චොන් යොන්ග් එයා පොරොන්දු වුන විදියටම විභාගය ඉහළින්ම සමත් වුනාට වහල්භාවයෙන් නිදහස් කරන්න වුන පොරොන්දුව ජොන්ග් ර්යෝගේ පියාණන් ඉටු කරන්නේ නැහැ. මෙන්න මේක හින්දා චොන් යොන්ග් එහෙන් පැනලා යනවා. පැනලා යන හැම වෙලේම වහල් දඩයක්කාරයෝ චොන් යොන්ග්ව අල්ලගෙන එනවා. මෙන්න මේ හින්දා චොන් යොන්ග් ජොන්ග් ර්යෝ එක්කත් කේන්තියෙන් ඉන්නේ. ඔහොම ඉද්දි එක දවසක් ජොන්ග් ර්යෝ ගෙදර නැති වෙලාවේ වහල්ලු එකතු වෙලා ගෙදරට ගිනි තියලා සේරමව මරලා දානවා. මේ අතරේ ජපන්නු ජොසොනය ආක්‍රමණය කරන්න ඇවිත් නිසා යුද්ධයකුත් පටන් ගන්නවා. ඔය අතරේ රජතුමාවත් කැදවගෙන අගනුවරින් පැනලා යන ගමන් ඉන්න ජොන්ග් ර්යෝට එයාගේ පවුල ගිනි තියලා මරලා දැම්මා කියලා ආරංචි වෙනවා. ඒකට සැක කරන්නේ චොන් යොන්ග්ව. ඉතින් හොදම යාළුවෝ විදියට ඉදපු මේ දෙන්නා දැන් පරම සතුරෝ වෙනවා. ඉතින් ජොන්ග් ර්යෝ චොන් යොන්ග්ගෙන් පළිගනීවිද? චොන් යොන්ග් වහල්භාවයෙන් නිදහස් වෙයිද? යුද්ධයෙන් ජොසොනයට මොකක් වෙයිද? අන්තිමේදි මේ දෙන්නගේ මිත්‍රත්වයට මොකක් වෙයිද? මේ ප්‍රශ්නවලට උත්තර දැනගන්න නම් අනිවාරෙන් මේ චිත්‍රපටිය නරඹන්න කියලා ආරාධනා කරනවා. අමතක කරන්නැතුව කමෙන්ට් එකකුත් දාගෙන යන්න. එහෙනම් අදට මන් ගියා. හැමෝටම සුභ දවසක්!
ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ ලිපිය
උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න
ලෝ කි වාන් කියන්නෙ උතුරු කොරියානු ජාතිකයෙක්.. එයා සරණාගතයෙක් විදිහට බෙල්ජියමට යනවා. ඉතින් එයා එහෙ එයාගෙ අයිතිවාසිකම් වෙනුවෙන් ලොකු සටනක් කරනවා. එයාට ගොඩාක් කරදර බාධක එනවා. ඔය අතරවාරයෙදි තමා මෙයාට මාරිව හම්බවෙන්නෙ.. මාරි ඉලක්කයට වෙඩි තියන තරඟකාරියක්. මම ගොඩාක් කෙටියෙන් කතාව කිව්වේ.. කාලෙකින් කොරියන් ෆිල්ම් එකක් මේ විදිහට ලස්සනට ඉවර වෙනවා දැක්කෙ..
එහෙනම් ඔයාලම ෆිල්ම් එක රස විඳීනකෝ.
ජය වේවා!!
ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ උචිනි පෙරේරා සහෝදරයගෙ ලිපිය
උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
]]>සුභ දවසක් හැමෝටම!!
මේ අවුරුද්දේ තවත් බලාගෙනම හිටපු ෆිල්ම් එකක් Netflix ලගෙන් අද Release වුනා ! Believer කියන්නෙ 2018 අවුරුද්දේ තිරගත වුන Crime – Action කැටගරි එකෙන් ආපු සුපිරිම ෆිල්ම් එකක්. කීයටවත් හිතුවෙ නෑ හැබැයි මේකෙ දෙවනි ෆිල්ම් එකක් රිලීස් වෙයි කියලා. මොකද Believer කියන්නෙ Remake එකක්.2012 අවුරුද්දේ Drug War නමින් නිකුත් වුන ජනප්‍රිය Hong Kong චිත්‍රපටයේ Remake එකක් විදිහට තමයි Believer රිලීස් වෙන්නෙ. Remake එකක් වුන Believer ෆිල්ම් එක එයලා අලුත් දේවල් එකතු කරලා අර ෆිල්ම් එකම කොපි නොකර වෙනස්ම විදිහට කරලා තිබ්බා. කොහොම වුනත් Drug War එකටවත් දෙවනි ෆිල්ම් එකක් රිලීස් වුනේ නෑ.
