Eagle Kim Young-Il Archives - SinhalaSub https://sinhalasub.lk/cast/eagle-kim-young-il/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Sun, 17 Dec 2023 01:18:49 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.2 https://sinhalasub.lk/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Eagle Kim Young-Il Archives - SinhalaSub https://sinhalasub.lk/cast/eagle-kim-young-il/ 32 32 Dragon Fist (1979) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/dragon-fist-1979-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/dragon-fist-1979-sinhala-subtitles/#respond Mon, 06 Nov 2023 10:24:56 +0000 https://sinhalasub.life/?post_type=movies&p=59561 Dragon Fist Sinhala Sub Dragon Fist Sinhala Subtitles Dragon Fist (1979) Sinhala Sub Dragon Fist (1979) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! ජැකී චෑන්ගෙ පැරණි චිත්‍රපට වලට ප්‍රිය කරන රසිකයින් කීප දෙනෙක්ගේම ඉල්ලීමක් තමයි අද ඉටු කරන්නෙ. ඉතින් ඔයාල වෙනුවෙන් අද අරගෙන ආවා 1979 අප්‍රියෙල් 21 දින හොංකොංහීදී තිරගත කිරීම ඇරැඹුණු Dragon Fist. හොංකොං ඩොලර් මිලියන […]

The post Dragon Fist (1979) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Dragon Fist Sinhala Sub
Dragon Fist Sinhala Subtitles
Dragon Fist (1979) Sinhala Sub
Dragon Fist (1979) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

ජැකී චෑන්ගෙ පැරණි චිත්‍රපට වලට ප්‍රිය කරන රසිකයින් කීප දෙනෙක්ගේම ඉල්ලීමක් තමයි අද ඉටු කරන්නෙ.

ඉතින් ඔයාල වෙනුවෙන් අද අරගෙන ආවා 1979 අප්‍රියෙල් 21 දින හොංකොංහීදී තිරගත කිරීම ඇරැඹුණු Dragon Fist. හොංකොං ඩොලර් මිලියන 1 ආදායමක් උපයාගනිමින් හොංකොං බොක්ස් ඔෆීස් ලිස්ට් එකටත් ඇතුලත් වුනු ඩ්‍රැගන් ෆිස්ට්, Action, Martial Art, Drama වර්ගයේ චිත්‍රපටයක්. ධාවන කාලය විනාඩි 97 යි. ජැකීගෙ චිත්‍රපට ගණනාවක් නිර්මාණය කල Lo Wei ගෙ අධ්‍යක්ෂනයක්. Jackie Chan සමග රංගනයෙන් එකතු වෙනවා James Tien සහ Nora Miao. සුරූපී Nora Miao ව නම් ඔයාල දන්නවනෙ. බෘස්ලී සමග, රිදී තිරයේදී සිපගැනීමේ දර්ශනයකට පෙනී සිටි එකම නිලිය. ඒ ‘ෆිස්ට් ඔෆ් ෆියුරි’ චිත්‍රපටයේ. බෘස්ලීගෙ චිත්‍රපට පහෙන් තුනකම රඟපාන්න වාසනාව ලද නිලියක්. ජැකීගෙ ප්‍රථම, ප්‍රධාන චිත්‍රපටය වුනු “නිව් ෆිස්ට් ඔෆ් ෆියුරි” එකෙත් ජැකීගේ සහාය නිලිය වුනේ ඇයයි.

ෆිල්ම් එකේ කතාව ගැන කියනවා නම්, ජැකීගෙ සලකුණ වන කොමඩි චිත්‍රපටයක් නම් නෙමේ. මේක නිෂ්පාදනය වෙලා තියෙන්නෙ 1978 වසරේ. තිරගත කිරීම 1979 ට කල් යන්නෙ ස්ටුඩියො එකේ මුදල් අහේනියක් නිසා. 1978 වෙනකොට ජැකී කොමඩි රැල්ලට හැරිල තිබුනෙ නෑ. ඔහුගෙ විතරක් නෙමේ හොංකොං සිනමාවෙම කොමඩි රැල්ල පටන් ගත්තෙ ජැකීගෙ Snake in the Eagle Shadow [ 1978 ] චිත්‍රපටයෙන්. හැබැයි ජැකීගෙ තරුණ ජවසම්පන්නකම සහ මාෂල් ආට් හැකියාව ඩ්‍රැගන් ෆිස්ට් එකේ ඉහළින්ම තියෙනවා. ඒ පැත්තෙන් නම් බලන්නම වටින ෆිලුමක්. ටොං හෝ-වැන් (ජැකී) ගේ මාස්ටර්ට, වෙනත් වංශයක මාස්ටර් කෙනෙක් වන චුං විසින් සටනකට අභියෝග කරනවා. ඔහු ඒක කරන්නෙ පුද්ගලික ආරෝවකට. එහිදී බරපතල තුවාල ලබන ටොංගේ මාස්ටර් පසුව මිය යනවා. මහන්සිවී සටන් පුහුණු වන ටොං අවුරුදු කීපයකට පසුව, ඔහුගේ මාස්ටර්ගෙ බිරිඳ සහ දියණිය ( Nora ) සමග මාස්ටර් චුංව හොයාගෙන යනවා, තම මාස්ටර්ගෙ මරණයට පලිගන්න. චුංව හොයාගෙන ඔහුගේ “ඉවසීමේ වංශයට” යන මේ තුන් දෙනා මුහුණ දෙන්නේ, ඔවුන් තිදෙනා කිසිසේත්ම නොසිතූ අමුතුම තත්ත්වයකට. ඇයි ඒ? එහෙ මොකද වෙලා තියෙන්නෙ? චිත්‍රපටය බලමු, නේ?

විශේෂයෙන්ම කියන්න ඕනෙ මේකෙ කිසිම අසභ්‍ය දර්ශනයක් නෑ… ලොකු අමානුෂික දර්ශනත් නෑ. 

එහෙනම් ඔයාලා හැමෝටම සිංහලසබ්නෙට් අපි ආදරයෙන් ආරාධනා කරනවා මෙ චිත්‍රපටය බලන්න කියලා…

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Subz.lk හි පලවූ Rasika Samanjith සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Dragon Fist (1979) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/dragon-fist-1979-sinhala-subtitles/feed/ 0