Cam Gigandet – SinhalaSub https://sinhalasub.lk සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Wed, 08 Oct 2025 08:37:52 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.3 https://sinhalasub.lk/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Cam Gigandet – SinhalaSub https://sinhalasub.lk 32 32 Violent Night (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/violent-night-2022-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/violent-night-2022-sinhala-subtitles/#respond Wed, 08 Oct 2025 08:37:29 +0000 https://sinhalasub.net/?post_type=movies&p=34358 Violent Night Sinhala Sub
Violent Night Sinhala Subtitles
Violent Night (2022) Sinhala Sub
Violent Night (2022) Sinhala Subtitles

 

ආයුබෝවන් යාළුවනේ…ඔයාල හැමෝටම නිදුක් නිරෝගී සුභ නත්තලක් වේවා කියල මුලින්ම ප්‍රාර්ථනා කරනවා..?❤

ඉතිං නත්තල් සීතලත් එක්ක ආපු අලුත්ම අලුත් ෆිලුමකට සබ් එකක් අරගෙන තමා මම අද ඔයාලව හම්බවෙන්න ආවේ..ඔයාල ගොඩක් අය මේ ෆිල්ම් එකට සබ් දෙනකම් බලන් ඉන්නත් ඇති..අපි බලමු ඉතිං ෆිල්ම් එක ගැන…
ෆිල්ම් එකේ නම තමා Violent Night…ඉතිං ෆිල්ම් එක නිකුත් වෙන්නෙ දෙසැම්බර්  2 දා 20 වෙනිදා තමා අන්තර්ජාලයට වෙබ් පිටපත් නිකුත් වුනේ…දැනට IMDB දර්ශකයේ 6.9/10 වගේ අගයක් තියනවා මේ චිත්‍රපටයට Action/Dark Comedy ගනයට අයත් මේ චිත්‍රපටයේ අපේ Santa Claus විදිහට Black Widow එකේ Red Guardian විදිහටත්,Stranger Things කතාමාලාව වගේ ගොඩක් චිත්‍රපටවල රගපාපු David Harbour තමා රඟපාන්නෙ…ඉතිං ගොඩාක්ම කියන්න තරම් හොඳක් නැතිවුනත් කම්මැලි නැතුව බලන්න පුලුවන් ෆිල්ම් එකක් තමයි මේක..
කතාවට ගියොත්…
අපේ සැන්ටා එහෙමත් නැත්තම් නත්තල් සීයා දැන් අවුරුදු ගාණක් හැම නත්තලකටම තිස්සෙ ලෝකෙ වටේම ඉන්න එයාගෙ හොඳ ලැයිස්තුවේ ඉන්න ළමයින්ට තෑඟි බෙදාගෙන තමයි ඉන්නෙ,ඉතිං අවුරුදු ගාණක්ම මේක කරල,දැන් ලෝකෙ වෙලා තියෙන පරිවර්තනය දැක්කම නත්තල් සීයටත් මේක අතාරින්න හිතිලා තමා ඉන්නෙ,ඒ ගැන ෆිල්ම් එකේ පොඩ්ඩක් කතා වෙනවා,
ඉතිං එහෙම හිතාගෙන තවත් නත්තලක් ඉස්සරහට අදින්න කියල හිතාගෙන එයා නත්තලට කලින් දවසක රෑ තෑඟි බෙදන්න කියල යනවා ලයිට්ස්ටෝන් කියන ධනවත් පවුලේ සුපිරි ගෙදරට,ඒ ගෙදරත් හැම ගෙදරකම වගේ නත්තල් සීයට කන්න කියල රසකැවිලි එහෙම තියල තියනවා(සම්ප්‍රදායක්  විදිහට).හැබැයි මේ ගෙදරට එයාගෙ හිත අල්ලනවා…මොකද මේ නත්තල් සීයාටත් පොඩ්ඩක් බීමවලට ඇබ්බැහියක් තියනවා,මේ පෝසත් ගෙදරින් එයා දැකපු හොඳම බීම වර්ගවල එයා රසවිදින්න පටන්ගන්නවා…ඉතිං ආපු වැඩේ කරල යන්නැතුව බීමට වැටුණ අපේ නත්තල් සීයට ඒ පෝසත් ගෙදර සිද්ධ වෙන්න යන මංකොල්ලයට මැදිවෙන්න සිද්ධ වෙනවා…එතනින් එහාට තමා ක්‍රියාදාමය පටන්ගන්නෙ…
ඉතිං චිත්‍රපටයේ මම කියපු සිද්ධි වලට අමතරව ගොඩක් දේවල් තියනවා…ඒ ටික ඔයාලටම රසවිදින්න කියල ආරාධනා කරනවා…
එහෙනම් ඉතිං අදට මම යනවා….
Merry Christmas!
]]>
https://sinhalasub.lk/movies/violent-night-2022-sinhala-subtitles/feed/ 0
Desert Dawn (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/desert-dawn-2025-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/desert-dawn-2025-sinhala-subtitles/#respond Fri, 25 Jul 2025 11:31:44 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=107223 Desert Dawn Sinhala Sub
Desert Dawn Sinhala Subtitles
Desert Dawn 2025 Sinhala Sub
Desert Dawn (2025) Sinhala Sub
Desert Dawn (2025) Sinhala Subtitles