ඉතින් Believer II චිත්‍රපටය නිර්මාණය වෙන්නෙ Original Script එකකට. විශේෂම දේ තමයි මේ Believer II චිත්‍රපටය Sequel එකක්වත් , Prequel එකක්වත් නෙමේ. මේක Midquel එකක්. ඒ කියන්නෙ මේකෙ කතාව යන්නෙ Believer පළවෙනි ෆිල්ම් එකේ Timeframe එකේම සිද්ධවෙන සිදුවීමක්. පහළ ෆොටෝ එක බැලුවොත් ඔයාට ඒක තේරුම් ගන්න පුළුවන් වෙයි.
කොරියානු සිනමා ඉතිහාසයේ පළවෙනි වතාවට තමයි මේ Midquel Concept එකට චිත්‍රපටයක් නිර්මාණය වෙන්නෙ. ඉතින් ඒ කියන්නෙ ඔයා අනිවාර්යයෙන් පළවෙනි ෆිල්ම් එක බලන්නම ඕන මේක බලන්න කලින්. Han Hyo Joo , Cho Jin Woong, Cha Seung Won , Kim Dong Young , Oh Seung Hoon වගේ සුපිරිම කාස්ට් එකක් පළවෙනි එකේ වගේම Believer II ෆිල්ම් එකෙත් ඉන්නව. ඒ වගේම Han Hyo Joo ව මේ ෆිල්ම් එකේ අපිට වෙනස්ම Villain Role එකකින් බලාගන්න පුළුවන්. Crime – Action චිත්‍රපට රසිකයෙක් නම් ඉතින් Believer කියන්නෙ ඔයා මග නොහැර බලන්නම ඕන ෆිල්ම් එකක්.
එහෙනම් ඔයාලා හැමෝටම සිංහලසබ්නෙට් අපි ආදරයෙන් ආරාධනා කරනවා මේ චිත්‍රපටිය නරඹන්න… බුදු සරණයි…
ජය වේවා!!
ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ උචිනි පෙරේරා සහෝදරයගෙ ලිපිය
උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න
සුභ දවසක් හැමෝටම!!
법대로 사랑하라
THE LAW CAFE
2022 වසරේ නිකුත් උන කොරියානු කතාමාලාවක් තමයි අද මේ ගෙනත් දෙන්න හදන්නේ ඔයාලට…
මෙහි ප්‍රධාන චරිත ලෙස Lee Seung-Gi හා Lee Se-Young රංඟනයෙන් දායක වෙනවා…
LEE SEUNG-Gi
LEE SE-YOUNG
කතාව පැත්තට හැරුනොත් Lee Seung-Gi නිතිඥවරයෙක් විදියට තමයි වැඩ කරන්නේ. එත් එයාගේ පියාට එල්ලවුන දුෂණ වංචා නිසා මෙයාට රැකියාව අහිමි වෙනවා. එදා ඉදන් රැකියා විරහිතව තමයි ඔහු ඉන්නේ.. මොහුට අයිති ගොඩනැගිල්ලක් කුලියට දිලා තමයි ඉතින් මොහු ජිවත් වෙන්නේ.. Lee Se-Young කියන්නේ මොහුගේ පාසල් කාලයේ මිතුරියක්. කොහොම හරි ඇයති නිති ආයතනයක නිතිඥවරියක් විදියට තමයි සේවය කරන්නේ නමුත් ඇය ඒ රැකියාවෙන් අයින් වෙලා Lee Seung අයිති බිල්ඩිමේ කඩයක් අරන් කැෆේ එකක් විවෘත කරනවා. මේක නිකම්ම කැෆේ එකක් නෙමෙයි මේකේ තේ කොපි එක්ක මොකක් හරි නිති උපදෙසක් ඕනි නම් ඒකටත් උපදෙස් සපයනවා.
ඉතින් මේ කැෆේ එකට ගොඩවදින්න කියලා ඔයාලාටත් ආදරයෙන් ආරාධනා කරනවා????…
ජය වේවා!!
ලිපිය උපුටා ගැනීම :- Zoom.lk හි පලවූ ගිහාන් උදාර සහෝදරයගෙ ලිපිය
උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න
සුභ දවසක් හැමෝටම!!
