කතා සාරාංශය:
ඇනා පොලිට්කොව්ස්කායා… මේ නම සමහර විට ඔබ අහලා නැතුව ඇති. ඒත් ඇය කියන්නේ සාමාන්‍ය මුද්‍රිත මාධ්‍යවේදිනියකගේ සිට, ජීවිතය පරදුවට තියලා, චෙච්නියාවේ ලේ වැකි යුධ බිමට පවා ගිහින්, ව්ලැදිමීර් පුටින්ගේ පාලනය යටතේ රුසියාවේ සිද්ධවෙන අති දරුණු රාජ්‍ය දූෂණ සහ මානව හිමිකම් කඩවීම් ලෝකෙටම කෑ ගහලා කියපු ගැහැනියක්! ඇය නිකම්ම නිකම් මාධ්‍යවේදිනියක් නෙවෙයි, නොසැලෙන ධෛර්යයක් තිබුණු මානව හිමිකම් ක්‍රියාකාරිනියක්. කිසිම බයකින් තොරව චෙච්නියානු යුද්ධයේ ඇත්ත තත්ත්වය වාර්තා කරපු ඇයට, නොයෙකුත් තර්ජන, ගර්ජන, ප්රචණ්ඩ ක්‍රියා, අන්තිමට වස දීමකටත් මුහුණ දෙන්න වෙනවා.
ඒත් ඒ කිසිදෙයකින් ඇයව නවත්වන්න බැරිවුණා. හැබැයි, දෛවයේ සරදමකට වගේ, ඇගේ ගොඩනැගිල්ලේ සෝපානය තුළදීම ඇයව අමානුෂික ලෙස ඝාතනය කෙරෙනවා.
මේ ඝාතනය පිටුපස ඉන්නේ කවුද? ඇත්තටම ඒ කොන්ත්‍රාත්තුව දුන්නේ කවුද? ඒ අභිරහස තවමත් විසඳිලා නැහැ… ඇගේ ඒ නොනවතින සටන, සත්‍යය සොයා යෑම, මේ චිත්‍රපටියෙන් ඔයාලට දැකගන්න පුළුවන්.
“උපසිරැසිකරුගේ ඇසින්”:
මේ චිත්‍රපටියට සිංහල උපසිරැසි ගන්වපු කෙනා හැටියට මට මේ ගැන කියන්න තියෙන්නේ, ඇත්තටම මේක නම් සබ්ටයිටල් කරනකොට හිතට දැනුණු ෆිල්ම් එකක්! ඇනා පොලිට්කොව්ස්කායා කියන ඒ අසහාය මාධ්‍යවේදිනියගේ ධෛර්යය, නොසැලෙන ගතිය… වචන වලින් විස්තර කරන්න අමාරුයි.
ඇය තමන්ගේ ජීවිතේ ගැනවත් නොතකා, සත්‍යය වෙනුවෙන් පෙනී හිටින හැටි දැක්καම ඇඟ හිරිවැටෙනවා.
බලයට කෑදර පාලකයෝ කොයිතරම් දුර යනවද තමන්ගේ අපිරිසිදු වැඩ වහගන්න කියලත්, ඒවට විරුද්ධව නැගී සිටින අයව නිහඬ කරන්න මොනවද කරන්නේ කියලත් මේකෙන් පැහැදිලිව පෙන්නනවා.
මේක නිකන්ම නිකන් වෝර් ෆිල්ම් එකක් විතරක් නෙමෙයි. ඊට එහා ගියපු, හදවතට කතා කරන කතාවක් තියෙන්නේ. චරිතාපදානයක්, නාට්‍යමය ස්වරූපයක්, ත්‍රාසජනක බවක්, ඒ වගේම ඓතිහාසික පසුබිමකුත් එක්ක යන නිසා හැම පැත්තකින්ම ප්‍රේක්ෂකයාව අල්ලගන්නවා. IMDB Rating එක 5.6/10 ක් වුනාට, මේකේ කියවෙන කතාව, ඒ ගැඹුර ඊට වඩා ගොඩක් වටිනවා කියලා මට හිතෙනවා. සමහර වෙලාවට සංවේදී දර්ශන තියෙන්න පුළුවන්, මොකද යුද්ධය, දූෂණය වගේ දේවල් තමයි පෙන්නන්නේ. ඒත් ඒ ඇත්ත තත්ත්වය.
