ඔන්න එහෙනම් තවත් ලස්සනම ලස්සන ෆිල්ම් එකක් අරගෙන මම අදත් ආවා..ඇත්තටම මේ ෆිල්ම් එක මග ඇරගන්න එපා එහෙම වුණොත් අපරාදේ..එහෙනම් අපි කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු..
අංජලී සහ කාර්තික් කියන්නේ පිස්සුවෙන් වගේ ආදරේ කරන පෙම්ව්තුන් යුවලක්..මෙයාලා දෙන්නම ඩොක්ටර්ස්ලා..එක දවසක් නොහිතපු විදිහට අංජලීට අසනීප වෙනවා..ඒක මොලේ සම්භන්ධ අසනීපයක්..ඉතින් ඩොක්ටර් කාර්තික්ට උපදෙස් දෙනවා අංජලීට සෙල්සියස් අංශක විස්සට වඩා අඩු උෂ්ණත්වයකට නිරාවරණය වෙන්න දෙන්නත් එපා ඊට වඩා ගොඩක් වැඩි උෂ්ණත්වයකට නිරාවරණය වෙන්න දෙන්නත් එපා එහෙම වුණොත් අංජලීගේ ජීවිතේ නැති වෙන්න පුළුවන් කියලා..ඉතින් වැඩිදුර ප්‍රතිකාර වලට අංජලීව ජෝර්ජියාවට අරගෙන යන්න කියලා ඩොක්ටර් නියම කරනවා..ඉතින් මේ දෙන්නා එහෙට ගිහින් ලස්සන ගෙයක් අරගෙන ගොඩක් ආදරෙන් ජීවත් වෙනකොට තමයි එකපාරම මෙයාලගේ ජීවිතේට හෙනහුරා කඩා පාත් වෙන්නේ..මෙතනින් එහාට මම මුකුත්ම කියන්නේ නෑ..
කාර්තික්ට අංජලීව බේර ගන්න පුළුවන් වෙයිද ????
මේ දෙන්නගේ ඉරණම කොයි විදියට විසදෙයිද ????
මේ හැමදේටම උත්තර හොයා ගන්න ඕනෙනම් ආදරය..කුතුහලය..දුක..සතුට සපිරි මේ සිනමා සිත්තම බලන්න කියලා හැමෝටම ආරාධනා කරනවා..
උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න
අද මම ගෙනාපු ෆිල්ම් එක තෙලිගු ෆිල්ම් එකක්.මේ කතාවේ ප්‍රධාන චරිතේ තමයි සාරංගපානි කියන තරුණයා.සරංගා ගොඩක් ජොතිශ්‍ය ගැන විශ්වාස කරනවා.මේ කතාවෙ තියන්නේ මෙයගේ විශ්වාස නිසා ජිවිතේම අවුල් කර ගන්න යන සිදුවීමක්.
සාරංගා දවසේ සියලු වැඩ පටන් ගන්නේ ලග්න පලාපල බලලා.එයා පත්තරවල ෆෝන් එකේ හැම එකකින්ම එයාගේ ලග්නේ බලලා ඒකට හරියන්න තමයි දවසේ වැඩ සැලසුම් කර ගන්නේ.මේ නිසා සාරංගාගේ තාත්තා මෙයාව ගොඩක් වෙලාවට විහිළුවට ගන්නවා.සාරංගාට මොන ප්‍රශ්න ආවත් උදව් කරන හොද යාලුවෙක් ඉන්නවා.එයා තමයි චන්දු.
සාරංගාගේ පෙම්වතිය මයිතිලි.මයිතිලි ජොතිශ්‍ය ගැන විශ්වාස නොකරන කෙනෙක්.එයා කියන්නේ තාර්කානුකූල දේවල් විතරයි එයා විශ්වාස කරන්නේ කියලා.සරංගාට මේ තියන පුරුදු ගැන මයිතිලි දන්නේ නම් නෑ.
දවසක් සාරංගා ක්ලබ් එකේ පාටියකට යනවා.අනිත් අය පාටිය enjoy කරනකොට සාරංගා ඇවිද ඇවිද ඉන්නවා.එතකොට මෙයා දකිනවා අල්ල බලලා සාස්තර කියන මනුස්සයෙක්ව.සාරංගාත් යනවා සාස්තරයක් අහන්න.මේ කෙනා කියන අනාවැකි අහලා සාරංගා එයාගේ ජිවිතේ තියන හැම සැලසුමක්ම අවුල් කර ගන්නවා.මේ විදිහට තමයි කතාව පටන් ගන්නේ.
