ප්‍රධාන නළු නිළි පිරිස සහ ඔවුන්ගේ චරිත:
• Florence Pugh – Yelena Belova (යෙලේනා බෙලෝවා)
• Sebastian Stan – Bucky Barnes / Winter Soldier (බකී බාන්ස් / වින්ටර් සෝල්ජර්)
• Julia Louis-Dreyfus – alentina Allegra de Fontaine (වැලන්ටිනා ඇලෙග්රා ද ෆොන්ටේන්)
• Lewis Pullman – Robert Reynolds / Sentry (රොබට් රෙනෝල්ඩ්ස් / සෙන්ට්‍රි)
• David Harbour – Alexei Shostakov / Red Guardian (ඇලෙක්සි ෂොස්ටකොව් / රෙඩ් ගාඩියන්)
• Wyatt Russell – John Walker / U.S. Agent (ජෝන් වෝකර් / යූ.එස්. ඒජන්ට්)
• Hannah John-Kamen – Ava Starr / Ghost (ඒවා ස්ටාර් / ගෝස්ට්)
• Olga Kurylenko – Antonia Dreykov / Taskmaster (ඇන්ටෝනියා ඩ්‍රේකොව් / ටාස්ක්මාස්ටර්)
• Geraldine Viswanathan – Mel (මෙල්)
අපි මෙච්චර කල් MCU එකේ දැකපු, සමහර වෙලාවට වීරයන්ටත් වඩා අපේ හිත් දිනාගත්ත, ඒත් ටිකක් විතර ‘අවුල්’ චරිත කීප දෙනෙක් එකට එකතු වෙලා වැඩ කරනවා දකින එක නම් පිස්සු හැදෙන අත්දැකීමක් වේවි කියලා හිතෙනවා. යෙලේනාගේ ඒ තීක්ෂණ බුද්ධියත්, බකීගේ අමිහිරි අතීතයත්, රෙඩ් ගාඩියන්ගේ පරණ වීරකම් මතකයන් වගේම, ජෝන් වෝකර්ගේ තවමත් ඉවර නැති කෝපයත් එකට එකතු වුණාම මොන වගේ දෙයක් නිර්මාණය වෙයිද?
එහෙනම් අලුත් උපසිරැසියකින් හම්බවෙමු. ඔයාලට ජය
~ උපසිරැසිකරණයේ නවමු රැල්ල සිනෙරූ ~
ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ ලිපිය
උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න
උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න
මේ චිත්‍රපටිය ගොඩක්ම වැදගත් වෙන්න හේතු කීපයක්ම තියෙනවා. ඒවා ඉස්සරහට දැනගන්න පුළුවන් වෙයි. අපි මුලින්ම බලමු මේ චිත්‍රපටියෙ අධ්‍යක්ෂණය කරපු ඒ මහා දැවැන්තයෝ ගැන. හැබැයි Marvel චිත්‍රපටි බලන කෙනෙක්නම් මේ දැවැන්තයෝ ගැන අනිවාරෙන්ම දැනගන ඉන්න ඕන. වැඩිම බොක්ස් ඔෆිස් ආදායමක් ලබාගත්ත චිත්‍රපටි මතකද? කොහොම අමතක වෙන්නද ඉතින්. ඒ තමයි Avengers: Infinity War, Avengers: Endgame කියන චිත්‍රපටි දෙක. මෙන්න මේ දැවැන්තම සිනමා නිර්මාණය අධ්‍යක්ෂණය කරපු Russo (රූසෝ) සහෝදරයො තමයි මේ සුපිරිම චිත්‍රපටියත් අධ්‍යක්ෂණය කරන්නෙ. එතනින්ම හිතාගන්න පුළුවන් ඇතිනෙ මේකත් කොහොම චිත්‍රපටියක්ද කියලා. අධ්‍යක්ෂණයෙ ඉඳන්ම හොඳම දෙයක් ලැබුණ චිත්‍රපටියක් කියලත් කියන්න පුළුවන්.
මම කලින් කිව්වා වගේ තවත් වැදගත්ම හේතුවක් තමයි මේ චිත්‍රපටියෙ ප්‍රධාන චිත්‍රපටියට රංගනයෙන් දායකවෙන චරිතය. ඒ තමයි හැමෝම හොඳටම දන්න කියන මාවල් සිනමා විශ්වයේ “තෝර්” නමැති චරිතයෙන් ගොඩක්ම ජනප්‍රියත්වයට පත්වුණ Chris Hemsworth. හැමෝම වගේ ගොඩක්ම ආස කරන චරිතයක්නෙ ඉතින් තෝර් අයියා කියන්නෙ. මේ චරිතෙ ගැන ආයෙ අමුතුවෙන් විස්තර කරන්න යන්නෙ නෑ. හැමෝම හොඳට දන්න කියන නිසා.
