Kurt Russell Archives - SinhalaSub https://sinhalasub.lk/cast/kurt-russell/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Sun, 03 Nov 2024 01:36:03 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://sinhalasub.lk/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Kurt Russell Archives - SinhalaSub https://sinhalasub.lk/cast/kurt-russell/ 32 32 Vanilla Sky (2001) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/vanilla-sky-2001-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/vanilla-sky-2001-sinhala-subtitles/#comments Sun, 03 Nov 2024 01:30:47 +0000 https://sinhalasub.net/?post_type=movies&p=212 David Aames has it all: wealth, good looks and gorgeous women on his arm. But just as he begins falling for the warmhearted Sofia, his face is horribly disfigured in a car accident. That’s just the beginning of his troubles as the lines between illusion and reality, between life and death, are blurred.

The post Vanilla Sky (2001) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
David Aames has it all: wealth, good looks and gorgeous women on his arm. But just as he begins falling for the warmhearted Sofia, his face is horribly disfigured in a car accident. That’s just the beginning of his troubles as the lines between illusion and reality, between life and death, are blurred.

The post Vanilla Sky (2001) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/vanilla-sky-2001-sinhala-subtitles/feed/ 1
Guardians of the Galaxy Vol. 2 (2017) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/guardians-of-the-galaxy-vol-2-2017-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/guardians-of-the-galaxy-vol-2-2017-sinhala-subtitles/#respond Sun, 25 Jun 2023 11:21:20 +0000 https://sinhalasub.net/?post_type=movies&p=24265 Guardians of the Galaxy Vol. 2 Sinhala Subtitles Guardians of the Galaxy Vol. 2 (2017) Sinhala Subtitles Guardians of the Galaxy තමයි MCU එකේ එහෙමත් නැත්නම් මාර්වල් සිනමා විශ්වයේ දෙවෙනි සමූහ වීර සිනමාපටය. මුලින්ම අපි කොමික් පැත්ත ගැන ටිකක් බලමුකෝ. Guardians of the Galaxy කණ්ඩායම මුලින්ම හඳුන්වා දෙන්නේ 1969 දී Marvel Super-Heroes #18 වෙනි කලාපය […]

The post Guardians of the Galaxy Vol. 2 (2017) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Guardians of the Galaxy Vol. 2 Sinhala Subtitles
Guardians of the Galaxy Vol. 2 (2017) Sinhala Subtitles

Guardians of the Galaxy තමයි MCU එකේ එහෙමත් නැත්නම් මාර්වල් සිනමා විශ්වයේ දෙවෙනි සමූහ වීර සිනමාපටය. මුලින්ම අපි කොමික් පැත්ත ගැන ටිකක් බලමුකෝ. Guardians of the Galaxy කණ්ඩායම මුලින්ම හඳුන්වා දෙන්නේ 1969 දී Marvel Super-Heroes #18 වෙනි කලාපය තුලින්. පසුව විවිද මාර්වල් කොමික් කීපයක් මගින් මේ කණ්ඩායම ඉදිරිපත් කරා. Marvel Two-In-One #4–5 (July–Sept. 1974) සහ Giant Size Defenders #5 සහ Defenders #26–29 (July–Nov. 1975). පසුව මේ කණ්ඩායම Marvel Presents #3–12 (Feb. 1976 – Aug. 1977) පැමිණියා. Thor Annual #6 (1977), The Avengers #167–177 (Jan.–Nov. 1978) සහ #181 (March 1979), Ms. Marvel #23, Marvel Team-Up #86 (Oct. 1979), සහ Marvel Two-in-One #61-#63 & #69 (Nov. 1980) මගින් පැමිණි මේ කණ්ඩායම 1980 දී තමන්ගේම කොමික් කතාවක් ලෙසින් Guardians of the Galaxy #1 ලෙස ඉදිරිපත් උනා.

හැබැයි මුල්ම කණ්ඩායම උනේ අපි මේ වෙනකොට MCU එකේ දන්නා සෙට් එකනම් නෙවෙයි. Major Vance Astro, Major Vance Astro, Martinex, Yondu තමයි මුල්ම ගාඩියන් කණ්ඩායම උනේ. Starhawk, Nikki, Aleta Ogord, Replica, Talon, Yellowjacket, Geena Drake පසුව මෙම කණ්ඩායමට එකතු උනා, MCU ඒක ගැන කතා කරද්දී ඉතින් මේ කණ්ඩායම ගැන කතා කරලා වැඩක් නැහැනේ.. ඉතින් අපි බලමු MCU එකට අදාළ කරගත්තු 2008 දී එළිදක්වපු කණ්ඩායම ගැන. “Annihilation: Conquest” #6 (April 2008) තුලින් තමයි මේ කණ්ඩායම මුලින්ම එළිදක්වුවේ. පසුව 2008 මැයි මාසයේදී Guardians of the Galaxy vol. 2, #1 එළිදක්වනු ලැබුවා.. 2008 එළිදැක්වුණු මෙම දෙවන අදියරේ කතා මාලාව තුලින් තමයි අපි දන්නා කියන ඩ්‍රැක්ස්, ගමොරා, ගෘට්, ස්ටාර් ලෝර්ඩ්, රොකට් රැකූන් ඇතුළු කණ්ඩායම ඉදිරිපත් උනේ.