ඉතින් මුලු film එකම බලලා ඉන්නකෝ.හැමෝටම සුබ දවසක්…….
ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ ලිපිය
උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න
බච්චල මල්ලි කියන්නේ අම්මත් එක්ක ජීවත් වෙච්ච සාමාන්‍ය ගමේ කොල්ලෙක්. හැබැයි මිනිහා රස්තියාදුකාරයෙක් වගේ වැඩ කරන කෙනෙක්. එයා වැඩ කරන්නේ ගෝනි මලු මහන තැනක.ගොඩක් කාලෙකට කලින්, ඒ කියන්නේ 1985 දි මේ බච්චලා කියන්නේ දිස්ත්‍රික්කයේ පළමු ස්ථානය ලබා ගත්තු කෙනෙක්. හැබැයි යම් කිසි හේතුවක් නිසා මෙයාගේ ජීවිතය උඩු යටිකුරු වෙලා යනවා. ඉතින් ඔය හේතුව හින්දම එයා නරක ඇසුරට වැටිලා අරක්කු, සිගරට් බොන ගමන් වලිත් දාගන්නවා..පසුකාලෙක කාවේරී කියන කෙල්ලෙක් මෙයාගේ ජීවිතේට ඇතුළු වෙලා මල්ලිගේ ජීවිතේ ගොඩක් වෙනස් අතකට හැරෙනවා. ඒ අනුව තමන්ගේ පෙම්වතිය නිසාම එයා ගෝනි මලු මහන බිස්නස් එකකුත් පටන් ගන්නවා.. ආයෙත් තමන්ගේ වැරදි හදාගෙන තමන්ගේ ජීවිතේ ගොඩනගාගෙන යන්න හදද්දිම කාවේරීගේ තාත්තා අපේ බච්චලාට කොන්දේසියක් පනවනවා. අන්න එතනින් තමයි බච්චලාගේ ජීවිතේ ආයෙත් උඩු යටිකුරු වෙන්නේ..
ඇයි බච්චලා මල්ලිගේ ජීවිතේ උඩු යටිකුරු වුනේ?
කාවේරිගේ තාත්තා මොකක්ද මේ පනවපු කොන්දේසිය?
එතනින් එහාට මොනවද වෙන්නේ?
මේ ප්‍රශ්න ගොඩට උත්තර දෙන්න ඕනේ නම් චිත්‍රපටය බලන්නම වෙනවා..
සබ ඕනේ අය පහලට ගිහිල්ලම ඩවුන්ලෝඩ් කරගන්න.. වැඩි විස්තර ඕනේ අයට පොඩි හැල්ලක් මේ විදිහට ලියන්නම්.
එදාරා නරේෂ් කිව්වම හැමෝම දන්නේ නැතුව ඇති. හැබැයි ගොඩක් අය දන්නේ “අල්ලාරි නරේෂ්” කියලනේ. නාගර්ජුන අක්කිනේනිගේ Naa Saami Ranga ෆිල්ම් එකෙත්, Aa Okati Adakku ෆිල්ම් එකෙත් මෙයාගේ මුණ දැකලා ඇතිනේ.. මේ දෙකම මේ වෙද්දීත් අපේ අඩවියෙන් සබ දීලා තියෙන්නේ. ඕනේ අයට ෆිල්ම් එකේ නම උඩ ක්ලික් කලාම යන්න ඇහැකි.
ඉතින් සිනෙරු ෆේස්බුක් පිටුවේ තියෙන හැම පොස්ට් එකකටම සාමාන්‍යයෙන් මං හැමවෙලේම කමෙන්ටුවක් දාගෙන යනවා . ඉතින් කමෙන්ටු අස්සෙන් අස්සෙන් ගොඩක් ප්‍රේක්ෂකයින් ඉල්ලීම් කරපු නමක් තමයි මේ මං උපසිරැසි කරන මේ චිත්‍රපටය. සමහරු පුද්ගලිකව මට මැසේජ් කරලා මේකේ උපසිරැසිය කරලා දෙන්න කියලා ඉල්ලීම් කරලම තිබ්බා..
