සුභ දවසක් හැමෝටම!!
දැඩි ප්‍රේක්ෂක ඉල්ලීම මත ඔන්න එහෙනම් අරන් ආව මේ අවුරුද්දෙ ආපු තවත් ටැමිල් ෆිලුමක්.. ටිකක් පරක්කු උනත් වැඩේ ගින්දරට අරන් ඇවිල්ල තියෙනව ඔන්න.. බලමුකො එහෙනම් මේකෙ විස්තරේ..
2023 ඔක්තොම්බර් 06 වෙනිදා නිකුත් වුන මේ Tamil ෆිලුම අයත් වෙන්නෙ ගොඩක් අය ආස කැටගරි එකක් වෙච්ච crime-thriller කියන පැත්තට.. මේක අධ්‍යක්ෂණය කරන්නෙ C. S. Amudhan කියන අධ්‍යක්ෂකතුමා..ෆිල්ම්ස් ගොඩක් කරල නැති නිසා වෙන්න ඇති නම කියපු ගමන් මීටරේට එන්නෙ නෑ.. එතකොට මේකෙ කතාව ලියල තියෙන්නෙත් එයාමයි..
රංගනය පැත්තට ගියොත් ප්‍රධාන චරිතය සදහා රංගනයෙක් දායක වෙන්නෙ අපි කවුරුත් ආදරේ කරන දමිළ නළු Vijay Antony විසින්.. මේක විජේගෙ මේ අවුරුද්දෙ ආපු 4 වෙනි ෆිලුම..හැබැයි කලින් 3ම ස්ටෝරි සාමාන්‍ය මට්ටමක තිබුන නිසාදෝ මන්දා ප්‍රේක්ෂකයො වැඩි ප්‍රතිචාරයක් දැක්කුවෙ නම් නෑ ඒවට.. හැබැයි ඒ 3ටම වඩා මේ ෆිලුම හොද මට්ටමක තියෙනව කියල අනිවා කියන්න ඕන..විජේගෙ රංගනය උනත් කලින් ඒවගෙ තිබුනට වැඩිය හොද මට්ටමක තිබුණ.. ඉතුරු කාස්ට් එක පහලින් දාන්නම්..
Cast
Vijay Antony as Ranjith Kumar (Kumar)
Mahima Nambiar as Sangeetha/Annapoorani Sebastian
Nandita Swetha as Madhumitha (Madhu)
Remya Nambeesan as Keerthi, Chezhiyan’s fiancee
Nizhalgal Ravi as Rathna Pandian (Pandian), Chezhiyan’s father
John Mahendran as Inspector Vimal Raj
ලොකුව විස්තරේ කියන්න යන්නෑ මොකද මේක Thriller ෆිලුමක් නිසා..රංජිත් කුමාර් කියන ක්‍රයිම් ජර්නලිස්ට් නිතර නිතර සිද්ද වෙන ඝාතන වගයක් හෙළි කරගන්න දරණ උත්සහය තමයි මේක පුරාවටම තියෙන්නෙ..
ඔයාලම බලන්නකො එහෙනම් විජේගෙ මේ අවුරුද්දෙ ආපු අන්තිම ෆිලුමත් කොහොමද කියල…
එහෙනම් ඔයාලා හැමෝටම සිංහලසබ්නෙට් අපි ආදරයෙන් ආරාධනා කරනවා මේ කතාව බලන්න…
හැමෝටම බුදුසරණයි! ජේසු පිහිටයි!
ජය වේවා!!
ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ පීටර් බාත්ලට් සහෝදරයගෙ ලිපිය
උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න