Jackie Chan – SinhalaSub https://sinhalasub.lk සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Thu, 17 Jul 2025 04:51:50 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.3 https://sinhalasub.lk/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Jackie Chan – SinhalaSub https://sinhalasub.lk 32 32 A Legend (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/a-legend-2024-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/a-legend-2024-sinhala-subtitles/#respond Thu, 17 Jul 2025 04:26:51 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=105279 A Legend Sinhala Sub
A Legend Sinhala Subtitles
A Legend 2024 Sinhala Sub
A Legend (2024) Sinhala Sub
A Legend (2024) Sinhala Subtitles

         කාගෙත් හද දිනා ගත් සටන් නළු ජැකී චෑන්ගෙ A Legend මුලින්ම තිරගත කෙරුනේ 2024 ජුලි 10 දින චීනෙදි. මෙය ජැකීගෙ Myth (2005) සහ Kung Fu Yoga (2017) යන චිත්‍රපට වලට සමාන නිර්මාණයක්. එයිනුත් Myth චිත්‍රපටයට ගොඩක් ළගින් යනවා. තවත් විශේෂත්වයක් තමයි මේ චිත්‍රපට තුනම ලියා, අධ්‍යයක්ෂනය කලේ හොංකොං සිනමාවෙ පතාක යෝධයෙක් වන Stanley Tong. බොක්ස් ඔෆිස් ආදායමක් පවා උපයා ගැනීමට සමත්වූ “අ ලෙජන්ඩ්” Action / Adventure / Comedy / Drama / Fantasy වර්ගයේ චිත්‍රපටයක්. පැය 2 විනාඩි 9 ක ධාවන කාලයකින් යුතු මෙහි ජැකී, හැන් රාජ වංශයේ අශ්වාරෝහක හමුදාවේ ජෙනරාල්වරයෙක් ලෙස සහ වර්තමානයේ පුරාවිද්‍යාඥයෙක් ලෙස කාල අවකාශ දෙකක චරිත දෙකක් රඟපානවා. Jackie Chan (ප්‍රොෆෙසර් ෆැන්ග් / ෂාඕ ෂෙන්) සමග Gülnezer Bextiyar (මෙන්ග් යුන්),
Lay Zhang (වැන්ග් ජින්/හුආජුන්), Xiao Ran Peng (ෂින්රන්) සහ Aarif Rahman (හුඩුනා) රංගනයෙන් එකතු වෙනවා.

මහාචාර්ය ෆැන්ග් පුරාවිද්‍යාඥයෙක්. ඔහුගේ සහායකයින් දෙන්නා තමයි තරුණ වැන්ග් ජින් සහ ෂින්රන්. පුරාවිද්‍යා කැණීමකදී හමුවන ජේඩ් පෙන්ඩනයක බලපෑම නිසා ෆැන්ග්ට සහ වැන්ග් ජින්ට, වසර දහස් ගණනකට පෙර කාලයක සිදුවීම් වගයක් හීනෙන් පෙනෙන්න ගන්නවා. ඒ හීන වලට අනුව කාලයේ මේ දෙන්නා චීන හැන් රාජ වංශයේ අශ්වාරෝහක බල ඇණියේ ජෙනරාල්වරු දෙන්නෙක්, ඒ වගේම යාලුවො. මේ දෙන්නම ආදරය කරන්නෙ එකම කාන්තාවකට. ඇය මෙන්ග්යුන්. හැන් දේශය ආක්‍රමණය කරන හුන් කුමාරයෙක් වන හුඩුනා අතිශය දරුණු අයෙක්. ඔහුත් මෙන්ග්යුන්ව අයිති කරගන්න හැමදේම කරනවා. නමුත් මේ කතාවෙ ඉතුරු ටික කාටත් අභිරහසක්. ඒ වගේම හුන්වරුන් විසින් පැහැරගත් විශාල ධන නිධානයක් ගැනත් අතීත කතාවක් පැන නැගෙනවා. ඉතින් මේ කතාවේ අවසානය කොහොමද වුනේ? සිව්කොන් ආදර කතාව කෙසේ විසඳුනාද? ජේඩ් පෙන්ඩනය මේ කතාවට කොහොමද සම්බන්ධ වෙන්නෙ? අර ධන නිධානයට මොකද වුනේ? ප්‍රශ්න ගොඩයි නේද? පැය දෙකක් පුරා ඔබව අමුතුම අවකාශයකට අරන් යන මේ රසවත් නිර්මාණය නරඹමු.

