rawal, Mithun Chakraborty, Om Puri යන සුප්‍රකට නලු නිලියන් රංගනයෙන් දායක වෙලා තියනව.මේක වෙනස්ම කතා තේමාවක් මත නිර්මාණය කෙරුනු චිත්‍රපටයක්. එහෙනම් මම ඔයාලට කියන්නම්කො මේකෙ කතාව….OMG
මේකෙ ඉන්නව කාන්ජී ලාල් මෙහෙතා කියල කෙනෙක්, එයා දේව ප්‍රතිමා, මූර්ති අලෙවි සැලක් කරගෙන ජීවත් වෙන මධ්‍යම පංතියේ පුද්ගලයෙක්. ඒත් එයා දෙවියන් විශ්වාස කරන කෙනෙක් නෙමෙයි. ඒ කියන්නෙ අංක එකේ අදේවවාදිකයෙක්. කොහොමහරි ඔහොම කල් ගත වෙද්දි ඉන්දියාවට භූමිකම්පාවක් එනව. ඒත් මේකෙන් කිසිම පුද්ගල දේපල හානියක් වෙන්නෙ නෑ. හැබැයි මේකෙන් කාන්ජි ලාල්ගෙ කඩේ මුලුමනින්ම විනාශ වෙනව. පස්සෙ එයා රක්ෂණ සමාගමට යනව එයාට වුනු අලාභය ලබා ගන්න.
ඒත් රක්ෂණ සමාගමේ කොන්දේසි වලට අනුව වන්දි ගෙවීම ප්‍රතික්ෂේප කරනව. ‘act of god’ එනම් දෙවියන්ගේ ක්‍රියා කලාපය නිසා සිදුවූ හානි වලට තම රක්ෂණ සමාගම වග නොකියන බව ගිවිසුම් වල සෘජුවම සටහන් වී තිබෙනවා. ඉතින් මෙයා හිතනව දෙවියන් නිසා තමයි තමයි තමන්ට මේ දේ වුනේ කියල. ඒනිසා එයා උසාවියේ නඩුවක් දානව දෙවියන්ට විරුද්ධව. ඔයාලට හිතෙන්නෙ නැද්ද එතකොට මොන මොන ආකාරයේ ගැටලු මතුවෙයිද කියල. සිතාසි යවන්නෙ කාටද? කවුද දන්නෙ දෙවියන්ගෙ ලිපිනයක්, ඉන්න තැනක්. මාර සින් එක නේද??OMG
ඔන්න ඔතනින් තමයි කතාව හොඳම කොටස පටන් ගන්නෙ..මේ අතර කාන්ජි ලාල්ගෙ ගෙදරට අක්ෂේ කුමාර් නැත්තම් ක්‍රිශ්නා පැමිණෙනවා..ඉතින් එතනින් පස්සෙ වෙන ටික ඔයාලම බලන්න. දෙවියන්ට විරුද්ධව නඩුව උසාවිය පිලිගනියිද? මේ නඩුවට දෙවියන්ට එන්න බැරි නම් කවුරු එයිද? දෙවියන් කියල කෙනෙක් ඇත්තටම ඉන්නවද? මේ නඩුව දිනන්න මෙයා මොනවගේ තර්ක විතර්ක ඉදිරිපත් කරයිද?
ඒව කෙතරම් දුරට සාර්ථක වෙයිද? අක්ෂේ නැත්තම් ක්‍රිශ්නා කියන්නෙ කවුද? එයා මොකටද කාන්ජි ලාල්ගෙ ගෙදරට එන්නෙ? ප්‍රශ්න කෝටියයි නේද?? හික්ස්! කලබල වෙන්න එපා, මේ හැම ප්‍රශ්නෙකට විසඳුම් මේ ෆිල්ම් එක අවසානයේදි ඔයාලට ලැබෙයි…ඇත්තටම මෙය අති විශිෂ්ට සංකල්පයක් මත බිහිවුනු නිර්මාණයක්. ඇත්තටම මේක මම බලපු හොඳම ෆිල්ම් එකක් කියන්න පුලුවන්. OMG
අහ්! තව කියන්න දෙයක් තියනව. මේකට සබ් දාන්න මම අපේ ධනා සහෝගෙගෙත් උදව් ලබා ගත්ත. ඉතින් බොහොම වැඩ රාජකාරි මැද්දෙ වුනත් ඔහු කල උපකාරයට ස්තූති කරනවා. අපි දෙන්න හුඟක් මහන්සි වෙලා මේක කරේ. ඔයාල කමෙන්ට් එකක් දාල යයි කියල හිතනව.. එහෙනම් හැමෝටම ජය වේවා!!! අපේ ධනා සහෝගෙ වචන වලින් නොකිව්වොත් අඩුවක් වෙයිනෙ,, අහිංසක හිත්නෙ෴
ජය වේවා!!
ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ දිදුල Kd සිල්වා සහෝදරයගෙ ලිපිය
උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න