සුභ දවසක් හැමෝටම!!
අද ගෙනාවෙත් චිත්‍රපටි පෙළක දෙවනි නිර්මාණය. මේකෙ පළවෙනි චිත්‍රපටිය තමයි Along With The Gods : The Two Worlds (2017). ගිය අවුරුද්දෙ නිකුත් වුන ඒ චිත්‍රපටියෙ අවසානය තමයි ආරම්භය විදියට මේකෙන් නිරූපණය වෙන්නෙ. පළවෙනි එක ගැන කෙටියෙන් කිව්වොත්.. මරණෙන් පසු ලෝකය සැකසිලා තියෙන්නෙ මිනිස් ලෝකයේදි කළ පින්පව් වලට තීන්දු ලබලා දීලා අවශ්‍ය දඬුවම් හෝ පුනරුප්පත්තිය නියම කරන ක්‍රියාවලියකින්. විනිශ්චය ලබාදෙන්නෙ නඩුවාර 7ක් ඔස්සේ. මැරුණ හැම කෙනෙක්ම මරණින් පසු ලෝකයට යන අතරෙ තවත් මිනිස් කොට්ඨාසයකට විශේෂ තැනක් හිමි වෙනවා. ඒ පිරිස තමයි “උතුම් ආත්ම” කියන්නෙ. තමන්ට නියම වෙලා තියෙන ජීවිත කාලයට කලින් අනපේක්ෂිත හේතුවක් මත මියයන අයයි, තමන්ගෙ ජීවිතය ධාර්මිශ්ඨව ගෙවපු අයයි තමයි මේ කොට්ඨාසයට අයිති වෙන්නෙ. මෙහෙම මරණෙන් පස්සෙ ලෝකයට යන ආත්ම සඳහා ලබාදෙන නඩු ඇසීම වෙනුවෙන් ඔවුන්ට ආරක්ෂකයන් පත් කරලා තියෙනවා. මෙයාලගෙ කාර්ය වෙන්නෙ නඩු වලදි තමන්ගෙ ආත්මයට සිදුකරන චෝදනා වෙනුවෙන් පෙනී ඉන්න එක. මේ වගේ ආරක්ෂකයො තුන් දෙනෙක් තමයි ගන්ලිම්, හෙවොන්මක්, දොක් චුන් කියන්නෙ. මේ ආරක්ෂකයන්ට, එකදිගට උතුම් ආත්ම 49ක්ව, දවස් 49බැගින් සිදු කරන නඩුවාරයන්ගෙන් දිනවලා, පුනරුප්පත්තිය ලබලා දෙන්න පුළුවන් වුනොත් එයාලට කැමති තැනක කැමති විදියට නැවත ඉපදෙන්න අවස්ථාව ලැබෙනවා. එතකොට පළවෙනි චිත්‍රපටියෙ මෙයාලා ආරක්ෂා කරන කිම් ජා හොන්ග් කියන්නෙ මෙයාලා පෙනී සිටින 48වෙනි උතුම් ආත්මය. ඒකෙදි එයාව සාර්ථක විදියට පුනරුප්පත්තිය කරන්න එයාලට පුළුවන් වෙනවා.
අද ගෙනාපු ඒකෙ දෙවනි චිත්‍රපටියට පාදක වෙන්නෙ අන්තිම උතුම් ආත්මයට පුනරුප්පත්තිය ලබාදෙන විදිය. එතකොට මෙයාලගෙ අන්තිම, ඒ කියන්නෙ 49 වෙනි උතුම් ආත්මය විදියට, මරණෙන් පසු ලෝකයෙ රජතුමා තීරණය කරන්න කලින්, ගන්ලිම් කෙනෙක්ව තෝරගන්නවා. මේකට හෙවොන්මක් එච්චර කැමැත්තක් දක්වන්නෙ නෑ. ඒකට හේතු කිහිපයක්ම තියෙනවා.
මේක ගොඩක් හිත්ගන්නා සුළු නඩුවක් වෙන එක අහන්න දෙයක් නෙවෙයි. ඒ වගේම අපේ ආරක්ෂකයන්ගෙ අමතක වුන අතීතයත් මේ චිත්‍රපටියෙදි හෙළිදරව් වෙනවා. මෙහෙම ගියොත් සේරම කියලා දාන්න වෙන නිසා මං මෙතනින් කතා තේමාව අවසාන කරන්නම්. මේකෙ පිටුපස විස්තර ගැන කිව්වොත් වෙබ්ටූන් එකක් පදනම් කරගෙන තමයි චිත්‍රපටියක් බවට පත්වෙන්නෙ.
