John Gallagher Jr. Archives - SinhalaSub https://sinhalasub.lk/cast/john-gallagher-jr/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Sat, 09 Nov 2024 15:59:34 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://sinhalasub.lk/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png John Gallagher Jr. Archives - SinhalaSub https://sinhalasub.lk/cast/john-gallagher-jr/ 32 32 Which Brings Me to You (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/which-brings-me-to-you-2023-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/which-brings-me-to-you-2023-sinhala-subtitles/#comments Sat, 09 Nov 2024 15:59:13 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=81083 Which Brings Me to You Sinhala Sub Which Brings Me to You Sinhala Subtitles Which Brings Me to You (2023) Sinhala Sub Which Brings Me to You (2023) Sinhala Subtitles කතාවේ ප්‍රධාන චරිත දෙකයි. Screen Time එකෙනුත් සැලකිය යුතු වැඩිම ඉඩක් වෙන්වෙන්නේ මේ දෙන්නට. ඒ තමයි විල් සහ ජේන්. විල් ට ජේන් ව හම්බෙන්නේ විල්ගේ […]

The post Which Brings Me to You (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Which Brings Me to You Sinhala Sub
Which Brings Me to You Sinhala Subtitles
Which Brings Me to You (2023) Sinhala Sub
Which Brings Me to You (2023) Sinhala Subtitles

කතාවේ ප්‍රධාන චරිත දෙකයි. Screen Time එකෙනුත් සැලකිය යුතු වැඩිම ඉඩක් වෙන්වෙන්නේ මේ දෙන්නට. ඒ තමයි විල් සහ ජේන්. විල් ට ජේන් ව හම්බෙන්නේ විල්ගේ යාළුවෙක්ගේ වෙඩින් එකකදී. දෙන්නා කතාවට වැටෙනවා. ක්ෂණිකව මේ කතාව දුරදිග යනවා. ආය දෙන්නා ඈත්වෙනවා. මද විරාමෙකට පස්සේ දෙන්නා පටන් ගන්නවා එකිනෙකාගේ අතීත ජීවිත කතා ගැන කතාකරන්න. දෙන්නගේ කලින් තිබුණු ආදර සම්බන්ධතා ගැන, ඒවගෙන් ලබාගත්ත දුක සතුට වගේම අත්දැකීම් ගැන මෙයාලා කතාකරනවා. චිත්‍රපටයේ හරි ලස්සනට මේ කාලරාමු එකිනෙක සම්බන්ධ කරලා ප්‍රේක්ෂකයා ඉදිරියේ විචිත්‍රවත් විදිහට පෙන්නුම් කරනවා. අවසානයේ මේ දෙන්නට දෙන්නා මුණගැහෙනකොට දෙන්නටම ආදරේ ගැන එපා වීමක් වගේ හැඟීමක් තමයි තියෙන්නේ. කතාවේ ඉස්සරහට යනකොට මේ අය තම තමන්ගේ සම්පූර්ණ ජීවිත කතාවම එකිනෙකාට නොසඟවා ප්‍රකාශ කරලද එහෙමත් නැත්තම් සමහර සිදුවීම් හංගන්න උත්සාහ කරලද කියන එක අපිට බලාගන්න පුළුවන්. ඒ වගේ තත්වයක් යටතේ මේ පාවෙන ජීවිත දෙක නතර වෙන්නේ කොතැනද කියන එක කතාවේ අවසානයේදී නරඹන්නාගේ දෑස් ඉදිරියේ පිළිඹිබු කරලා තියෙනවා.

ඉතින් ආරාධනා කරනවා රසවිඳින්න මේ අපූරු සිනමාපටය.

