Jaymes Butler Archives - SinhalaSub https://sinhalasub.lk/cast/jaymes-butler/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Thu, 05 Jun 2025 04:27:10 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.2 https://sinhalasub.lk/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Jaymes Butler Archives - SinhalaSub https://sinhalasub.lk/cast/jaymes-butler/ 32 32 Barbarian (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/barbarian-2022-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/barbarian-2022-sinhala-subtitles/#comments Thu, 05 Jun 2025 04:04:37 +0000 https://sinhalasub.net/?post_type=movies&p=31474 Barbarian Sinhala Sub Barbarian Sinhala Subtitles Barbarian (2022) Sinhala Sub Barbarian (2022) Sinhala Subtitles බලමුද සුපිරි හොරර් ෆිල්ම් එකක්? පටන් ගත්ත වෙලේ ඉදන් ඉවර වෙනකල්ම ඇස් අහකට ගන්න හිතෙන්නෙ නැති. පටන් ගත්තු වෙලේ ඉඳන් කුතුහලය උපරිමයි, කුතුහලය එන්න එන්න වැඩි වෙනවා මිසක් අඩුවෙන්නෙ නම් නෑ. ඕනෙ නම් ගිහින් ට්‍රේලර් එක බලලා එන්න. ඒත් ට්‍රේලර් එක […]

The post Barbarian (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Barbarian Sinhala Sub
Barbarian Sinhala Subtitles
Barbarian (2022) Sinhala Sub
Barbarian (2022) Sinhala Subtitles

බලමුද සුපිරි හොරර් ෆිල්ම් එකක්? පටන් ගත්ත වෙලේ ඉදන් ඉවර වෙනකල්ම ඇස් අහකට ගන්න හිතෙන්නෙ නැති. පටන් ගත්තු වෙලේ ඉඳන් කුතුහලය උපරිමයි, කුතුහලය එන්න එන්න වැඩි වෙනවා මිසක් අඩුවෙන්නෙ නම් නෑ. ඕනෙ නම් ගිහින් ට්‍රේලර් එක බලලා එන්න. ඒත් ට්‍රේලර් එක බලපු අයනම් නොයිවසිල්ලෙන් ඉන්න ඇත්තෙ ෆිල්ම් එක නිකුත් වෙනකල්. ඒ වගේම මේ ෆිල්ම් එකට නිෂ්පාදනයෙන් දායක වෙනවා It (2017) / The Ring (2005) / The Boy (2016) / The Grudge (2004) / Shutter (2008) වැනි ජනප්‍රිය චිත්‍රපට නිෂ්පාදනය කරපු Roy Lee සහ J.D. Lifshitz, Raphael Margules, Arnon Milchan වැනි ජනප්‍රිය නිෂ්පාදකවරුන්. මේ ෆිල්ම් එක අධ්‍යක්ෂනය කරන්නේ Zach Cregger විසින්. තවද මෙය ඩොලර් මිලියන 04 පිරිවැයක් යොදා නිර්මාණය කරන අතර ඩොලර් මිලියන 42.3 ආදායමක් උපයා ගන්න මේ ෆිල්ම් එකට හැකිවෙනවා.

මේ චිත්‍රපටය තිරගත වෙන්න පටන් ගන්නේ 2022 සැප්තැම්බර් 09 වෙනිදා. චිත්‍රපටය බෙදාහැරෙන්නේ 20th Century Studios හරහා. මේකෙ අන්තර්ජාලයට පිටපත් නිකුත් වෙන්නේ ඔක්තෝබර් 25 වෙනිදා, ඔන්න හැකි ඉක්මන්ට උපසිරසත් ගෙනාවා කාර්ය බහුල සතියක් වුණත්. කෙසේ හෝ මේ වෙනකොට IMDb දර්ශකේ ප්‍රේක්ශක මනාප 28,000 වැඩි ප්‍රමානයකින් 7.4 ඉහල අගයක් ගන්න මේ ෆිල්ම් එකට හැකිවෙනවා ඒ වගේම කුණු තක්කාලිත් 92% ගන්න හැකි වෙනවා. දැං හිතාගන්න පුළුවන්නේ චිත්‍රපටයෙ තරම ගැන.

