Gilbert Owuor – SinhalaSub https://sinhalasub.lk සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Fri, 03 Oct 2025 06:59:05 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.3 https://sinhalasub.lk/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Gilbert Owuor – SinhalaSub https://sinhalasub.lk 32 32 Emancipation (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/emancipation-2022-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/emancipation-2022-sinhala-subtitles/#respond Fri, 03 Oct 2025 06:56:58 +0000 https://sinhalasub.net/?post_type=movies&p=33961 Emancipation Sinhala Sub
Emancipation Sinhala Subtitles
Emancipation (2022) Sinhala Sub
Emancipation (2022) Sinhala Subtitles

ආයුබෝවන් හැමෝටම…

තවත් ලස්සන චිත්‍රපටයකට උපසිරැසි අරගෙන මම ආවා ඔයාලව හම්බවෙන්න…

ඉතිං කතාවෙ නම තමා Emancipation… Apple original films වලින් නිකුත් කරපු චිත්‍රපටය 2022 දෙසැම්බර් 3 වනදා සිනමාශාලා වල ප්‍රදර්ශනයට නිකුත් කිරීමෙන් අනතුරුව…ඩිජිටල් පිටපත් දෙසැම්බර් 09 දා නිකුත් කරනු ලැබූවා…

ප්‍රධාන රංගනයෙන් අපි කවුරුත් දන්න වීල් සුමිත් අයියා….ආ සමාවෙන්න ?‍♂විල් ස්මිත් නේද ?..අන්න එයා සහභාගි වෙනවා…Action/Thriller ගණයට නම් කරල තියන මෙය පැය 2 විනාඩි 12 සම්පූර්ණ ධාවන කාලයක් ලබාගෙන තියනව…

ඉතිං කතාවට ගියොත්….

19 වන ශතවර්ෂය අග භාගයේ..ඒ කියන්නෙ 1850 පස්සෙ ඇමරිකාවේ කළු ජාතිකයන් යොදාගෙන බොහෝ වශයෙන් යොදාගත් වහල් සේවය බොහෝ ලෙස පැතිරිලා අවසන් වෙලයි තිබ්බෙ…කළු සුදු බේදය ලොකුවටම තිබුණ කාලයක් ඒක…සුදු උත්‍තමයන් හමුවේ ඉතාම කුරිරු ලෙසයි මොවුන් වහල් සේවයේ යෙදිලා හිටියේ…බල්ලොන්ටත් වඩා පහත් තත්ත්වයක් තමා ඔවුනට ලැබුණේ.

ඉතිං මේ පැලැන්තියටම අහුවුන මනුස්සයෙක් තමා මේ පීටර් කියන්නෙ දෙවියන් කෙරෙහි බොහෝ භක්තිය තියන පීටර් තමාගේ දරු පවුල සමග ආදරයෙන් ජිවත් වෙනවා…ඒත් ඒ ආදරේ තුළ සතුටට ඔවුනට ඉඩ ලැබුණේ නෑ,පීටර්ව ඔහුගේ වහල් අයිතිකාරයා වෙන කැප්ටන් ලයන්ස් වහලෙක් විදිහටම ක්ලින්ටන් පළාතට විකුණලා දානවා…ඒ රේල් පාරවල් හදන තැනකටයි…එතනදීත් එයාට කුරිරුකම්..තමන්ගෙ සහෘදයින් ට වෙන ප්‍රචණ්ඩකාරී ක්‍රියා තමාටත් ඇතුළුවම අත් දකින්න වෙනවා…

මේ අතරෙ පීටර් ට අහම්බෙන් අහන්න ලැබෙනවා…ආදර්ශමත් නායකයෙක් කියල අදටත් අපි සලකන එවකට ඇමරිකානු ජනාධිපති ඒබ්‍රහම් ලින්කන් ඒ වෙනකොටත් වහලුන්ව නිදහස් කරලා කියල,ඒත් මේ පළාතෙ වහල් සේවකයෝ ඒක වහලුන්ට හංගලා දිගටම වැඩ ගන්නවා,මේ උගුලෙන් බේරෙන්න ඕන කියල හිතන පීටර් ලින්කන් ගෙ හමුදාව හොයාගෙන තවත් සගයන් තුන්දෙනෙක් එක්ක ක්ලින්ටන් වලින් පැනගන්නවා…එතනින් තමා ත්‍රාසය පිරුණු අත්දැකීම් වලට පීටර් ට මූණදෙන්න සිද්ධ වෙන්නෙ…

දැනටමත් කිව්වා වැඩියි වගේ…ඔයාලටම කතාව බලල රසවිදින්න කියල මම ආරාධනා කරනවා…

එහෙනම් තවත් උපසිරැසියකින් හම්බවෙනකම්…

සියලු දෙනාටම ජය!

]]>
https://sinhalasub.lk/movies/emancipation-2022-sinhala-subtitles/feed/ 0