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ  ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Which Brings Me to You (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/which-brings-me-to-you-2023-sinhala-subtitles/feed/ 2
Jonah Hex (2010) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/jonah-hex-2010-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/jonah-hex-2010-sinhala-subtitles/#respond Thu, 27 Jul 2023 21:18:16 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=47100 Jonah Hex Sinhala Sub Jonah Hex Sinhala Subtitles Jonah Hex (2010) Sinhala Sub Jonah Hex (2010) Sinhala Subtitles මේක මම පුද්ගලිකව කාලයක් තිස්සෙ බලාගෙන හිටපු එකක්. හේතු දෙකක් තියෙනවා මම මේ චිත්‍රපටියට ආස වෙන්න, එකක් මම සාමාන්‍යන් Western (cowboy) ගණයේ චිත්‍රපට බැලීමට තියෙන ආසාව සහ මෙහි ප්‍රධාන නිළියගේ චරිතය හොබවන්නෙ මම ආස කරන නිළියක් වන […]

The post Jonah Hex (2010) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Jonah Hex Sinhala Sub
Jonah Hex Sinhala Subtitles
Jonah Hex (2010) Sinhala Sub
Jonah Hex (2010) Sinhala Subtitles

මේක මම පුද්ගලිකව කාලයක් තිස්සෙ බලාගෙන හිටපු එකක්. හේතු දෙකක් තියෙනවා මම මේ චිත්‍රපටියට ආස වෙන්න, එකක් මම සාමාන්‍යන් Western (cowboy) ගණයේ චිත්‍රපට බැලීමට තියෙන ආසාව සහ මෙහි ප්‍රධාන නිළියගේ චරිතය හොබවන්නෙ මම ආස කරන නිළියක් වන Megan Fox විසින් වීම. මතකනේ Transformers, Jennifer’s Body වගේ අපි ලබාදුන්න චිත්‍රපටි වල සිටි සුරූපිනිය. ඒ වගේම මෙහි Jona Hex ගේ චරිතයට පණපොවන්නෙ, ඔස්කාර් සම්මාන පවා දිනා ගැනීමට සමත්වුනු “No Country for Old Men” වගේ චිත්‍රපට තුල රංගනයෙන් දායකවුනු Josh Brolin විසිනුයි.

කට්ටියට මතක ඇති Iron Man 2 චිත්‍රපටිය අපේ ගෝලයා විසින් දෙනකොට Marvel Comics ගැන පොඩි හැඳින්වීමක් කෙරුවා. Marvel Comics වල එන චරිත ගැන එහෙම. DC Comics කියන්නෙත් Marvel Comics වලට දෙවෙනි නොවෙන චරිත ඇතුලත් සමාගමක්. DC Comics ලගෙන් එන චරිත තමයි Batman, Superman, Wonder Woman, The Flash, Robin.

Jonah Hex කියන්නෙත් DC Comics වලට අයිති බොහොම ප්‍රසිද්ධ චරිතයක්. ඇත්තටම DC Comics ලට උවමනා කරලා තිබුනා Marvel Comics ලා නිපඳවනු ලැබූ Spider Man වගේ නිර්මාණ වලට දෙවෙනි නොවෙන විදියේ නිර්මාණයක් කරන්න. ඒ සඳහා ඔවුන් Warner Bros. Pictures, Legendary Pictures එක්ව මේ චිත්‍රපටය $47,000,000 වගේ විශාල මුදලක් යොදා නිර්මාණය කෙරුවා. නමුත් මටනම් ඔවුන්ගේ වෑයම 100% සාර්ථකයි කියන්න බෑ. මොකද ඔවුන් හිතපු තරම් ආදායමක් මෙම චිත්‍රපටිය තුලින් උපයා ගැනීමට නොහැකිවුන නිසා. චිත්‍රපටය ගැන හුඟක් විස්තර කියුවනේ.

