Bharath Reddy – SinhalaSub https://sinhalasub.lk සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Thu, 15 May 2025 02:10:53 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.3 https://sinhalasub.lk/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Bharath Reddy – SinhalaSub https://sinhalasub.lk 32 32 Arjun S/O Vyjayanthi (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/arjun-s-o-vyjayanthi-2025-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/arjun-s-o-vyjayanthi-2025-sinhala-subtitles/#comments Wed, 14 May 2025 17:00:05 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=101080 Arjun S/O Vyjayanthi Sinhala Sub
Arjun S/O Vyjayanthi Sinhala Subtitles
Arjun S/O Vyjayanthi 2025 Sinhala Sub
Arjun S/O Vyjayanthi (2025) Sinhala Sub
Arjun S/O Vyjayanthi (2025) Sinhala Subtitles

කතා සාරාංශය:
තමන්ගේ ගම්මානයේ අහිංසක මිනිසුන්ව අයුක්තියෙන් සහ පීඩාවෙන් ගලවා ගැනීමේ දැඩි අධිෂ්ඨානයෙන් යුතුව, තරුණයෙකු වන අර්ජුන්, අනුකම්පා විරහිත ලෙස නීතිය සියතට ගෙන ක්‍රියාත්මක වන්නට පටන් ගන්නවා. නමුත් ඔහුගේ මේ තීරණය, නීතියට හිස නමන, ඔහුගේම ආදරණීය මව වන වෛජයන්තිට නම් කිසිසේත්ම දරාගන්න බැරි දෙයක්. ඇය දක්ෂ පොලිස් නිලධාරිනියක්! පුතාගේ හිතුවක්කාර ක්‍රියා කලාපයට ඇය දැඩි සේ විරුද්ධ වෙද්දී, ගමේ මිනිසුන්ගේ එකම බලාපොරොත්තුව බවට පත්වෙන අර්ජුන්, මේ මව සහ පුතා අතරේ ඇතිවෙන දරුණු මත ගැටුමට මුහුණ දෙන්නේ කොහොමද? නීතිය, යුතුකම, සහ ලේ කිරි කරලා පොවපු මව් සෙනෙහස අතරේ හිරවෙන මේ දෙදෙනාගේ කතාව, බලන්නාට හිතන්න බොහෝ දේ ඉතිරි කරාවි!

උපසිරැසිකරුගේ ඇසින්:
මේ චිත්‍රපටියට සිංහල උපසිරැසි ගන්වපු කෙනා හැටියට මට මේ ගැන කියන්න තියෙන්නේ, මේක නිකම්ම නිකම් තවත් එක දකුණු ඉන්දීය ක්‍රියාදාම චිත්‍රපටියක් විතරක් නෙවෙයි කියන එකයි! 💥 ඇත්ත, ඇඟ කිලිපොලා යන, ඇඩ්‍රිනලින් කුප්පවන සුපිරි ඇක්ෂන් ජවනිකා වලින් නම් කිසිම අඩුවක් නෑ. ඒවට සබ් දානකොටත් ඒ ගැම්ම, ඒ වේගය මටත් හොඳටම දැනුණා. 👊🔥 හැබැයි, මේ චිත්‍රපටියේ ඇත්තම හදවත ගැහෙන්නේ අර්ජුන් සහ එයාගේ පොලිස් නිලධාරිනී අම්මා වෛජයන්ති අතරේ තියෙන අතිශය සංවේදී, ඒ වගේම ගොඩක් සංකීර්ණ සම්බන්ධය වටායි. 🥺

