Leslie Uggams – SinhalaSub https://sinhalasub.lk සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Wed, 02 Oct 2024 05:11:24 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.3 https://sinhalasub.lk/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Leslie Uggams – SinhalaSub https://sinhalasub.lk 32 32 Deadpool & Wolverine (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/deadpool-wolverine-2024-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/deadpool-wolverine-2024-sinhala-subtitles/#comments Tue, 01 Oct 2024 09:28:02 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=76422 Deadpool & Wolverine Sinhala Sub
Deadpool & Wolverine Sinhala Subtitles
Deadpool & Wolverine (2024) Sinhala Sub
Deadpool & Wolverine (2024) Sinhala Subtitles

පෙර නිකුත් වූ චිත්‍රපට බැලීමට පහත රෑප මත හෝ, චිත්‍රපටයේ නම මත ක්ලික් කරන්න

]]>
https://sinhalasub.lk/movies/deadpool-wolverine-2024-sinhala-subtitles/feed/ 3
Deadpool 2 (2018) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/deadpool-2-2018-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/deadpool-2-2018-sinhala-subtitles/#comments Wed, 14 Aug 2024 14:40:32 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=45221 Deadpool 2 Sinhala Sub
Deadpool 2 Sinhala Subtitles
Deadpool 2 (2018) Sinhala Sub
Deadpool 2 (2018) Sinhala Subtitles

Deadpool පලමු කතාවෙන් අවුරුදු 2කට පස්සේ තමයි මේ විදියට වෙඩ් විල්සන්ගේ කෙරුවාව බලන්න හැමෝම සූදානම් වෙන්නේ. වේඩ් විල්සන් කියන්නේ කවුද කියලා පලමු කතාව බලපු හැමෝම දන්නවා ඇතිනේ. කතාවේ මුල හරියෙන්ම කෙල්ල සෙට්වෙලා අවුරුද්දක් වැනේසා එක්ක ඇදේම ගත කරපු මිනිහා කසාද බදින්න කියලා ඇද උඩම විවාහා ගිවිසලා ඇදෙන් බැහැලා චූ පාරක් දාන්න පැත්තකට ගියපු ගමන් කලන්තේ දාලා බිම ඇදගෙන වැටෙනවා. ඊට පස්සේ තමයි දැනගන්නේ මිනිහට සහලෝල පිලිකාව බව. ඉතිං අන්තිමට පිලිකාව සනීප කරගන්න කියලා නීති විරෝධී පර්යේශණයකට භාජනය වෙන වේඩ් විල්සන් වුල්වරීන්ට හා සමාන බලයක් සහිත කෙනෙක් බවට පත් වෙනවා.

අතින් අස්ථිමය උල් පිට නොවුනත් වුල්වරීන් හා සමාන සුව වීමේ ශක්තියක් ඩෙඩ්පූල්ට තියෙනවා. ඒ වගේම අතක් පයක් ගැලවිලා ගියත් ඩෙඩ්පූල්ගේ ඒක ආපහු වැවෙන බවත් කලින් කතාව බලපු අයට දකින්න ලැබෙන්න ඇති. ඒ වගේම ගොඩක් අයට ගැටලුවක් වුනු දෙයක් තමයි Ryan Reynolds, වේඩ් විල්සන් හෙවත් ඩෙඩ්පූල් විදියට X-Men Origins (2009) කතාවේ හිටපු බව. එත් අන්තිමට ස්ට්‍රකර් අතින් එයා සුපිරි ආයුධයක් බවට පත් වෙලා වුල්වරීන් සහ එයාගේ සහෝදරයා වෙන සේබර්ටූත් එක්ක එකට සටන් කරනවා. ඒත් අවසානයේ ඒ කතාවේ ඩෙඩ්පූල් වුල්වරීන්ට පරදිනවා. ඒ වගේම තමයි ඩෙඩ්පූල් කියන චරිතය කොමික් වල විදියට ඇන්ටි-හීරෝ කෙනෙක් නැතුව තනිකරම දුශ්ඨයෙක් කරලා තමයි සිනමාව හරහා පෙන්වන්නේ. මෙතනදී තමයි සම්පූර්ණ අසාර්ථකත්වටය පත්වුනු Green Lantern (2011) කතාව හරහා බ්ලැක් විඩෝව දික්කසාද කරලා තමුන්ගේ සැබෑ ජීවිතේ අනාගත බිරිද වුනු බ්ලේක් ලයිව්ලි කරකාර බන්දගෙන DC වලට නොසෑහෙන්න දෙස් දෙවොල් තියාගෙන ඩෙඩ්පූල් චරිතෙට අලුත් ආරම්භයක් දෙන්න ඕනේ කියලා රයන් රෙනෝල්ඩ්ස් හිතන්නේ. අවුරුදු ගානක් කට්ට කාලා අන්තිමට මිනිහා FOX ස්ටුඩියෝ එක කැමති කරවා ගන්නවා චිත්‍රපටියක් නිර්මාණය කරන්න. ඒ උත්සාහය තමයි අවුරුදු ගානකට පස්සේ 2016 දී මුල්ම ඩෙඩ්පූල් චිත්‍රපටිය විදියට එලිදැක්වුනේ. මෙතනදී ප්‍රධාන නලුවා තනිකරම ප්‍රධාන නලුවා විතරක් නෙමෙයි. කතාවේ නිශ්පාදක කෙනෙක් වගේම රචකයෙක් විදියටත් සැලකියයුතු දායකත්වයක් මේ කතාවට ලබා දෙන්නේ. ඒ ගමන් මගේ හැලහැප්පිලි තමා කතාව ඇතුලේ යම් යම් තැන් වල අපට නොතේරෙන විහිලු විදියට අහන්න ලැබෙන්නේ.