එහෙනම් ඉතින් අපි බලමු මේ චිත්‍රපටියෙ අනිත් විශේෂ කරුණ. මේ චිත්‍රපටිය නිෂ්පාදනය කරන්න බොලිවුඩයත් එකතු කරගෙන තියෙනවා. දැන් හැමෝම කල්පනා කරනවා ඇති මේ මොනවද කියන්නෙ කියලා. ඔව් බොලිවුඩය තමයි. බොලිවුඩයෙ වැඩිය ප්‍රසිද්ධ නැති Randeep Hooda කියන නළුවා මේ චිත්‍රපටියට රංගනයෙන් දායක වෙනවා. එහෙම කිව්වම හිතාගන්න බැරිද? එහෙනම් ඉතින් ෆිල්ම් එක බලලම තේරුම් ගන්නකො. ඒ වගේම තමයි Pankaj Thripathi කියන දක්ෂ රංගනය ශිල්පියත් මේ චිත්‍රපටියට රංගනයෙන් දායක වෙනවා. ඉන්දියාවෙ අහමදාබාද් වගේම මුම්බායි, බංග්ලාදේශයේ ඩකා අගනුවරත් මේ චිත්‍රපටියෙ රූගත කිරීම් කරලා තියෙනවා. හොලිවුඩයයි බොලිවුඩයයි එකතුවෙලා කරපු මේ දැවැන්ත සිනමාපටයත් අනිවාරෙන්ම නැරඹිය යුතු සිනමාපටයක්.
කට්ටිය හිතුවද දන්නෑ මට මේකෙ රේටින්ස් ගැන කියන්න අමතක වුණා කියලා. නෑ අමතක වුණේ නෑ. එහෙනම් ඉතින් රේටින් ගැනත් කොටානම යන්නම්කො. IMDb අගය පැත්තට හැරුණම 7.1 වගේ ඉහළ අගයක් මේ චිත්‍රපටිය හිමිකරගෙන තියෙනවා වගේම 91% ක ගූගල් පරිශීලකයන්ගෙ කැමැත්තත් ගන්න මේ චිත්‍රපටියට හැකිවෙලා තියෙනවා. Rotten Tomatoes එක ගත්තම ඒකෙත් 61% වගේ අගයක් මේ චිත්‍රපටිය අරගන්නවා.
මේ චිත්‍රපටියෙ ස්ටෝරි එක ගැනත් වැඩිය කියන්නෙ නැතුව බොහොම කෙටියෙන් කියලා කුතුහලයක් ඉතුරු කරන්නම්.
මත්ද්‍රව්‍ය කින් කෙනෙක් ගේ ළමයෙක් පැහැර ගන්නවා තවත් මත්ද්‍රව්‍ය කින් කෙනක් ඔච්චරයි කියන්නේ
ඇක්ෂන් ලෝකයකින් පිරුණ චිත්‍රපටියක් තමයි මේ බලන්න ලෑස්ති වෙන්නෙ. පුරා පැය දෙකක්ම එක හුස්මට බලන්න පුළුවන් චිත්‍රපටියක් කියලා මම බය නැතුව කියනවා. එහෙනම් ඉතින් තවත් වැල් වටාරම් කියන්න යන්නෙ නැතුව මෙතනින් නවත්තන්නම්. ඉතුරු ටික ඔයාලට බාරයි. චිත්‍රපටිය බලලා උපසිරසියේ හොඳ නරක කියන්න. එහෙනම් මම නවතිනවා. පුළුවන් ඉක්මන්ට තවත් උපසිරසියකින් හම්බවෙමු.
හැමෝටම බුදු සරණයි!
]]>
සුභ දවසක් හැමෝටම!!
ගේම් පිස්සෝ නම් දැනටමත් මම කියන්න හදන කතාව දන්නවා ඇති. අපි නොදන්න අයටත් ෆිල්ම් එක ගැන කියමු නේ ?. හරි මේක Gran Turismo එහෙම නැත්තං කොයි කවුරැත් ලෝකේ පුරා අදුනන GT කියන ප්ලේස්ටේශන් ගේම් එක මූලික කරගෙන ෆොමියුලා ධාවන ශූර ජෑන් මාර්ඩන්බරෝ ගේ ජීවිත කතාව පදනම් කරගත්ත ෆිල්ම් එකක් විදිහට තමයි මේ කතාව දිග හැරෙන්නේ. . ඇත්තටම කියනවා නම් මාත් Sport , Actions නොබලන කෙනෙක්.. හැබැයි ඔයා වාහන පිස්සෙක් නම් , ස්පෝට් කාර් , ෆොමියුලාස් වලට හීන මවන කෙනෙක් නම් ඔයා මේක දැනටමත් අරන් බලනවා.. ඒකේ දෙකක් නෑ.. ඉතින් මේවට අලුත් කෙනෙකුටත් කියන්නේ 100%ක් වගකීමෙන් කියනවා මේ වගේ අතිසුපිරියක් ඔයා මීට කලින් බලලා නැ කියලා.. දෙපාරක් හිතන්නැතුව අරන් බලන්න.. ??