එක පැත්තකින් ගමේ අසරණ මිනිස්සු වෙනුවෙන් තමන්ගේ ජීවිතේ උනත් පරදුවට තියන්න ලෑස්ති, උණු ලේ තියෙන තරුණයෙක්. 🛡 අනිත් පැත්තෙන්, තමන් දිවුරුම් දීපු නීතිය රකින්න බැඳිලා ඉන්න, ඒත් තමන්ගේම දරුවා වැරදි පාරේ යනවා බලන් ඉන්න බැරි අසරණ අම්මා කෙනෙක්. 👩‍👦💔 මේ දෙන්නා අතරේ සිද්ධවෙන සංවාද, ඒ හැඟීම්බර ගැටුම්, විශේෂයෙන්ම වෛජයන්ති චරිතය තමන්ගේ රාජකාරිය සහ මව් සෙනෙහස අතරේ දෝලනය වෙන හැටි උපසිරැසි ගන්වනකොට මගේ හිතටත් ලොකු පීඩනයක්, ඒ වගේම කම්පනයක් ඇති කළා. ⚖🤔

චිත්‍රපටියේ දිග (පැය 2යි මිනිත්තු 32ක්) නිසා කතාව හොඳට විස්තර කරලා, චරිත හොඳින් ගොඩනගන්න අධ්‍යක්ෂකවරයාට අවස්ථාව ලැබිලා තියෙනවා. අර්ජුන්ගේ චරිතය නිකම්ම වීරයෙක් කරනවට වඩා, එයාගේ ක්‍රමවේද, එයාගේ හිතුවක්කාරකම, ඒ වගේම ඒ පිටිපස්සේ තියෙන අරමුණ හොඳට පෙන්නුම් කරනවා. ඒ වගේම, පොලිස් නිලධාරිනියක් විදියට වෛජයන්ති මුහුණ දෙන අභියෝගත් අඩු නෑ. සමහර වෙලාවට කාගෙ පැත්තද හරි කියල හිතාගන්නත් බැරි තරමට කතාව ගැඹුරට යනවා. 🧐 ක්‍රියාදාම දර්ශන වගේම, චිත්තවේගීය දර්ශනත් හොඳට සමබර කරලා තියෙනවා. 🔥 මම හිතන්නේ, ක්‍රියාදාම චිත්‍රපට වලට ආස කරන, ඒ වගේම කතාවෙනුත් පොඩි ගැඹුරක් හොයන කෙනෙක්ට මේක හොඳ අත්දැකීමක් වේවි. උපසිරැසිය එක්ක බලද්දී, මේ චරිත වලට තවත් සමීප වෙන්න ඔයාලට පුළුවන් වෙයි කියලා මම විශ්වාස කරනවා. බලලම රසවිඳින්න! 🎬🍿👍

ප්‍රේක්ෂක නිර්දේශය:
මෙය ක්‍රියාදාම සහ ඇතැම්විට තිව්‍ර දර්ශන අඩංගු විය හැකි නිසා, වැඩිහිටි ප්‍රේක්ෂකයින් (16+) සඳහා වඩාත් සුදුසුයි. 🧑👍 පවුලේ කුඩා දරුවන් සමග නැරඹීමට පෙර දෙමාපියන්ගේ අවධානය යොමු කිරීම වැදගත් වේ.

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

]]>
https://sinhalasub.lk/movies/arjun-s-o-vyjayanthi-2025-sinhala-subtitles/feed/ 2
Mafia (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/mafia-2020-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/mafia-2020-sinhala-subtitles/#respond Tue, 08 Apr 2025 03:22:55 +0000 https://sinhalasub.net/?post_type=movies&p=23116 Mafia Sinhala Subtitles

Mafia (2020) Sinhala Subtitles

]]>
https://sinhalasub.lk/movies/mafia-2020-sinhala-subtitles/feed/ 0
Singa Paarvai (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/singa-paarvai-2021-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/singa-paarvai-2021-sinhala-subtitles/#comments Fri, 25 Oct 2024 16:30:01 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=13240 ආයුබෝවන් යාළුවනේ මම ආසම කරන සමහරවිට ඔයගොල්ලොත් ආසම කරන Action, crime, Drama ගණයට අයත් ජනප්‍රිය නිළි වරලක්ෂ්මි සරත්කුමාර් රගපාන ලද නවතම චිත්‍රපටයක් තමයි අරගෙන ආවේ. 2021 ඔක්තෝබර් මස 01 වෙනි දින තිරගත වීම ආරම්භ කරන ලද පැය 1 කුත් විනාඩි 48 ක් පුරා දිග ඇරෙනව.කතාව ගැන පොඩි හැදින්වීමක් කරන්නම්.