Fox ස්ටුඩියෝ එක චිත්‍රපටිය හදන වැඩේට අන්තිමට එකඟ වුනත් ඩෙඩ්පූල් කතාවේ සාර්ථකත්වය ගැන කිසිම විශ්වාසයක් තිබුනේ නැති නිසා FOX විසින් මෙතෙක් කාලයක් සාර්ථකව ඉදිරියට පවත්වාගෙන ආපු කිසිම X-Men චරිතයක් ඩෙඩ්පූල් කතාවට ලබා දෙන්නේ නෑ. ඒකට හේතුව තමයි හදිසියේවත් ඩෙඩ්පූල් කතාව අසාර්ථක වුනොත් ඔවුන් මෙතෙක් දුරට ගෙන ආපු X-Men කතාව සාර්ථකව ගලාගෙන ආපු ආකාරයට එය බාධාවක් වෙන නිසා. නමුත් චාර්ල්ස් එක්සේවියර්ගේ මන්දිරය සමග මෙතෙක් සිනමාව තුල අප්‍රසිද්ධව තිබුනු චරිත කිහිපයක්, ඒ කියන්නේ පැත්තකටම දාලා තිබුනු චරිත කීපයක් අරගෙන කුණු දූවිලි පිහදාලා හොද ගැලපෙන නලු නිලි පිරිසක් ඒ චරිත වලට ආරූඪ කරලා, තමුන්ගේ උප්පත්තියෙන් ආපු කටකැඩිච්චි ගතියෙන් ඔප දාලා, සාර්ථකව පලමු චිත්‍රපටය නිර්මාණය කරනවා. ඔයාලා පලවෙනි කතාව බැලුවා නම් මතක ඇති ඩෙඩ්පූල් වතාවක් දෙවතාවක් අහනවා “කෝ අනිත් X-Men ලා”කියලා.

ඒ වගේම තමයි X-Men කතාව වුනත් අනාගතය, අතීතය විදියට කොටස් දෙකකට බෙදිලා, ඉස්සර ඉදන් කතාව බලපු සමහරක් අයටත් දැන් ඒක අච්චාරුවක් වෙලා තියෙන්නේ. ඇත්තටම X-Men: Days of Future Past (2014) ෆිල්ම් එකේදී වුල්වරීන් අතීතයට ගියත්, එතනදී ටයිම් ලයින් එක දෙකට බෙදිලා අතීතය වෙනස්ම විදියකට ගලාගෙන යනවා. ලෝගන් වයසට ගිහිල්ලා මැරෙන්නේ අපිට හුරු පුරුදු අපි පුංචි කාලේ ඉදන් බලාගෙන ආපු ෆිල්ම් සෙට් එකට අදාල කොටසක් විදියටයි. අන්න ඒ නිසා තමයි ඩෙඩ්පූල් පලමු කතාවේදී කොලෝසස් ඩෙඩ්පූල්ට මහපාරේ තඩිබාන වෙලාවේදී “මැකවෝයි ද ස්ටුවර්ට් ද? මේ කාල රාමුව හරියට පැටලෙනවා…” කියලා කියන්නේ. මොකද කිව්වොත් චිත්‍රපටිය බලන කවුරුවත් දන්නෙත් නෑ මේක අතීතෙන් බෙදිලා ගියපු ටයිම් ලයින් එකට සෙට් වෙන කතාවක්ද නැතිනම්, ලෝගන් වයසට ගිහිල්ලා මැරෙන ටයිම් ලයින් එකට අදාල කතාවක්ද කියලා. හැබැයි ඒ ගැටලුව මේ චිත්‍රපටියේදී ලොකු ඊස්ටර් එග් එකකින් නිරාකරණය කරනවා. ඒ වුනත් අපි ගොඩක් දෙනෙක් දන්නවා මේ කතාව අදාල ටයිම් ලයින් එක මොකක්ද කියලා.