ලිපිය උපුටා ගැනීම :- Subz.lk හි පලවූ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

]]>
https://sinhalasub.lk/movies/a-legend-2024-sinhala-subtitles/feed/ 0
Karate Kid: Legends (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/karate-kid-legends-2025-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/karate-kid-legends-2025-sinhala-subtitles/#comments Fri, 11 Jul 2025 14:31:22 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=102262 Karate Kid: Legends Sinhala Sub
Karate Kid: Legends Sinhala Subtitles
Karate Kid: Legends 2025 Sinhala Sub
Karate Kid: Legends (2025) Sinhala Sub
Karate Kid: Legends (2025) Sinhala Subtitles

Karate Kid කියන්නේ සෑහෙන දෙනෙක් දන්න කියන චිත්‍රපටියක්නේ. මොකද ITN නාලිකාවෙන් අපි පොඩි කාලෙදී ප්‍රදර්ශණය කරපු නිසා අපි හැමෝම මේක බලලා තියෙනවා. ඒ කාලේ ඉතින් කරාතේ කියන්නේ අපිට පිස්සුවක්නේ. අනිවාරෙන් ඔයාලා ඒ ශොට් කරලා බලන්නත් ඇති.

 

මුලින්ම Robert Mark Kamenගේ නිර්මාණයක් විදිහට 1984 අවුරුද්දේ පළවෙනි චිත්‍රපටිය නිකුත්වෙන්නේ චිත්‍රපටි 4ක සැලසුමකට අනුවයි. ඔරිජිනල් සීරිස් එකට අයිතිවෙන්නේ ඒ චිත්‍රපටි 4 තමයි. පිළිවෙළින් ගත්තාම The Karate Kid (1984), The Karate Kid Part II (1986), The Karate Kid Part III (1989), සහ The Next Karate Kid (1994). ඊටපස්සේ නිකුත්වෙන්නේ ප්‍රතිනිර්මාණ. ඒකට The Karate Kid (2010) සහ මේ නිකුත්වුණු Karate Kid: Legends (2025) අයිතියි.

 

ඒවගේම 2018 නිකුත්වීම් ආරම්භ කරපු Cobra Kai කතා මාලාවත් මේඑකටම සම්බන්ධයි. ඒකත් බලන්න.
ඉතිං මේ Karate Kid: Legends කියන්නේ චිත්‍රපටි මාලාවේ 6වෙනි චිත්‍රපටිය.

Action/Family ගණයට වැටෙන චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරන්නේ Jonathan Entwistle. චිත්‍රපටියේ ධාවන කාල පැය 1 මිනිත්තු 58ක් වෙනවා වගේම බෙදාහරින්නේ Sony Pictures ආයතයනය. මේ චිත්‍රපටියේදී ඔරිජිනල් සෙට් එකේ හිටිය ඩැනියල්වයි (Ralph Macchio) 2010 Karate Kid එකේ මාස්ටර් හැන්වයි (Jackie Chan) එකට බලාගන්න අපිට පුලුවන් වෙනවා.
හරියට බැලුවොත් මෙකෙන් වෙන්නේ වෙනම නිර්මාණය වුණු 2010 චිත්‍රපටිය ප්‍රධාන චිත්‍රපටි මාලාවට සම්බන්ධ වෙනවා.හරි මං කතාව කියන්න යන්නේ නෑ එතකොට වැඩක් නෑනේ. ඔයාලම බලන්නකෝ. ඒ වගේම මේකෙ අන්තිම ක්‍රෙඩිට් සීන් එකත් බලන්න කියලාත් ඉල්ලනවා.

