Night Drive (2022) Sinhala Subtitles
A young couple working are out on a drive where they meet with an accident. It leaves them in a triangle between a cop who investigates the accident and the corrupt political hegemony who are in pursuit of them.
]]>Naradan (2022) Sinhala Subtitles
Chandraprakash, a well-known TV news anchor, comes under undue pressure from his higher-ups to bring competitive exclusives, which urges him to leave the job. When a rival media group offers him a new job, he rebrands himself into a loud, tyrannical journalist, catering to those looking for news theatrics.
]]>P. S. Vinothraj ගේ අධ්‍යක්ෂනයෙන් සිවකාර්තිකේයන්ගේ නිෂ්පාදනයෙන් එලිදැක්වුන චිත්‍රපටය තමයි කොට්ටුකාලි. රංගනයෙන් සූරි වගේම තම ප්‍රථම දමිළ සිනමා ප්‍රවිෂ්ටය කරගන්නා මලයාලම් සුරූපිනිය ඇනා බෙන් දායක වෙනවා.
මේ චිත්‍රපටය 16වෙනි දින පෙබරවාරි 2024 ප්‍රථමයෙන් තිරගත වෙන්නේ ෆෝරම් අංශයෙන් 74වෙනි Berlin International Film Festival එකේ. මහජන ප්‍රදර්ශනය සදහා 23 අගෝස්තු 2024 විවෘත වෙනවා.
කතාව බලමු.
මීනා (ඇනා බෙන්) හා ඇගේ මස්සිනා පාන්ඩි ( සූරි) හා විවහා වීමට සිටියත් කොලේජ් එකේ පහත් කුලයක කෙනෙක් එක්ක ඇතිවෙන ප්‍රේමය නිසා ඇය මුරණ්ඩු කෙල්ලෙක් වෙනව. මෙය වැරදි ලෙස වටහාගැනීම එයට ප්‍රතික්‍රියා දැක්වීම තමයි චිත්‍රපටය . මෙහි අවසානය ඔඹ සතුයි. ?
ඉතින් මේක ඉවසීමෙන් බලන්න ඕන ෆිල්ම් එකක් . හොද නිවාඩුපාඩුවේ බලන්න. හිතන්න අවසන් තීරණය කොටාගෙන යන්න ??
ජය වේවා!!
ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ පීටර් බාත්ලට් සහෝදරයගෙ ලිපිය
උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න
]]>
සුභ දවසක් හැමෝටම!!
මේකත් 2023 මැයි මස නිකුත් වුන තවත් Malayalam කොමඩියක්. Imdb 6.2 අගයක් ගත්ත මේ ෆිල්ම් එකත්. මීට කලින් සබ් දුන්න JOURNEY OF LOVE 18+ බැලුවද? ඒකෙ තියෙන්නෙ කපල් එකක් පැනල යන සීන් එකක්. මේකත් පැනල වෙනසක් නෑ පැනල යන සීන් එකක්.ඒකත් අමුතුම විදිහෙ එකක්. එකක් නම් කමක් නෑ දෙකක්.Arjun Ashokan, Anna Ben, ප්‍රධාන චරිත කරන මෙහි Zarin Shihab, Shiva Hariharan, Fahim Safar, Krishna Kumar, Suresh Krishna, Nandu මෙහි රඟපානවා.අධ්‍යක්ෂණය Achyuth Vinayak ගෙන්.
මේඝා(Anna Ben) සේතු (Arjun Ashokan ) එක්ක පැනල යන්න තීරණය කරනවා.එයාගෙ තාත්ත පොලිසියෙ හිටපු ඉහළ නිලධාරියෙක්. ඒ නිසා හොඳට සැලසුම් කරල මේක ක්‍රියාවෙ යොදවන්න වෙනවා.ඔන්න ඉතින් පාන්දර කුකුළ අතේ අරන් මේඝ ගෙදරින් පනිනවා.සේතුගෙ වාරෙ.පොර කූල් එකේ එළියට බැහැල පාරට ආව විතරයි කෝල් එකක් එනව ගෙදරින්.නරක වෙලාවට නගිනකොට පුවක් ගහෙත් දෙබලක් නේ.මෙන්න යකෝ සේතුට ඉස්සර වෙලා එයාගෙ නංගි.එයත් එදාම උදේ පැනල ගිහින්.දැන් මොනව කරන්නද? ගෙදර එකම කාලගෝටියක්.සේතුගෙ අපූරු මාමල දෙන්නට මැදි වෙලා කරකියා ගන්න දෙඅය්ක් නැතුව සේතු ඔන්න එයාලත් එක්ක නංගි හොයන්න හදනවා.එතකොට මේඝා? දැන් ආපහු ගෙදර යන්නත් බෑ.පැනල යන්නත් බෑ. එයාට මොකද වෙන්නෙ?
එහෙනම් මෙ ලස්සන කතාව බලන්න ඔයාල හැමෝටම ආරාධනා කරනවා…
ජය වේවා!!
ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ BANDULA K සහෝදරයගෙ ලිපිය
උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න
සුභ දවසක් හැමෝටම!!
ජෙසී කියන්නේ දෙමව්පියන්ගේ හුරතලේට හැදුනු, වැඩිය තෙම්පරාදු උනේ නැති ගමේ ගොඩේ කෙල්ලෙක්. ජෙසී ඉන්නේ නගරයෙන් සෑහෙන්න ඇතුලේ තියෙන ගමක. ජෙසිගේ අම්මා කරන්නේ ගමේ අයට ඇදුම් මහන එක. තාත්ත නම් ගොවිතැන කරන්නේ. ජෙසිගේ නංගි තාම ස්කොලේ යනවා.
