සුභ දවසක් හැමෝටම!!
ලොකු කුඩා කාගෙත් ආකර්ශනයට ලක්වෙලා තිබුන Spy Kids චිත්‍රපට මාලාවේ නවතම චිත්‍රපටය Spy Kids Armageddon චිත්‍රපටයේ web පිටපත් නිකුත් වුණා. ඉතින් මෙ අරං එන්නේ එ කතාවයි…
Spy Kids චිත්‍රපටි මාලාව කියන්නේ ලොකු පොඩි හැමෝම ආසාවෙන් වැලඳගත්ත Film Series එකක්. Spy Kids Armageddon මේ වෙද්දි IMBD 4.3/10 අගයක් හා 57% Rotten Tomatoes අගයක් අරන් තියෙනවා. Netflix ඔස්සේ නිකුත් වූ අතර Robert Rodriguez විසින් අධ්‍යක්ෂණය කර ඇත. Adventure & Comedy ශාරණයට අයත් මෙය කුඩා ළමුන්ගේ සිනමා සිත්තමක් කියලත් හදුන්වන්න පුළුවන්.
අපි කතාව පැත්ත පොඩ්ඩක් බලලා ඉමු එහෙනම්..
ටොරස් හා ටැන්ගෝ කියන්නේ ඔත්තුකාරයො දෙන්නෙක්, මේ දෙන්නා විවාහ වෙලා රහසිගතව OSS සමාගමට සේවය කරනවා.. මේ දෙන්නාට ඉන්නවා පොඩි ළමයි දෙන්නෙක්. එක්කෙනෙක් ටෝනී අනිත් එක්කෙනා පැටී, ඉතින් මේ ටෝනි කියන්නේ Video games වල මාස්ටර් කෙනෙක් වගේ… මෙතනින් එහාට කතාව කියන්න යන්නේ නෑ, එහෙම කිව්වොත් කතාවෙ අගයක් නැති වෙනවා.
ඉතින් එහෙනම් පහලින් ෆිල්ම් එක Download කරන් බලන්න කියලා අරාධනා කරන ගමන් දැනට ඔයාලාගෙන් සමු ගන්නවා.
ජය වේවා!!
ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ ෂෙහාන් සචින්ත සහෝදරයගෙ ලිපිය
උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න
සුභ දවසක් හැමෝටම!!
“මම ඉන්නේ ඇෆ්ගනිස්ථානයේ නමින් ජෝන්. මම ඇමෙරිකානු හමුදාවේ තවත් එක සෙබලෙක්. මීට මොහොතකට කලින් පාලු බිල්ඩිමක් ඇතුලෙදී මට එහා පැත්තේ හිටපු සගයට වෙඩි වැදුනා. ඒත් එයාගෙ වාසනාවට ආරක්ෂිත කබාය එයාව බේරුවා. ඒත් ඒ එක්කම ඒ දිහාවට හැරුණු මට උණ්ඩ දෙකක් මගෙ ඇට මිදුළු පසාරු කරගෙන යනවා දැනුනා. මෙච්චර කල් සතුරාගේ මරණයේ වේදනාව දැකපු මට අද සතුරා ඒ මරණයේ වේදනාව දැනෙන්න සැලැස්සුවා.
මගෙ සගයා මට කතා කරමින් මොනවද කියනවා. ඒත් මට ඔහුව පේන්නේ බොඳවෙලා. එන්න එන්නම බොඳ වීම වැඩිවෙනවා. එයාගෙ අත රතු පාටයි. මට තේරුණා ඒ මගේ ලේ බව. සියලු දේ අපැහැදිලි වේගන යනවා. මට තව ටිකෙන් සිහි නැතිවෙයි. ඒත් මට මුලින්ම මතක් වුණේ….. කාසි වල සද්දෙ. මගෙ තාත්තා කාසි එකතු කරන්නෙක්. ඒක නිසා පොඩි කාලෙ ඉඳළම මට ඒක මතකයි. සොල්දාදුවන්ගේ තුවක්කු වලින් නිකුත් වෙන හිස් පිත්තල උණ්ඩ කොපු වලිනුත් මට ඇහෙන්නෙ කාසි වල සද්දේ.
මෙහෙම පණ ඇද්දට මට කියලා ජීවිතයක් තියෙනවා. ඒ ජීවිතයේ මගෙ තාත්තා ඇරුණු කොට මට බොහොම ලස්සන පෙම්වතියක් උන්නා. එයා මට ගොඩක් ආදරය කලා. මමත් එහෙමයි. මගෙ ජීවිතය ඉවර වෙන්න කලින් මම ආසයි ඒ කතාව ඔයාලට කියන්න. මේක මගේ ජීවිතයේ ආදර කතාවයි. එන්න මාත් එක්ක ඒ දුක බෙදා ගන්න”.
ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ රොයිලි ප්‍රනාන්දු සහෝදරයාගේ ලිපිය
උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න