Name – Retribution 2023
Catagory – Thriller/Action
IMDB – 5.3/10 (4K+ Vote)
Director – Nimród E. Antal
Starring – Liam Neeson, Noma Dumezweni, Lilly Aspell, Jack Champion
Box office – $13 Million
Running Time – 90m
සුභ දවසක් හැමෝටම!!
Liam Neeson රංගනයෙන් දායක වෙන 2023 වසරේ නිකුත් වෙච්ච අලුත්ම ෆිල්ම් එකක් තමා මේ ඔයාල වෙනුවෙන් අරන් එන්නේ. Liam මහත්තයා ගැන ඉතින් නොදන්න කෙනෙක් නෑනෙ. වයස 70 පැන්නත් තාම හොලිවුඩයේ නැතුවම බැරි චරිතයක් තමා Liam Neeson කියන්නෙ. Thriller/Action කැටගරියෙන් නිකුත් උන මේ ෆිලුම 2023 අගෝස්තු 23 ප්‍රංශයේදි නිකුත් වෙද්දි, අගෝස්තු 25 ලොව පුරා ප්‍රදර්ශනය ආරම්භ කරනවා.
කතාව ගැන කිව්වොත් මැට් ටර්නර් කියන්නෙ කොටස් වෙළඳපල ආයතනයක මූල්‍ය කළමනාකරුවෙක්. මනුස්සයාට අනිත් හැමදේටම වඩා වටින්නෙ තමන්ගෙ රස්සාව. ගෙදර ළමයි බිරිඳ ගැන මනුස්සයාට මතකවත් නෑ. ඉතින් දවසක් උදේක මැට් ගෙ වගේම එයාගෙ පවුලෙ අයගෙත් ජීවිතේ වෙනස් කරන සිදුවීම් මාලාවකට මුහුණ දෙන්න වෙනවා. ඒ දවසෙ උදේ මැට්ගෙ ෆෝන් එකට නිර්ණාමික කෝල් එකක් එනවා. ඇති නේද? එතනින් එහාට වෙන දේවල් ෆිල්ම් එක බලලම දැනගමු නේද? මුල ඉඳන් අගටම කුතුහලය උපරිමයෙන් තියන අන්තිම වෙනකම් හිතාගන්න බැරි කතා තේමාවක් තියන පවුලේ සැමට එකට සිට නැරඹිය හැකි මේ ෆිලුම ඔයාල අනිව බලන්න ඕනෙ කියල මං නිර්දේශ කරනවා. ෆිල්ම් එකේ තව විස්තර ටිකක් පහලින් දාන්නම්.
එහෙනම් මෙ ලස්සන ෆිල්ම් එක පහලින් Download කරන් නරබන්න කියලා ඔයාලට ආරාධනා කරනවා… කොමන්ටුවකුත් හලාගෙන යන්න යන ගමන්. හැමෝම පරිස්සමින් ඉන්න!!
Name – Retribution 2023
Catagory – Thriller/Action
IMDB – 5.3/10 (4K+ Vote)
Director – Nimród E. Antal
Starring – Liam Neeson, Noma Dumezweni, Lilly Aspell, Jack Champion
Box office – $13 Million
Running Time – 90m
ජය වේවා!!
ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ සුජිත් ප්‍රියංකර සහෝදරයාගේ ලිපිය
උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න
ජීවිතයේ ඒක වතාවක් පමණක් මුහුණ දෙන්න ලැබෙන, අපි ගොඩ දෙනෙක් කතා කරන්න අකමැති දෙයක් තමයි මරණය කියන්නේ. ස්වභාවික මරණයක් නොලැබෙන ගොඩ දෙනෙක් මැරෙන්නේ අසනීප, හදිසි අනතුරු, සිය දිවි නසා ගැනීම් සහ මැරුම් කෑම් වලින්. ඒ අතරින් වඩා බිහිසුණුම මරණය ඉතින් මැරුම් කන එක කියලා තමයි මගේ මතය.
සිනමාව පැත්තෙන් ගත්තම ක්‍රියාදාම චිත්‍රපට ගොඩක් ඒවා වෙඩි තියා ගන්නවා, කපා කොටා ගන්නවා. හැබැයි ඊට වඩා ත්‍රාසජනක මරණ තියෙන්නේ හොල්මන් (Horror) සහ අභිරහස් (Mystery) ගණයට වැටෙන චිත්‍රපට වල. ඒ අතරින් Scream කතා මාලාව කියන්නේ ත්‍රාසජනක මරණ වලට තෝතැන්නක්. මම හිතන්නේ වෙස් බැඳි දාම මිනී මරුවන් (Ghostface serial killers) ආශ්‍රයෙන් Scream චිත්‍රපට නිර්මාණය වීම ඒකට ප්‍රධාන හේතුවක් වෙන්න ඇති.