සජීවීකරණ රූපරාමු අතරින් ඉහළම තත්වෙ නිර්මාණයක්. දකුණු කොරියාව අැතුළත වාර්තාගත ආදායම ඩොලර් මිලියන 93ක්. Imdb අගය 7/10. පළවෙනි එක බලපු අය දන්නවා ඇතිනෙ මොන වගේ චිත්‍රපටියක්ද කියලා. තව කියන්න ඕනෙ මේක ඇවිත් ටික දවසක් වුනත් දෙන්න පරක්කු වුනා. විභාග නිසා තමයි. ඒ නිසා ප්‍රමාදෙට සමාව ඉල්ලන ගමන් වෙනදා වගේම අදත් චිත්‍රපටිය බලන්න ආරාධනා කරනවා.
ජය වේවා!!
ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ නවෝදනී තිළිණි සහෝදරියගේ ලිපිය
උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න
සුභ දවසක් හැමෝටම!!
අද අරන් ආවේ ලස්සන කොරියන් චිත්‍රපටියක්. නම තමයි My Heart Puppy. 2023 මාර්තු පළවෙනිදා තියටර් රිලීස් වෙච්ච මේ මූවී එක මිනිත්තු 113 ක් පුරාවට ගලාගෙන යනවා. Adventure, Comedy, Romance ගණයට අයිති වෙන මේ මූවි එකේ අධ්‍යක්ෂණයයි තිර රචනයයි දෙකම කරලා තියෙන්නේ Jason Kim විසින්.
වොන් බිලියන 3ක පිරිවැයකින් නිර්මාණය කරපු මේ චිත්‍රපටිය ඩොලර් මිලියන 1.3ක ආදායමක් ලබාගන්න සමත් වෙලා තියෙනවා. IMDB 7.5/10 ක අගයකුත් MyDramaList 8/10 ක අගයකුත් ලබාගන්න My Heart Puppy චිත්‍රපටිය සමත්වෙලා තියෙනවා.
CAST – රංගන දායකත්වය
Yoo Yeon Seok – මින් සු
Cha Tae Hyun – ජින් ගුක්
Summary – සාරාංශය
මින් සු වැඩ කරන්නේ ඔෆිස් එකක. එයාගේ හීනයක් තමා කසාද බැදලා ලස්සන පවුලක් වෙන එක. රුනී කියන්නේ මින් සුගේ බල්ලා. මින් සුගේ අම්මයි තාත්තයි දෙන්නම නැති වෙලා. ඉතින් පොඩි කාලේ ඉදන්ම මින් සුගේ පවුල වුනේ රුනී. දවසක් මින් සු එයාගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් වෙච්ච සොන්ග් ග්යොන්ග්ට ප්‍රපෝස් කරනවා. සොන්ග් ග්යොන්ග් එක කැමැත්තෙන් පිලිගන්නේ. ඉක්මනටම කසාද බදින හින්දා සොන්ග් ග්යොන්ග් මින් සුට කිව්ව නැති රහසක් කියනවා. ඒ තමා සොන්ග් ග්යොන්ග්ට බල්ලෝ ඇලජික් කියන එක. ඉතින් මේක දැනගත්තම මින් සුට කර කියාගන්න දෙයක් නැතිවෙනවා. මින් සු අන්තිමේ තීරණය කරනවා එයාගේ නෑදෑයෙක්ට රුනීව බලාගන්න දෙන්න. ඉතින් ඒ වැඩේට උදව් ගන්නේ ජින් ගුක් ගෙන්. ජින් ගුක් කියන්නේ මින් සුගේ මස්සිනා. මින් සු එයාගෙම අයියා වගේ තමා ජින් ගුක්ට සලකන්නේ. දැන් ඉතින් නෑදෑයෙක්ට රුනීව දෙන්න බලද්දි රුනීව බලාගන්න කෙනෙක් හම්බෙන්නෑ. ඉතින් මින් සු තීරණය කරනවා හොද මනුස්සයෙක් හම්බුනොත් එයාට රුනීව බලාගන්න දෙන්න. ඔහොම යන ගමනෙදි ජින් ගුක්ටයි මින් සුටයි තව බලු යාළුවෝ ටිකක් සෙට් වෙනවා. ඉතින් මේ ගමනෙන් රුනීව හදාගන්න කෙනෙක් හොයාගන්න පුළුවන් වෙයිද? ගමන අන්තිමේ මොකක් වෙයිද?
My Heart Puppy මේ අවුරුද්දේ ආපු Heart Touching ම මූවී එකක් කියලා කියන්න පුළුවන්. ඉතින් හැමෝටම මේ ලස්සන චිත්‍රපටිය නරඹන්න කියලා ආරාධනා කරනවා. කමෙන්ට් එකක් දාගෙන යන්නත් අමතක කරන්න එපා. එහෙනම් හැමෝටම සුභ දවසක්!
“පවුලක් කියන්නේ අන්තිම වෙනකම් එකටම ජීවත් වෙන එකටයි”
ජය වේවා!!
ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ නයන බුද්ධික සහෝදරයාගේ ලිපිය
උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න