එහෙනම් අලුත් උපසිරැසියකින් හම්බවෙමු. ඔයාලට ජය
~ උපසිරැසිකරණයේ නවමු රැල්ල සිනෙරූ ~

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

]]>
https://sinhalasub.lk/movies/karate-kid-legends-2025-sinhala-subtitles/feed/ 1
Vanguard (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/vanguard-2020-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/vanguard-2020-sinhala-subtitles/#respond Sat, 12 Apr 2025 16:59:23 +0000 https://sinhalasub.net/?post_type=movies&p=698 https://sinhalasub.lk/movies/vanguard-2020-sinhala-subtitles/feed/ 0 Panda Plan (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/panda-plan-2024-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/panda-plan-2024-sinhala-subtitles/#comments Thu, 09 Jan 2025 16:55:27 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=86663 Panda Plan Sinhala Sub
Panda Plan Sinhala Subtitles
Panda Plan 2024 Sinhala Sub
Panda Plan (2024) Sinhala Sub
Panda Plan (2024) Sinhala Subtitles

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

]]>
https://sinhalasub.lk/movies/panda-plan-2024-sinhala-subtitles/feed/ 1
Kung Fu Panda 3 (2016) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/kung-fu-panda-3-2016-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/kung-fu-panda-3-2016-sinhala-subtitles/#respond Wed, 10 Apr 2024 01:36:04 +0000 https://sinhalasub.life/?post_type=movies&p=68676 Kung Fu Panda 3 Sinhala Sub
Kung Fu Panda 3 Sinhala Subtitles
Kung Fu Panda 3 (2016) Sinhala Sub
Kung Fu Panda 3 (2016) Sinhala Subtitles

]]>
https://sinhalasub.lk/movies/kung-fu-panda-3-2016-sinhala-subtitles/feed/ 0
Kung Fu Panda 2 (2011) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/kung-fu-panda-2-2011-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/kung-fu-panda-2-2011-sinhala-subtitles/#respond Wed, 10 Apr 2024 01:10:01 +0000 https://sinhalasub.life/?post_type=movies&p=68660 Kung Fu Panda 2 Sinhala Sub
Kung Fu Panda 2 Sinhala Subtitles
Kung Fu Panda 2 (2011) Sinhala Sub
Kung Fu Panda 2 (2011) Sinhala Subtitles

]]>
https://sinhalasub.lk/movies/kung-fu-panda-2-2011-sinhala-subtitles/feed/ 0
Kung Fu Panda (2008) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/kung-fu-panda-2008-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/kung-fu-panda-2008-sinhala-subtitles/#respond Tue, 09 Apr 2024 18:27:57 +0000 https://sinhalasub.life/?post_type=movies&p=68644 Kung Fu Panda Sinhala Sub
Kung Fu Panda Sinhala Subtitles
Kung Fu Panda (2008) Sinhala Sub
Kung Fu Panda (2008) Sinhala Subtitles

]]>
https://sinhalasub.lk/movies/kung-fu-panda-2008-sinhala-subtitles/feed/ 0
Iron Mask (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/iron-mask-2019-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/iron-mask-2019-sinhala-subtitles/#comments Wed, 20 Dec 2023 01:18:07 +0000 https://sinhalasub.life/?post_type=movies&p=63041 Iron Mask Sinhala Sub
Iron Mask Sinhala Subtitles
Iron Mask (2019) Sinhala Sub
Iron Mask (2019) Sinhala Subtitles ]]>
https://sinhalasub.lk/movies/iron-mask-2019-sinhala-subtitles/feed/ 1
Dragon Fist (1979) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/dragon-fist-1979-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/dragon-fist-1979-sinhala-subtitles/#respond Mon, 06 Nov 2023 10:24:56 +0000 https://sinhalasub.life/?post_type=movies&p=59561 Dragon Fist Sinhala Sub
Dragon Fist Sinhala Subtitles
Dragon Fist (1979) Sinhala Sub
Dragon Fist (1979) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

ජැකී චෑන්ගෙ පැරණි චිත්‍රපට වලට ප්‍රිය කරන රසිකයින් කීප දෙනෙක්ගේම ඉල්ලීමක් තමයි අද ඉටු කරන්නෙ.