සබ්ටයිටල් එක්ක බලද්දී ඔයාලට මේකේ තියෙන දෙබස් වල ගැඹුර, චරිතවල හැඟීම් තවත් හොඳට තේරුම් යයි කියලා මම හිතනවා.
මොකද සමහර දෙබස් තියෙනවා ඇත්තටම හිතට වදින ඒවා. ඇත්තටම මේ වගේ නිර්මාණ බලන්න ඕනේ. බලලා, කතා කරන්න ඕනේ. අනිවාර්යයෙන්ම බලන්න!
ප්‍රේක්ෂක නිර්දේශය:
මෙය වැඩිහිටි ප්‍රේක්ෂකයින් සඳහා වඩාත් උචිත නිර්මාණයකි. (සත්‍ය සිදුවීම් සහ අන්තර්ගතයේ ඇති ඇතැම් දර්ශන නිසා).
ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ ලිපිය
උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න
උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න
ආයුබෝවන්! කොහොමද ඉතින් ඔයාලා හැමෝටම? කට්ටියම හොඳින් ඇති කියලා හිතනවා. අද මං ඔයාලට අරගෙන එන්නෙ The Family Plan (2023) චිත්‍රපටයට උපසිරැසි. මේ දෙසැම්බර් මස 15 වෙනිදා තමයි මේ ෆිල්ම් එක රිලීස් වෙන්නෙ. බොහොම ඉක්මනට මේකට උපසිරැසි දෙන්න බලාපොරොත්තු ඇතුව හිටියත්, තිබෙන කාර්යයබහුල තාවයත් එක්ක ඒක කරන්න බැරිවුන එකට නම්, හැමෝගෙන්ම සමාව භජනය කරනවා. හරි, ඒ කොහොම වුනත් මේ ෆිල්ම් එකට උපසිරැසි ගන්වන්න වෙන් කරවා දුන්නු අපේ විමා සහෝවත් අනිවාරෙන්ම මතක් කරන්න ඕන. මොකද එහෙම නොකළොත් ඒක ලොකු අඩුවක්.
කතාව පැත්තට හැරුනොත්, The Family Plan (2023) කියන මේ ෆිල්ම් එක, ඇක්ෂන්, කොමඩි ගණයට තමයි අයත් වෙන්නෙ. මේ වෙද්දි IMDb දර්ශකයේ 6.3 ක අගයක්ද ගූගල් පරිශීලක අගය 74% ක් සහ කුණු තක්කාලි දර්ශකයේ 26% ක අගයක් ලබාගන්න මේ ෆිල්ම් එකට හැකිවෙලා තියෙනවා. ඉතින් ෆිල්ම් එකේ ඉන්නෙ කවුද කියලා නොකියාම බැරි නිසා මං ඒ ගැනත් සඳහන් කරන්නම්. මෙහි ඩෑන් කියන ප්‍රධාන චරිතයට පණ පොවන්නෙ කවුරුත් ආදරේ කරන Mark Wahlberg විසින්. ඊට අමතරව Michelle Monaghan, Zoe Colletti, Van Crosby යන අයද රංගනයෙන් දායක වෙනවා.
මේ වෙද්දි ඔයාලා ෆිල්ම් එකේ ට්‍රේලර් එක බැලුවානාම්, ඔයාලට යම් අදහසක් ඇති, මොකක්ද මේකෙ වෙන්නෙ කියලා. ඒ කොහොම වුනත් මං කතාව ගැන කෙටියෙන් සඳහන් කරන්නම්. ” ඩෑන් කියන්නෙ පියෙක්. ඒ වගේම තමන් විතරක් දන්න අතීතයක් ඔහුට තියෙනවා. ඒ ජීවිතේ අතෑරලා ඔහු ආදරයක් හොයාගෙන දරු පවුලක් හදාගෙන බොහොම සතුටින් ජීවත් වෙනවා. හැබැයි තමන් සමුදුන් අතීතය කවදාවත් ඔහුව අත්නොහැර ඔහු පසුපස පන්නන්නවා.” කතා තේමාව ටිකක් විතර පොදු පූර්ණ වුනත් කිසිම කම්මැලිකමින් තොරව, වෙලාව යනවා තේරෙන්නෙ නැතුවම හැමෝටම රසවිඳින්න පුළුවන් විදිහේ ෆිල්ම් එකක් කිව්වොත් මං නිවැරදියි.