කතාව ගැන කියනවනම්, චිත්‍රපටය පටන්ගන්නෙ Jonah Hex ගේ මුළු පවුලම Quentin Turnbull කියන පුද්ගලයා විසින් ඉතා කෲර ලෙස මරා දමන දර්ශනයකින්. ඔහු Jonah Hex වත් මරා දමා ගියත් Jonah Hex ට ජීවත්වීමෙ භාග්‍ය හිමි වෙනවා. ඒ වගේම Quentin Turnbull කියන පුද්ගලයාව මුළු මහත් ඇමරිකාවටම තර්ජනයක් වෙනවා. Quentin Turnbull ගේ ක්‍රියා නැවැත්වීමට ඇමරිකානු රජය විසින් Jonah Hex ගේ පිහිට පතනවා. ඔන්න ඕක තමයි මූලික කතාව. තව දෙයක්, Jonah Hex ට හැකියාවක් තියෙනවා, මියගිය මිනිසුන්ට පණ දීමට. කතාව මෙහෙම උනාට Jonah Hex විසින් මෙහෙයවන පරණ කාලෙ තුවක්කු ජවනිකා එහෙම ඉතා රසවත් හා ඇසිපිය නොහෙලා බලන්න පුලුවන් අයුරින් නිර්මාණය කරලා තියෙනවා.

ඔබ අනිවා බැලිය යුතු චිත්‍රපටියක් ලෙස මෙය හඳුන්වන්න පුලුවන්. නමුත් මම මේක සුපිරි චිත්‍රපටයක් කියලනම් කියන්නෙ නෑ. කට්ටිය බලලා චිත්‍රපටිය ගැන කමෙන්ට් කරන්නකො එහෙනම්.

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ සිරාජ් ප්‍රියන්ත සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Jonah Hex (2010) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/jonah-hex-2010-sinhala-subtitles/feed/ 0
Come Play (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/come-play-2020-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/come-play-2020-sinhala-subtitles/#respond Thu, 16 Feb 2023 19:00:37 +0000 https://sinhalasub.net/?post_type=movies&p=1123 ලැරීගේ කතාව මේ ඉන්නේ ලැරී ලැරීට කවදාවත් සෙල්ලම් කරන්න හම්බෙන්නේ නෑ එයා වෙනස් කෙනෙක් නිසා එයාට හැමෝම විහිළු කරනවා ඔහු උසයි, සුදුමැලියි, කෙට්ටුයි ඒ වගේම එයා එයාගේ මූණ හංගගෙන ඉන්නේ ඔහු ඔයාලා දන්න ලෝකෙන් ආපු කෙනෙක් නෙමෙයි ලැරී ඔයාගේ ජනේල් අතරින් ඔයා දිහා බලන් ඉන්නවා ලැරීට ඕන යාළුවෙක් විතරයි ඔයා ලැරීගේ යාළුවෙක් උනොත් එයා ඔයාව හැමදාම ආරක්ෂා කරනවා  ඔලිවර් කියන්නේ Non-verbal Autism එහෙමත් නැත්තම් “ඔටිසම්” කියන මොළය […]

The post Come Play (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>

ලැරීගේ කතාව

මේ ඉන්නේ ලැරී
ලැරීට කවදාවත් සෙල්ලම් කරන්න හම්බෙන්නේ නෑ
එයා වෙනස් කෙනෙක් නිසා එයාට හැමෝම විහිළු කරනවා
ඔහු උසයි, සුදුමැලියි, කෙට්ටුයි
ඒ වගේම එයා එයාගේ මූණ හංගගෙන ඉන්නේ
ඔහු ඔයාලා දන්න ලෝකෙන් ආපු කෙනෙක් නෙමෙයි
ලැරී ඔයාගේ ජනේල් අතරින් ඔයා දිහා බලන් ඉන්නවා
ලැරීට ඕන යාළුවෙක් විතරයි