ඉතින් ඔයාල වෙනුවෙන් අද අරගෙන ආවා 1979 අප්‍රියෙල් 21 දින හොංකොංහීදී තිරගත කිරීම ඇරැඹුණු Dragon Fist. හොංකොං ඩොලර් මිලියන 1 ආදායමක් උපයාගනිමින් හොංකොං බොක්ස් ඔෆීස් ලිස්ට් එකටත් ඇතුලත් වුනු ඩ්‍රැගන් ෆිස්ට්, Action, Martial Art, Drama වර්ගයේ චිත්‍රපටයක්. ධාවන කාලය විනාඩි 97 යි. ජැකීගෙ චිත්‍රපට ගණනාවක් නිර්මාණය කල Lo Wei ගෙ අධ්‍යක්ෂනයක්. Jackie Chan සමග රංගනයෙන් එකතු වෙනවා James Tien සහ Nora Miao. සුරූපී Nora Miao ව නම් ඔයාල දන්නවනෙ. බෘස්ලී සමග, රිදී තිරයේදී සිපගැනීමේ දර්ශනයකට පෙනී සිටි එකම නිලිය. ඒ ‘ෆිස්ට් ඔෆ් ෆියුරි’ චිත්‍රපටයේ. බෘස්ලීගෙ චිත්‍රපට පහෙන් තුනකම රඟපාන්න වාසනාව ලද නිලියක්. ජැකීගෙ ප්‍රථම, ප්‍රධාන චිත්‍රපටය වුනු “නිව් ෆිස්ට් ඔෆ් ෆියුරි” එකෙත් ජැකීගේ සහාය නිලිය වුනේ ඇයයි.

ෆිල්ම් එකේ කතාව ගැන කියනවා නම්, ජැකීගෙ සලකුණ වන කොමඩි චිත්‍රපටයක් නම් නෙමේ. මේක නිෂ්පාදනය වෙලා තියෙන්නෙ 1978 වසරේ. තිරගත කිරීම 1979 ට කල් යන්නෙ ස්ටුඩියො එකේ මුදල් අහේනියක් නිසා. 1978 වෙනකොට ජැකී කොමඩි රැල්ලට හැරිල තිබුනෙ නෑ. ඔහුගෙ විතරක් නෙමේ හොංකොං සිනමාවෙම කොමඩි රැල්ල පටන් ගත්තෙ ජැකීගෙ Snake in the Eagle Shadow [ 1978 ] චිත්‍රපටයෙන්. හැබැයි ජැකීගෙ තරුණ ජවසම්පන්නකම සහ මාෂල් ආට් හැකියාව ඩ්‍රැගන් ෆිස්ට් එකේ ඉහළින්ම තියෙනවා. ඒ පැත්තෙන් නම් බලන්නම වටින ෆිලුමක්. ටොං හෝ-වැන් (ජැකී) ගේ මාස්ටර්ට, වෙනත් වංශයක මාස්ටර් කෙනෙක් වන චුං විසින් සටනකට අභියෝග කරනවා. ඔහු ඒක කරන්නෙ පුද්ගලික ආරෝවකට. එහිදී බරපතල තුවාල ලබන ටොංගේ මාස්ටර් පසුව මිය යනවා. මහන්සිවී සටන් පුහුණු වන ටොං අවුරුදු කීපයකට පසුව, ඔහුගේ මාස්ටර්ගෙ බිරිඳ සහ දියණිය ( Nora ) සමග මාස්ටර් චුංව හොයාගෙන යනවා, තම මාස්ටර්ගෙ මරණයට පලිගන්න. චුංව හොයාගෙන ඔහුගේ “ඉවසීමේ වංශයට” යන මේ තුන් දෙනා මුහුණ දෙන්නේ, ඔවුන් තිදෙනා කිසිසේත්ම නොසිතූ අමුතුම තත්ත්වයකට. ඇයි ඒ? එහෙ මොකද වෙලා තියෙන්නෙ? චිත්‍රපටය බලමු, නේ?

