ඔන්න ගොඩක් අය ඉල්ලපු තවත් මලයාලමකට උපසිරැසියක් අපි අරන් ආව..
2025 පෙබරවාරි 14 වෙනිදා නිකුත් වුණු මේ ෆිලුම අයත් වෙන්නෙ Sports / Action කියන කැටගරියට.. ප්‍රධාන චරිතය සදහා රංගනයෙන් දායක වෙන්නෙ මලයාලම් නළු Antony Varghese විසින්.. RDX එහෙම බලපු කෙනෙක් නම් මෙයාව අමතක වෙන්න විදිහක්ම නෑ..
අධ්‍යක්ෂණය – Govind Vishnu
භාෂාව – මලයාලම්
ධාවන කාලය – මිනිත්තු 150
රංගනය Antony Varghese Mo Ismail Lijomol Jose Vijayaraghavan Saiju Kurup
කතාව පැත්තට ගියොත්,
අබූ කියන්නෙ කිසිම වැඩක් පලක් නොකර ගෙදරට වෙලා ඉන්න පොරක්.. මෙයාගෙ වයිෆ් තමයි මෙයාටත් කන්න දෙන්නේ.. ඒවගේම මෙයාට පොඩි දුවෙකුත් ඉන්නව.. අබූ ඉදල හිටලා වැඩකට යනවා, ඒ තමයි විවිධ උත්සව වලට ප්‍රසිද්ද නළු නිලියෝ වගේ අය ආවම එයාලට ආරක්ෂාව සපයන්න යන එක.. පොර යන තැන කචල් දාගන්න පොරක්.. ඔන්න දවසක් කොචි නගරයේ උත්සවේකට එන ලෝක ශූර බොක්සිං ක්‍රීඩකයෙක්ට ආරක්ෂාව සපයන්න මෙයාට බාරවෙනව.. එතන සිද්ද වෙන පොඩි සිද්දියක් නිසා අබූ, ඒ බොක්සිං ක්‍රීඩකයට එක පහරින් සිහිය නැතිව බිම වැටෙන්න ගහනවා මේක දකින හැමෝම ෆුල් හොල්මන්.. ඊටපස්සේ තමයි ඒ ක්‍රීඩකයා අබූට තරගයකට එන්න කියලා අභියෝග කරන්නේ..
නිකමෙක් වගේ ගෙදර හිටියට අබූ කියන්නෙ නිකමෙක් නෙවෙයි.. එහෙනම් මැරයෙක් ද? හැමෝටම ආදරෙන් බලන්න කියලා ආරාධනා කරනවා
Daveed Sinhala Sub
Daveed Sinhala Subtitles
Daveed 2025 Sinhala Sub
Daveed (2025) Sinhala Sub
Daveed (2025) Sinhala Subtitles
ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ ලිපිය
උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න
Ajagajantharam (2021) Sinhala Subtitles
Aranjali is all set to celebrate the annual temple festival. Some unforeseen chain of events involving an elephant, a few young men, a notorious criminal, a drama troop and some trouble-loving villagers brings complete mayhem to the place
]]>Super Sharanya (2022) Sinhala Subtitles
Sharanya, an ordinary small-town girl from Pallakad, who moves to Thrissur for higher studies, finds herself changing as she meets Deepu.
]]>මලයාලමේ සිනමාවට සාමාන්‍යයෙන් පසු බිම් වන සුන්දර හරිත පැහැ කඳු වැටි, ගංගා ඇළ දොළ කෙත් වතු වලින් බැහැර වෙලා මේ චිත්‍රපටිය කෙලින්ම මහ මුහුද මැදට ඔබව ගෙන යනවා. එකම අරමුණකට බෝට්ටුවකින් මුහුදට යන විවිධ චරිත ස්වාභාවයන් සහිත ධීවරයින් පිරිසක් සිය ජීවන අරගලයට එකට මුහුණ දෙනවා. ඒ අතර තුර වෙනත් අරමුණක් සහිත එකෙකුත් මේ බෝට්ටුවෙ ඉන්නවා. විවිධ තත්වයන් යටතේ ඉතා ත්‍රාසජනක ගමනක යෙදෙන මේ පිරිසගේ ඉරණම කුමක් වෙයිද?
