හැමෝම ආසාවෙන් බැලුව නේද Pirates of the Caribbean වල පළමු චිත්රපටය?මේ කියන්න යන්නෙ ඒකෙ දෙවනි කොටස ගැනයි.. පළවෙනි එක වගේම රසවත් මේ ෆිල්ම් එකත්..හිනා යන කෑලි ටිකකුත් තියෙනව.. කතාවත් වෙනස් පළමු එකට වඩා..
මේ ෆිල්ම් එකේ චරිත ආයෙ මුල ඉදල හඳුන්වාදෙන්න ඕන නෑ නෙ?මෙන්න මෙහෙමයි කතාව ගලාගෙන යන්නෙ..පළමු ෆිල්ම් එකේදි මුහුදු කොල්ලකාරයෙක් වන කපිතාන් ජැක් ෂැරොව්ට පැන යාමට උදව් කළ චෝදනාව යටතේ විල් හා එලිසෙබෙත්ව අත්තඩංගුවට ගැනෙනව..ඔවුන් අත්තඩංගුවට ගන්න පිරිස විල්ට එක වැඩක් බාර දෙනව..එය හරි හැටි කළොත් ඔවුන්ගේ නිදහස ලබා දෙන බවත් පොරොන්දු වෙනව..මේ වැඩේ තමයි කපිතාන් ජැක් ෂැරොව් ගේ මාලිමාව ගෙනත් බාර දීම.. මේ ගිවිසුමට කැමති වෙන විල් මාලිමාව ගන්න කපිතාන් ජැක්ව හොයාගෙන යනව,නමුත් සුපුරුදු පරිදිම ජැක් තවත් පිස්සු වැඩකට අතගහල තියෙන්නෙ..විල් මේ සදහා තමන්ට සහාය දුන්නොත් ඔහුගේ මාලිමාව දෙන බව ජැක් පවසනව..මොකද්ද මේ වැඩේ කියල බලන්න ඕන නම් බාගන්න Pirates of the Caribbean: Dead Man’s Chest..
තවත් සිපිරිම මුහුදු ගමනකට අපිව කැදවාගෙන යන ෆිල්ම් එකක්..පළවෙනි ෆිල්ම් එක බලපු අය නම් කෙලින්ම මේක බලයි..ඒක බැලුවෙ නැති අය ඒක බලල මේකත් බලන්න කියල තමයි කියන්න තියෙන්නෙ..
මෙන්න මෙහෙමයි කතාවෙ මුල් ටික ගලාගෙන යන්නෙ..මීට බොහෝ කාලෙකට පෙර මුහුදු ගමනකදි එක්තරා කුඩා ගැහැණු ළමයෙක්ට දකින්න ලැබෙනව විනාශ වූ නැවකින් ඉතුරු වූ කුඩා පිරිමි ළමයෙක්..මේ ළමයාගෙ කරේ තියෙනව අමුතු මාලයක්,ඇහ මේක ගනවගන්නව..කාලය මෙහෙම ගත වෙලා දැන් අර දැන්රිය සුන්දර තරුණියක් වෙලා..මේ අතරතුර නගරයේ වරායට පැමිණෙන අදුරු පැහැති මුහුදු කොල්ලකරුවන්ගේ නැවක් මගින් මේ තරුණිය පැහැරගන්නව
මේ මොහොත වෙනකොට ඇයගේ කරේ ඉහත කී මාලය තියෙනව..මේ අයුරින් තමයි කතාව ගලාගෙන යන්නෙ..මින් ඉදිරියට වෙන දේවල් බලන්න ඕන නම් අනිවා බාගන්න වෙනව මේක ඔයාලට..විශාල වියදමකින් කරපු සුපිරිම නිර්මාණයක්..ජොනී ඩෙප් ප්රමුඛ ප්රසිද්ද නළු නිළියන්ගේ රංගනයෙන් හැඩවුන මේ චිත්රපටය ත්රාසජනක,අත්භූත ක්රියාදාම චිත්රපට බලන්න කැමති හැමෝම අනිවා බාගන්න..
උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න