කාන්තාවක් පොලීසියට ඇවිත් පැමිණිල්ලක් දානවා තමන්ගේ දුව තාම වැඩ ඇරිල ගෙදර ආවේ නෑ, හැමතැනකම හොයල බැලුවත් කිසිම හෝඩුවාවක් ලැබුණෙ නෑ කියල. පැමිණිල්ල ලියාගෙන විමසීම් කෙරෙන අතරේ පොලීසිය ගැහැණු ළමයෙකුගේ මළ සිරුරක් හොයාගන්නවා. දිව්‍යා අයි.පී.එස්. පුහුණුව ඉවරවෙලා තනතුරේ වැඩ බාරගන්න තියෙද්දිම එයයි යාළුවෝ දෙන්නෙකුයි කාර් එකෙන් එළියට ගියපු අවස්තාවක හදිසි අනතුරක් වෙලා දිව්‍යාගෙ ඇස් දෙක අන්ධ භාවයට පත් වෙනවා. තාත්තාගෙ හීනය වුණේ දිව්‍යාව කොහොමහරි අයි.පී.එස්. කෙනෙක් කරන එක. තාත්තගෙ හීනය කොහොම හරි ඉෂ්ට කරන්න හිතාගෙන ඉන්න අතරේ ආශ්‍රමයයට ගිහින් එන අතරේ නන්නාඳුනන පුද්ගලයෙකුගේ පැහැරගැනීමකට ලක් වෙනවා. එතනින් පැනගන්න දරන උත්සාහයේදි ඒ පුද්ගලයා අතින් ගැහැණු ළමයෙක් කාර් එකට හැප්පෙනවා. ඒ බල්ලෙක් කියල කිව්වත් දිව්‍යාට ඇහෙනවා ගෑණු කෙනෙක් කෑ ගහන සද්දයක් වාහනයේ හැප්පෙනකොට. මෙතනින් වෙන සටනෙදි දිව්‍යා ඒ පුද්ගලයාගෙන් බේරෙනවා. ඒ බේරුණත් අන්තිමේදි මොකද වෙන්නෙ කියල අපි බලමු.

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

]]>
https://sinhalasub.lk/movies/singa-paarvai-2021-sinhala-subtitles/feed/ 1
7:11 PM (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/711-pm-2023-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/711-pm-2023-sinhala-subtitles/#comments Sun, 17 Sep 2023 15:06:01 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=54329 7:11 PM Sinhala Sub
7:11 PM Sinhala Subtitles
7:11 PM (2023) Sinhala Sub
7:11 PM (2023) Sinhala Subtitles

සුභ දවසක් හැමොටම!!

හලො කොහොමද ආයෙත් ආවේ තෙලිඟු ෆිල්ම් එකක් අරගෙන… මෙ අරගෙන ආව ෆිල්ම් එකේ නම තමයි 7:11PM නමත් ටිකක් අමුතුයි වගේනේ. මේ ෆිල්ම් එක රිලිස් වෙලා නම් ටික කාලයක් වෙනවා.2023 ජූලි 7 වෙනිදා තමයි ෆිල්ම් එක රිලිස් වුනේ.

මේ ෆිල්ම් එක අයත් වෙන්නේ විදය්‍යා ප්‍රබන්ධ කියන වර්ගයට අර අපි කියන්නේ science fiction (Sci-fi) කියලා.මේ ෆිල්ම් එක අධ්‍යක්ෂනය කලේ Chaitu Madala අධ්‍යක්ෂකතුමා මේ ෆිල්ම් එකට රංගනයෙන් දායකත්වය දක්වනවා Deepika Reddy,Bharath Reddy,Tess Walsh.