අජිත් මාම්පල්ලි රචනා කර අධ්‍යක්ෂණය කල මේ චිත්‍රපටය බලන්න හේතු උනේ විශේෂයෙන්ම මෙහි ඉන්න මලයාලි නළුවන්ටත් වඩා කන්නඩ නළු රාජ් බී ශෙට්ටි මොකක්ද මලයාලින් එක්ක කරන්නෙ කියල බලන්න. ඒ සමගම ඇන්ටනි වාගීස්, ශබීර් කලරක්කල්,සරත් සභා වැනි නළුවන් රැසක් මෙහි රඟපානවා. විශිෂ්ඨ කැමරාකරණය ගැන සඳහන් කල යුතු මයි. කුණාටු, සටන් ජවනිකා ඉතා තාත්විකව මෙහි ඉදිරිපත් කර තිබෙනවා. රේටිං අඩු උනත් මග නොහැරියය යුතු චිත්‍රපටයක් බව සහතික කරනවා
හොඳ චිත්‍රපටි කීපයක්ම පෝලිමේ තියෙනව රිලීස් වෙන්න. ඉතිං බලා ගෙන ඉන්න නැවත හමු වෙමු.
ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ ලිපිය
උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න
සුභ දවසක් හැමෝටම!!
අද මෙ අරගෙන එන්නෙ අලුතෙන්ම ආපු තවත් සුපිරිම මලයාලම් චිත්‍රපටියක් , ~ 2023 ඕනම් සටනේ වීරයා RDX චිත්‍රපටිය ott පිටපත් නිකුත් උනා
ඕනම් කියන්නෙ කේරලයේ ඉහළින්ම සමරන උත්සවය මෙන්ම දිගු නිවාඩුවක් එක්ක එන උත්සව කාලසීමාව නිසා ප්‍රේක්ශකයන් වැඩියෙන්ම සිනමාශාලා වෙත ඇඳෙන වැඩිම ආදායමක් ජනනය කෙරෙන සමයක් වනවා.
මේ නිසාම ඕනම් කාලසීමාවේ තමන්ගෙ චිත්‍රපටයත් තිරගතකිරීමට යොදාගන්න නිශ්පාදකයන් උපරිමයෙන් උත්සහ කරනවා. මලයාලම් සිනමාවේ නව පරපුරේ තරු වන දුල්කර් සල්මාන්ගේ KingOfKotha චිත්‍රපටයත් නිවින් පෝලිගේ BossAndCo චිත්‍රපටයත් මොලිවුඩයේ ප්‍රමුඛ නිශ්පාදන සමාගම් මඟින් ඕනම් කාලසීමාවේ තිරගතවන බව නිවේදනය කර තිබුනා. දුල්කර් සහ නිවින් අතරින් කවුරුන් මෙවර ඕනම් සටනේ ජයග්‍රහයකයා වේවිදැයි ප්‍රේක්ශකයන් උනන්දුවෙන් බලාසිටියා..
නමුත් ඔවුන් වැඩිය අවධානය නොදීපු තවත් චිත්‍රපටයක් තිබුනා. ඒ තමයි RDX. ශේන් නිගම් , ඇන්ටනී වර්ගීස් සමඟින් නීර්ජ් මාධව් රංගනයේ යෙදුන Action Entertainer ශානරයට අයත් මෙම චිත්‍රපටයත් ඕනම් කාලසීමාවේ තිරගතකරන බව නිවේදනය කරලා තිබුනා.
ඒත් ප්‍රේක්ශකයන්ගෙන් එතරම් හොඳ ප්‍රතිචාරයක් චිත්‍රපටයට ලැබුනෙ නැහැ. චිත්‍රපටයේ පළමු පෝස්ටර් කිහිපය හාස්‍යජනක බව කියමින් සමාජ මාධ්‍ය හරහා විහිලු තහලුවට ලක්වුන අතර බොහෝ දෙනාගේ මතය වුනේ KingOfKotha සහ BossAndCo සමඟ ගැටුනහොත් මෙම චිත්‍රපටය දැඩි ලෙස අසාර්ථකවේවි යන්නැයි.
ප්‍රධාන චිත්‍රපට දෙකක්ම ඒවනවිට ඉහළසිනමාශාලා ප්‍රමාණයක් තමන්වෙත වෙන්කරගෙන තිබීම නිසා තමන්ට සරිලන සිනමාශාලා ප්‍රමාණයක් වෙන්කරගැනීමට ඔවුන්ට කේරල සිනමාශාලාහිමියන්ගේ සංගමයට ඉල්ලීම් කරලා පිහිටපතන්නට පවා සිදුවෙනවා.
කොහොමහරි තිරගතවීමේ දිනය එනවා. KingOfKotha තිරගතවෙන්නේ දිනකට කලින් එනම් අගෝස්තු 24 වනදා පටන්. BossAndCo සමඟින් RDX 25 වනදා පටන් තිරගතවීම ඇරඹෙනවා.