මෙහි කතාව ගැන මතක් කළොත්, ටෙස් නම් කාන්තාවක් ඩිට්‍රෝයිට් නගරෙට එනවා ජොබ් ඉන්ටවිව් එකකට. ඇය තතර වෙන්න තීරණේ කරන්නේ පාලුවට ගිය ප්‍රදේශයක තියෙන කුලී නිවෙසක. ඒත් හොඳම වැඩේ වෙන්නෙ මෙයා ගෙදරට ගියාම ඒ ගෙදර තව කෙනෙක් ඉන්නවා, ඔහු නමින් කීත්. ඔහුත් ඒ ගෙදරම කුලියට අරන් තිබිල තියෙන්නේ. පෙනෙන විදිහට සමාගම් දෙකකින් මෙයාලට එකම ගෙදර විකුණලා තියෙනවා. කෙසේ හෝ දෙන්නම අසරණ වූ මොහොතෙ කීත් ටෙස්ට ඇතුලට එන්න ආරාධනා කරනවා. ඉතින් ටෙස් නොදැනුවත්ම සහ පිටත හොඳටම වහින නිසා තියෙන අසරණකමට මේ භයානක නිවෙසට ඇතුලු වෙනවා. ටෙස්ට ආපු වෙලේ ඉදන් මේ නිවස ගැන සැක හිතෙනවා, කීත් ගැනත්. ඔහොම ඉන්න කොටයි ටෙස්ට මේ නිවසෙ තිබිල රහස් උමගක් හමුවෙන්නේ. ඒ උමග ඇතුලෙ වදකාගාරයක් තියෙනවා ඇයට දකින්න ලැබෙනවා. ඒ වගේම තවත් අත්භූත සිද්දීන් රැසකට ඇයට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. කවුද මේ කීත් කියන්නේ? මොකක්ද මේ ගෙදර? මොකක්ද මේ රහස් උමග? මොකක්ද ඒක ඇතුලෙ වෙන්නෙ?

ඔන්න මීට මාස හතරකට උඩදී ආපු මේකෙ ට්‍රේලර් එකෙන් කියවුණු කතාව සහ ඒක බලපු අයට ඇතිවුන ප්‍රශ්න ටිකයි මං ඔය උඩ කිව්වේ. ඒත් මතක තියාගන්න ට්‍රේලර් එකෙන් චිත්‍රපටයේ හොඳම ටික පෙන්නුවේ නෑ. සරලවම කිව්වොත් චිත්‍රපටයෙ කතාව ගැන මොනම දෙයක්වත් ට්‍රේලර් එකෙන් කියවුණ්නෑ. තවද මේක එකම තැනකට විතරක් කොටුවුණ චිත්‍රපටයකුත් නෙවේ. මේක වෙනස්ම කතාවක්, වෙනස්ම කන්සෙප්ට් එකක්. මේක බලන හැමෝටම ඇස් උඩ දාගෙන, ඉවරවෙනකල්ම ත්‍රාසයෙන් බලන්න පුළුවන් සුපිරි කුතුහලයක් තියෙන කතාවක් තමා මේකෙ අන්තර්ගත වෙන්නේ. භය උපද්දවන දර්ශන දාල, මිනීමැරුම් (වැඩිය නෑ) පෙන්නුවත් මේකෙන් පෙන්නන්නේ හරිම ලස්සන වගේම සුන්දර කතාවක් කියන්න පුළුවන්, එක විදිහකින්. ඒ කොහොමද කියලා ඔයාල බලලාම දැනගන්න. එහෙනම් මං මෙතනින් නතර වෙනවා තව උපසිරැසියකින් හමුවෙනකල්. ජයවේවා!

The post Barbarian (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/barbarian-2022-sinhala-subtitles/feed/ 2
Operation Napoleon (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/operation-napoleon-2023-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/operation-napoleon-2023-sinhala-subtitles/#comments Thu, 31 Aug 2023 13:08:22 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=52803 Operation Napoleon Sinhala Sub Operation Napoleon Sinhala Subtitles Operation Napoleon (2023) Sinhala Sub Operation Napoleon (2023) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! මේ අරං එන්නේ Mystery, Thriller වර්ගයේ අයිස්ලන්ත නිර්මාණයක්. අභිරහස් ගණයේ චිත්‍රපට බලන අයට නම් සුපිරි නිර්මාණයක්. බොක්ස් ඔෆීස් වාර්තා පවා සමත්වෙලා තියෙන මේ චිත්‍රපටය තමයි Operation Napoleon. මුලින්ම තිරගත වුනේ 2023 පෙබරවාරි 03 දින […]

The post Operation Napoleon (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Operation Napoleon Sinhala Sub
Operation Napoleon Sinhala Subtitles
Operation Napoleon (2023) Sinhala Sub
Operation Napoleon (2023) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

