Jurassic World Rebirth Sinhala Sub
Jurassic World Rebirth Sinhala Subtitles
Jurassic World Rebirth 2025 Sinhala Sub
Jurassic World Rebirth (2025) Sinhala Sub
Jurassic World Rebirth (2025) Sinhala Subtitles
කොහොමද හැම කෙනෙක්ටම, සෑහෙන කට්ටියක් එනකල් ආසාවෙන් බලාගෙන හිටිය අලුත්ම ෆිල්ම් එකක් අරගෙනයි අද මං ආවේ.ඒ Jurassic World චිත්‍රපට මාලාවේ අලුත්ම චිත්‍රපටිය වෙන Jurassic World Rebirth (2025).

හරි අපි අලුත්ම චිත්‍රපටිය ගැන කතා කරන්න කලින් පොඩ්ඩක් Jurassic World චිත්‍රපට මාලාව සහ ඒ සම්බන්ධ තොරතුරු ටිකක් බලමු.
හැබැයි ඉතින් කතා කරලා ඉවර කරන්න පුලුවන් ලේසි පහසු මාතෘකාවක් නම් නෙවෙයි මේක.මොකද ඒ තරම්ම සවිස්තරාත්මකව ගොඩනැගුණු විශාල තොරතුරු ප්‍රමාණයක් තියෙන කතාවක්. ඒ නිසා අපි කෙටියෙන් පසුබිම බලමු.
Jurassic Park එහෙමත් නැත්නම් පස්සේ කාලෙක Jurassic World විදිහට වෙනස් වුණු මේ කතාව, ඇමරිකානු ලේඛක Michael Crichtonගේ නිර්මාණයක්. මූලික කතාව වුණේ ක්ලෝනකරණය කරපු ඩයිනසෝරයන්ගෙන් නිර් මාණය කරන තීම් පාක් එකක්. නවකතාව ප්‍රකාශනයට පත්කරන්නත් කලින් Universal Pictures සහ Amblin Entertainment ආයතන නවකතාවේ අයිතිය ලබාගන්නවා. ඒ විදිහට 1990 පටන්ගත්ත චිත්‍රපට මාලාව අද වෙනකල් චිත්‍රපට 7ක් දක්වා නිර් මාණය වෙලා තියෙනවා.
පළවෙනි ත්‍රිලොජිය Jurassic Park නම යටතේ Jurassic Park (1993), The Lost World: Jurassic Park (1997), Jurassic Park III (2001) විදිහටත්, දෙවෙනි ත්‍රිලොජිය Jurassic World නම යටතේ Jurassic World (2015), Jurassic World: Fallen Kingdom (2018), Jurassic World Dominion (2022) විදිහටත් එළිදැක්වූවා.
ඊටපස්සේ පිළිවෙළින් Jurassic World Camp Cretaceous (2020) සහ Jurassic World: Chaos Theory (2024) කියන ඇනිමේෂන් චිත්‍රපට මාලාවන් දෙකකුත් නිකුත්වුණා.

දැන් අපි Jurassic World Rebirth (2025) අලුත් චිත්‍රපටය දිහාවට එමු.
ඉතිං මේක Universal Pictures සහ Amblin Entertainment ආයතන යටතේ නිර්මාණවීම ආරම්භවෙන්නේ චිත්‍රපට මාලාවේ 7වෙනි චිත්‍රපටය විදිහට අලුත් චිත්‍රපට කිහිපයකට අඩිතාලම දාමින්. Action/Sci-fi ගණයට වැටෙන චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරන්නේ Gareth Edwards. චිත්‍රපටියේ ධාවන කාලය පැය 2 මිනිත්තු 13ක් වෙනවා වගේම බෙදාහරින්නේ Universal Pictures ආයතයනය. ඩො.මි. 200කට ආසන්න වියදමින් නිර් මාණය කරපු චිත්‍රපටය මේ වෙද්දී ඩො.මි 700කට අධික වාර් තාගත ඉහළ ආදායමක් අරන් තියෙනවා.
චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ Scarlett Johansson, Mahershala Ali, Jonathan Bailey, Rupert Friend, Manuel Garcia-Rulfo ඇතුළු නළු නිලියන් පිරිසක්.හරි මං කතාව කියන්න යන්නේ නෑ එතකොට වැඩක් නෑනේ. ඔයාලම බලන්නකෝ.
හැබැයි චිත්‍රපටිය සුපිරියටම තියෙනවා කියලා නම් කියන්න ඕන.


එහෙනම් අලුත් උපසිරැසියකින් හම්බවෙමු. ඔයාලට ජය
~ උපසිරැසිකරණයේ නවමු රැල්ල සිනෙරූ ~

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ ලිපිය
උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න
]]>