සුභ දවසක් හැමෝටම!!
අද ගෙනාවෙත් චිත්‍රපටි පෙළක දෙවනි නිර්මාණය. මේකෙ පළවෙනි චිත්‍රපටිය තමයි Along With The Gods : The Two Worlds (2017). ගිය අවුරුද්දෙ නිකුත් වුන ඒ චිත්‍රපටියෙ අවසානය තමයි ආරම්භය විදියට මේකෙන් නිරූපණය වෙන්නෙ. පළවෙනි එක ගැන කෙටියෙන් කිව්වොත්.. මරණෙන් පසු ලෝකය සැකසිලා තියෙන්නෙ මිනිස් ලෝකයේදි කළ පින්පව් වලට තීන්දු ලබලා දීලා අවශ්‍ය දඬුවම් හෝ පුනරුප්පත්තිය නියම කරන ක්‍රියාවලියකින්. විනිශ්චය ලබාදෙන්නෙ නඩුවාර 7ක් ඔස්සේ. මැරුණ හැම කෙනෙක්ම මරණින් පසු ලෝකයට යන අතරෙ තවත් මිනිස් කොට්ඨාසයකට විශේෂ තැනක් හිමි වෙනවා. ඒ පිරිස තමයි “උතුම් ආත්ම” කියන්නෙ. තමන්ට නියම වෙලා තියෙන ජීවිත කාලයට කලින් අනපේක්ෂිත හේතුවක් මත මියයන අයයි, තමන්ගෙ ජීවිතය ධාර්මිශ්ඨව ගෙවපු අයයි තමයි මේ කොට්ඨාසයට අයිති වෙන්නෙ. මෙහෙම මරණෙන් පස්සෙ ලෝකයට යන ආත්ම සඳහා ලබාදෙන නඩු ඇසීම වෙනුවෙන් ඔවුන්ට ආරක්ෂකයන් පත් කරලා තියෙනවා. මෙයාලගෙ කාර්ය වෙන්නෙ නඩු වලදි තමන්ගෙ ආත්මයට සිදුකරන චෝදනා වෙනුවෙන් පෙනී ඉන්න එක. මේ වගේ ආරක්ෂකයො තුන් දෙනෙක් තමයි ගන්ලිම්, හෙවොන්මක්, දොක් චුන් කියන්නෙ. මේ ආරක්ෂකයන්ට, එකදිගට උතුම් ආත්ම 49ක්ව, දවස් 49බැගින් සිදු කරන නඩුවාරයන්ගෙන් දිනවලා, පුනරුප්පත්තිය ලබලා දෙන්න පුළුවන් වුනොත් එයාලට කැමති තැනක කැමති විදියට නැවත ඉපදෙන්න අවස්ථාව ලැබෙනවා. එතකොට පළවෙනි චිත්‍රපටියෙ මෙයාලා ආරක්ෂා කරන කිම් ජා හොන්ග් කියන්නෙ මෙයාලා පෙනී සිටින 48වෙනි උතුම් ආත්මය. ඒකෙදි එයාව සාර්ථක විදියට පුනරුප්පත්තිය කරන්න එයාලට පුළුවන් වෙනවා.
අද ගෙනාපු ඒකෙ දෙවනි චිත්‍රපටියට පාදක වෙන්නෙ අන්තිම උතුම් ආත්මයට පුනරුප්පත්තිය ලබාදෙන විදිය. එතකොට මෙයාලගෙ අන්තිම, ඒ කියන්නෙ 49 වෙනි උතුම් ආත්මය විදියට, මරණෙන් පසු ලෝකයෙ රජතුමා තීරණය කරන්න කලින්, ගන්ලිම් කෙනෙක්ව තෝරගන්නවා. මේකට හෙවොන්මක් එච්චර කැමැත්තක් දක්වන්නෙ නෑ. ඒකට හේතු කිහිපයක්ම තියෙනවා.