2014 දී පැමිණි Guardians of the Galaxy සිනමාපටය අති සාර්ථක වූවා. ඩොලර් මිලියන 770 ට අධික අදායමක් ලද මෙය James Gunn ගේ අධ්‍යක්ෂණයක්… විශේෂයෙන්ම Awesome Mix Vol. 1 නමින් පැමිණි ගීත මාලාව තුලින් සිනමාපටය අතිශය ජනප්‍රියත්වයට පත් වුනා.. ඉතින් මේ සාර්ථකත්වය නිසාම Awesome Mix Vol. 2 ගීත මාලාව සහිතව Guardians of the Galaxy Vol. 2 නිර්මාණය උනා. ජේම්ස් ගන් ම තම මේකෙත් අධ්‍යක්ෂණය. සිතුව විලසම සාර්ථක වෙමින් මේ වන විට ඇමරිකානු ඩොලර් මිලියන 860 ට අධික අදායමක් ලබාගෙන තියෙනවා. මේ අවුරුද්දේ දැනට තෙවෙනියට වැඩිම අදායම ලද සිනමාපටය මෙයයි.

ජේම්ස් ගන් සමඟ සංගීත අධ්‍යක්ෂණය කළ Tyler Bates දෙදෙනා විසින් තමයි මෙහි ගීත ඇල්බමය තෝරා තිබෙන්නේ. බොහෝ දෙනා පවසන විදියට පළමු සිනමාපටයේ Awesome Mix Vol. 1 වලටත් වඩා Awesome Mix Vol. 2 සාර්ථක ගීත ඇල්බමයක් බවයි. සුපුරුදු විදියට ක්‍රිස් ප්‍රේට්, සෝ සල්ඩනා, Dave බැටිස්ටා, වින් ඩීසල්, බ්‍රඩ්ලි කූපර් කණ්ඩායමට අමතරව කර්ට් රසල්, සිල්වෙස්ටර් ස්ටැලෝන් වැනි ප්‍රවීණ රංගන ශිල්පීන්ද එල්වනු ලැබුවා. කතාව ගැන කියන්නනම් අදහසක් නැහැ බලලම දැනගන්නකෝ. හැබැයි කියන්නම් මේ පාරනම් වෙනස්ම කතාවක් තමයි යන්නේ.. MCU එකේ ඉන්ෆිනිටි ජෙම් ප්‍රධාන තේමාවෙන් එලියට ගිහින් අපූරු කතාවක් ගොඩනගලා තියෙනවා මේකෙදි. ඒවගේම අපූරු ආෆ්ටර් ක්‍රෙඩිට් කීපයකුත් තියෙනවා….

ඒ වගේම මේ සලරුව MCU එකේ සංවේදී අවසානයක් සහිත එකක්.මම නෙවේ මේකෙ අධ්‍යක්ෂක තුමාම තමයි කියල තියෙන්නේ ඒක.. ආරම්භක දර්ශණයම බලපු මටත් අවංකවම යොන්ඩුගෙ සීන් එකේදි කඳුලු ආවා. මෙවර කතාව පියවරුන් පාදක කරගෙන නිමවුනත් පීටර් සහ ඊගෝ අතර සම්බන්ධය නොව පීටර් සහ යොන්ඩු අතර සම්බන්ධය සහ යොන්ඩු තමාව රැකගත් ආකාරයට ගෘෘට් හට පීටර් පියෙක් වන ආකාරය සංවේදී ලෙස පෙන්වලා තියෙනවා. ඒ වගේම නෙබියුලා, ගමෝරා සොයුරියන්ගේ කතාවත් මනාව දක්වනවා. මේ කතාව අවසන් වන්නේ මාවල් විශ්වයේ තවත් දැවැන් චරිතයක අනාගත ආගමනයක සලකුනු පෙන්වලා.. ඒ ඇඩම් වෝලොක්.. මෙයා ගැන කියන්නනම් අදහසක් නෑ… ඉස්සරහට කියන්නම්කෝ.. දැනට මතක තියාගන්න ඉන්ෆිනිටි ජෙම් කතාවල මෙයා දැවැන්ත චරිතයක් කියලා.. හැබැයි MCU Infinity War එකේදි මෙයා නෑ කියල තහවුරු කරලා තියෙන්නේ.. ඒ කියන්නේ GoG Vol:3 එනකල් ඉන්න වෙනවා මෙයාව බලාගන්න…

