එහෙනම් sinhalasub.net යාළුවෝ හැමෝටම සුභ දවසක්..ඔන්න මම එහෙනම් ලස්සන ෆිල්ම් එකක් අරගෙන ආවා..එහෙනම් අපි පොඩ්ඩක් කතාව පැත්තට හැරෙමු..
ඉන්දියාවේ ඒ කාලේ ඉදන් තියෙන කුල භේදය ගැන අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ..මේ ෆිල්ම් එකත් එහෙම කුල භේදය ගැන කියවෙන ෆිල්ම් එකක්..එක ගමක් තියෙනවා ඒ ගම පාලනය කරන්නේ පටේල් කියන කුලය දරණ අය විසින්..මේ ගමේ මිත්‍යා විශ්වාසයක් තියෙනවා දෙවියන්ට බැටළුවෙක් පූජා කරන්න ඕනේ කියලා ගමේ ලෙඩ දුක් දුරු කරලා ගමට සෞභාග්‍යය ගේන්නනම්..ඉතින් මේ බැටළුවා බලා ගන්න වගකීම හම්බෙන්නේ ගංගාධාරී කියන කෙනාට..මේ බැටළුවාව ගංගාධාරී අතින් නැති වෙනවා..ඉතින් පටෙල් බැටළුවාව හොයා ගත්තේ නැත්තම් ගංගාධාරීගේ දුවව දෙවියන්ට බිලි දෙනවා කියලා කියනවා..ඉතින් මේ හැමදේටම ලොකු හේතුවක් තියෙනවා..පටේල් මෙහෙම කරන්නේ ඇයි ? ගංගාධාරීට දුවව බේර ගන්න පුළුවන් වෙයිද ? මේ හැමදේටම උත්තර හොයා ගන්න ඕනෙනම් හැමෝම ෆිල්ම් එක බලන්න..තව දෙයක් මේ තාත්තා තමන්ගේ දුව වෙනුවෙන් කරන කැපවීම් දැක්කම වෙලාවකට ඇස් වලට කදුළු උනනවා..මිස් කර ගන්න එපා ගොඩක් ලස්සන ෆිල්ම් එකක්..එහෙනම් තවත් ලස්සන ෆිල්ම් එකක් අරගෙන ඉක්මනට එන්නම් හැමෝටම බුදු සරණයි..
උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න
Tantra – (2024) : වජ්රෝලි රාති ශාපය…
ලැබුවා වු මේ සිංහල අලුත් අවුරුද්ද ඔයාලා හැමෝටම සාමය සතුට සපිරි නිදුක් නිරෝගිමත් සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා…!
මේ උපසිරැසිය මට ගොඩක් විශේෂයි. මේ මම ඔයාලට ගේන දසවෙනි උපසිරැසිය. කාර්යබහුලත්වය මැද්දේ වුනත් ඔයාලට හොද ෆිල්ම් වලට උපසිරැසි අරගෙන ආවා.ඒකෙන් ගොඩක්ම ත්‍රිලර්, හොරර්, ඇක්ෂන් ශානාරයේ ඒවා ගොඩක් අරගෙන ආවා. විශේෂයෙන් සලාර් (දෙවන උපසිරැසිය) මතක් කරන්න ඕනේ. ඒක තමයි මාව මේ තරම් දුරක් අරගෙන ආවේ.
දෙමල උපසිරසියකින් පටන් අරගෙන අද වෙනකොට තෙලිගු, දෙමල උපසිරැසි ගොඩක් මම කරලා තියෙනවා.(10ක්). ඉස්සරහටත් හොදම ගණයේ චිත්‍රපටි බලන්න මම ආරාධනා කරන ගමන් අද ගෙනාපු ෆිලුම ගැනත් කියලම ඉන්නම්.