මේක ගොඩක් හිත්ගන්නා සුළු නඩුවක් වෙන එක අහන්න දෙයක් නෙවෙයි. ඒ වගේම අපේ ආරක්ෂකයන්ගෙ අමතක වුන අතීතයත් මේ චිත්‍රපටියෙදි හෙළිදරව් වෙනවා. මෙහෙම ගියොත් සේරම කියලා දාන්න වෙන නිසා මං මෙතනින් කතා තේමාව අවසාන කරන්නම්. මේකෙ පිටුපස විස්තර ගැන කිව්වොත් වෙබ්ටූන් එකක් පදනම් කරගෙන තමයි චිත්‍රපටියක් බවට පත්වෙන්නෙ.
සජීවීකරණ රූපරාමු අතරින් ඉහළම තත්වෙ නිර්මාණයක්. දකුණු කොරියාව අැතුළත වාර්තාගත ආදායම ඩොලර් මිලියන 93ක්. Imdb අගය 7/10. පළවෙනි එක බලපු අය දන්නවා ඇතිනෙ මොන වගේ චිත්‍රපටියක්ද කියලා. තව කියන්න ඕනෙ මේක ඇවිත් ටික දවසක් වුනත් දෙන්න පරක්කු වුනා. විභාග නිසා තමයි. ඒ නිසා ප්‍රමාදෙට සමාව ඉල්ලන ගමන් වෙනදා වගේම අදත් චිත්‍රපටිය බලන්න ආරාධනා කරනවා.
ජය වේවා!!
ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ නවෝදනී තිළිණි සහෝදරියගේ ලිපිය
උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න
සුභ දවසක් හැමෝටම!!
මේ ගෙනාවෙ 2017 වසරෙ අවසානයෙ සිනමාවට ආපු කොරියානු විශිෂ්ඨ සිනමා නිර්මාණයක්. පැය දෙකයි විනාඩි 16ක් පුරා දිවෙන මේ චිත්‍රපටිය වෙනස්ම මුහුණුවරක් ගන්නවා. සාම්ප්‍රදායික චිත්‍රපටි වලින් බැහැරව යන කතා නිර්මාණයක් විදියට ජනප්‍රිය මේ Along With The Gods චිත්‍රපටිය ප්‍රෙක්ෂකයින් විශාල ප්‍රමාණයක් පලමු දිනයේදීම ආකර්ශණය කරගැනීමට සමත් වෙලා තියෙනවා. කොරියාවෙ දී බොක්ස් ඔෆිස් වාර්තා තැබීමටත්, මාස 4ක් වැනි සුළු කාලයක් තුලදී පැවැත්වීමට නියමිත සිනමා උලෙලවල් 7ක නම ඇතුලත් කරගැනීමට සමත් වෙලා තියනවා. ඒ වගේම ඒ කාලය ඇතුලතම IMDb වල 7.4 ක අගයක් ලබාගෙන තියෙනවා. කොච්චර සුපිරි සිනමා සිත්තමක්ද කියලා දැනගන්න නම් මේක බලලම තමයි තීරණය කරන්න වෙන්නෙ. චිත්‍රපටියෙ වියදම ගැන කිව්වොත් ඇමරිකානු ඩොලර් මිලියන 37ක වියදමක් දරලා වගේම ඇමරිකානු ඩොලර් මිලියන 109ක ආදායමක් ලබලා තියෙනවා. චිත්‍රපටිය කොච්චර සාර්ථකද කිව්වොත් 2019 දී මේ කතාව ඇතුළත් රූපවාහිනී කතාමාලාවක් ඒමටත් නියමිතයි.
