නායකයෙක් කියන්නේ අනිත් අය කරන දේ කරන එක නෙමෙයි අනිත් අයට හිතාගන්න බැරි දෙයක් කරන එක .වෙනස් දෙයක් කරන එක මිසක් විනාස වෙන තීරණ ගන්න එක නෙමෙයි , අලුත් උපසිරැසියක් එක්ක ඉක්මනින් ම හමුවෙමු
]]>සුභ දවසක් හැමෝටම!!
හායි… මෙ අරගෙන ආවේ After චිත්‍රපට මලාවේ පස්වැන්න හෙවත් අවසාන චිත්‍රපටය වන After Everything. මෙි චිත්‍රපටිය නිකුත් වෙන්නේ සැප්තැමිබර් 13, 2023 වෙනිදා. සුපුරුදු පරිදි මෙහිත් තිර රචනය සහ අධ්‍යක්ෂණය Castille Landon විසින්. මෙහි ප්‍රධාන චරිත සුපුරුදු ලෙස Josephine Langford සහ Hero Fiennes Tiffin විසින් නිරෑපණය කරනු ලබනවා. මෙහි සියලු බෙදාහැරිමි කටයුතු Voltage Pictures සමාගම විසින් සිදු කරනු ලබනවා.
මෙහි ප්‍රධාන චරිත ලෙස
Josephine Langford as Tessa Young
Hero Fiennes Tiffin as Hardin Scott
Louise Lombard as Trish Daniels
Stephen Moyer as Christian Vance
Mimi Keene as Natalie
Benjamin Mascolo as Sebastian
Cora Kirk as Freya
Rosa Escoda as Kat
Jessica Webber as Maddy
Ella Martine as Naomi
Laura Dutra as Paloma
Chance Perdomo as Landon
Kiana Madeira as Nora
චිත්‍රපටය විනාඩි 93 ක විකාශන කාලයකට යටත් වන අතර IMDb 4.6/10 ක අගයකුත් Rotten Tomatoes 79% ක අගයකුත් වාර්තා වෙලා තියෙනවා. මෙි චිත්‍රපටය බලන්න කලින් මෙිකේ අනිත් කොටස් හතර බලලා නැත්නමි බලන්න මොකද නැත්නමි සමහර දේවල් තේරුමිගන්න බැරි වෙනවා. (After 2019, After We Collided 2020, After We Fell 2021, After Ever Happy 2022)
පහල තියන පිංතූර Click කරලා ඔයාලට එ කතා ටිකත් බලන්න පුලුවන්
චිත්‍රපටයේ කතාව ගැන කියනවනමි, After Ever Happy කොටසේ අන්තිමට ටෙසා සහ හාර්ඩ්න් දෙන්නා වෙන් වෙනවා, මෙි කොටසේදි වෙන්නේ හාර්ඩ්න් තමන්ගේ වැරදි නිවරදි කරගනිමින් ටෙසාව නැවත දිනාගන්න දරනු ලබන උත්සාහය සහ තමන් අතින් නැටලිට වුන වැරදි වලට සමාව ඉල්ලන්න ඇයව හොයාගෙන යාම තමයි මෙි චිත්‍රපටයේදි වෙන්නේ. කොහොමවුනත් මේක තමයි අවසාන කොටස ඉතින් මෙික සතුටු අවසානයක් වෙයි කියලද හිතන්නේ? බලලම කියන්න.
තව දෙයක් මෙකත් අනිත් හතර වගේම පවුලේ අයත් එක්ක නමි බලන්න බැහැ.
ජය වේවා!!
ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ ජනිත් නවීන් සහෝදරයගෙ ලිපිය
උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න
කතාව ගැන නම් අමුතුවෙන් මතක් කරන්න ඕන්නෑ කියල හිතනවා මොකද ඔයාලට අමතක වෙන්න විදිහක් නෑ කලින් ෆිල්ම් තුන ගැන, ඒකම රෝලනෙ යන්නේ. ඒවගේ වුණ ටික මේකෙත් එහෙම්මම තියෙනවා: දෙන්න තරහ වෙනව, යාළු වෙනව, තව පොඩ්ඩක් ආදරෙත් කරනවා. ඒත් කතාව ගැන කෙටියෙන් මතක් කරන්නම්, කළින් ෆිල්ම් එකේදි හාඩින් දැනගන්නවා කේන් කියන්නේ ඔහුගෙ ඇත්තම තාත්ත නෙවේ ක්‍රිස්ටියන් කියලා. ඒක ඔහුට තදින්ම බලපානවා මොකද ඔහුගෙ ජීවිතේම බොරුවක් වුණ නිසා. ඔහුගේ ජීවිතේ වුණ ගොඩක් දේවල් වලට ක්‍රිස්ටියන්ට ඔහු දොස් පවරනවා. ඔහුගෙ පැත්තෙන් ඒක සාධාරණයි. ඉතින් මේ ප්‍රශ්නෙ හාඩින්ගෙයි ටෙසාගෙයි ජීවිතේට කෙසේ බලපායිද? ඔව්, හොඳින් බලපාන්නෑ. හාඩින්ගෙ මුරන්ඩිකම් තවත් වැඩි වෙන නිසා ටෙසාටත් මේ සම්බන්දෙ ගැන කලකිරෙනවා. ඒ නිසා දෙන්න තර ගොඩක් ප්‍රශ්න ඇතිවෙනවා. ඒව බලලාම දැනගන්න. ඊට අමතරව හාඩින් කේන්ට කෙසේ මුහුන දෙයිද මොකද කේන් තාමත් ඇත්ත දන්නෙ නෑ. හාඩින් තමන්ගෙ අම්මට කොහොම මුහුන දෙයිද, ඒවාද මේකෙන් ඔයාලට බලාගන්න හැකිවෙයි.