(Gran Turismo Movie Archie Madekwe & Jann Mardenborough )
(Gran Turismo 7 Video Games)
ෆිල්ම් එක ගැන ගත්තොත් මේකට දැනට IMDB 7.2 කුත් Rotten Tomatoes අගය 64% කුත් , ගූගල් පරිශිලක අගය 97% කුත් ලබාගෙන තියනවා. ඒ ටිකෙන්ම ඔයාට මේක කොයිතරම් සුපිරි චීස් කෑල්ලක් ද කියලා හිතාගන්න පුලුවන් වෙයි. සබ් එක මට බාර දීලා දවස් කිහිපයක් වුනත් සැලකිය යුතු කාලයක් මට ගියා මේකට Sub එක කරන්න.මගේ වයිෆ්ගෙනුත් සෑහෙන සහයෝගයක් ලැබුනා මේක කරන්න. මොකද එයත් හරිම ආසාවෙන් මේක බැලුවා නියමයි කිය කිය මාත් එක්කම.?? සාමාන්‍යයන් පිරිමි අය කෙසේවෙතත් ගෑනු අය Automobile , ස්පෝට් , ෆර්මියුලා වගේ ඒවා TV එකේ ගියත් බලන්නේ නැතිම තරම් නේ.. හැබැයි මේ ෆිල්ම් එකට නම් වයස් බේදයක් , ගැහැණු පිරිමි බේදයක් නැතුවම කොයි කවුරැත් ආදරේ කරන ෆිල්ම් එකක් වෙනවා ඒකාන්තයි..???
(Gran Turismo 7 Video Games)
කතාව පැත්තට ගියොත් මම උඩදි කිව්වා වගේම සත්‍යකතාවක් ඇසුරෙන් නිර්මාණය වුන චිත්‍රපටයක්. ජෑන් මාර්ඩන්බරෝ ගේ පුංචි කාලේ ඉදලා එයා එයාගේ ගමන ආපු විදිහ සහ එයාට තිබුන ගැටලු , බාදා ජයගත්ත විදිහ අපිට පෙන්නනවා. ඒ වගේම ෆිල්ම් එක පුරා සුපිරිම සුපිරි කාර් ටිකක්, රේස් ටිකක් එහෙමත් බලාගන්න පුලුවන්..මුලින්ම වීඩියෝ ගේම් ගහ ගහ ඉදලා අන්තිමට FIA ලයිසන් එක ගන්න යන්න දරණ උත්සහයක් මූලික කරගෙන කතාව ගලාගෙන යනවා.. FIA ලයිසන් එක කියන්නේ ෆෙඩරේෂන් ඉන්ටර්නැෂනල් ඔටෝමොබයිල් කියන නම කෙටි කරන අකුරැ තුන..ඒ වගේම FIA කියන්නේ නිකං කවුන්සිලයක් වගේ.. ඔය ක්‍රිකට් වලට ICC ,තියනවා වගේ Automobile වලට තියෙන්වේ FIA කියලා හිතාගන්නකෝ..?? FIA ලයිසන් එකකින් වෙන්නේ ඕනෑම ජාත්‍යන්තර ධාවන තරඟයක් තරග වදින්න මේ ලයිසන් එකෙන් පුලුවන්..මේ ලයිසන් එකේ විවිධ වූ මට්ටම් තියනවා.. ඒ කිව්වේ ලෙවල්ස් , ඒකෙන් Super License තියන කෙනෙකුට ෆොමියුලා වන් ලෝක ශූරතා ධාවන තරගාවලියට තරග කරන්න අවස්ථාවක් ලැබෙනවා.. ඕකයි සරලවම FIA ලයිසන් එකේ කතාව ඉතින්.. ඔන්න ලයිසන් එක බලාගන්න ඕන අයට පහලින් මම ෆොටෝ එකකුත් දාන්නම්කෝ.. ?
පැය 2යි විනාඩි 15 පුරාවටම කිසිම කම්මැලිකමක් නැතුව බලන්න පුලුවන් චිත්‍රපටයක් ??? එහෙනම් ආයමත් මේ වගේ සුපිරියක් අරගෙන එනකම් හැමෝටම සුභ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා….???
