Caroline Koziol Archives - SinhalaSub https://sinhalasub.lk/cast/caroline-koziol/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Thu, 07 Dec 2023 02:06:54 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://sinhalasub.lk/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Caroline Koziol Archives - SinhalaSub https://sinhalasub.lk/cast/caroline-koziol/ 32 32 800 (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/800-2023-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/800-2023-sinhala-subtitles/#comments Sun, 03 Dec 2023 09:55:15 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=57627 800 Sinhala Sub 800 Sinhala Subtitles 800 (2023) Sinhala Sub 800 (2023) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! 800 කියපු ගමන්ම දන්නවා නේ ෆිල්ම් එක ගැන. අපේම එකෙක්ගැන කියන කතාවක් ඉන්දියාවෙන් කියන්නේ. අපට කරන්න බැරිවුන දේ ඉන්දියාවෙන් කරල. කමක් නෑ කියමුකෝ. වෙන ෆිල්ම්ස් ගැන FB එකේ හෑලි ලියන අය මේ ගැන කිසිම හාවක් හූවක් නෑ. මට […]

The post 800 (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
800 Sinhala Sub
800 Sinhala Subtitles
800 (2023) Sinhala Sub
800 (2023) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

800 කියපු ගමන්ම දන්නවා නේ ෆිල්ම් එක ගැන. අපේම එකෙක්ගැන කියන කතාවක් ඉන්දියාවෙන් කියන්නේ. අපට කරන්න බැරිවුන දේ ඉන්දියාවෙන් කරල. කමක් නෑ කියමුකෝ. වෙන ෆිල්ම්ස් ගැන FB එකේ හෑලි ලියන අය මේ ගැන කිසිම හාවක් හූවක් නෑ. මට තේරෙන්නේ නැති එකම ප්‍රශ්නය ඕකයි.

හරි මමවත් ඕක ගැන කියන්නම්. මේ ෆිල්ම් එක කරන්න හැදුවේ වෙන්කට් ප්‍රභූ අපේ විජේ සේතුපතිව යොදාගෙන. නමුත් මේකට තමිල්නාඩුවෙන් විශාල විරෝධයක් ආවා. ඒකෙන් ඒ වැඩේ නතරවුනා. නමුත් ඊට පස්සේ M.S. Sripathy වැඩේ භාර අරගෙන Madhur Mittal දාල ගොඩා දාල දීල. වෙන්කට්ට විරෝධය පාපු අය මේකට විරෝධයක් නොපෑවේ අයි කියලනම දන්නේ නෑ .

කතාව ලියල තියෙන්නේ M.S. Sripathy හා Shehan Karunatilaka විසින් . සංගීතය Ghibran ගෙන්. ඒකනම් මරුවට තිබුනා. කැමරාකරණය R. D. Rajasekhar විසින්ද සංස්කරණය Praveen K. L. විසින්ද මෙහෙයවල තියෙනවා.

Madhur Mittal මුරලිදරන්ගේ චරිතයට පන පොවල තියෙනවා වගේම මුරලිගේ බිරිදගේ චරිතයට Mahima Nambiar දායකවෙලා තියෙන්නේ. King Ratnam තමයි අර්ජුන රණතුංගගේ චරිතයට පනපොවන්නේ. ආයේ දෙකක් නෑ ඒ චරිතයනම් ලාංකීය ක්‍රිකට් ක්‍රීඩා රජුලෙස සලකන්න පුලුවන් අර්ජුනගේ චරිතය එහේම්පිටින්ම තිරයට ගෙනල්ලා තියෙනවා. ඒ වගේම Narain ප්‍රභාකරන් Nassar, Vadivukkarasi, Riythvika, Vela Ramamoorthy (මුරලිගෙ තාත්තා ) Sharath Lohithaswa (මුරලිගේ කෝච් ) ලෙස රංගනයේ දායක වෙනවා.

අපේ අය ගොඩාක් ට්‍රේලරය බලලා වෙනස් විදියට හිතන් ඉන්නේ. හමුදවට හා ප්‍රභා එක්ක කතාව ගැන. ඒක සම්පූර්ණයෙන්ම වෙනස් දෙයක් අපට සිනමාව තුලින් බලාගන්න පුලුවන්. මේක වෙනස්වෙන්න ඕන කියන එකයි තමිල්නාඩුවේ ප්‍රශ්නය වුනේ.

අවසාන වශයෙන් කියන්න පුලුවන් මේකට අනවශ්‍ය වර්ණවත් කරන්න කියල එක එක දේවල් ඇතුලත් කරලනම් නෑ. නිම චරිතාපදානයක් කියලනම් කියන්න පුලුවන් සිනමාවක් .

ඉතින් කට්ටියත් බලලා කොමන්ට් මොනව හරි කියන්නකෝ.

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ පීටර් බාත්ලට් සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post 800 (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/800-2023-sinhala-subtitles/feed/ 8