]]>මේ ෆිල්ම් එකට IMDb දර්ශකේ 5 කට කරකව ගන්න හැකි වෙලා තියෙනවා. රඟපාන අය ගැන ආය අමුතුවෙන් මතක් කරන්න ඕන්නෑනෙ, පරණ අයම තමයි. මේ කතාව පාදක වෙන්නෙ Anna Todd රචිත After we fell නවකතාවෙන්. ඊට අමතරව කියන්න තියෙන්නේ මේ පාර Amazon Prime විසින් After We Fell සහ මීලඟට නිකුත් වීමට නියමිත After Ever Happy ෆිල්ම් දෙකේ විකාශන අයිතිය ලබාගෙන ඒ හරහා තමයි නිකුත් කරන්නේ.
කතාව ගැන සාරාංශ කළොත්, ටෙසා හට සියැටල් වල ජොබ් එකක් දෙනවා ක්‍රිස්ටියන් වෑන්ස් විසින්. ඉතින් ඒක නිසා හැමදාමත් වගේ හාඩින් ටෙසා අතර ප්‍රශ්න ඇති වෙනවා. මොකද හාඩින්ට ඕන කළේ උපාදියෙන් පස්සෙ ලන්ඩන් යන්න ඒත් ටෙසාට සියැටල් වල ජොබ් එක නිසා ප්‍රශ්න වැටෙනවා. කොහොම හරි ඉතින් මෙයාල ඒව විසඳගෙන එකලාසයක් වුනත් අවසානෙට හාඩින්ට නොහිතපු ප්‍රශ්නෙකට වැටෙන්න වෙනවා. අනිවාරෙන් ඒක බලන ඔයාලටත් ලොකු පුදුම කිරීමක් වෙයි. ඉතින් බලලම දැන ගන්න ඒ මොකක්ද කියලා.
මගේ මතේ නම්, දෙවෙනි චිත්‍රපටයට වඩා මේක ගොඩක් හොඳ තත්වෙක තිබ්බා. බලමුකෝ ඉස්සරහට එන ඒව කොහොම වේද කියලා. එහෙනම් ඔය කියෙව්ව මදෑ. ඉස්සරහටත් අපිත් එක්ක රැඳිල ඉන්න කියල මතක් කරන ගමන් මං සමුගන්නවා.
ජය වේවා!!
ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ Bimsara Yashan (ඔලිව) සහෝදරයාගේ ලිපිය
උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න
කොහොමද හැම කෙනෙක්ටම. මතකද දන්නේ නැහැ ටෙසාගෙයි හාඩින්ගෙයි ආදර කතාව. ඒ කතාව ඇරඹුණු විධිය සහ අවසන් වුණු විධිය බලන්න නම් අනිවාර්යෙන්ම After (2019) බලන්න වෙනවා. නොබලපු කෙනෙක් වේ නම්, ඒක බලල එන්න මුලින්. නැත්නම් අගක් මලක් තේරෙන එකක් නැහැ.
ටෙසා ලෙස සුරූපී Josephine Langfordද, ( ඔව් මේ ෆිල්ම් එක බැලුවට පස්සේ කොල්ලන්ගේ ක්‍රෂ් ලිස්ට් එකට එයත් එකතු වෙයි ? ) හාඩින් ලෙසින් හැරී පොටර් කතා මාලාවේ තරුණ ටොම් රිඩ්ල්ගෙ චරිතය රඟ පෑ Hero Fiennes Tiffin එකතු වෙනවා. අධ්‍යක්ෂණය Jenny Gage විසින්ද කතාව සහ තිර රචනය Susan McMartin විසින් සිදුකරලා තියෙනවා. ඒ Anna Toddගෙ After We Collided නමින්ම රචිත කෘතියක් ඇසුරින්. ඉතිං මේ සංකලනයන් වෙනුවෙන් IMDB 5.3ක අගයක් ලැබිල තියෙනව. එහෙම නම් ඔන්න ඔබට බාරයි මෙතැන් පටන්.
ජය වේවා!!
ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ ශාන් විමුක්ති සහෝදරයාගේ ලිපිය
උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න
කතාව මුලිකවම ගෙතෙන්නෙ තරුණ වයසේ ඉන්න ටෙසා, හාඩින්, නෝවා කියන තිදෙනා වටා. ටෙසා ලෙස සුරූපී Josephine Langfordද, ( ඔව් මේ ෆිල්ම් එක බැලුවට පස්සේ කොල්ලන්ගේ ක්‍රෂ් ලිස්ට් එකට එයත් එකතු වෙයි ? ) හාඩින් ලෙසින් හැරී පොටර් කතා මාලාවේ තරුණ ටොම් රිඩ්ල්ගෙ චරිතය රඟ පෑ Hero Fiennes Tiffin එකතු වෙනවා. අධ්‍යක්ෂණය Jenny Gage විසින්ද කතාව සහ තිර රචනය Susan McMartin විසින් සිදුකරලා තියෙනවා. ඒ Anna Toddගෙ මේ නමින්ම රචිත කෘතියක් ඇසුරින්. ඉතිං මේ සංකලනයන් වෙනුවෙන් IMDB 5.5ක අගයක් ලැබිල තියෙනව. එහෙම නම් ඔන්න ඔබට බාරයි මෙතැන් පටන්.