තන්ත්‍ර විද්‍යාව එහෙම නැත්නම් තාන්ත්‍රික ශාස්ත්‍රය කියන්නේ භයානක ගුරුකම් තියෙන විද්‍යාවක්. ඒ විද්‍යාවෙන් වැඩ ගන්න අයගෙන් යහපත් දේට අරමුණු කරගෙන වැඩ කරන්නේ බොහොම සුළු පිරිසක් නේ. හැබැයි මේකෙන් ගොඩක්ම වැඩගන්නේ අයහපතට කියලා ගොඩක් අය දන්නා කාරණයක්.එහෙම වැඩ ගන්න කෙනෙක් තමයි මේ ෆිල්ම් එකේ විලන් චරිතය වෙච්ච විගති. හැබැයි මේ වැඩේ හොද පැත්තට කරන කෙනෙකුත් ඉන්නවා. ඒ තමා මේ ෆිලුමේ කතා නායිකාව. ඒ තමා රේඛා.රේඛා කියන්නේ පොඩි කාලේ ඉදන් ආත්ම එක්ක කතා කරන්න පුළුවන් කෙල්ලෙක්. ඒක ලැබිලා තියෙන්නේ උපතින්ම. ඒ හින්දාම එයාට ඉස්සරහට ගොඩක් ප්‍රශ්නවලට මූණ දෙන්නත් වෙනවා.මේ කෙල්ලට ලස්සන කොල්ලෙක් ඉන්නවා. එයා තමා තේජා.එයා අම්මා මැරුණට පස්සේ එයා ඉන්නේ එයාගේ මාමා වෙච්ච සංකරම් එක්ක. සංකරම් කියන්නේ අර වගේම තන්ත්‍ර විද්‍යාව ගැන හොදට දන්නා කෙනෙක්. නමුත් එයා කෙනෙක්ට දුන්නු පොරොන්දුවක් හින්දා තන්ත්‍ර විද්‍යාව ඉගෙනගත්තත් ප්‍රයෝගිකව පාවිච්චි කරන්නේ නෑ.
වැඩිය කතා ඕනේ නෑ.. ෆිල්ම් එකේ විස්තරයට යමු.
මේ අවුරුද්දට ගේන දෙවෙනි උපසිරැසිය තමා මේ. නම tantra. ෆිල්ම් එකේ අධ්‍යක්ෂණය කරන්නේ Srinivas Gopisetti ගෙන්. ෆිල්ම් එකේ නිෂ්පාදන කටයුතු කලේ Ravi Chaitanya, Tej Palli හා Naresh Babu Panchumarthi විසින්. සංගීත අධ්‍යක්ෂණය RR Dhruvan ගෙන්. ෆිල්ම් එකේ OTT නිකුත් කලේ Aha වලින්. නිකුත් වුනේ මාර්තු 15 වෙනිදා.
කාස්ට් එක ගත්තොත්
Ananya Nagalla
Dhanush Raghumudri
Temper Vamsi
Saloni Aswani
Meesala Lakshaman
Manoj Muthyam
Kushalini Pulapa
Sharath Barigela
වගේ හොද කාස්ට් එකක් ඉන්නවා.
හොරර් ශනරයට අයිති මේ ෆිල්ම් එකේ ratings ගත්තොත්, IMDB මීටරේ 7.2/10කුත් bookmyshow වෙබ් අඩවියෙනුත් 7.9/10 කුත් මේ ෆිලුමට තියෙනවා. විශේෂම දේ තමා මේ ෆිල්ම් එකේ ප්‍රචාරණයට ගත්තු උපශිර්ශය. Unveling Indial Occult Like Never Before – පෙර නොවූ විරූ ආකාරයේ ඉන්දියානු ගුප්ත විද්‍යාව හෙළිදරව් කිරීම කියලා තමයි වැඩේ පටන් අරගෙන තියෙන්නේ. මේක A Sensored වුනාට කිසිම කෙනෙක්ට අවුලක් නැතුව බලන්න පුළුවන් ෆිල්ම් එකක්. විශේෂයෙන් හොරර් ෆිල්ම් බලන කෙනෙක්ට මේක මාරු ෆිලුමක්.
එහෙනම් තව උපසිරසියකින් හමුවෙනකම් ඔයාලට බුදු සරණයි…!!
]]>සුභ දවසක් හැමෝටම!!
