Kendy Zirdo – SinhalaSub https://sinhalasub.lk සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Thu, 16 Feb 2023 01:00:32 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.3 https://sinhalasub.lk/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Kendy Zirdo – SinhalaSub https://sinhalasub.lk 32 32 Android Kunjappan Version 5.25 (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/android-kunjappan-version-5-25-2019-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/android-kunjappan-version-5-25-2019-sinhala-subtitles/#comments Wed, 15 Feb 2023 19:05:25 +0000 https://sinhalasub.net/?post_type=movies&p=1104 චිත්‍රපටයෙ පුරාවටම නිරූපණය වෙන්නෙ පියෙක්, සහ පුතෙක් අතර තියෙන බැඳීම මොනවගේද කියන එක. චිත්‍රපටයෙ ප්‍රධානම චරිත දෙකක් තමයි භාස්කරන් සහ සුභ්‍රමනියම් නොහොත් චුප්පන් කියන්නෙ. භාස්කරන් කියන්නෙ චුප්පන්ගෙ තාත්තා. චුප්පන් කාර්මික අධ්‍යාපනය ලබපු හොඳ උගත් කෙනෙක්. ඒත් මෙයාගෙ දැනුමට හරියන විදියෙ රස්සාවකට යන්න විදියක් නෑ.. මොකද මෙයාගෙ තාත්තා මෙයා ගෙදරින් ඈතකට ගිහිල්ලා රස්සාවක් කරන එකට කැමති නැහැ. ඒත් කොහොම හරි මෙයා තාත්තත් එක්ක වාද කරලා රුසියාවෙ පර්යේෂණ කටයුතු කරන සමාගමක රස්සාවකට යනවා. ඒ යන්නෙ තාත්තව බලා ගන්න හෝම් නර්ස් කෙනෙකුත් ගෙදර තියලා. ඒත් ඒ කිසි කෙනෙක්ව මෙයාගෙ තාත්තට නම් හරියන්නෙ නෑ.. කොහොමින් කොහොම හරි ඊට පස්සෙ තාත්තව බලාගන්න මෙයා රස්සාව කරන සමාගමින් අත්හදාබැලීමක් විදියට නිකුත් කරපු රොබෝවක් ගේනවා. මුලදි මේ රොබෝවට චුප්පන්ගෙ තාත්තා ඒ තරම් කැමති නැති වුණත්, පස්සෙ මේ රොබෝව තමන්ගෙ පුතෙක් කියලා හිතාගෙන සලකනවා. ඊට පස්සෙ මේ රොබෝව තාත්තගෙන් වෙන් කරන්න බැරි තරමටම එයාගෙ ජීවිතයට ලං වෙනවා. අත්හදාබැලීම් විදියට නිකුත් කරපු මේ රොබෝවරුන්ගේ දෝෂයක් තියෙනවා කියලත් ඒවා ඉක්මනටම මිනිස්සුන්ගෙන් ඈත් කරන්න කියලත් චුප්පන්ගෙ සමාගමෙන් කියනවා.. ඊට පස්සෙ තමයි චුප්පන්ට ලොකු කරදරේකට මුහුණ දෙන්න වෙන්නෙ.. මොකද වෙන්නෙ කියලා ඔයාලම බලන්නකෝ.. ]]> https://sinhalasub.lk/movies/android-kunjappan-version-5-25-2019-sinhala-subtitles/feed/ 1