නිස්කලංක, දූවිලි වැකී ගිය නගරයකට අඳුරු සෙවණැල්ලක් වැටෙන්නේ අභිරහස් විදිහට කාන්තාවක් ඝාතනය වීමත් එක්කයි. මේ අපරාධය විසඳීමේ වගකීම පැටවෙන්නේ නගරයට අලුතින්ම පත්වුණු, උද්යෝගයෙන් පිරුණු ෂෙරිෆ්වරයාට සහ හැමදේම ගැන අකමැත්තෙන් ඉන්න, පරණ නියෝජ්‍ය ෂෙරිෆ්වරයාටයි. ඔවුන් දෙදෙනා මේ ඝාතනයේ සුලමුල සොයාගෙන යද්දී, ටිකෙන් ටික හෙළිවෙන්නේ ඇඟ කිලිපොලා යන රහස් ජාලයක්. බොරු, දූෂණය සහ මත්ද්‍රව්‍ය කාටල්වල අඳුරු සෙවනැලි මේ නගරයේ අස්සක් මුල්ලක් නෑර පැතිරිලා බව ඔවුන් තේරුම් ගන්නවා. ඔවුන් සත්‍යයට ලං වෙන්න ලං වෙන්න, ඒ නිහඬ නගරය, වෙඩි හඬින් දෝංකාර දෙන දරුණු යුධ පිටියක් බවට පත්වෙන්නේ කාටවත් හිතාගන්නවත් බැරි විදිහටයි.

උපසිරැසිකරුගේ ඇසින්… ✍

මේ චිත්‍රපටියට සිංහල උපසිරැසි ගන්වන්න ලැබුණු කෙනා හැටියට, මට මේ ගැන කියන්න තියෙන්නේ, මේක ඇඟේ ලේ වතුර කරවන ජාතියේ ෆිල්ම් එකක් කියලයි! 🎬🔥 මුලින්ම කියන්න ඕන, IMDb අගය (4.1/10) දිහා බලලා නම් මේක මගහරින්න එපා. සමහර වෙලාවට අඩු රේටින්ග්ස් එක්ක එන ෆිල්ම්ස් අපිව පුදුම කරවනවා. මේකත් ඒ වගේ එකක්.