ඔන්න දවසක් ජෙසිගේ අම්මා ඇදුමක මිනුමක් ගන්න කෙනෙක්ට කතා කරන්න කියනවා. එවෙලේ ජෙසී අතින් නම්බර් එකක් වැරදිලා විෂ්ණුට කෝල් එකක් යනවා. ඔන්න ඔතනින් තමා කතාව පටන්ගන්නේ. කොල්ලෝ උනාම ඉතින් ඔහොම වැරදිලා එන කෝල් පස්සේ පොඩ්ඩක් පන්නනවනේ. අන්න එහෙම තමන්ට ආපු කෝල් එක පස්සේ පන්නන විෂ්ණු හදන්නේ කොහොමහරි ජෙසි එක්ක යාලු වෙන්න.
අර කැමරා පෝන් එකක්වත් නැතිව, හැබැහින් පොටෝ එකක්වත් දකින්න නැතිව කටහඩින් විතරක් අදුනගත්තු මේ දෙන්නා යාලු වෙයි ද? හැම කතාවකම දුෂ්ටයෙක් ඉන්නවා වගේ, මේ කතාවටත් එහෙම කෙනෙක් ඉන්නවා.. එක්කෙනෙක් නෙමේ දෙන්නෙක්ම. කව්ද අප්පේ ඒ නේද? ඒ අය ගැන මම කියන්න නම් යන්නේ නෑ.
හැබැයි මේ දේ නම් කියන්නම් ඕනේ. ඒ තමයි ඔයාල හිතන අවසානයවත්, බලාපොරොත්තු වෙන දේවත් නෙමෙයි චිත්‍රපටියේ අවසානයට වෙන්නේ. අර අපිට කුතුහලය දෙන wow factor එක සුපිරියට ඔයාලට දැනෙයි.
මිනිත්තු 113ක් පුර දිවෙන Kappela චිත්‍රපටය පහුගිය මාර්තු 6 වෙනි දින සිනමාහල්වල තිරගතවීම ආරම්හ කලත් දින පහ-හයක් තිරගතවීමෙන් අනතුරුව කොරෝනා තත්වය සිනමාහල් වසාදැමීම හේතුවෙන් එය තිරගතවීම අතරමග නතර කෙරුනා. නමුත් පසුව එය Netflix හරහා මුදා හරින්නට නිෂ්පාදක වරුන් තීරණය කරනු ලබන අතර ඒ අනුව පහුගිය ජුනි 22 වැනිදා මෙය ලොවපුරා ප්‍රේක්ෂකයින් හට Netflix හරා නැරඹීමේ පහසුකම උදාඋනා. තමාගේ කුළුඳුල් අධ්‍යක්ෂණය ලෙසින් Muhammad Musthafa විසින් මලයාලම් සිනමාවට දායාද කරන Kappela චිත්‍රපටය Kadhaas Untold බැනරය යටතේ Vishnu Venu ගේ නිෂ්පාදනයක්. Jimshi Khalid ගේ සිනමාකරණයෙන් හැඩවෙන මෙය Sushin Shyam ගේ පසුබිම් සංගීතයෙන් තව තවත් වර්ණවත් වනවා.
Kumbalangi Nights සහ Helen අතිශය ජනාදරයට පත් කොන්ඩේ කැරලි කැරලි තියෙන අවුරුදු 23 සුරුපි Anna Ben ගේ රංගනයෙන් හැඩවන Kappela චිත්‍රපටය ගැන බොහෝ දෙනා බලාපොරොත්තු දැල්වූ දෑසින් බලා සිටියා. ඇයට අමතරව Kumbalangi Nights, Anjaam Pathiraa, Trance වගේ චිත්‍රපටි වලින් අපි හමුවට ආපු Sreenath Bhasi ත් , Thottappan, Koode වගේ චිත්‍රපටි වලින් අපි හමුවට පැමිණි Roshan Mathew ඇතුළු රංගන ශිල්පීන් රැසක් මේ සඳහා රංගන දායකත්වය සපයන අතර ඔවුන්ට අමතරව අධ්‍යක්ෂක Muhammad Musthafa ද මෙහි අබු යන සහය චරිතයෙන් Kappela සලරුව හැඩ කරනවා.
මලයාලම් සිනමාව කියන්නේ කොහොමත් අපිට සමීප සිනමාවක්. ලංකාවට සමාන පරිසර, මිනිස්සුන්ගේ හැසිරීම, කතා බහ වගේ දේවල් නිසා මලයාලම් සිනමාව අපිට තවත් සමීප කරනවා. ඒ නිසා අමුතුවෙන් රහ කරලා කියන්න ඕනේ නැතිවෙයි කියල හිතනවා…
එහෙනම් හැමෝම තවත් එක සුන්දර මලයාලම් සිනමාවක අසිරිය විදගන්න. ඒ ගමන් පල්ලෙහා කියල තියෙන දේත් පොඩ්ඩක් හිතේ තියාගෙන ඉන්න.
“සිනහවෙන් හෝ කතාවෙන් බෑ මනින්නට මිනිසා…!”
ජය වේවා!!
ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ M.T.R. තරිදු රුක්ෂාන් පෙරේරා සහෝදරයාගේ ලිපිය
උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න