ජය වේවා!!
ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ තාරක ලහිරු මධුශාන් සහෝදරයගෙ ලිපිය
උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න
සුභ දවසක් හැමෝටම!!
ඔන්න එහෙනම් තව චිත්‍රපටයක් අරගෙන ආවා. මේකත් 2014 වසරේ පැමිණි ක්‍රියදාම චිත්‍රපට වලින් ඉහල IMDbඅගයක් වාර්තා කරපු චිත්‍රපටයක්. ඒ වගේම මෙහි රංගන දායකත්වය සපයන්නේ මගේ නම් ප්‍රියතම නළුවා. Denzel Washington වගේම මෙහි Chloë Grace Moretz නිළියත් රංගනයෙන් දායක වෙනවා. පසුගිය සැප්තැම්බර් 26 ලොවපුරා තිරගත කිරීම් ආරම්භ කල මේ චිත්‍රපටය මේ වන විට ඩොලර් මිලියන 191ක් උපයාගෙන තියෙනවා. ඒ වගේම මෙහි නිෂ්පාදන පිරිවැය වන්නේ ඩොලර් මිලියන 55ක්. මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කර තිබෙන්නේ Antoine Fuqua විසින්.
මම හිතන්නේ මේ ඇති පසුබිම් විස්තරය. දැන් කතාව ගැන ටිකක් කියන්නම්…
රොබට් මැකෝල් කියන්නේ සුපර් මාකට් එකක වැඩ කරන සාමන්‍යය පුද්ගලයෙක්. ඔහු හැමෝටම උදවු වෙමින් සුහදව රාජකාරි කරන අයෙක්. එයා හැමදාම වගේ පුරුදු වෙලා ඉන්නවා එක අවන්හලකට ගොඩ වෙන්න. ඉතින් මේ අවන්හලටම එනවා හැමදාම රෑට ගණිකා වෘත්තීය ජීවිකාව කරගත් තරුණියක්. එයාට ඒ රැකියාවට යොමුවෙන්න වෙලා නෙමේ බලෙන් යොමු කරවලා. ඉතින් එයාගේ සේවාදායකයන් සමඟින් යන්නේ මේ අවන්හල අසලින්. මේ තරුණිය නමින් ටෙරී. ඉතින් මෙහෙම එකම අවන්හල තුල හැමදාම මුණ ගැහෙන රොබට් සහ ටෙරී දෙදෙනා අතර මිත්‍රත්වයක් ගොඩ නැගෙනවා. දෙන්නා තමන්ගේ විස්තර හුවමාරු කරගන්නවා. ඉතින් දවසක් මෙහෙම දෙන්න මාර්ගයේ කතා කර කර යන ගමන් කාර් එකක දෙන්නෙක් ඇවිල්ලා ටෙරිව බලෙන් දාගෙන යනවා. ඒ දෙන්න තමයි ටෙරිගේ තැරව්කරුවන් දෙදෙනා. මේ අය රුසියානු පාතාල කල්ලි සාමාජිකයන් පිරිසක්. එතනින් සිද්ධිය නිම වෙන්නේ නැහැ. දවස් දෙකතුනක් යනකන් රොබට්t මේ අවන්හලේ මිතුරිය දකින්න ලබෙන්නේ නැහැ. පසුව ආරංචි වෙනවා ඇයට දරුණු විදිහට පහර දීලා රෝහල් ගත වෙලා කියලා. එයාගේ මේ මිතුරිය ඉන්න තත්වය දැකලා රොබට් මොන වගේ පියවරක් ගනීවිද? ඇත්තටම රොබට් කියන්නේ කවුද? එයාගේ අතීතය මොකද්ද? මේ හැම දෙයකටම උත්තර පැය දෙකකට ආසන්න කාලයක් ඇතුලත ඔයාලට හොයාගන්න ලැබෙයි.
එහෙනම් මෙ කතාව බලන්න ඔයාල හැමෝටම ආරාධනා කරන ගමන් දැනට ගිහින් එන්නම්…
The Equalizer 2 (2018) දෙවැනි කොටස නැරඹීමට පහල පිංතූරය Click කරන්න
The Equalizer 3 (2023) තුන්වැනි කොටස නැරඹීමට පහල පිංතූරය Click කරන්න
ජය වේවා!!
ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ හසන්ත වික්‍රමරත්න සහෝදරයගෙ ලිපිය
උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න
ආයුබෝවන් යාළුවනේ…ඔයාල හැමෝටම නිදුක් නිරෝගී සුභ නත්තලක් වේවා කියල මුලින්ම ප්‍රාර්ථනා කරනවා..