ඒ නිසා මඟහැර ගන්නෙ නැතුව අනිවාරෙන්ම බලන්න කියලා ඔයාලට ආරාධනා කරන ගමන් අදට මං ගිහින් එන්නම්.
හැමෝටම සුභ දවසක් ජයවේවා!
ජය වේවා!!
ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ රුක්ෂාන් ඛාන් (රුකා) සහෝදරයගෙ ලිපිය
උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න
සුභ දවසක් හැමෝටම!!
මේකේ චරිත සදහා සංකල්පය අරන් තියෙන්නේ 1940 ගණන් වල ඉදන් ඩිස්නි රාක්කෙක දුවිලි වැදෙමින් තිබුන ස්නොව් ක්වින්. එහෙම නැත්තම් හිම රැජින කියන කතාවෙන් ඒ කතාව ලියලා තියෙන්නේ සුරංගනා කතා රජු ලෙසින් සැලකෙන හෑන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩසන් විසින්. ඉතින් එයාගේ කතාව ඇසුරින් 2013 දි මේ කතාව ලියලා තියෙන්නේ Jennifer Lee විසිනුයි. එයා Wreck-It Ralph (2012) කියන සිනමාපටයටත් දායක වෙච්ච කෙනෙක්. එයා මේකේ අධ්‍යක්ෂනයටත් සහභාගී වෙලා තියනවා. තනියම නම් නෙමේ, Pocahontas (1995), The Little Mermaid (1989) යන කාටුන් සහ Surf’s Up (2007) කියන ත්‍රිමාන සජීවිකරණ සිනමා පට අධ්‍යක්ෂණය කල Chris Buck සමගින් එකතුවෙලා තමයි අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ. 2013 නොවැම්බර් මාසේ 27 වෙනිදා ඇමෙරිකාවේදි නිකුත්කළ මෙහි වියදම ඇමෙරිකානු ඩොලර් මිලියන 150ක ඇස්තමේන්තුගත මුදලක් වැයවෙලා තියනවා. ඒ වගේම 2013 වසර අවසන් වෙනකොට වැඩිම ආදායමක් උපයපු සිනමාපට අතරින් හත්වන තැන දිනාගත්තේ ඩොලර් මිලියන 256ක පෙට්ටි කාර්යාල (ඔව් ඔව් Box office තමා :P) වාර්තාවක් සමගිනුයි.