#Hail_Hydra

ඉහත විස්තරය ගෙනාවේ අපේ හයිඩ්‍රා නියෝජිත තිසර නියෝ සහෝ විසින්. ටික කාලයකට පසුව මම අද ඔයාලාට ගෙනාවේ මේ වසරේ Marvel සමාගමේ සාර්ථක අති දැවැන්ත නිර්මාණයක් වූ Guardians of the Galaxy චිත්‍රපටයේ දෙවැනි කොටසයි. 2017 මැයි 05 වනදා තිරගත කිරිම ඇරඹූ මේ චිත්‍රපටය මේ වන විට Imdb ශ්‍රේණිගත කිරිමේ 8.0 අගයක් ලබාගෙන තිබෙනවා. විනාඩි 136 ක් පුරා දිවෙන මේ නිර්මාණය සදහා ඩොලර් මිලියන 200ක වියදමක් ගණන් බලා ඇති අතර ප්‍රදර්ශනය අරඹා පළවෙනි සතියේ වාර්ථාගත ආකාරයට ඇමරිකාවේ පමණක් මිලියන 146ක් උපයාගෙන තිබෙනවා. Box office වාර්ථා වලට හිමිකම් කියූ මේ චිත්‍රපටය මේවන විට ඩොලර් මිලියන 385ක දළ ආදායමක් ලබාගෙන තිබෙනවා. පසුගිය චිත්‍රපටිය හිතුවෙවත් නැති විදියට සාර්ථක වුන නිසා තමයි මේ දෙවැනි කොටසත් ඉක්මනින්ම නිකුත් කරලා තියෙන්නේ. ඒ වාගෙම කියන්න ඕනි මෙම චිත්‍රපටියත් පාදක වෙලා තියෙන්නේ Guardians of the Galaxy (1969) සහ Guardians of the Galaxy (2008) නමින් නිකුත් වූ Marvel Comic Book කීපයයි.

සුපුරුදු පරිදි කලින් චිත්‍රපටියේ වගේම මේ කතාවේ Chris Pratt, Peter Quill ලෙසින් ප්‍රධාන චරිතයට පණ පොවනවා. ප්‍රධාන නිලිය ලෙසින් පණ පොවන්නේ Avatar කතා මාලාවේත් ප්‍රධාන නිලිය ලෙසින් රගපෑ Zoe Saldanaය. ඒ වාගේම Smack Down තරුවක් වුන Dave Bautista, Drax ලෙසින්ද Fast & Furious 6 තුලින් ජනාදරයට පත් වූ Vin Diesel, Baby Groot චරිතයට හඩකවමින්ද The Hangover (2009) චිත්‍රපටියේ රගපෑ Bradley Cooper, Rocket චරිතයට හඩකවමින්ද මේ චිත්‍රපටයට දායක වෙනවා.

ඉතින් ඔයාලට මතක ඇතිනේ සැන්ඩාර් රොනන්ගේ තරහින් බේරාගත්තට පස්සේ, දැන් ගාර්ඩියන්ස්ලා දැන් වීරයෝ විදියට තමයි හැමෝම පිලිගන්නේ. ඉතින් ඒ නිසා එයාලට මන්දාකිනියේ එක එක තැන්වල වෙන ප්‍රශ්න විසදන්නත් යන්න වෙනවා. එහෙම ගියපු ගමනක් තමයි සෝවේරියන් ලෝකය ලොකු මෘගයෙක්ගෙන් බේරාගන්න ගියපු ගමන. ඉතින් එතනදි රොකට් පොඩි හොරකමක් කරනවා. අන්තිමේට ඉතින් සෝවේරියන්ලට හොද කරන්න වීරයෝ විදියට ගිහින් එයාලගේ හතුරෝ වෙලා එන්න තමයි මෙයාලට වුනේ. ඔය අතරේ කණ්ඩායමේ නායකයා ස්ටාර් ලෝර්ඩ් එහෙමත් නැත්නම් පීටර් ක්විල්ගේ පරම්පරාව මොකක්ද එයාගේ තාත්තා කවුද කියලා හොයාගන්න මෙයාලට අවස්ථාවක් ලැබෙනවා. හැබැයි ඉතින් ඒ ගමන ලේසි වෙන්නේ නෑ. ඒ වගේම එයාලා හිතපු දේවල් වෙන්නෙත් නෑ. මීට වඩා නම් වැඩි විස්තරයක් මම ඔයාලට කියන්නේ නෑ. ඔයාලම බලලා තිරණය කරන්න මන්දාකිණියේ ආරක්ෂකයන් මේ සැරේ මන්දාකිනිය ආරක්ෂා කරගන්නේ කොහොමද කියලා… . . ^_^ මීලග උපසිරැසියෙන් හමුවෙනතුරු ඔබට ජය… . .!

ලිපිය උපුටා ගැනීම :- Baiscopelk.com හි පලවූ කවිඳු ගිම්හාන් (පැතුම්) සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

Guardians of the Galaxy (2014) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ Guardians of the Galaxy Vol. 2 (2017) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ  Guardians of the Galaxy Vol. 3 (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

The post Guardians of the Galaxy Vol. 2 (2017) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/guardians-of-the-galaxy-vol-2-2017-sinhala-subtitles/feed/ 0