ප්‍රේක්ශකයන්ගෙන් ප්‍රතිචාර ලැබීම ඇරඹෙනවා චිත්‍රපට දෙක තුනම නරඹපු ප්‍රේක්ශයන්ගෙන් හොඳම චිත්‍රපටය RDX ලෙස ලකුණු ලැබෙනවා. ප්‍රේක්ශකයන් චිත්‍රපටය වෙතට ඇදෙන්න ගන්නවා.දිනයේ ආරම්භක දර්ශනවාර වලදී අඩු ආදායමක් ලබා හිටපු RDX දිනය අවසන් කරන්නේ BossAndCo පරතරයක් සහිතව අභිභවා යමින්. දෙවන දිනයේ පටන් BossAndCo සම්පූර්ණනයෙන් බිඳවැටෙන අතර RDX සහ KingOfKotha අතර ගැටුමක් බවට පත්වෙනවා.
තෙවන දිනයේ පටන් KingOfKotha අභිභවා දෛනික ආදායම අභිභවා යන RDX 7 වන දිනය අවසානයේ KingOfKotha මුළු ආදායම අභිභවා යනවා. දෙවන සතිඅන්තයේ පටන් බොක්ස්ඔෆිස් ගැටුම තනි අශ්වයෙක්ගෙ රේස් එකක් බවට පත්වෙන අතර RDX ගමන අවසන් කරන්නේ මලයාලම් සිනමාවේ එදාමෙදාතුර වැඩිම ආදායමක් ඉපැයූ චිත්‍රපට අතරට එක්වෙමින්.
ඉහළ ප්‍රේක්ශක ප්‍රතිචාර දිනාගත් 2018 චිත්‍රපටයත් සුපිරි තරුව මෝහන්ලාල්ගේ Pulimurugan සහ Lucifer චිත්‍රපට වලටත් පසු කේරලයේ සිව්වන වැඩිම ආදායමක් ඉපැයූ මලයාලම් චිත්‍රපටය වීමට RDX සමත්වන්නේ කෝටි 53කට අධික ආදායමක් කේරලයේත් ලොව පුරා කෝටි 100 කට අධික ආදායමකුත් උපයාගනිමින්.
මලයාලම් සිනමාවේ ඕනම් උත්සව සමය කියන්නෙ සුපිරි තරු බිහිවුන තරු නැගීආපු කාලසීමාවක්. සුපිරි තරුව කියන සංකල්පය හොඳම නලුවෙක් කියන දේට වඩා ටිකක් එහාට ගිය දෙයක්. හැම හොඳ නලුවටම වාණිජ තරුවක් වෙන්න අමාරුයි.
කාලයක පටන් හොඳට නටන්න පුලුවන් , හොඳට ක්‍රියාදාම ජවනිකා රඟදක්වන්න පුලුවන් ඇක්ශන් මසාලා චිත්‍රපටයක බර කරටගතහැකි නවක තරුවකගේ නැගී ඒමක් මලයාලම් ප්‍රේක්ශකයන් අපේක්ශා කරා.
එම සියලු කාරණා සපුරාගෙන නැගී ආ තරුව තමයි ශේන් නිගම්.
ඒවගේම මලයාලම් ක්‍රියාදාම සිනමාවේ පෙරලිකාරයා ලෙස එම ශානරය තමන්ටම වෙන්කරගත් තරුවක් මෙන් ඇන්ටනී වර්ගීස්ගේ නැගී ඒමත් නීරජ් මාධව්ගේ ආකර්ශනීය රංගනයත් මේ හරහා දැකගන්න පුලුවන්.
මලයාලම් සිනමාවේ ජ්‍යේශ්ඪ ක්‍රියාදාම තරුවක්වූ බාබු ඇන්ටනීගේ නැවත ආගමනයත් වීරයන්ට නොදෙවනි දුෂ්ඪ චරිතයක් විශ්ණු අගස්තයා මඟින් මලයාලම් සිනමාවට හඳුන්වාදීමත් RDX හරහා සිදුව තිබෙනවා.
මේ සියල්ලටම වඩා නවක නලුවො තුන්දෙනෙක් සමඟ නවක අධ්‍යක්ශවරයෙක් සියලු බාධක මධ්‍යයේ මලයාලම් සිනමාවේ දැවැන්ත නම් එක්ක කරට කර තරඟකරලා ලබපු දැවැන්ත ජයග්‍රහණයත් එයට උරදීපු මලයාලම් ප්‍රේක්ශකයිනුත් හරහා මෙය නිතැතින්ම මලයාලම් සිනමාවේ දියුණුවට හේතුවන බවනම් නිසැකයි.
දැන් මේ ලිපිය කියවල චිත්‍රපටය බලන්න හදන අයට මතක් කරන්න ඕන ප්‍රධාන කාරණය තමයි මේවා ප්‍රේක්ශකයන්ට සිනමාශාලාවෙම බලන්න ඉලක්ක කරලා හදන ඇක්ශන් මසාලා චිත්‍රපටි කියන එක. ඒ නිසා ඔයාට ඒ විදිහටම චිත්‍රපටය නොදැනෙන්න පුලුවන් කොහොමවුනත් වාණිජමය චිත්‍රපටයක සාර්ථකත්වයට අඩංගු ක්‍රියාදාම , සංගීතය වැනි සියලුම දෑ මෙම චිත්‍රපටයේ ඇතුළත්. ඔබත් මලයාලම් ක්‍රියාදාම චිත්‍රපටි වලට කැමති නම් IMDb 7.6/10 ක අගයක් ලබාගත් ACTION / DRAMA කාණ්ඩයන්ට අයත් RDX නොවරදවාම නරඹන ලෙස නිර්දේශ කරන්න පුලුවන්.