ඔයා ලැරීගේ යාළුවෙක් උනොත් එයා ඔයාව හැමදාම ආරක්ෂා කරනවා

 ඔලිවර් කියන්නේ Non-verbal Autism එහෙමත් නැත්තම් “ඔටිසම්” කියන මොළය වර්ධනය අඩාල වෙන ආබාධායට ගොදුරු වෙලා  කතා කරන්න හැකියාව නැති උන ළමයෙක්. ඒ නිසා එයා පාසලේදිත් උසුළු විසුළු වලට ලක් වෙනවා වගේම එයාට කිසිම යාළුවෙකුත් නෑ. ඔලිවර්ගේ අම්මා මේ  ගැන ගොඩක් දුක් වෙනවා වගේම ඔලිවර්ට යාළුවෝ හොයලා දෙන්නත් ගොඩක් මහන්සි වෙනවා. එක දවසක් ඔලිවර්ගේ තාත්තට අයිතිකාරයෙක් නැති ටැබ් යන්ත්රොයක් හම්බෙලා එයා ඒක ඔලිවර්ට ගෙනත් දෙනවා. මේ අතර ඔලිවර්ට යාළුවෝ නැති නිසා එයාගේ අම්මා ඔලිවර්ගේ පන්තියේ ඉන්න යාළුවෝ කට්ටියකට ගෙදර එන්න කියලා රැයක් ගත කරන්න කියලා ආරාධනා කරනවා. මේ එක ළමයෙක් එදා රෑ ඔලිවර්ගේ ටැබ් එකේ තිබිලා “ලැරීගේ කතාව” කියලා චිත්‍ර කතාවක් කියවනවා. කතාව කියවලා ඉවර කරන්නත් කලින්ම අද්භූත දේවල් ගොඩක් සිද්ධ වෙනවා වගේම ඒ සිදූවීම් මෙයාලගේ ජීවීත ගොඩක් වෙනස් කරනවා. වැඩි විස්තර කියන්නේ නෑ හොල්මන් චිත්රපටවලට ආසට අනිවාර්යෙන්ම මේක බලන්න කියලා ආරාධනා කරනවා.

 ඔන්න එහෙනම් පොරොන්දු උනා වගේම ඉක්මනට 2020 ඔක්තෝම්බර් 30 නිකුත් උන අළුත්ම චිත්‍රපටයක් අරන් ආවා. මේ චිත්‍රපටයේ තිර රචනය සහ අධ්‍යක්ෂනය Jacob Chase අතින් සිදු වෙලා තියෙනවා. 5.8 ක හොඳ IMDb අගයකුත් මේ නිර්මාණයට ලැබිලා තියෙනවා. ඒ වගේම 84%ක ගූගල් පරිශීලක මනාප ලබාගැනීමටත් මෙය සමත් වෙලා තිබෙනවා. චිත්‍රපටිය Horror\Thriller යන කාණ්ඩ වලට තමයි වර්ගකරණය වෙලා තියෙන්නේ. Let Go (2011) , Magic Camp (2020) , Ibiza (2018) වැනි චිත්‍රපටවල රඟ පෑ සුරූපි නිළි Gillian Jacobs ඔලිවර්ගේ මව සාරා ලෙසත්, Undearwater (2020) , Peppermint (2018) වැනි චිත්‍රපටවල චරිත හෙබවු John Gallagher Jr. ඔලිවර්ගේ පියා මාර්ටි ලෙසත්, ළමා නළු Azhy Robertson ඔලිවර් ලෙසත් චරිත නිරූපනය කරනවා. ඒ වගේම හැමදාම අපිට කොමෙන්ට් කරන අපේ රසිකයන්ටත් විශේෂයෙන්ම ස්තූතී කරනවා. මට මේ මේ ෆිලුම වෙන් කරලා දුන්න අපේ ඇඩ්මින්වරයෙක් වෙන සමන් ප්‍රසාද් සහෝටත් ගොඩක් ස්තූතිවන්ත වෙනවා. තෙරුවන් සරණයි !

          සීමා මායිම් නැති එකම බැඳීම යාළුකමයි. . . .

The post Come Play (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/come-play-2020-sinhala-subtitles/feed/ 0