Action, Crime, Thriller කියන කැටගරි තුනටම උපරිම සාධාරණයක් මේකෙන් වෙනවා. එක පැත්තකින් නොනවතින ක්‍රියාදාම, වෙඩි තියාගැනීම්, අනෙක් පැත්තෙන් ඊළඟට මොකද වෙන්නේ කියලා හිතාගන්න බැරි කුතුහලයක්… 🔫💥 මේ දෙකේ නියම බැලන්ස් එකක් තියෙනවා. පුංචි නගරයක, පිටතට පේන සාමකාමී බව ඇතුළේ කොච්චර දරුණු, භයානක රහස් හැංගිලා තියෙනවද කියන එක මේ ෆිල්ම් එකෙන් නියමෙට පෙන්නනවා. නගරයේ හැමෝම සැකයි, කාවවත් විශ්වාස කරන්න බෑ. 🤔

අලුත් ෂෙරිෆ්ගේ උද්යෝගයයි, පරණ නියෝජ්‍යයාගේ අකමැත්තයි අතර තියෙන ගැටුම, එයාලා දෙන්නා එකට වැඩ කරන්න ගන්නකොට ඇතිවෙන සම්බන්ධය කතාවට ලොකු ගැම්මක් එකතු කරනවා. ඔයාලා සුපිරි Action Thriller එකකට කැමති නම්, ටිකක් වෙනස් විදියේ කතාවක් බලන්න ආස නම්, මේක අනිවාර්යයෙන්ම බලන්න ඕන ෆිල්ම් එකක් කියලා මම නිර්දේශ කරනවා. මේකේ තියෙන හැම දෙබසක්ම ඔයාලට රසවිඳින්න පුළුවන් වෙන්න උපසිරැසිය හැදුවා. බලලාම තීරණය කරන්නකෝ! 👍💯

ප්‍රේක්ෂක නිර්දේශය:

මේ චිත්‍රපටිය R කාණ්ඩයට අයත් වන අතර, එහි අඩංගු දැඩි ප්‍රචණ්ඩකාරී දර්ශන, ලේ වැගිරීම් සහ භාෂා භාවිතය නිසා මෙය වැඩිහිටි ප්‍රේක්ෂකයින් සඳහා පමණක්ම නිර්දේශ කරනු ලැබේ. 🔞 පවුලේ සැමට එකට නැරඹීමට සුදුසු නිර්මාණයක් නොවන බව කරුණාවෙන් සලකන්න.

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

]]>
https://sinhalasub.lk/movies/desert-dawn-2025-sinhala-subtitles/feed/ 0
Love Hurts (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/love-hurts-2025-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/love-hurts-2025-sinhala-subtitles/#respond Tue, 22 Apr 2025 04:25:04 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=98890 Love Hurts කියන ෆිල්ම් එක, මේ අවුරුද්දේ (2025) රිලීස් වුන American action-comedy ෆිල්ම් එකක්. මේක අධ්‍යක්ෂණය කරන්නේ Jonathan Eusebio, ඒ එයාගේ පළවෙනි අධ්‍යක්ෂණය විදිහට. වැලන්ටයින් දවසේ, ප්‍රධාන විදිහට පාර් ශව 3 කගේ ආදරය, එයාලා සම්බන්ධතා වැඩි දියුණු කරගන්න උත්සහා කරන විදිහ, අනිත් හැමදේමත් එක්ක ෆිල්ම් එකේ පෙන්නලා දෙනවා.

හරි, මේ කතාව මම මේ විදිහට කියන්නම්, ෆිල්ම් එක පාදක වෙන්නේ වැලන්ටයින් දවසක් ගැන. Marvan Gable කියන්නේ දේපළ වෙළදාමේ නිරත වෙලා ඉන්න, ප්‍රිය මනාප පෙනුමක් තියන, ඕනි කෙනෙක් එක්ක හිනා වෙලා කතා කරන චරිතයක්. හැබැයි දැන් එහෙම උනත්, එයාගේ අතීතයනම් ටිකක් දරුණු එකක්. එයා ඉස්සර මිනිස්සු විශාල ප්‍රමාණයක් මරලා තියන Hitman චරිතයක්.

