බොහොමත්ම වෙනස් තේමාවක් අරගත්තු, සත්‍ය සිද්ධියක් අනුසාරයෙන් චරිතාපදානයක් ලෙස දිවෙන චිත්‍රපටියක් තමයි අද මම අරගෙන ආවේ. කාලෙකට පස්සෙ මම ලිපියක් ලියනවා වගේම මේ වගේ චිත්‍රපටියකුත් බයිස්කෝප් අඩවියේ යන්නෙ කාලෙකට පස්සෙ කිව්වොත් නිවැරදියි. ඒ වගේම සංගීතය A. R. Rahman ගේ.
කඳු නගින්නෙකු වූ Aron Ralston 2003 දී ඌටා කඳුකරයේදී තම අත මතට වැටෙන ගලක් නිසා ඔහුට සෙලවිය නොහැකි සේ දෙබොක්කාවක සිරවී දින පහක් ගත කිරීමට සිදුවෙනවා. එම හදිසි අනතුර අලලා ඔහු ලිවූ පොත අනුසාරයෙන් තමයි මේ චිත්‍රපටය නිපදවී තිබෙන්නේ. චිත්‍රපටයේ බොහෝ විට දකින්නට ලැබෙන්නෙ තමාගේම විඩියෝ කැමරාවට කතා කරන දර්ශණ හා තමාගේ අතීත මතකයින් තමයි. ඔහු තම දිවි රැක ගන්න කරන සමහර දේවල් නම් හැමෝටම අල්ලලා යන එකක් නැහැ.
ඒත් අනික් චිත්‍රපට එක්ක ගත්තහම අමුතුම වෙනස් හැඟීමක් මේ චිත්‍රපටයෙන් ඔබට ලැබේවි. ලේ දැකීමට අපහසු අයත් මේ චිත්‍රපටය නොබල ඉන්නවනම් හොඳයි කියලත් පොඩි අවවාදයක් දෙන්න ඕනා. මොකද සමහර ශෛල්‍යකර්ම වල දර්ශණ දකින්න අකමැති අයට මේ චිත්‍රපටය නොබල ඉන්න එක හොඳයි.