ගිය අවුරුද්දේ Scream 5 වෙනි චිත්‍රපටයට උපසිරැසිය කරන්න මට අවස්ථාව ලැබුණ නිසා අද ඔයාලට අරන් එන මේ Scream 6 වෙනි චිත්‍රපටයේ උපසිරැසිය කරන්නත් උරුමයෙන්ම මට ඉඩ ලැබුණා. නමුත් කතාවේ ඇති දෙබස් ප්‍රමාණය අධික වීමත්, වෙලාවට උපසිරැසිය ලබා දෙන එක ගොඩක් වැදගත් වීමත් නිසා මේ උපසිරැසිය කරන්න මම මට ගොඩක් හිතවත් යුරාන් ධනුක මල්ලිව මේ වැඩේට සම්බන්ධ කර ගත්තා. යුරාන් කියන්නේ බයිස්කෝප් පවුලට මට පස්සේ සම්බන්ධ උන, නමුත් මට වඩා උපසිරැසි නිර්මාණ රාශියක් කරපු එල කොල්ලෙක්. වැදගත්ම කාරණේ Scream 6 කියන්නේ මගේ පළවෙනි කඩයිම (50) සහ යුරාන්ගේ තුන් වෙනි කඩයිම (150) ඉවර කරලා අපි දෙන්නම කරන පළවෙනි උපසිරැසි නිර්මාණය වීමයි. ඉතින් මේ වෙලාව මං යුරාන් මල්ලිට ස්තූති කරන්න අවස්ථාව කර ගන්නවා. ඒ වගේම උපසිරැසිය බෙදා හරින්න ඇඩ්මින් එක පැත්තෙන් මුල් උන විමාවත් මතක් කරන්න ඕන.
ඉතින් කියන්න ඕන මේ චිත්‍රපටය බලන්න කලින් මුල් කොටස් 5 බලල නැති අය ඉන්නවා නම් එයාලා ඒවා බලලාම මේක බැලුවා නම් ගොඩක් හොඳයි කියලා. ඒකට හේතුව මේ කතා අතරේ සම්බන්ධයක් තිබීමයි. එහෙනම් පුංචි ඉඟියක් දෙන්නම් මේ කතාව ගැන.
Scream 5 වෙනි චිත්‍රපටයේ සමන්තා (Melissa Barrera) අතින් එයාගේ පෙම්වතා රිචී බල්ලෙක් වගේ මැරුම් කෑවට පස්සේ සමන්තාට ඕන වෙනවා ආපහු සාමාන්‍ය කෙල්ලෙක් විදිහට ජීවත් වෙන්න. නමුත් යම් මානසික ආතතියක් තිබීම සහ සමාජයෙන් මිනී මරුවෙක් විදිහට හංවඩු ගැහීමත් එක්ක සමන්තා ඉන්නේ කල කිරීමෙන්. තමන්ගේ නංගි ටේරා (Jenna Ortega) සහ පරණ යාළුවන් එක්ක සතුටින් ජීවත් වෙන්න උත්සහ කරන සමන්තාට ආපහු ඉස්සර වගේ මිනී මැරුම් ගැන අහන්න දකින්න ලැබෙනවා වගේම ජීවිත තර්ජන වලට මුහුණ දෙන්නත් වෙනවා. ඒ වෙන මුකුත් නිසා නෙමෙයි, එයා අතින් රිචී මැරුම් කාපු නිසා. ඇයි රිචී වගේ මිනී මරුවෙක් මරපු එකට සමන්තාට මේ තරම් ජීවිත තර්ජන? එතකොට ඒ තර්ජන එන්නේ කාගෙන් ද? ඕවාට උත්තර දැන ගන්න නම් ඔයාලට මේ චිත්‍රපටය බලන්නම වෙනවා.
Spyglass Media Group විසින් නිෂ්පාදනය කරන ලද Paramount Pictures සමාගම විසින් බෙදා හරින ලද Scream 6 චිත්‍රපටය අධ්‍යක්‍ෂණය කලේ Matt Bettinelli-Olpin සහ Tyler Gillett යන දෙදෙනායි. චිත්‍රපටය ඇමරිකාවේ නිව්යෝක් නගරය පදනම් කරගෙන නිර්මාණය උනත් රූගත කිරීම් සිදු කරේ කැනඩාවේ Montreal නගරයේයි. ඉහත සඳහන් කල ප්‍රධාන නිලියන් දෙපලට අමතරව මේ චිත්‍රපටයේ ඊතන් ලෙස Jack Champion, ගේල් ලෙස Courteney Cox, චැඩ් ලෙස Mason Gooding, ක්වින් ලෙස Liana Liberato, සහ ඩැනී ලෙස Josh Segarra රංගනයෙන් දායක වෙනවා.
ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ යුරාන් ධනුක සහෝදරයාගේ ලිපිය
උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න