ඒ වගේම තමයි DC vs Marvel ගැටුම. වෙන කිසිම කතාවකදී DC සහ Marvel යන ආයතන දෙක එකිනෙකට ඝට්ටනය වෙන්න නොදී වෙන් වෙන්ව ඔවුන්ගේ චරිත පවත්වාගෙන යනවා. ඒ ඒ කොමික් නිසා අපිට සාමාන්‍ය ව්‍යවහාරයට ආපු නම් පවා අනෙක් ආයතන වලින් භාවිතා කරන්නේ හරි පරිස්සමෙන්. මොකද කිව්වොත් අයිතිය පිලිබද හෝ වෙන මොකක්හරි හේතුවක් නිසා මතභේදයන් ඇතිවෙන්න පුළුවන් නිසා. ඒත් ඩෙඩ්පූල් කියන්නේ හැම වෙලාවකම කොමික් පොතකදී හෝ චිත්‍රපටයකදී හෝ 4th wall කියන සංකල්පය නැති චරිතයක්. ඒ කියන්නේ චිත්‍රපටයක චරිතයක් රඟපාද්දී ඒ චරිතයට දැනීමක් නෑ ඔහු හෝ ඇය ඉන්නේ චිත්‍රපටයක් බව. එහෙම නැතිනම් චිත්‍රපටය බලන අතරතුර ප්‍රේක්ශකයාට එය දැනෙන්නට ඉඩ දෙන්නේ නෑ චරිතය චිත්‍රපටයක කොටසක් වග. තවත් පැහැදිලි කලොත්, කතාවක චරිතයක් චිත්‍රපටය තුලදී සිදු කරන දෑ ඒ කතාව තුලදී ප්‍රේක්ශක අපට වගේම චරිතයටත් සැබෑවක්. නමුත් ඩෙඩ්පූල් කියන චරිතයට ලෝකයේ සිදුවෙන අනෙකුත් හැම දෙයක් ගැනම අවබෝධයක් තියෙනවා. ඒ බව ප්‍රේක්ශකයා සමග බෙදාහදා ගන්න පුළුවන්. කොටින්ම කිව්වොත් චිත්‍රපටයට අදාල හේතු කාරණා අනුව චරිතය ප්‍රතික්‍රියා දැක්වුවත් ඔහු දන්නවා තමුන් ඉන්නේ චිත්‍රපටයක් තුල බව. ඒ නිසා තමයි චිත්‍රපටය අතරතුර ඩෙඩ්පූල් කැමරාව දිහාවට හැරිලා ප්‍රේක්ශකයාට මොනාහරි දෙයක් කියන්නේ. ඉහත කාරණාව නිසාම බොහෝමයක් චිත්‍රපට වලදී සුපිරි වීරයින් පාවිච්චි කරන ප්‍රයෝගයන් පවා සැබෑ ජීවිතේ ප්‍රායෝගික නැති බවත් කෙලින්ම චිත්‍රපටිය තුලින්ම පෙන්වන්නේ ඔහු ඒවා කරන ගමන්මයි. මේ නිසා කතාවේ හාස්‍ය රසය තවත් වැඩි කරලා පෙන්වන්න චරිතයට හැකියාවක් ලැබෙනවා. ඒ වගේම ඒ ඒ චරිත හැසිරෙන ආකාරය පොතේ ගුරා විදියට පහසුවෙන්ම දැක්වීමේ හැකියාවකුත් චරිතයට ලැබෙනවා.