විශේෂයෙන්ම කියන්න ඕනෙ මේකෙ කිසිම අසභ්‍ය දර්ශනයක් නෑ… ලොකු අමානුෂික දර්ශනත් නෑ. 

එහෙනම් ඔයාලා හැමෝටම සිංහලසබ්නෙට් අපි ආදරයෙන් ආරාධනා කරනවා මෙ චිත්‍රපටය බලන්න කියලා…

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Subz.lk හි පලවූ Rasika Samanjith සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

]]>
https://sinhalasub.lk/movies/dragon-fist-1979-sinhala-subtitles/feed/ 0
Hidden Strike (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/hidden-strike-2023-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/hidden-strike-2023-sinhala-subtitles/#respond Sat, 29 Jul 2023 13:54:48 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=47609 Hidden Strike Sinhala Sub
Hidden Strike Sinhala Subtitles
Hidden Strike (2023) Sinhala Sub
Hidden Strike (2023) Sinhala Subtitles

මේක ඊයේ (28) තමයි නෙට්ෆ්ලික් මාධ්‍ය ඔස්සේ නිකුත් උනේ. ඔයාලා දැනටමත් දන්නවා ඇති ෆිල්ම් එකේ රංගන දායාකත්වය ලබා දෙන්නේ කවුද කියලා. අමුතුවෙන් හඳුන්වලා දෙන්න ඕන නැති සුපිරිම ලෙජන්ඩ්ලා දෙන්නෙක් තමයි ඉන්නේ. ආත්මාරක්ෂක සටන් කලාවේ පුරාවෘත්තයක් වන ප්‍රවීණ සටන් නළු ජැකී චෑන් සහ රෙස්ලින් ක්‍රීඩාවේ එදාමෙදා තුර බිහිවු අග්‍රගණ්‍ය පුරාවෘත්තයක් වෙන ජෝන් සීනා තමයි මේ සලරුවේ ප්‍රධාන චරිත දෙක විදියට එකතු වෙලා ඉන්නේ. ඉතිං මේ දෙන්නා එකතු වෙලා මැදපෙරදිග තෙල් මංකොල්ලයකට එරෙහිව සටන් වදින හැටි ඔයාලට මේ චිත්‍රපටයෙන් බලාගන්න පුළුවන්. ජැකී චෑන් සහ ජෝන් සීනා ගැන අමුතුවෙන් හඳුන්වන්න ඕන නෑ කිව්වත් වැඩිදුර තොරතුරු කියවන්න ආස අයට මේ දෙන්නා ගැන පොඩියට හරි විස්තරයක් දැම්මනම් හොඳයි කියලා මට හිතුනා. ඒ නිසා කැමති අය මේක කියවලම Film එක අරගෙන යන්න හොදේ.

ආත්මාරක්ෂක සටන් කලාවේ රජු කවුද කියලා ඇහුව ගමන් ඔයාලා හැමෝටම මතක් වෙන්නේ සුපිරි සටන් ශිල්පී බෘස් ලීව බව මම දන්නවා. නමුත් වර්තමානයේ සිටින ජනප්‍රියම ආත්මාරක්ෂක සටන් ශිල්පියා කවුද කියලා මම ඇහුවොත් ? ඔව්, බොහෝ දෙනෙක්ගේ උත්තරය වෙන්නෙ ජැකී චෑන් තමයි. හොංකොන් සිනමාව විසින් බිහිකළ තවත් සුපිරි සටන් නළුවකු විදියට සැලකෙන ජැකී චෑන් සුවිශාල රසික ආකර්ෂණයක් දිනා ගත්තේ ඔහුටම ආවේණික වු හාස්‍යමය සටන් ජවනිකා හේතුවෙනි. එමෙන්ම චිත්‍රපටවල ක්‍රියාදාම දර්ශන ආදේශක නළුවන් යොදානොගෙන ඔහු විසින්ම සිදුකරන බවටත් හෙතෙම ලෝක ප්‍රසිද්ධයි. වූෂු, කුන්ෆු සහ හප්කිදෝ යන සටන් ශෛලීන් වල ප්‍රවීණයකු වන ඔහු 1960 දශකයේ සිට මේ දක්වා සිනමාපට ගණන 150 කට අධික ප්‍රමාණයක රඟපාලා තිබෙනවා.

