Jake Horowitz Archives - SinhalaSub https://sinhalasub.lk/cast/jake-horowitz/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Thu, 07 Nov 2024 14:27:20 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.2 https://sinhalasub.lk/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Jake Horowitz Archives - SinhalaSub https://sinhalasub.lk/cast/jake-horowitz/ 32 32 Shut In (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/shut-in-2022-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/shut-in-2022-sinhala-subtitles/#comments Thu, 07 Nov 2024 14:23:33 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=14186 ජෙසිකා කියන්නෙ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා හිටපු සහ ඒවාගෙන් ඈත් වුණ කාන්තාවක්. ඇයට පොඩි ළමයි දෙන්නෙක් ඉන්නවා. ළමයින්ගේ තාත්තා වන රොබ් මත්ද්‍රව්‍ය වලට තදින්ම ඇබ්බැහි වෙලා ඉන්න කෙනෙක්. ඉතින් ඔහු ජෙසිකා එක්ක තරහකින් ඉන්නෙ ඇය මත්ද්‍රව්‍ය වලින් ඈත් වුණ නිසා. ‍රොබ් හිතන්නේ ජෙසිකා ඔහුව පහත් කරනව කියල මොකද ඔහුට මත්ද්‍රව්‍ය වලින් ඈත් වෙන්න බැරි වුණ […]

The post Shut In (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
ජෙසිකා කියන්නෙ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා හිටපු සහ ඒවාගෙන් ඈත් වුණ කාන්තාවක්. ඇයට පොඩි ළමයි දෙන්නෙක් ඉන්නවා. ළමයින්ගේ තාත්තා වන රොබ් මත්ද්‍රව්‍ය වලට තදින්ම ඇබ්බැහි වෙලා ඉන්න කෙනෙක්. ඉතින් ඔහු ජෙසිකා එක්ක තරහකින් ඉන්නෙ ඇය මත්ද්‍රව්‍ය වලින් ඈත් වුණ නිසා. ‍රොබ් හිතන්නේ ජෙසිකා ඔහුව පහත් කරනව කියල මොකද ඔහුට මත්ද්‍රව්‍ය වලින් ඈත් වෙන්න බැරි වුණ නිසා. දවසක් රොබ් අසිහියෙන් ජෙසිකගේ නිවසට එනවා ඔහුගේ යාළුව සැමීත් එක්ක. එතනදී වෙන බහින්බස් වීමක් නිසා රොබ්ට කේන්ති ගිහින් ජෙසිකව කාමරේකට දාල වහල දොරට ලී ගහනවා. ඒත් සමගම ඔහු ක්‍රිස්ටල් මෙත් කුඩු ග්‍රෑම් තුනකුත් ජෙසිකට දීල යනව. මොකද ඔහුට ඕනෙ ජෙසිකව ආයෙත් පරණ හිටපු තත්වෙට දාල දෙන්නම එක හා සමානයි කියල පෙන්නන්න. ඉතින් එතනින් මෙයාලගෙ කරදර නැති වෙන්නෑ මොකද රොබ්ගෙ යාළුව සැමී කියන්නෙ ළමා අපචාරකයෙක් ජෙසික කාමරේ හිර වෙලා ඉන්න අතර වාරයේ ඔහු එනවා ළමයින්ට කරදර කරන්න. ඉතින් මේ චිත්‍රපටයෙදී ළමයි අම්මා නැතුව තනිවම වැඩ කරගන්න හැටිත් ජෙසිකාගේ මව් සෙණෙහස ගැනත් මෙයාලගේ ඉරණම මේකෙන් වෙනස් වෙන හැටිත් අපට බලාගන්න හැකි වෙනවා.

ඒ විතරක් නෙවේ ඔයාලට මේ චිත්‍රපටය බලල පාඩමකුත් ඉගෙන ගන්න පුළුවන් වෙයි. ඒකත් මොකක්ද කියල චිත්‍රපටය බලන්නම වෙයි දැනගන්න.

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Shut In (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/shut-in-2022-sinhala-subtitles/feed/ 5