මේ වැඩ වලට මෙයත් එක්ක එකට වැඩ කරපු තවත් කෙල්ලෙක් ඉන්නවා Rose කියලා. එක සිද්ධියක් නිසා, Marvan ට පැවරෙනවා Rose ව මරන්න. හැබැයි එයා එහෙම කරන්නේ නෑ. මොකද Rose ගැන පොඩි ආදරයක් ඇති වෙලා තිබුනා Marvan ට. ටික කාලයක් හැංගිලා ඉදලා Rose එළියට එනවා, පළිගන්න අදහසක් එක්ක. ඒ වැඩේට Marvan ගේ උදවු බලාපොරොත්තු වෙනවා.

ඉතින් පරණ ජීවිතේ අත ඇරලා, අළුත් ජීවිතයක් පටන් ගත්ත Marvan, Rose ට උදවු කරන්න කැමති වෙයිද. එයාගේ හිතේ තියන ආදරේ Rose ට කියයිද?
එහෙනම් ෆිල්ම් එක රස විදින්න
ආයෙත් හම්බවෙමු.

Love Hurts SinhalaSub
Love Hurts Sinhala Subtitles
Love Hurts 2025 Sinhala Sub
Love Hurts (2025) Sinhala Sub
Love Hurts (2025) Sinhala Subtitles

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

]]>
https://sinhalasub.lk/movies/love-hurts-2025-sinhala-subtitles/feed/ 0
Til Death Do Us Part (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/til-death-do-us-part-2023-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/til-death-do-us-part-2023-sinhala-subtitles/#comments Wed, 06 Nov 2024 17:03:52 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=55387 Til Death Do Us Part Sinhala Sub
Til Death Do Us Part Sinhala Subtitles
Til Death Do Us Part (2023) Sinhala Sub
Til Death Do Us Part (2023) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

Til Death Do Us Part කියන්නෙ 2023 අගෝස්තු 04 දින නිකුත් වුනු ඇමරිකන් චිත්‍රපටයක්. Action / Comedy / Horror / Thriller වර්ගවලට අයත් වෙන පැය 1 විනාඩි 51 ක ධාවන කාලයකින් යුතු සිනමා පටයක්. Timothy Woodward Jr. ගේ අධ්‍යක්ෂනයක්. රඟපෑමෙන් එකතු වෙනවා Cam Gigandet (බෙස්ට්මෑන්), Jason Patric (මනමාලයා) සහ Natalie Burn මනමාලි).

වැඩි විස්තර නැතිව කතාවට යමු.

කතාව ආරම්භ වෙන්නෙ වෙඩින් එකකින්. නමුත් අන්තිම මොහොතේ, කාටත් හොරෙන්, මංගල ඇඳුම පිටින් මනමාලි පැනල යනවා. මනමාලයගෙ යාලු මනමාලයො හත් දෙනා ඇයව හොයාගෙන ඇගේ ගෙදරට යනවා. මනමාලි ඇතුලු මේ ඔක්කොම කට්ටිය “යුනිවසිටිය” නමින් හැඳින්වෙන දරුණු රහසිගත ඝාතන සංවිධානයක හොඳම සාමාජිකයන්. ඇතුලට ආවට පස්සෙ කාටවත් මේ සංවිධානය අත්හැරල යන්න බෑ. ඒකයි නීතිය. ඉතින් මනාලියට සිද්ධවෙනවා තම ජීවිතය රැකගන්න මනාලයා ඇතුලු මේ අට දෙනා එක්ක බිහිසුණු සටනක් කරන්න.

විශේෂයෙන් කියන්න ඕනෙ මේක අමානුෂික දර්ශන සහිතයි. සිපගැනීම් හැරුනම අසභ්‍ය දර්ශන නම් නෑ.

හෙනම් ඔයාල හැමෝටම මෙ භයානක ෆිල්ම් එක බලන්න ආරාධනා කරන ගමන් දැනට ගිහින් එන්නම්…

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Subz.lk හි පලවූ Rasika Samanjith සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

]]>
https://sinhalasub.lk/movies/til-death-do-us-part-2023-sinhala-subtitles/feed/ 1