David Warner – SinhalaSub https://sinhalasub.lk සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Fri, 06 Jun 2025 10:26:47 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.3 https://sinhalasub.lk/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png David Warner – SinhalaSub https://sinhalasub.lk 32 32 Robinhood (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/robinhood-2025-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/robinhood-2025-sinhala-subtitles/#respond Fri, 06 Jun 2025 05:19:54 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=102763 Robinhood Sinhala Sub
Robinhood Sinhala Subtitles
Robinhood 2025 Sinhala Sub
Robinhood (2025) Sinhala Sub
Robinhood (2025) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම,

ඔන්න මම අද සිනෙරූ නිවහනට ගොඩ වැදුනේ 2025 මාර්තු 28 වන දින තිරගත කිරීම් ආරම්භ වුණු “රොබින්හුඩ්” කියන අලුත්ම තෙළිඟු චිත්‍රපටයේ උපසිරැසි අරගෙන. වෙන්කි කුදුමුලාගේ අධ්‍යක්ෂණයෙන් හැඩවුණු මේ චිත්‍රපටයේ නිතින් සමගින් ශ්‍රීලීලා ප්‍රධාන නළු නිළි දෙපල ලෙස රංගනයෙන් දායක වෙනවා.

පැය 2යි මිනිත්තු 30කට ආසන්න ධාවන කාලයක් හිමි මේ රොබින්හුඩ් චිත්‍රපටයේ බොක්ස් ඔෆිස් ආදායම ඉන්දියන් රුපියල් කෝටි 14ක් පමණ වෙන අතර එහි නිෂ්පාදන වියදම ඉන්දියන් රුපියල් කෝටි 60ක් පමණ වෙනවා. ක්‍රයිම්, ඇක්ෂන්, සහ කොමඩි ශානරය යටතේ දිවෙන මේ චිත්‍රපටයට මිශ්‍ර ප්‍රේක්ෂක ප්‍රතිචාර හිමිවෙලා තියෙනවා බලාගන්න පුළුවන්. චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණයෙන් G.V.ප්‍රකාශ් කුමාර් දායක වෙන අතර, සිනමාකරණය සායි ශ්‍රීරාම් විසින් සිදුකරලා තියෙනවා.

හරි, එහෙනම් අපි කතාව පැත්තට හැරුණොත්,

Nithiin – [රාම්] / [රොබින්හුඩ්]
Sreeleela – [නීරා වාසුදේව්]
Vennela Kishore – [ජෝති]
Rajendra Prasad – [ජෝන් ස්නෝ]
Devdatta Nage – [ස්වාමි]
Shine Tom Chacko – [වික්ටර් වර්ගීස්]
David Warner – [ඩේවිඩ් භායි] – ආරාධිත රංගනය

තම රට එයාගේ පවුල විදියට දකින රාම්.. දුෂ්කරතා වලින් පෙළෙන අනාථ නිවාස වලට මුදල් සපයන්න පොහොසතුන්ගෙන් හොරකම් කරන්න පටන් ගන්නවා. කාලයක් තිස්සෙ මංකොල්ල කන මේ රොබින්හුඩ් නමින් හැඳින්වෙන මංකොල්ලකාරයා අල්ලන්න පොලිසිය ලුහුබඳිනවා. මේ මෙහෙයුමට වික්ටර් වර්ගීස් කියන වල් බල්ලෙකුත් එකතු වෙනවා. රොබින්හුඩ්ට විවේකයන් දුන් රාම් පසුව ජෝන් ස්නෝ කියල කෙනෙක් කරගෙන යන ආරක්ෂක ඒජන්සියකට සම්බන්ධ වෙනවා.

ඒ අතර ධනවත් AV Phama සමාගමේ අභිනව් වාසුදේව්ගේ දුව නීරා වාසුදේව්ට ඇයගේ මව් පාර්ශවයේ ඥාතීන්ගෙන් ඇමතුමක් ලැබෙනවා ඇයට ඉන්දියාවට පැමිණ ඇයගේ සීයාව මුණ ගැහෙන්න කියලා. ඒ එක්කම ඇයට ඉන්දියාවේදි ආරක්ෂාව සපයා ගන්න ඉන්දියාවේ අංක එකේ ආරක්ෂක ඒජන්සිය සම්බන්ධ කර ගන්නවා.

මම කතාව තවත් කියන්න යන්නේ නෑ, ඔයාල බලලම ඉන්නකෝ !

එහෙනම් ගිහින් එන්නම් ,
තවත් අළුත් උපසිරැසියකින් ඉක්මණින් හමුවෙමු.
ඔබට ජය !

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

]]>
https://sinhalasub.lk/movies/robinhood-2025-sinhala-subtitles/feed/ 0
Titanic (1997) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/titanic-1997-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/titanic-1997-sinhala-subtitles/#respond Sat, 24 Jun 2023 18:40:39 +0000 https://Sinhalasub.net/?post_type=movies&p=2326 1997 අවුරුද්ද සිනමා ලෝකයට සුවිශේෂ වසරක්! අපේ යාළුවො කවුරුත් ඒක හොදටෝම දන්නවා. ලෝකය පුංචි වැඩියි කියලා කියන්න තරම් විශාල වුණු නැවකුයි ඒ නැවේ කතාවයි යළි වරක් මුළු ලෝකයේම අවධානය දිනාගන්නට සමත් වුණේ ඒ වර්ෂයෙදි වීමයි ඊට හේතුව. මෙහෙම කියනකොටම කට්ටිය මටත් වඩා හොදට දන්නවා මම මේ කියන නැව මොකද්ද කියන්න. ඒ වගේම ඒ නැවේ කතාව මොකද්ද කියන එකත් දන්නවා කියන එක මට හොදටම විශ්වාසයි. ඔව් ඔබ හරියටම හරි. ඒ තමා ‘ටයිටැනික්’.