මේ විදියට ගලාගෙන ආපු ඩෙඩ්පූල් කතා මාලාව ඉදිරියේදී තමුන්ගේම කියලා චරිත ටිකක් වර්ධනය කරගන්න පාටක් තමයි මේ කතාව බැලුවොත් පේන්න තියෙන්නේ. මොකද කිව්වොත් කතාව ඇතුලේ වගේම පූර්ව ප්‍රචාරක පටයේ එක් තැනක වෙඩ් විල්සන් කියනවා…

“…අපිට මල ඉලවු කණ්ඩායමක් හදන්න වෙනවා. උන් තදයෝ වෙන්නත් ඕනේ, සදාචාරේ අඩුවෙන්න ඕනේ, අවුරුදු 10ක් 12ක් මේ ෆිල්ම් එක ඇදගෙන යන්න පුළුවන් තරම් වයස අඩු වෙන්නත් ඕනේ.”

පේන විදියට වෙන කවුරු කතාව අතෑරලා දාන්න හැදුවත් නලුවා වැඩේ අතාරින්න කැමති නෑ වගේ. කොහොම වුනත් ඉදිරියේදී අපිට ඩෙඩ්පූල් තවත් චිත්‍රපටයක් දකින්න ලැබෙයි කියලා බලාපොරොත්තු වෙන්න පුළුවන්.

හොදයි ඉතිං, දැන් ලිපිය කියෙව්වා ඇතිනේ. අවුරුදු දෙකකට කලින් බලපු චිත්‍රපටියක් ගැන ලිපියක් පිරෙන්න කියවපු එකේ කොහොමද අලුත් එක බැලුවොත්? එහෙනං උපසිරැසිය බාගෙන කතාව බලන්න කියලා හැමෝටම ආරාධනා කරනවා. ඒ වගේම වයස අවුරුදු 18ට වැඩි පොඩි ළමයි ඉන්නවනං ගෙදර මිනිස්සු ඉන්න තැනක නැතුව දොර ජනෙල් වහගෙන කතාව බලන තරමට හොදයි. මොකද කිව්වොත් ඩෙඩ්පූල් කියන්නේ පවුලේ කතාවක් වුනත් පටන් ගන්නේ අමු කුණුහරුප වලින් නිසා. ?

ආයු -බෝ -වේවා !!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ ප්‍රණිත් රණසිංහ සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

]]>
https://sinhalasub.lk/movies/deadpool-2-2018-sinhala-subtitles/feed/ 1
Deadpool (2016) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/deadpool-2016-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/deadpool-2016-sinhala-subtitles/#comments Wed, 14 Aug 2024 14:30:04 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=45204 Deadpool Sinhala Sub
Deadpool Sinhala Subtitles
Deadpool (2016) Sinhala Sub
Deadpool (2016) Sinhala Subtitles

වේඩ් විල්සන් කියන්නේ විශේෂ බලකායේ සේවය කරපු, පසු කාලීනය අගෞරවාන්විතව සේවයෙන් නෙරපූ හමුදා සෙබලෙක්. මැරයෙක් විදියට තමයි මෙයා හමුදාවෙන් පසු කාලීන ජීවිතය ගත කරන්නේ. මෙයාගේ සමීපතම මිත්‍රයා වුනේ, බාර් එකේ ඉන්න වීසල්. දවසක් වේඩ් බාර් එකක ගත කරන දවසක තමුන්ට හමුවුනු කෙල්ලෙක් එක්ක ආදරෙන් බැඳිලා තමයි ඉන්නේ. දෙන්නා බොහෝම සතුටින් එකට ජීවත් වෙනවා. නමුත් පිලිකාවක් නිසා මෙයාලාගේ සතුටු ජීවිතේ බොහෝම වෙනස් අතට හැරෙනවා. ඉතිං මේ පිලිකාව ප්‍රතිකාර කරන්න බැරි තරමට දරුණු වුනු පිලිකාවක්. නමුත් රජයේ නොවන ආයතනයක් විසින් කරගෙන යන පර්යේශණ වැඩපලකින් ඇවිල්ලා වේඩ්ට අවස්ථාවක් ලබා දෙනවා තමුන්ගේ පිලිකාව සුව කරගන්න… මේ තමයි කතාවේ සාරාංශය. X-Men චිත්‍රපට මාලාව බලලා තියෙනවා නම් ඔයාලට මේ කතාව බොහෝම හුරු පුරුදු කතාවක් වේවි. මොකද කිව්වොත් මේ කතාව X-Men වලට ඒකාබද්ධව තමයි ගලාගෙන යන්නේ. එහෙනං මම කතාව ගැන වැඩි දෙයක් කියන්න යන්නේ නෑ. ඔයාලට බලලම දැනගන්න තියලා මම අදට සමුගන්නම්.

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ ප්‍රණිත් රණසිංහ සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

]]>
https://sinhalasub.lk/movies/deadpool-2016-sinhala-subtitles/feed/ 1