එසේනම් තවත් මෙවැනි සුපිරි ෆිල්ම් එකකින් නුදුරේදීම හමුවෙමු රැඳිලා ඉන්න සිංහලසබ්.නෙට් අපිත් එක්ක…
ජය වේවා!!
ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ සඳුන් රණතුංග සහෝදරයගෙ ලිපිය
උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න
සුභ දවසක් හැමෝටම!!
කොහොමද ඔයාලා හැමෝටම… ඔන්න එහෙනන් උනු උනුවෙන් තවත් සුපිරි චිත්‍රපටයක් අරන් ආවා ඒ තමයි පහුගිය 5 වෙනිදා සොඳුරු කේරලයේදී තිරගතවීම් ඇරඹුනු ”චාවර්” ත්‍රාසජනක චිත්‍රපටය… කාලෙකින් තමයි Crime / Thriller මලයාලම් චිත්‍රපටයක් හම්බුනේ සුපිරි කියන්න පුලුවන් කම්මැලි නැතුව පැය දෙකක් බලන්න පුලුවන් සුපිරි ෆිල්ම් එකක් තමයි මේ අරගෙන ආවේ…..
චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නෙ Ajagajantharam 2021 චිත්‍රපටය අධ්‍යක්ෂණය කරපු Tinu Pappachan විසින්ම තමයි ප්‍රධාන චරිතයට පණ පොවන්නෙ….සුපිරි මලයාලම් නළු Kunchacko Boban විසින් Anjaam Pathira , Ottu , Padmini වගේ ෆිලුම් බලපු අය මෙයාව දන්නවා ඇති ….
ඊට අමතරව Parava 2017 , Thuramukham 2022, Madhurm 2021, Pranaya Vilasam 2023 වගේ චිත්‍රපට වල දක්ශ රංගනයක එක්වුනු Arjun Ashokan මේ චිත්‍රපටයේද වැදගත් චරිතයක් කරනවා…….
මේ වන විට 7.8 / 10 IMDb අගයක් හා 84% ක ගූගල් පරිශීලක මනාප ප්‍රමාණයක් හිමිකරගෙන තියෙන මේ සොඳුරු කේරළ සිනමා සිත්තම ඒ තියෙන ගස් වැල් එක්ක ඇස් දෙකට මාර ෆීලින්ග් එකක් දෙන කුතුහලයෙන් බලන්න පුලුවන් Thriller ෆිලුමක් කිව්වොත් මම හරි…..
ඒනම් කතාව පැත්තට ගියොත්…….
අරුන් කියන්නෙ නර්සින් කරන කොල්ලෙක් ඉතින් මෙයා ගෙදර ඉද්දි දවසක් කෝල් එකක් එනවා එයාගෙ ගමේ කෙනෙක්ගෙන් මේ තැනට එන්න අපේ කෙනෙක්ට තුවාලයි බෙහෙත් දාගන්න ඕනෙ ඉස්පිරිතාලෙ යන්න අපිට බෑ කියලා එයාට එන්න කියනවා ඉතින් කොල්ලා යනවා හැබැයි ගියා ගියාමයි කොල්ල දන්නෙ නෑ මං මේ පැටලුනේ මොන ජංජාලයකටද කියලවත් ඇත්තම කිව්වොත් ලොකු මිනිමැරුමක් කරපු කන්ඩායමක තුවාල උනු එයාලගෙ නායකයට බෙහෙත් දාන්න තමයි අරුන්ට කතා කරලා තීන්නෙ ඒත් අරුන්ට බෙහෙත් දාලා පාඩුවෙ යන්නනම් හම්බෙන්නෙ නෑ………
එහෙනම් ඔයාලා හැමෝටම සිංහලසබ්නෙට් අපි ආදරයෙන් ආරාධනා කරනවා මේ චිත්‍රපටය රසවිඳින්න…
කුතුහලය නැති වෙන නිසා ඉතාමත් කෙටියෙන් මුල් ටික විස්තර කලා එහෙනන් ඔයාලා හැමෝටම බුදු සරණයි!!…
ජය වේවා!!
ලිපිය උපුටා ගැනීම :- Zoom.lk හි පලවූ එස්.ඩිල්මිත් සහෝදරයගෙ ලිපිය
උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න