සුබ දවසක් හැමෝටම!
23 (Iravai Moodu) කියන්නේ තෙලුගු භාෂාවෙන් නිර්මාණය කරන ලද hard-hitting social drama චිත්‍රපටයක්. මේ චිත්‍රපටය ලියලා අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Raj Rachakonda විසින්.. Teja, Tanmai, Jhansi, Pawon Ramesh වැනි තෙළිගු රංගන ශිල්පින් ශිල්පිනියන් මෙහි රංගනයෙන් දායක වෙනවා..
ඉතින්, මේ චිත්‍රපටය 2025 මැයි 16 සිනමාහල් වලට නිකුත් වුනා..
දැන් අපි යමු ෆිල්ම් එකේ කතාව දිහාට..
ඉතින් මේ චිත්‍රපටය සැබෑ ජීවිතයේ ඛේදජනක සිදුවීම් තුනක් පදනම් කරගෙන නිර්මාණය කරලා තියෙනවා. 1991 Tsunduru සමූල ඝාතනය, 1993 Chilakaluripeta බස් රථය පිළිස්සීමේ සිදුවීම, සහ 1997 හයිද්‍රාබාද් කාර් බෝම්බ පිපිරීම යන සිදුවීම් තුන එකට ගැටගහලා තියෙනවා..
මුදල් ප්‍රශ්න නිසා ජිවිතේ පලවෙනි වතාවට මංකොල්ලයක් කන්න සැරසෙන තරුණයෝ දෙන්නෙක්.. බස් රථයක් තමයි මංකොල්ල කන්න යන්නෙ.. නොදැනුවත් කමට සිද්ද වෙන සිද්දියක් නිසා මුළු බස් රථයම මේ දෙන්න අතින් ගිණි බත් වෙනවා.. ඒකත් මිනිස්සු 23 දෙනෙක් එක්කම.. අවාසනාවට මේ දෙන්නා ඒකෙන් බේරෙනවා.. ඊටපස්සේ තමයි මේ දෙන්නගේ ජිවිතේ හැමදෙයක්ම මෙයාලට නැති වෙලා මරණ දඩුවම පවා හම්බවෙන්නේ..
මේවගේ අපරාධ වලින් බලය, මුදල්, උසස් කුල තියෙන මිනිස්සු බේරෙන විදිහත්, අහිංසක මිනිස්සු හිර ගෙවල් වල දුක් විදින විදිහත් දරුණුවටම පෙන්නලා තියෙනවා..
ඇත්තම කිව්වොත් අන්තිම ටිකට නම් ගොඩක් දුක හිතෙනවා බොක්කටම වදින ෆිල්ම් එකක්..
ඉතින්, සමාජීය කරුණු සහ සැබෑ සිදුවීම් පදනම් කරගත් hard-hitting drama චිත්‍රපටවලට ආස කරන අයට අනිවාර්යයෙන්ම බලන්න කියලා ආරාධනා කරනවා..
ගිහින් එන්නම් හැමෝටම ජය
ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ ලිපිය
උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න
Aadavaallu Meeku Johaarlu (2022) Sinhala Subtitles
Chiranjeevi is a bachelor seeking his perfect match. His family rejects a lot of alliances and search for a bride continues, until Aadhya enters the scene. However, Aadhya’s mother resists her daughter’s marriage to Chiru because it goes against what she believes as marriage to be – male dominance over females.
]]>2022 ජනවාරි 14 වන දින නිකුත් වුන මේ චිත්‍රපටිය ක්‍රියාදාම හා රොමැන්ස් ඝනයට අයත් චිත්‍රපටයක් වේ. මෙහි ප්‍රධාන චරිත නිරූපනය කරන්නෙ Nagarjuna Akkineni සහ Keerthy sheetty සමඟින් Naga chaitanya සහ Ramya krishna විසිනි… මෙම චිත්‍රපටය 2016 දී නිකුත් වුන Soggade chinni nayana චිත්‍රපටයේ දෙවැනි කොටස ලෙසයි නම් කරලා තියෙන්නේ.. ඉතින් කලින් චිත්‍රපටිය සුම් එකේ දිලා තියනවා වගේම ඒක නරඔලා හිටියොත් කතාව තේරුම් ගන්නත් පොඩ්ඩක් ලේසි වේවි…
චිත්‍රපටයේ කතාව දෙසට හැරුනොත් බංගා රාජුගේ ඉපදීමත් එක්කම කතාව පටන් ගන්නවා නමුත් බංගා රාජුට නම් එක හොඳ වුනේ නෑ මොකද ඔහුගේ මව ඔහු ඉපදෙනකොටම මිය යනවා නමුත් රාමූ ( බංගා රාජුගේ පියා) ට වැඩ වලට ඇමරිකාට යන්න සිද්ධ වෙනවා ඒ නිසා සත්‍යම්මා ( බංගා රාජුගේ ආච්චි) ඔහුව අම්මා කෙනෙක් වගේ හදාවඩා ගන්නවා .. සත්‍යම්මා බංගා රාජුට නම තියන්නෙත් බංගා රාජුගේ සියාගේ නමම තමයි (බංගා රාජූ)..