මේ අරං එන්නේ Mystery, Thriller වර්ගයේ අයිස්ලන්ත නිර්මාණයක්. අභිරහස් ගණයේ චිත්‍රපට බලන අයට නම් සුපිරි නිර්මාණයක්. බොක්ස් ඔෆීස් වාර්තා පවා සමත්වෙලා තියෙන මේ චිත්‍රපටය තමයි Operation Napoleon. මුලින්ම තිරගත වුනේ 2023 පෙබරවාරි 03 දින අයිස්ලන්තයේදී. පසුගිය අගෝස්තු 11 තමයි එක්සත් ජනපදයේ නිකුත් වුනේ. Arnaldur Indriðason විසින් ලියන ලද Best-selling නවකතාවක් වන Operation Napoleonsskjolin ඇසුරෙන් නිපදවන ලද මෙහි ධාවන කාලය පැය 1 විනාඩි 52 යි. අයිස්ලන්ත සහ ඉංග්‍රීසි යන භාෂා දෙකම ඇතුලත් වෙනවා. රඟපෑමෙන් එකතු වන්නේ Vivian Ólafsdóttir (ක්‍රිස්ටීන්), Jack Fox (ස්ටීව් රෂ්), Iain Glen (විලියම් කාර්), Wotan Wilke Möhring (සයිමන්), Ólafur Darri Ólafsson (එයිනර්) සහ Atli Óskar Fjalarsson (එලියස්). අධ්‍යක්ෂනය Óskar Þór Axelsson ගෙන්.

ක්‍රිස්ටීන් ලෝයර් කෙනෙක්. තරුණියක්. එයාට ඉන්නෙ මල්ලි කෙනෙක් විතරයි. ඒ තමයි එලියස්. දවසක් එලියස් යාලුවොත් එක්ක යනවා විමර්ශන සංචාරයක් අයිස්ලන්තයේ විශාලතම ග්ලැසියරයක් වන වට්නාජෝකුල් වලට. එහිදී එයාලට හම්බවෙනවා අයිස් වලට යටවුනු, කඩන් වැටුනු පැරණි ජර්මන් ගුවන් යානයක්. දෙවන ලෝක යුද්ධ සමයේ එකක්. ඒ එක්කම එතෙන්ට චොපර් එකකින් එන පිරිසක් මේ යාලුවන්ව මරනවා. එලියස් මුලින් පැනගත්තත් පස්සෙ ඔවුන්ගෙ අත් අඩංගුවට පත්වෙනවා. එලියස් විසින් යානයේ විස්තර, පෝන් එකෙන් ක්‍රිස්ටීන්ට යවන නිසා මේ මිනීමරුවන් ඇයවත් මරන්න ඇගේ ගෙදරට යනවා. එහිදී ක්‍රිස්ටීන් බේරිලා පැනගත්තත් ඇයගේ මිතුරෙක් එහිදී ඝාතනය වෙනවා. නමුත් ඒ ඝාතනයට පොලීසිය සැකකරන්නෙත් ක්‍රිස්ටීන්ව. මිනීමරුවන් ඇයට වරෙක තර්ජනය කරනවා, ප්ලේන් එක ගැන පොලීසියට කිව්වොත් එලියස්ව මරනවා කියල. එච්චරටම වසන් කරන්න හදන්නේ, මේ යානය මොකක්ද? මොනවද ඒකෙ තියෙන්නෙ? කවුද ඒකෙ ගමන් කලේ? තමනුත් බේරිලා මල්ලිවත් බේරගන්න ක්‍රිස්ටීන්ට තියෙන්නෙ එකම එක බලාපොරොත්තුවයි. ඒ තමයි මේ යානයේ අභිරහස හොයාගන්න එක. වැඩි විස්තර නොකියා ඉන්නම්.

විශේෂයෙන්ම කියන්න ඕනෙ බය නැතුව ගෙදර අය එක්ක බලන්න පුලුවන්. අසභ්‍ය දර්ශන මොකුත් නෑ. රටේ භූමි ප්‍රමාණයෙන් 10% ක ප්‍රමාණයක් වසාගෙන සිටින, අයිස්ලන්තයේ විශාලතම ග්ලැසියරය සහ යුරෝපයේ දෙවන විශාලතම ග්ලැසියරය වන සුන්දර වට්නාජෝකුල් (Vatnajökull) වල පුංචි රවුමක් යන්නට ආරාධනා කරමින් නවතින්නම්.

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Subz.lk හි පලවූ Rasika Samanjith සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Operation Napoleon (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/operation-napoleon-2023-sinhala-subtitles/feed/ 14