මම කතාව ගැන පොඩි විස්තරයක් කරන්නම්,
මැරෙන ඕන කෙනෙක් මුලින් අපායට ගිහින් තමයි ආයෙ යන තැනක යන්නෙ. මේ විදියට අපායෙන් ලබා දෙන තීන්දුව අනුව තමයි නැවත ඉපදෙන කාලය, දුක් විඳින කාලය තීරණය වෙන්නෙ. මේ ලෝකෙදි කරන පව් වලට ඒ ලෝකෙදි තමයි දඬුවම් ලැබෙන්නෙ. මේ ලෝකෙදි කරපු පව් එකක් නෑර විනිශ්චය වෙලා සුදුසු දඬුවම එහෙදි ලැබෙනවා. මේ නඩු අහන්නෙ කාණ්ඩ 7ක් යටතේ. ඒ හත මොනාද කියලා දැනගන්න පුළුවන් වෙයි චිත්‍රපටිය බැලුවට පස්සෙ. මේ නඩු වලට මුහුණ දෙන, අපායට ගිය ආත්ම වෙනුවෙන් කතා කරන අයත් ඉන්නවා. මම මින් එහාට චරිත ගැන කියන්න යන්නෙ නෑ. කුතුහලය එක්කම නරඹන්න. චිත්‍රපටිය ඇත්තටම ගොඩක් ලස්සන, රසවත් තැන් පිරුනු, ත්‍රාසය කුතුහලය අඩුවක් නැතුව තියෙන නිර්මාණයක්. විශ්වාස කරන්න, හැම විනාඩියෙදිම පුදුම හිතෙන දේවල් තමයි සිද්ධ වෙන්නෙ. එහෙනම් වෙනදා වගේ මේකත් රසවිඳින්න ආරාධනා කරනවා.
ජය වේවා!!
ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ නවෝදනී තිළිණි සහෝදරියගේ ලිපිය
උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න
Directed by Kim Byung-woo
Produced by Kang Myung-chan
Kim Young-hoon
Ha Jung-woo
Written by Kim Byung-woo
Starring Ha Jung-woo
Lee Sun-kyun
Jennifer Ehle
Kevin Durand
Music by Lee Ju-noh
Cinematography Kim Byung-seo
Edited by Kim Chang-ju
Production
company Perfect Storm Film
Distributed by CJ Entertainment
Release date December 26, 2018
Running time 124 minutes
Country South Korea
Language English
Korean
Box office US$12.5 million
ඉතින් චිත්‍ර පටය ගැන කතා කරොත් මේ ෆිල්ම් එකේ ප්‍රධාන චරිතෙ තමයි ඒහබ්..ඒහබ් කියන්නෙ කුලී හමුදා බට කණ්ඩායමක නායකයෙක්..ඉතින් මේ ඒහබ්ගෙ කණ්ඩායමට ඇමරිකා රජයෙ අනුග්‍රහය ලැබෙන මෙහෙයුමක් ලැබෙනවා..ඒ මෙහෙයුම තමයි උතුරු කොරියාවෙ නායකයව එහෙමත් නැත්තන් කිංග්ව පැහැර ගන්න එක..ඉතින් එ්හබ් තමන්ගෙ කණ්ඩායමත් එක්ක එකතු වෙලා මේ මෙහෙයුම පටන් ගන්නවා..කොහොම හරි මම මීට වඩා කතාව කිව්වොත් ඔය ගොල්ලන්ට බලන්න දෙයක් ඉතුරු වෙන එකක් නෑ…එහෙනම් ඉතින් ඒහබ් තමන්ගෙ මෙහෙයුම සාර්ථකව අවසන් කරාද එහෙමත් නැත්තන් ඒහබ් අසාර්ථක වුණාද කියලා ෆිල්ම් එක බලලම දැන ගන්න ඕන..
කොහොම වුණත් මේ ෆිල්ම් එක 2018 නිකුත් වුණාට මේ වෙනකන් සිංහල උපසිරැසියක් තිබුණෙ නෑ..ඉතින් මමයි ඩිලාන් ප්‍රසන්න අයියයි එකතු වෙලා ඔන්න එහෙනම් ඔයාලට සිංහල උපසිරැසිය අරගෙන ආවා..උපසිරැසිය අරගෙන නිකන්ම නොයා හොඳ නරක ගැන පුංචි සටහනකුත් තියල යන්න අමක කරන්න එපා…එහෙනම් අදට සමුගන්නම්..ඔයාලා හැමෝටම බුදු සරණයි
ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ අංජුල උමේෂ් සහ ඩිලාන් ප්‍රසන්න සහෝදරයාගේ ලිපිය
]]>