තව කියනවනම් ඉතින් 71 වන ගෝල්ඩන් ග්ලෝබල් සිනමා සම්මාන උළෙලට නාම යෝජනා ලබාගන්න සමත් වෙලා තියනවා. ඒ තමයි හොදම නැවුම් ගීතය ලෙසට “Let It Go” නම් ගීතයත්. හොදම පරිගණක සජිවිකරණයට හිමි සම්මානය දිනාගැන්මටත්. ඒ සදහා කරට කර තරග කරුවන් දෙන්නෙක් ඉන්නවා. The Croods සහ Despicable Me 2 යන සුපිරි සජිවිකරණයන් ද්විත්වය. තරගකරුවන් තිදෙනාගෙන් imdb හි වැඩිම අගයක් වාර්තා කරගැන්මට සමත් වෙලා තියෙන්නේ නම් ඉතින් මේ සිනමාපටය තමයි. ඒ 2013 වසරේ සජීවිකරණ සිනමාපටයක් වාර්තා කල වැඩිම අගය වූ 8.1 ක් වැනි ඉහළතම අගයක්. මේ සිනමා සිත්තම තවත් සම්මාන 31ක් සදනා නිර්දේශ වී ඉන් සම්මාන 16ක් දිනාගැනීමටත් සමත් වෙලා තියනවා. කොහොම උනත් ඩිස්නි සිනමා පටයකට වසර 6කින් හොදම සජිවිකරණයට හිමි ගෝල්ඩන් ග්ලෝබල් සම්මානය හිමිවෙලා නැහැ. පික්සර් හමුවේ හැම වතාවකදීම පසු බහින්න වෙලා තියනවා. ඒත් මේ වතාවේ පික්සර් අඟියෝගය එල්ලවෙලා නැතිවුනත් Despicable Me 2 වෙතින් ඊට නොදෙවෙනි අඟියෝගයක් එල්ලවෙලා තියනවා. ඔයාලා කලින් බලලා තියනවානම් Tangled (2010) සිනමාපටයේ නිමවුම් කරුවන්ම තමයි මේකටත් දායක වෙලා තියෙන්නේ. ඒ වගේම මේකත් 86 වැනි ඔස්කා සම්මාන උළෙලේදී හොදම සජිවිකරණය ලෙසින් සම්මාන ලබාවි කියලා මම හිතනවා.
දැන් කතාව දිහාවට හැරෙමු එහෙනම්.
කතාව මෙහෙමයි ඇනා සහ එල්සා කියන්නේ ඇරන්ඩල්හි කුමාරිකාවන් දෙන්නා. ඒ දෙන්නට මායා බලයන් තියනවා ඇනා කියන්නේ ඒ දෙන්නගෙන් හුරතල්ම කෙනා එයා තවම හරි පොඩියි එයා එයාගේ මායා බලය පාවිචි කරන හැටි දන්නේ නැහැ තවම. ඒත් අක්කා දන්නවා. එයාට පුළුවන් හිම වැස්සක් වස්සවන්න අයිස් මවන්න. දවසක් මේ දෙන්නා ඒ විදියට සෙල්ලම් කරමින් ඉන්නකොට වැරදීමකින් එල්සාගේ මායා බලය ඇනාට බලපානවා. එතැනදී මුළු කතාවම වෙනස් වෙනවා. ඇනාගේ ජීවිතය වෙනස් වෙනවා. එල්සා තනිවෙනවා. රජු සහ රැජිණිය මිය යනවා. අරන්ඩල් වලට නැව රැජින ලෙසින් එක දිනකදී එල්සා අභිෂේක ලබනවා. මුළු මහත් රාජධානියම අනතුරකට බදුන් වෙනවා ඇනා තමන්ගේ තනිකම නැති කරගැන්මට සත්‍ය ප්‍රේමයක් හොයනවා පිවිතුරුය. පියකරුය. බිහිසුනය පළමු පෙම කියන්නහේ ඇනාටත් එලෙසින්ම වෙනවා අන්තිමේදී ඇනාගේ ජීවිතය බේරගන්න සත්‍ය ආදරයක් අවශ්‍ය වෙනවා. රාජධානිය අනතුරින් බේරගන්න හරිම අපුරු යාළුවො තුන්දෙනෙක් මුණගැහෙනවා. ක්‍රිස්ටෝෆ් කියලා අයිස් වෙලදාම් කරන කොලු ගැටයෙක් සහ එයාගේ යාලුවා බල්ලෙක් වගේ හැසිරෙන හිම මුවා “ස්වෙන්” සමගින් හරි අපුරුතම මිතුරා, සිනමාපටයේ සිත් ඇදගන්නාම චරිතය හිම බබා “ඔලොෆ්”
ඔයා මොන වයසක හිටියත් කමක් නැහැ අනිවාර්යෙන්ම අනිවාර්යෙන්ම අනිවාර්යෙන්ම බලන්න. මේ කතාව ඔයාලට අපුරුතම විනෝදයක් ලබාගන්න පුළුවන් වෙයි කියලා මට විස්වාසයි.
ජය වේවා!!
ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ ශාන් විමුක්ති [වීමා] සහෝදරයාගේ ලිපිය
උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න