අද ගෙනාවෙත් චිත්‍රපටි පෙළක දෙවනි නිර්මාණය. මේකෙ පළවෙනි චිත්‍රපටිය තමයි Along With The Gods : The Two Worlds (2017). ගිය අවුරුද්දෙ නිකුත් වුන ඒ චිත්‍රපටියෙ අවසානය තමයි ආරම්භය විදියට මේකෙන් නිරූපණය වෙන්නෙ. පළවෙනි එක ගැන කෙටියෙන් කිව්වොත්.. මරණෙන් පසු ලෝකය සැකසිලා තියෙන්නෙ මිනිස් ලෝකයේදි කළ පින්පව් වලට තීන්දු ලබලා දීලා අවශ්‍ය දඬුවම් හෝ පුනරුප්පත්තිය නියම කරන ක්‍රියාවලියකින්. විනිශ්චය ලබාදෙන්නෙ නඩුවාර 7ක් ඔස්සේ. මැරුණ හැම කෙනෙක්ම මරණින් පසු ලෝකයට යන අතරෙ තවත් මිනිස් කොට්ඨාසයකට විශේෂ තැනක් හිමි වෙනවා. ඒ පිරිස තමයි “උතුම් ආත්ම” කියන්නෙ. තමන්ට නියම වෙලා තියෙන ජීවිත කාලයට කලින් අනපේක්ෂිත හේතුවක් මත මියයන අයයි, තමන්ගෙ ජීවිතය ධාර්මිශ්ඨව ගෙවපු අයයි තමයි මේ කොට්ඨාසයට අයිති වෙන්නෙ. මෙහෙම මරණෙන් පස්සෙ ලෝකයට යන ආත්ම සඳහා ලබාදෙන නඩු ඇසීම වෙනුවෙන් ඔවුන්ට ආරක්ෂකයන් පත් කරලා තියෙනවා. මෙයාලගෙ කාර්ය වෙන්නෙ නඩු වලදි තමන්ගෙ ආත්මයට සිදුකරන චෝදනා වෙනුවෙන් පෙනී ඉන්න එක. මේ වගේ ආරක්ෂකයො තුන් දෙනෙක් තමයි ගන්ලිම්, හෙවොන්මක්, දොක් චුන් කියන්නෙ. මේ ආරක්ෂකයන්ට, එකදිගට උතුම් ආත්ම 49ක්ව, දවස් 49බැගින් සිදු කරන නඩුවාරයන්ගෙන් දිනවලා, පුනරුප්පත්තිය ලබලා දෙන්න පුළුවන් වුනොත් එයාලට කැමති තැනක කැමති විදියට නැවත ඉපදෙන්න අවස්ථාව ලැබෙනවා. එතකොට පළවෙනි චිත්‍රපටියෙ මෙයාලා ආරක්ෂා කරන කිම් ජා හොන්ග් කියන්නෙ මෙයාලා පෙනී සිටින 48වෙනි උතුම් ආත්මය. ඒකෙදි එයාව සාර්ථක විදියට පුනරුප්පත්තිය කරන්න එයාලට පුළුවන් වෙනවා.
අද ගෙනාපු ඒකෙ දෙවනි චිත්‍රපටියට පාදක වෙන්නෙ අන්තිම උතුම් ආත්මයට පුනරුප්පත්තිය ලබාදෙන විදිය. එතකොට මෙයාලගෙ අන්තිම, ඒ කියන්නෙ 49 වෙනි උතුම් ආත්මය විදියට, මරණෙන් පසු ලෝකයෙ රජතුමා තීරණය කරන්න කලින්, ගන්ලිම් කෙනෙක්ව තෝරගන්නවා. මේකට හෙවොන්මක් එච්චර කැමැත්තක් දක්වන්නෙ නෑ. ඒකට හේතු කිහිපයක්ම තියෙනවා.
මේක ගොඩක් හිත්ගන්නා සුළු නඩුවක් වෙන එක අහන්න දෙයක් නෙවෙයි. ඒ වගේම අපේ ආරක්ෂකයන්ගෙ අමතක වුන අතීතයත් මේ චිත්‍රපටියෙදි හෙළිදරව් වෙනවා. මෙහෙම ගියොත් සේරම කියලා දාන්න වෙන නිසා මං මෙතනින් කතා තේමාව අවසාන කරන්නම්. මේකෙ පිටුපස විස්තර ගැන කිව්වොත් වෙබ්ටූන් එකක් පදනම් කරගෙන තමයි චිත්‍රපටියක් බවට පත්වෙන්නෙ.
සජීවීකරණ රූපරාමු අතරින් ඉහළම තත්වෙ නිර්මාණයක්. දකුණු කොරියාව අැතුළත වාර්තාගත ආදායම ඩොලර් මිලියන 93ක්. Imdb අගය 7/10. පළවෙනි එක බලපු අය දන්නවා ඇතිනෙ මොන වගේ චිත්‍රපටියක්ද කියලා. තව කියන්න ඕනෙ මේක ඇවිත් ටික දවසක් වුනත් දෙන්න පරක්කු වුනා. විභාග නිසා තමයි. ඒ නිසා ප්‍රමාදෙට සමාව ඉල්ලන ගමන් වෙනදා වගේම අදත් චිත්‍රපටිය බලන්න ආරාධනා කරනවා.
ජය වේවා!!
ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ නවෝදනී තිළිණි සහෝදරියගේ ලිපිය