උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න
සුභ දවසක් හැමෝටම!!
මේ තියෙන්නේ Charlies Angels Full Throttle (2003) මුලින්ම තිරගතවෙන්නෙ 2003 ජූනි 18 වෙනිදා. IMDB දර්ශකය අනුව අගය 4.8 ක්. ඇස්තමේන්තුගත වියදම ඇමරිකානු ඩොලර් 120,000,000 ක්. මෙම චිත්‍රපටයේත්Cameron Diaz (නටාලි), Drew Barrymore (ඩිලන්), Lucy Liu (ඇලෙක්ස්), Bernie Mac (ජිමී බොස්ලි) ලෙසත්, ඊට අමතරව Demi Moore (මැඩිසන් ලී) ලෙස රංගනයෙන් දායක වෙනවා.
කතාව ගැන කෙටියෙන් කිව්වොත් මේ පාර චාලිගෙ සුරදූතියන්ට භාර වෙන්නෙ ටයිටේනියම් මුදු දෙකක් හොයන්න. මේක එසේ මෙසේ මුදු දෙකක් නෙවෙයි, අපරාධවලට එරෙහිව සාක්ෂි දුන් අයගේ අළුත් නම් සහ අනෙකුත් විස්තර තියෙන්නෙ මේ HALO මුදු දෙකේ. මේ මුදු දෙක පළඳින්නෙ ඇමරිකා හමුදා ප්‍රධානියා(රේ කාර්ටර්) සහ ආරක්ෂක හා නීති දෙපාර්තමේන්තු ප්‍රධානියා (විලියම් රෝස් බේලි). රේ කාර්ටර් මොංගෝලියාවේදී පැහැරගැනීමේදී මේ මුද්ද ඔහුගෙන් ලබාගන්නවා. විලියම් රෝස් බේලි ඝාතනය කර ඔහුගෙ මුද්ද ලබාගෙන. මේ සිද්ධි අතරේ ආරක්ෂා කරන ලද සාක්ෂිකරුවෙකු ඔහුගෙ නිවස තුලදීම මිය ගිහින්. ඉතින් මේක ටිකක් විතර සංකීර්ණ ගැටළුවක්. ඉතින් අපි බලමු මේ පාර සුරදූතියන් මේ අභියෝගය ජයගන්න හැටි. මේ සිද්ධිය හඹා යද්දි ඩිලන්ගෙ අතීතය ගැන හෙළිදරව් වීමකුත් වෙනවා. මේ ඔක්කොම චිත්‍රපටිය නරඹලාම දැනගමුකෝ නේද?
ජය වේවා!!
ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ චරිත වැලිවිට සහෝදරයාගේ ලිපිය
උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න
සුභ දවසක් හැමෝටම!!
Charlies Angels (2000) IMDB දර්ශකයේ 5.5 අගයක් ලබාගෙන තිබෙනවා. ඒ වගේම මෙය ක්‍රියාදාම චිත්‍රපට ගොන්නට තමයි වර්ගීකරණය වෙලා තියෙන්නෙ. ඇමරිකාවේදි තිරගතවෙන්නෙ 2000 ඔක්තෝබර් 22 වෙනිදා. චිත්‍රපටය සඳහා ඇස්තමේන්තුගත වියදම ඇමරිකානු ඩොලර් 92,000,000 ක්. මුල් සතියේ (2000 නොවැම්බර් 5 වන විට) ඇමරිකාවේදි පමණක් ආදායම ඩොලර් 40,128,550 ක්.