Lee Ki-young Archives - SinhalaSub https://sinhalasub.lk/cast/lee-ki-young/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Wed, 27 Dec 2023 03:29:14 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://sinhalasub.lk/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Lee Ki-young Archives - SinhalaSub https://sinhalasub.lk/cast/lee-ki-young/ 32 32 The Childe (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/the-childe-2023-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/the-childe-2023-sinhala-subtitles/#comments Sun, 29 Oct 2023 16:19:49 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=47273 The Childe Sinhala Sub The Childe Sinhala Subtitles The Childe (2023) Sinhala Sub The Childe (2023) Sinhala Subtitles Action, Thriller, Crime යන වර්ගීකරණයන්ට අයත් The Childe චිත්‍රපටයට 7.4/10 IMDb අගයකුත්, Rotten Tomatoes අගය 100%කුත්, 8.3/10 MyDramaList අගයකුත් ලැබී තිබෙනවා. වැඩි විස්තර.. Movie: The Childe Country: South Korea Release Date: Jun 21, 2023 Duration: 1 hr. […]

The post The Childe (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
The Childe Sinhala Sub
The Childe Sinhala Subtitles
The Childe (2023) Sinhala Sub
The Childe (2023) Sinhala Subtitles

Action, Thriller, Crime යන වර්ගීකරණයන්ට අයත් The Childe චිත්‍රපටයට 7.4/10 IMDb අගයකුත්, Rotten Tomatoes අගය 100%කුත්, 8.3/10 MyDramaList අගයකුත් ලැබී තිබෙනවා.

වැඩි විස්තර..

  • Movie: The Childe
  • Country: South Korea
  • Release Date: Jun 21, 2023
  • Duration: 1 hr. 58 min.
  • Content Rating: 18+ Restricted (violence & profanity)
  • Native Title: 귀공자
  • Also Known As: Sad Tropics , Seulpeun Yeoldae , Sad Tropical , 슬픈 열대 , Scion , Nobleman , 더 차일드
  • Screenwriter & Director: Park Hoon Jung
  • Genres: Action, Thriller, Crime, Drama
  • Tags: Boxer Male Lead, Boxing, Gore, Filmed Abroad, Noir, Investigation, Mystery, Suspens

Cast

  • Kim Seon Ho – “Nobleman” / Childe
  • Kang Tae Joo – Marco
  • Kim Kang Woo – Director Han
  • Go Ah Ra – Yun Ju

** දැඩි මතබේදකාරී අවස්ථාවකට මුහුණ දීමෙන් පසුව Kim Seon Ho නැවත රංගනයට පිවිසෙන්නේ “The Childe” නම් චිත්‍රපටය හරහා. එතෙක් මෙතෙක් රඟ දැක් වූ චරිත අතරින් වෙනස් මුහුණුවරක් ගත් චරිතය විදිහට මෙම චිත්‍රපටයේ ඔහු රඟ දක්වන චරිතය නම් කරන්න පුලුවන් වගේම මනා සාධාරණයක් ඒ චරිතයට ඔහුට ලබාදීමට හැකි වී තියෙනවා. Start-Up කතාමාලාවේ දෙවන ප්‍රධාන චරිතයෙන් ප්‍රේක්ෂකාදරය ලැබූ ඔහුට ඉන් සම්මාන කීපයක්ම දිනාගැනීමට පුලුවන් වුනා සේම කවුරුත් ආදරය කල Hometown Cha-Cha-Cha කතාමාලාවටත් ඔහු රංගනයෙන් දායක වුනා.

Find Me in Your Memory, Catch the Ghost, 100 Days My Prince, Two Cops Good Manager කතාමාලා වලටත් ඔහු රංගනහෙන් දායක වුනා.

** මාර්කෝ චරිතය රඟ දක්වන Kang Tae Jooගේ පළවෙනි සිනමා අත්දැකීම තමා The Childe කියන්නෙ.

** Do Do Sol Sol La La Sol, Black, Hwarang කතාමාලාවල හිටිය Go Ah Raත් මේ චිත්‍රපටයට ප්‍රධාන චරිතයකින් එකතු වෙනවා

The Childe චිත්‍රපටය.. I Saw the Devil, The Witch: Part 2. The Other One, The Witch: Part 1. The Subversion, Night in Paradise, V.I.P. යනාදී චිත්‍රපට අධ්‍යක්ෂණය කළ, තිර රචනය කල Park Hoon Jung ගේ නිර්මාණයක්.

මාර්ක් කියන්නෙ කොරියානු පියෙක්ටත් පිලීපීන මවකටත් උපත ලද දරුවෙක්. එයා හන් කියන එයාගෙ තාත්තව හොයනවා. ඒ වගේම එයා කරන්නේ නීතිවිරෝදී බොක්සිං ක්‍රීඩාවේ නියැලෙන එක. ඒ සල්ලිවලින් එයා එයාගෙ ලෙඩ වුන අම්මව බලාගන්නවා. එයාගෙ අම්මට කරන්න තියෙන ශල්‍යකර්මෙට සලි හොයාගන්න තමයි එයා එයාගෙ තාත්තව හොයන්නෙ.

හදිස්සියේම එක දවසක එයාගෙ තාත්තා ගැන කියාගෙන නීතීඥයෙක් එයාගෙ ගෙදරට එනවා. වහාම කොරියාවට යන්න ඕනෙ කියලත් එයා කියනවා. කොරියාවට එන අතරවාරයේදි ගුවන් යානයේදි මාර්ක්ට එක මනුස්සයෙක්ව මුණගැහෙනවා.

** මාර්ක්ට එයාගෙ තාත්තව හොයාගන්න පුලුවන් වෙයිද?

** ගුවන් යානයේදී එයාට මුණගැහුණ කෙනා කවුද?

** ඇයි මාර්ක්ව හදිස්සියේම කොරියාවට ගෙන්නුවේ?

** හන් කියන්නෙ මාර්ක්ගෙ ඇත්තම තාත්තද?

මේ හැම ප්‍රශ්නෙකටම උත්තර හොයාගන්නනම් මේ චිත්‍රපටය ඔයාලට බලන්නවෙනවා. සටන් ජවනිකා වලින්නම් අඩුවක් නෑ. ඔයාලත් මේ චිත්‍රපටය ආසාවෙන් රසවිඳියි කියන බලාපොරොත්තුවෙන් මම සමුගන්නවා..

ස්තූතියි…

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ උචිනි පෙරේරා සහෝදරියගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post The Childe (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/the-childe-2023-sinhala-subtitles/feed/ 1