මුළු ලෝකයම මරණයේ වේදනාවෙන් කම්පනය කරලන්නට වගේම ආදරයේ වේදනාවෙන් මුසපත් කරවන්නටත් සමත් වුණු මේ මහා සිනමා කාව්‍ය එදා මෙදා තුර බිහිවූ උත්කෘෂ්ටතම පෙම් පුවතක් බවයි පොදුවේ කාගේත් පිළිගැනීම. සම්මාන පිට සම්මාන දිනමින් සහ සම්මාන උළෙලවල් පවා දෙවනත් කරවන්නට ඒ ඔස්කාර සම්මාන 11 තවත් ජයග්‍රහණ 81 ලබන්නට තරම් මේ මහා නිර්මාණය සමත් වුනා.. එමෙන්ම මේ බයිස්කෝප් එක එකරැයින් හොලිවුඩ් සුපිරි තරු යුගලක් බිහි කරන්නට තරම් සමත්කමක් දැරුවා.ඒ විතරක් නෙමෙයි හොලිවුඩයේ ඒ ලෙස නළු-නිළි තරු යුවලක් බිහි කරවද්දී ගායන ලෝකයටත් තව තරුවක් බිහි කරන්නට තරම් සුපිරිතම ගීතයක් පවා මේ තුළ අන්තර්ගත වුණා.

එය ඔබේත් මගේත් හදවත් අදටත් සසල කරවන්නට හැකි ඒ ගුණය එකලෙස සුරකිනවා. මේ ගීය අදටත් හරියට පෙම්වතුන්ගේ නිල ගීතය වගෙයි කිව්වත් වැරැද්දක් නොවන තරමට ආදරයේ අරුත කැටිකරගත් ගීයක්.

අදාරයේ සැබෑ අරුත ලොවට පසක් කර දෙන්නට නිර්මල පෙම මේ යැයි පවසන්නට මේ නිර්මාණය තරම් මගේ සිත් ගත් වෙන නිර්මාණයක් නැති තරම්..ඒ වගේම මගේ උපසිරස ගමනේ අසීරුම උපසිරස ගන්වන්නට ලැබුණු නිර්මාණයද මේකයි.අසීරු වූයේ අන් කවර හේතුවකටවත්  නෙමේ මෙහි  දෙබස් සංයෝජනය කිරීම ඇත්තටම ඉතාමත් දුක්බර මෙන්ම හදවත නැවත  නැවතත් කදුළු වලින් පුරවන්නට වූ නිසාවෙන්ය…

අනික් දේ පුරා වසර 10 ක් එක ලෙස වැඩිම ආදායම් වාර්තා අතර පළමු තැන තිබු මේ සිනමාපටය නැවතත් 2 වෙනි තැනට පත් වූයේ මේ අනර්ඝ නිර්මාණයත්  බිහි කල ලොව  සුවිශේෂී නිර්මාණ කරුවා  James Cameron විසින් නිපදවූ  Avatar (2009) බයිස්කෝප් එකයි.ඔහු විසින් නිපදවූ  චිත්‍රපටය නැවතත් 2 වෙනි තැනට පත් කරන්නට පත් වූයේ ඔහුගේ නිර්මාණ වල අද්විතීය බව ලොවට පසක් කරමිනි..

අපේ 1000 සැමරුම වෙනකොටත් මේක සිංහල උපසිරැසි සහිතව ලබා දී නොතිබුණු නිසා ඒ අඩුව පුරවන්නට වගේම ඒ රසය බෙදන්නටත් මෙය සිංහල මුසු කරල ගෙන එන මේ කටයුත්ත සිදු කළේ අවංකවම ඔබට හොද දෙයක් ලබා දෙන්න තිබෙන කැමැත්ත නිසාවෙන්මයි. සිංහල උපසිරස එක්ක කොපමණ බයිස්කෝප් ලබා දුන්නත්  මේ බයිස්කෝප් එක නැතුව එය සම්පුර්ණ වූයේ නැතය යන්න මගේ අදහසයි..උදා සහෝවත් මේ අවස්ථාවේ මතක් කරන්න ඕනේ ඔහුටත් මගේ ස්තූතිය.එහෙමනම් ඔබට ආරාධනා කරනවා James Cameron ගේ අධ්‍යක්ෂණයෙන්, Lenardo Decaprio සහ Kate Winclet ගේ තාත්වික රංගනයෙන් වගේම Celine Dione ගේ  මනමත් වූ ගායනයෙන් සංගීතයෙන් හැඩවුණු මේ අද්විතීය සිනමා සිත්තම ඔබත් නරබන ලෙස……. ජය වේවා~!

විශේෂ ස්තූතිය : තිලාන් සුචරිතරත්න සහෝට 

ලිපිය උපුටා ගැනීම :- Baiscopelk.com හි පලවූ විකියා සහෝදරයාගේ ලිපිය

Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

]]>
https://sinhalasub.lk/movies/titanic-1997-sinhala-subtitles/feed/ 0