ආයුබෝවන් හැමෝටම…
තවත් ලස්සන චිත්‍රපටයකට උපසිරැසි අරගෙන මම ආවා ඔයාලව හම්බවෙන්න…
ඉතිං කතාවෙ නම තමා Emancipation… Apple original films වලින් නිකුත් කරපු චිත්‍රපටය 2022 දෙසැම්බර් 3 වනදා සිනමාශාලා වල ප්‍රදර්ශනයට නිකුත් කිරීමෙන් අනතුරුව…ඩිජිටල් පිටපත් දෙසැම්බර් 09 දා නිකුත් කරනු ලැබූවා…
ප්‍රධාන රංගනයෙන් අපි කවුරුත් දන්න වීල් සුමිත් අයියා….ආ සමාවෙන්න විල් ස්මිත් නේද
..අන්න එයා සහභාගි වෙනවා…Action/Thriller ගණයට නම් කරල තියන මෙය පැය 2 විනාඩි 12 සම්පූර්ණ ධාවන කාලයක් ලබාගෙන තියනව…
ඉතිං කතාවට ගියොත්….
19 වන ශතවර්ෂය අග භාගයේ..ඒ කියන්නෙ 1850 පස්සෙ ඇමරිකාවේ කළු ජාතිකයන් යොදාගෙන බොහෝ වශයෙන් යොදාගත් වහල් සේවය බොහෝ ලෙස පැතිරිලා අවසන් වෙලයි තිබ්බෙ…කළු සුදු බේදය ලොකුවටම තිබුණ කාලයක් ඒක…සුදු උත්‍තමයන් හමුවේ ඉතාම කුරිරු ලෙසයි මොවුන් වහල් සේවයේ යෙදිලා හිටියේ…බල්ලොන්ටත් වඩා පහත් තත්ත්වයක් තමා ඔවුනට ලැබුණේ.
ඉතිං මේ පැලැන්තියටම අහුවුන මනුස්සයෙක් තමා මේ පීටර් කියන්නෙ දෙවියන් කෙරෙහි බොහෝ භක්තිය තියන පීටර් තමාගේ දරු පවුල සමග ආදරයෙන් ජිවත් වෙනවා…ඒත් ඒ ආදරේ තුළ සතුටට ඔවුනට ඉඩ ලැබුණේ නෑ,පීටර්ව ඔහුගේ වහල් අයිතිකාරයා වෙන කැප්ටන් ලයන්ස් වහලෙක් විදිහටම ක්ලින්ටන් පළාතට විකුණලා දානවා…ඒ රේල් පාරවල් හදන තැනකටයි…එතනදීත් එයාට කුරිරුකම්..තමන්ගෙ සහෘදයින් ට වෙන ප්‍රචණ්ඩකාරී ක්‍රියා තමාටත් ඇතුළුවම අත් දකින්න වෙනවා…
මේ අතරෙ පීටර් ට අහම්බෙන් අහන්න ලැබෙනවා…ආදර්ශමත් නායකයෙක් කියල අදටත් අපි සලකන එවකට ඇමරිකානු ජනාධිපති ඒබ්‍රහම් ලින්කන් ඒ වෙනකොටත් වහලුන්ව නිදහස් කරලා කියල,ඒත් මේ පළාතෙ වහල් සේවකයෝ ඒක වහලුන්ට හංගලා දිගටම වැඩ ගන්නවා,මේ උගුලෙන් බේරෙන්න ඕන කියල හිතන පීටර් ලින්කන් ගෙ හමුදාව හොයාගෙන තවත් සගයන් තුන්දෙනෙක් එක්ක ක්ලින්ටන් වලින් පැනගන්නවා…එතනින් තමා ත්‍රාසය පිරුණු අත්දැකීම් වලට පීටර් ට මූණදෙන්න සිද්ධ වෙන්නෙ…
දැනටමත් කිව්වා වැඩියි වගේ…ඔයාලටම කතාව බලල රසවිදින්න කියල මම ආරාධනා කරනවා…
එහෙනම් තවත් උපසිරැසියකින් හම්බවෙනකම්…
සියලු දෙනාටම ජය!
]]>Your killing me කියන්නෙ 2023 අප්‍රේල් 23 වෙනිදා රිලීස් උන Thriller genre එකට අයත් වෙන Film එකක්. Beth Hanna සහ Jerren Lauder යන දෙදෙනාගේ අධ්‍යක්ෂනයක් වන මෙහි McKaley Miller, Brice Anthony Heller, Will Deusner, Morgana Van Beebles යන නළු නිළියන් තම රංගන දායකත්වය ලබා දි තිබෙනවා. ඒ වගේම IMDB අගය 5.0කුත් rotten tomatoes හි 83% ratings ලබා ගන්නත් මේ චිත්‍රපටය සමත් වි තිබෙනවා
ඊඩ්න් සහ සාරා කියන්නේ පෙන්බෘෘක් පාසලට යන්න පොඩි කාලේ ඉඳන්ම හීන මවපු දෙන්නෙක්. ආසව තිබුණත් සල්ලි නැති කම නිසා මෙයාලගේ හීනෙ හැබෑ කරගන්න බැරි වෙනවා. ඒත් මෙයාලගේ පාසලේ ඉන්නවා පෙන්බෘෘක් පාසල් කමිටුවේ සාමාජිකයෙක් උන ජොඑල්ගෙ පුතා ශ්‍රෝඩර්.. එයාගෙ මාර්ගෙන් ජොඑල්ට කතා කරලා ශිෂ්‍යත්වයක් ගන්න හිතාගෙන මේ දෙන්නා ශ්‍රෝඩර්ගෙ ගෙදර පාටි එකකට යනවා.
ෆිල්ම් එක ස්පොයිල් වෙන හින්දා මීට වඩා මුකුත් කියන්නේ නැ. මේකෙ Thriller පාට් එක බලන්න නම් ඔයාලට Film එක අරගෙන බලන්නම වෙනවා
ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ තරිඳු මධුෂාන් සහෝදරයාගේ ලිපිය
උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න