ජැකී චෑන්ගේ මුල් නම විදියට සඳහන් වෙන්නේ චෑන් කොංග්-සාන්ග් ලෙසයි. හොංකොංහි උපන් මෙම කුඩා ශරීරයකකින් හෙබි පුද්ගලයා ස්ටන්ට් මෑන් එසේත් නැතිනම් ආදේශක ක්‍රියාදාම නළුවෙක්ගෙ සිට ආසියාවේ හොඳම ක්‍රියාදාම-චිත්‍රපට තරුවක් සහ අධ්‍යක්ෂවරයෙක් බවට පත් කිරීමටත් හොංකොන්ග් කුංෆු චිත්‍රපට ඇමරිකානු සිනමාවට සමීප වීමට උත්ප්‍රේරකයක් වූයේ ඔහුගේ හුරුබුහුටි එහෙත් ශක්තිමත් සහ නම්‍යශිලි සිරුර නිසයි. 1990දී ජැකී චෑන් ඇමරිකානු චිත්‍රපට වෙළඳපොළට ඇතුල්වූ අතර 1995 දී ඔහුට MTV ජාලයෙන් Lifetime Achievement Award නම් සම්මානය පිරිනමනු ලැබුවා. ජැකී චෑන් ඇමරිකානු විකට නළුවෙකු වු ක්‍රිස් ටකර් සමඟ Rush Hour (1998) චිත්‍රපටයේ රඟපෑ අතර එය විශාල සාර්ථකත්වයක් අත්කර ගත් අතර 2001 සහ 2007 වර්ෂ වල එහි තවත් චිත්‍රපට දෙකක් නිර්මාණය කලා.

ජැකී චෑන් හොලිවුඩ් ක්‍රමයට අකැමති පුද්ගලයෙකු වූවත් ඔහු Shanghai Noon (2000), The Tuxedo (2002), The Forbidden Kingdom (2008), The Spy Next Door (2010), The Karate Kid (2010) සහ The Foreigner (2017) යන හොලිවුඩ් චිත්‍රපට රැසක රඟපෑවා. එමෙන්ම ඔහු පරිගණක සජීවිකරණ චිත්‍රපටයක් වන Kung Fu Panda (2008) සහ එහි තවත් නිර්මාණ දෙකක් සඳහාද තම කටහඬ ලබා දී ඇත. 2016 දී ජැකී චෑන් ඇකඩමි සම්මාන උළෙලේදී ගෞරවනීය සම්මානයක් ලැබූ පළමු චීන නළුවා බවට පත් වූ අතර එය ඔහුගේ සුවිශේෂිත ජාත්‍යන්තර ජයග්‍රහණයක් බවට සලකන්න පුළුවන්. රංගනයට අමතරව 1998 දී ජැකී චෑන් පුණ්‍යායතනය ආරම්භ කළ අතර ඔහුගේ අනෙකුත් ව්‍යාපෘතින් අතර හොංකොං තරුණයින්ට ශිෂ්‍යත්ව පිරිනමන වැඩසටහනක් ද ආරම්භ අර ඇත. ඔහු UNICEF හි තානාපතිවරයෙකු ලෙසද කටයුතු කරන ඔහු ලොව වැඩිම මුදලක් අය කරන නළුවන් 10 දෙනා අතර සිටින ජැකීගේ වත්කම ඩොලර් මිලියන 350 ඉක්මවන බවත් පැවසෙනවා. තම ජීවිතය ගැන පවා නොසිතා සටන් කලා රංගනයට කැපවූ ජැකී චෑන් අද වනවිට හොංකොං සිනමාවෙ පමණක් නොව හොලිවුඩය තුලද අද්වීතීය තත්වයක් හිමිකර ගත් අයෙකු ලෙස හැඳින්විය හැක.