අද අරගෙන ආවෙ තෙලිඟු චිත්‍රපටයක් තමයි. 2018 වර්ශයේ තිරගත වුන Andhadhun කියන හින්දි චිත්‍රපටයේ ප්‍රතිනිර්මාණයක් තමයි මේ චිත්‍රපටය.නම යොදාල තියෙන්නෙ Maestro කියලා.මේක Action / Comedy / Thriller කාණ්ඩවලට අයත් ෆිල්ම් එකක්.
හරි ෆිල්ම් එක ගැන කතා කලොත් මෙහෙමයි.මේ ෆිල්ම් එක කොවිඩ් නිසා පරක්කු වුන ෆිල්ම් අතරෙම එකක්.ඉතින් තියටර් රිලීස් නොවී Disney + Hostar හරහා තමයි ඔර්ජිනල් පිටපත් අපේ අතට පත් වුනේ.ෆිල්ම් එක අධ්‍යක්ෂණය කලේ Merlapaka Gandhi විසින් වන අතර Sudhakar Reddy සහ Nikitha Reddy දෙන්නා Shrest Movies හරහා කල නිෂ්පාදනයක්.ඉතින් මේ Sudhakar Reddy සහ Nikitha Reddy දෙන්න වෙන කවුරුත් නෙමෙයි.නිතින්ගේ තාත්තයි, අක්කයි.ඒවගේම සංගීතය Mahati Swara Sagar ගෙන්.
ඊලගට හැරෙමු අපි නලු නිලියො පැත්තට.තෙලිඟු සිනමාවේ ” Youth Star “ කියන නමින් හඳුන්වන Nithiin Reddy තමයි මේකෙ ප්‍රධාන නලුවා වෙන්නේ.ඉතින් මං පුද්ගලිකවම කැමති නලුවෙක් තමයි මේ.මම මීට කලින් උපසිරැසි ගන්වපු Bheeshma , Check , Rang De ෆිල්ම් තමයි නිතින්ගෙ මෑතකදී ආව ෆිල්ම්.එතකොට මේ එයාගෙ මේ අවුරුද්දේ එන තුන්වෙනි ෆිල්ම් එක.මේකට පස්සෙ එන ෆිල්ම් එකෙත් වැඩ කටයුතු මේ ලගදි පටන් ගත්තා. හරි එතකොට ප්‍රධාන නිලියො දෙන්නෙක් මේ ෆිල්ම් එකේ ඉන්නව.සුරූපී නිලි Tamannaah සහ හැඩකාර Nabha Natesh තමයි ප්‍රධාන නිලියො විදියට රංගනයේ යෙදෙන්නේ.
ෆිල්ම් එකේ යටගියාව පොඩ්ඩක් බැලුවොත්.2019 සැප්තැම්බර් මාසෙ The Times of India වාර්තා කරල තිබුනේ නිතින්ගේ තාත්තා Sudhakar Reddy මේ චිත්‍රපටය නිර්මානය කරන්න අයිතිය අරගෙන තියෙන බව.ඊට පස්සෙ 2020 පෙබරවාරි ෆිල්ම් එක තහවුරු කරල කොවිඩ් වල බලපෑම නිසා නවත්ත නවත්ත කරගෙන ඇවිත් 2021 මාර්තු ෆිල්ම් එකේ නම අනාවරණය කලා.පස්සෙ මෑතකදී අපිට නිව්ස් එක ආව මේක තියටර් නොදා Disney + Hostar හරහා ෆිල්ම් එක ඔර්ජිනල් පිටපත්ම ලබා දෙනවා කියලා.
අරුන් කියන්නෙ ඇස් පේන්නෙ නැති දක්ෂ පියානො වාදකයෙක්.ඉතින් මෙයා එක මිනීමැරුමක සාක්ෂි කාරයෙක් වෙන එකෙන් තමා හැම ගැටලුවක්ම ඇති වෙන්න ගන්නේ.ඒ මොනවද සම්පූර්ණ කතාව ෆිල්ම් එක බලල දැනගන්න.ඉතින් අපූරු සින්දු ටිකකුත් උපසිරැසි ගන්වල තියෙන්නෙ ඒවත් එක්කන රසවිදින්න.
ජය වේවා!!
ලිපිය උපුටා ගැනීම :- Cineru,lk හි පලවූ මදුශාන් ප්‍රියන්කර සහෝදරයාගේ ලිපිය
උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න