ඊතින් මුලින්ම කිව්වා වගේ මේ ෆිල්ම් එකේ නම කිව්වා වගේම මේක කාලය හරහා ගමන් කරන කතාවක් මේ ෆිල්ම් එකේ ඉන්න රවී IPS කෙනෙක් වෙන්න සිහන දකින කෙනෙක් මෙයා ජිවත් වෙන්නේ 1999 අවුරුද්දේ හම්සලා දේවි කියන ගමේ දවසක් වෙන සිද්දියකට පස්සෙ එයා ඇහැරිලා බලනකොට එයා ඉන්නේ 2024 මෙල්බර්න් වල. එතනින් එහාට ඔයාලම බලන්නකො.

හැමදාම වගේ ෆිල්ම් එක බලන්න කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා එහෙනම් මෙ ෆිල්ම් එක බලන්න කියල ආරාධනා කරන ගමන් දැනට සමුගන්නවා…

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ උමේෂ් මදුරංග සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

]]>
https://sinhalasub.lk/movies/711-pm-2023-sinhala-subtitles/feed/ 1
Biskoth (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/biskoth-2020-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/biskoth-2020-sinhala-subtitles/#respond Thu, 16 Feb 2023 19:30:30 +0000 https://sinhalasub.net/?post_type=movies&p=1132 සන්තනම් කිව්වාම දමිල චිත්‍රපටි නරබන කේන්ක්නම් නොදන්න විදියක් නෑ,ඉස්සර දමිල චිත්‍රපටියක් ගත්තොත් සන්තනම් නැති චිත්‍රපටියක් හොයන්න නැති තරම් ,ඉතින් විහිළු කාරයගේ චරිතයෙන් අයින් වෙලා මෑතකදී ඉදන් අපිට ඔහුව දැකගන්න පුලුවන් වෙනවා වීරයගේ චරිතෙන්…ඒ අතරින් Dhilluku Dhuddu,Sakka Podu Podu Raja,Dhilluku Dhuddu 2,A1,Dagaalty චිත්‍රපටි ගොඩක් ප්‍රේක්ෂයන් වැලද ගත්තා,ඉතින් ඔන්න අද අපි අරගෙන ආවේ සන්තනම්ගේ අලුත්ම චිත්‍රපටිය වෙන බිස්කුත්

කතාව ගැන කිව්වොත්,රාජා (Santhanam ) කියන්නේ වැඩිහිටි නිවාසයකට ගොඩක් උපකාර කරගෙන ඉන්න සාමාන්‍යය කොල්ලෙක්,දවසක් මේ වැඩිහිටි නිවාසෙට වයසක ආච්චි කෙනෙක්ව ගෙනත් ඇතුලත් කරනව,මේ ආච්චිය අමුතු පුරුද්දක් තියෙනව,ඒ තමයි තනියම කතන්දර කියන එක,ඉතින් මේක දකින රාජා දවසක් මේ ආච්චි ගාවට ගිහින් ඒ ආච්චි කියන කතන්දරයක් අහනවා,පුදුම දේ වෙන්නේ ඊට පහුවදා,ඒ තමයි ඒ ආච්චි ඊයේ කිව්ව කතාව ඇත්තටම රාජගේ ජිවිතේ වෙනවා,එතකොට තමයි රාජා දැනගන්නේ මේ ආච්චි කියන කතන්දර සැබෑ ජීවිතෙත් වෙනවා කියල

එහෙනම් ඉතින් Imdb 6.3 ගත්තු  Comedy ගනයට අයත් වෙන මේ චිත්‍රපටිය නරබන්න ආරාධනා කරනවා ඔයාලට,ටිකක් හිනාවෙන්න කැමති අය අරගෙනන බලන්නකෝ එහෙනම් මේ මැජික් බිස්කට් එක..

]]>
https://sinhalasub.lk/movies/biskoth-2020-sinhala-subtitles/feed/ 0