රාමූගේ ඥාතී සහෝදරයෙක් වන රමේෂ් ගේ දුව නාගලක්ෂ්මි එක්ක පොඩි කාලේදිම බංගා රාජුගේ විවාහය තීන්දු කරනවා.. ඒත් පොඩි කාලේ ඉදන්ම එයාලා දෙන්නා එකිනෙකාට කැමති නෑ .. බංගා රාජු ටිකක් ලොකු වෙනකොට සත්‍යාම්මා ත් නැති වෙනවා . ඊට බංගා රාජු ගොඩක් ලොකු දුකකින් ඉන්නෙ පස්සෙ ඔහුගේ දෙපල වෙනුවෙන් බංගා රාජුගේ මාමලා එයාව බලාගන්නවා බංගා රාජු ලොකු වෙනවත් එක්කම බංගා රාජු නාගලක්ෂ්මි එක්ක හැම වෙලේම පැටලෙනවා .. බංගා රාජු ගමේ හැම කෙල්ලටම කැමති වුනත් නාගලක්ෂ්මි ට කැමති වෙන්නෙ නැහැ.. ඒ නිසාම බංගා රාජුගේ සියා වයසක බංගා රාජුත් දිව්‍යලොකේ ඉඳන් පොළවට එනවා එයාලව එකතු කරන්න.. ඒ වගේම බංගා රාජුට ප්‍රශ්න ගොඩක් ඇති වෙනවා බංගා රාජු නාගලක්ෂ්මිට කැමති වෙයිද? එයාට එන ප්‍රශ්න මොනවද කියලා බලන්න ෆිල්ම් එක බලන්න වෙනවා
ලිපිය උපුටා ගැනීම :- Zoom.lk හි පලවූ තාරක ලහිරු සහෝදරයගෙ ලිපිය
උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න
කතාව පැත්තට ගියොත් ඔයාලට සරලව අදහස ගන්න මම මෙහෙම කියන්නම්, කසාදෙ කියන්නෙ වදයක්, බූට් එකක් කාල ඉන්න කෙනෙක්ට නම් කොහොමත් ඒක මල වදයක්. පවුලෙන් එන බලපෑම් නිසාම කසාද බඳින්න වෙනව ගොඩක් අයට. මේකෙදි වෙන්නෙ එහෙම සිද්දියක්. ඒත් තමන් අකමැති දෙයක් කරන්න පවුලෙන් බල කරනකොට අම්ම තාත්ත උනත් එපා වෙනව නේද. ඒත් තමන්ව ආදරෙන් රැකබලාගන්න පවුලක් ලැබෙන්නෙ කීයෙන් කීදෙනාටද. කතාවක් තියනවනෙ නැති කෙනාට කියල ඒකෙ අගේ තේරෙන්නෙ. තමන්ගෙ පවුලෙ අයගෙ හැඟීම් එක්ක සෙල්ලම් කරන එක තරම් නරක දෙයක් තවත් නම් නැතුව ඇති. එයාල ඔයාව විශ්වාස කරන්නෙ තමන්ගෙ කම නිසා, ඉතින් තමන්ගෙ කමට ද්‍රෝහි වෙන මහ කැත වැඩක්. අම්ම තාත්ත කියන්නෙ අත්දැකීම් තියන අය. අධ්‍යාපන මට්ටමෙන් අම්ම තාත්තගෙ දැනුම මනින්න බැ. අම්මල තාත්තල අපිට දෙයක් කියනවනම් ඒ කියන්නෙ අපේ හොඳට මිසක් එයාලට අරගෙන යන්න නෙවෙයි. තමන්ගෙ පවුලෙ අයට බොරුවක් වංචාවක් කරන්න කලින් දෙපාරක් හිතන්න.
ඉතින් මේ විදිහට ලොකු ලොකු ආදර්ශ දෙන පවුලත් එක්ක සම්බන්ධ ආතල් එකෙ පැය දෙකහමාරක් පුරා ධාවනය වන සලරුවක් තමයි මේක.. මේක කොමඩි ටයිප් නිසා හිනා වෙවී බලන්න පුලුවන්. ඒත් හිතට වදින තැන් වගේම ලොකු දෙයක් මේකෙන් දෙනව..