ඔබ WWE රසිකයෙකු නම් “ජෝන් ෆීලික්ස් ඇන්තනී සීනා” එසේත් නැත්තම් “ජෝන් සීනා” යන නාමය අසා ඇති බවට සැකයක් නෑ. මේ වන විට රෙස්ලින් ක්‍රීඩාවෙන් තරමක් ඈත්වී සිටියත් අදටත් ලොව පුරා බහුතර WWE රසිකයන්ගේ වීරයා ජෝන් සීනා බව නොරහසක්. 2000 වසරේ මුල් භාගයේදී අති ජනප්‍රිය රෙස්ලින් ක්‍රීඩකයකු වු Dwayne Johnson එහෙමත් නැත්තම් අපි හැමෝම දන්න “ද රොක්” WWEහි “ෆේස් රෝල්” එක නොහොත් වීරයාගේ චරිතයෙන් සමුගෙන හොලිවුඩය වෙත ගිය පසු නැවත එම ෆේස් රෝල් එකට ආදේශ කිරීමට සහ ප්‍රේක්ෂකයන් සතුටු කිරීමට සමත් ක්‍රීඩකයෙක් සොයාගැනීමට WWE ආයතනය අපොහොසත් උනා. නමුත් එම කාලය අතරතුර ප්‍රදර්ශන තරගයකට සහභාගි වීමට පැමිණි ජෝන් සීනා නම් නවකයා තම පළමු තරගයෙන්ම ප්‍රේක්ෂකයා ඇදබැඳ ගැනීමට සමත්වූ බව තරග සංවිධායකයන්ගේ අවධානයට පාත්‍ර වුනා. පසුව ඔහුගේ රෙස්ලින් ක්‍රීඩා ක්‍රම සහ ඔහුටම ආවේණිකවූ ඇඳුම් පැලදුම් නිසා රොක්ගෙන් පසු WWEහි වීරයා චරිතය නිතරගයෙන්ම ඔහුට හිමි උනේ ලොව පුරා මිලියන ගණනක රසික ආදරයක්ද සමඟයි. ද රොක්ගේ අඩුපාඩුවත් සමඟ කඩාවැටීමකට ලක්වූ WWE ආයතනය 2000-2010 දශකය පුරා තම අණසකට නතු කරගත් සීනා ලෝක හෙවිවේට් ශූරතාව 16 වරක් දිනාගනිමින් ශූරතාව වැඩිම වරක් දිනාගත් සම-වාර්තාවට හිමිකම් කියනවා. 2000 වසරෙන් පසු WWE ආයතනය මූල්‍යම අර්බූදයෙන් ගලවා ගත්තේ සීනා බව සැවොම දන්නා කරුණකි. එයට කෘතගුණ සැලකීමක් වශයෙන් WWE ප්‍රධානී වින්ස් මික්මෑන් විසින් එක් තරගාවලියක් සඳහා ජෝන් සීනාට අති විශාල මුදලක් ගෙවා තිබෙනවා.

දක්ෂ රැප් ගායකයෙකුද වන ජෝන් සීනා තම තේමා ගීතයන් ඔහුම ගායනා කල අතර ඔහුගේ The Time Is Now ගීතය අදටත් ලොව පුරා අතිශය ජනප්‍රිය වේ. Dwayne Johnsonගේ අඩිපාරේ යමින් හොලිවුඩයට පිවිසෙන ජෝන් සිනා පලමු වතාවට රංගනයට පිවිසෙන්නේ The Marine (2006) චිත්‍රපටයෙනි. අද වන විට සාර්ථක සිනමා දිවියකට හිමිකම් කියන ජෝන් සීනා Bumblebee (2018), Ferdinand (2017), Blockers (2018) යන සිනමාපටවල මෙන්ම DC සිනමා විශ්වයේ පීස්මේකර් ලෙස යහපත් පරතිචාර ලබාගනිමින් සිටිනවා.