හැබැයි පොඩ්ඩක් මේකට මං පස්ස ගැහුවට පස්සෙම මට හිතුණා අලුත් එකකට අත තිබ්බයි කියලා වැරද්දක් වෙන්නේ නෑනේ. අනික කාලෙකින් තෙලිගු එකක් ගහන්න ගත්තේ නෑනේ.. ඒ හින්දම මේකේ උපසිරැසිය ගහන්න ඕනේ කියලා හිතුන වාර අනන්තයි. වැඩේ කියන්නේ ලේසි නෑ.. කොහොමහරි දෙන්නත් එපැයි. ඉතින් ඒ නිසාම බාර ගෙන ඉගෙනීමේ වැඩ අස්සේ කොහොමහරි ඔන්න ඔයාලට බලන්න පුළුවන් විදිහේ උපසිරැසියක් උස්සන් මෙහෙට ආවා..
මේ අල්ලාරි නරේෂ් 2024 අවුරුද්දේ අන්තිමට රගපාපු චිත්‍රපටය. නම Bachchala Malli. 2024 දෙසැම්බර් 20 නිකුත් කරපු මේ චිත්‍රපටයේ අධ්‍යක්ෂණය Subbu Mangadevvi ගෙන්. නිෂ්පාදනය Razesh Danda සහ Balaji Gutta ගෙන්. සංගීත අධ්‍යක්ෂණය විශාල් චන්ද්‍රසේකර්ගෙන්. ඇක්ෂන් ඩ්රාමා රෝමෑන්ස් ගණයට අයිති වෙන චිත්‍රපටයක් මේක.
රංගනයෙන් අපිට හුරුපුරුදු මුහුනූ ටිකක් දකින්න ලැබෙනවා. අල්ලාරි නරේෂ්ට අමතරව, අම්රිතා අයියර්, හරි තේජා, රාඕ රමේෂ්, අච්යුත් කුමාර් වගේ අය අපිට දැකබලාගන්න පුළුවන් වෙනවා. විශේෂයෙන් Court: State vs A Nobody චිත්‍රපටයේ චන්දුගේ චරිතය රගපාපු හර්ෂ් රෝෂන්වත් මේකේ දකින්න ලැබෙනවා.
රේටින් පැත්තෙන් ගත්තොත් IMDB අගය 8.3/10 කුත් ඇමසන් ප්‍රයිම් අගය 8.4/10 කුත් ගුගල් පරිශිලක අගය 54%කුත් මේ චිත්‍රපටයට හිමි වෙනවා.
මේ චිත්‍රපටය ETV Win, Amazon Prime Video වගේම Sun NXT කියන OTT platform තුනෙන්ම නිකුත් වෙනවා. නමුත් ගොඩක් වෙබ් අඩවි වල සදහන් වෙන්නේ ETV Win කියන OTT Platform එකෙන් තමයි මේ අවුරුද්දේ ජනවාරි 10 වෙනිදා මුලින්ම නිකුත් කරලා තියෙන්නේ කියලා.
මේ චිත්‍රපටයෙන් අපිටත් අපේ ජීවිතේටත් දෙන එකම අවවාදය තමයි ජීවිතේ කිසිම දවසක මෝඩ විදිහට තීරණ ගන්න යන්න එපා . එහෙම ගත්තොත් ඔයාට ඉතුරු වෙන්නේ මතකයන් වගේම ආයේ මතක් වෙන වේදනාවන් විතරයි කියන දේ.
ගොඩ කාලෙකට පස්සේ මගේ තෙලිගු කම්බැක් එක මේක වෙන්නත් බැරි නෑ. ඉස්සරහට ලොකුවට ගේන්න බැරි වුනත් පුළුවන් වෙලාවට උපසිරැසියක් ගෙන එන්න හැකි තාක් උත්සහ කරනවා.. මේ මං අද අරගෙන එන්නේ 6 වැනි තෙලිගු උපසිරැසි ගැන්වීම.
අදට මං ගිහිල්ලා එන්නම්.. තවත් සලරුවකින් හමුවෙනකම් ඔයාලට සුබ දවසක් ..
ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ ලිපිය
උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න
උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න