අඩු ආදායම්ලාභී කුඩා දරුවන්ගේ උග්‍ර රෝග තත්ත්වයන්ට සැත්කම් සිදුකරන Make-A-Wish පදනමේ ක්‍රියාකාරි ආධාරකරුවෙක් වන ජෝන් සීනා මේ වන විට සැත්කම් 650කට වඩා සිදුකිරීමට තම මූල්‍යමය දායකත්වය ලබාදී තිබෙනවා. එය තනි පුද්ගලයෙකු විසින් කුඩා දරුවන්ගේ සැත්කම් කිරීමට දායක වූ වැඩිම ප්‍රමාණය ලෙසත් වාර්තා වනවා. සුපිරි රෙස්ලින් ශූරයෙක්, දක්ෂ රංගන ශිල්පියෙක්, ගායකයෙක්, සහ මානව හිතවාදියෙකු වන ජෝන් සීනා රෙස්ලින් වළල්ලේ මෙන්ම සැබෑ ලෝකයේද වීරයෙකු වශයෙන් සැලකීමට පුළුවන්.

අපි මේ සලරුව ගැන විස්තර ටිකක් බැලුවොත් Hidden Strike චිත්‍රපටය 92%ක ගූගල් පරිශීලක කැමත්ත ලබාගෙන, මේ වෙද්දි 5.8ක IMDb අගයක් ලබාගෙන තියෙනවා. Action / Adventure / Comedy යන කාණ්ඩයන්ට තමයි චිත්‍රපටය වර්ගීකරණය කරලා තියෙන්නේ. චිත්‍රපටය අධ්‍යක්ෂනය කරලා තියෙන්නේ Scott Waugh විසින්. ජැකී චෑන් සමඟ අනෙකුත් ප්‍රධාන චරිතය වන “ක්‍රිස් වෑන් හෝර්න්” රඟ දැක්වීමට මුලින්ම යෝජනා වෙලා තියෙන්නෙ හොලිවුඩයේ පතාක නළුවෙක් වන සිල්වෙස්ටර් ස්ටැලෝන්වයි. නමුත් ඔහුගේ දින පිළිබඳ ගැටළුවක් නිසා පසුව මේ චරිතය ජෝන් සීනාට ලැබිලා තියෙනවා. මේක සීනට ලැබුන එකටනම් මමත් ගොඩක් කැමතියි මොකද ඔහු මේ චරිතයට උපරිම සාධාරණයක් ඉටුකරලා තියෙනවා. මොවුන් දෙදෙනාට අමතරව ගේම් ඔෆ් ත්‍රෝන්ස් කතා මාලාවේ යුරෝන් ග්‍රේජෝයි ලෙස රංගනයෙන් දායක උන Pilou Asbæk ඕවන් පැඩොක් ලෙසත්, Amadeus Serafini හෙන්රි වැන් හොර්න් ලෙසත්, Gong Jun හයිමින්ග් ලෙසත්, Chunrui Ma මෙයි ලෙසත් රංගන දායකත්වය ලබාදෙනවා. ඒ වගේම ෆිල්ම් එක අන්තිමට තියෙන පොඩි පසු දර්ශනයක් සහ ජැකී චෑන්ගේ සෑම චිත්‍රපටයකම අවසානයේ පෙන්වන ගැග් රීල් එකත් උපසිරසි ගන්වලා තියෙනවා. ඒ නිසා ඒ දෙකත් බලන්න කියලා මතක් කරන්න ඕන. තවත් Film එකකින් නැවත හමුවෙමු.

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ යුරාන් ධනුක සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

]]>
https://sinhalasub.lk/movies/hidden-strike-2023-sinhala-subtitles/feed/ 0