Amy Jackson – SinhalaSub https://sinhalasub.lk සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Tue, 24 Jun 2025 13:03:24 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.3 https://sinhalasub.lk/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Amy Jackson – SinhalaSub https://sinhalasub.lk 32 32 Theri (2016) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/theri-2016-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/theri-2016-sinhala-subtitles/#respond Tue, 24 Jun 2025 13:02:43 +0000 https://sinhalasub.net/?post_type=movies&p=7171 චිත්‍රපටයේ නම ‘තෙරි’. එනම් එහි තේරුම ‘පුළිගුව’ යන්නයි. මේ වසරේ නිකුත් උනු සුපිරි තත්වයේ වැජබෙන දෙමල සිනමා නළුවෙක් වන විජේගේ චිත්‍රපටයක් තමා මෙය. ගිය වසරේ ඔහුගේ පුළි චිත්‍රපටය හිතපු තරමට වඩා අඩු සාර්ථකත්වයක් තමා ලබා ගත්තේ. එයටත් හරි යන විදිහට මේ චිත්‍රපටය ආදායම් උපයා ගැනීම අතින් ඉතාමත් සාර්ථක විය. ඒ වගේම මේ චිත්‍රපටය අධ්‍යක්ෂනය කරන්නේ ‘රාජා රානී’ නම් ඉතා සාර්ථක චිත්‍රපටය අධ්‍යක්ෂණය කරපු ‘අට්ලී’ නම් අධ්‍යක්ෂක වරයා විසිනි. මේක ඔහුගේ දෙවැනි චිත්‍රපට අධ්‍යක්ෂණයයි. නමුත් ඔහු ලොකු අවධානමක් අරගෙන සුපිරි නළුවෙකු යොදාගෙන ඉතාමත් සාර්ථක වානිජමය චිත්‍රපටයක් යන තේමාවෙන් චිත්‍රපටය අධ්‍යක්ෂනය කලද, ඒ තුළින් පවුලක සෙනෙහස ආදරය මෙන්ම දෙමාපිය දරු සෙනෙහස ගැන ඉතා සංවේදීව කතා කරන චිත්‍රපටයක් බවටද මෙය පත් කරවා ගෙන තමුන් නැවතත් සාර්ථක අධ්‍යක්ෂක වරයෙක් බවට ඔප්පු කරලා තියෙනවා. ප්‍රධාන චරිතය විජේ විසින් රග දක්වයි. ඒ වගේම ප්‍රධාන නිළි චරිත දෙකක් තිබෙන් අතර ඒ සදහා ‘සමන්තා’ මෙන්ම ‘ඇමී ජැක්ශන්’ද දායකත්වය සපයා තිබෙනවා. ඒ වගේම ප්‍රධාන ළමා නිළි චරිතයක් තියෙන අතර එය මීනා නම් හිටපු නිළියගේ දුව වන ‘නයිනිකා’ විසින් ඉතාමත් ලස්සනට රග දක්වා තිබෙනවා. චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂනය G.V. ප්‍රකාශ් කුමාර්’ විසිනි. ඒ වගේම මේක ඔහුගේ 50 වෙනි චිත්‍රපට සංගීත අධ්‍යක්ෂනයයි. චිත්‍රපටය නිකුත් වුනේ 2016 අප්‍රේල් 14 වෙනිදාය. ඒ වගේම මේ වන විට චිත්‍රපටය සිය ආදායම ඉන්දීය රුපියල් කෝටී 100 ඉක්මවා ගොස් තිබෙනවා. එමෙන්ම චිත්‍රපටය ලද සාර්ථකත්වය මත මෙහි අධ්‍යක්ෂක වරයා මෙහි දෙවැන්නක් බලාපොරොත්තු වන බව සදහන් වේ.

කතාව චුට්ටක් කියන්නම්. ජෝෂප් කියන්නේ කේරල වලට වසර 5කට කලින් පැමින සාර්තක ජීවිතයක් තම දුව නිවී එක්ක ගත කරයි. දවසක් තම දුව අතින් මැරැයින්ට බැන වැදීමත් සමග ඊට ප්‍රතිචාර දැක්වීමට පැමිණි මැරයෙකුට ඇයගේ පාසල් ගුරුවරිය විසින් තරවටු කිරීමත් සමග, ඊට පළි ගැනීමක් කරන බව පවසමින් ඔවුන් එතනින් පිට වෙනවා . දවසක් මේ නිවී සහ ගුරුවරිය බයික් එකේ පාසල් යද්දී අනතුරට පත් වෙන අතර ඊට අර මැරැයින් සම්බන්ධ බව ගුරුවරිය පොලීසියේ පැමිණිලි කරනවා. මීට නිවීගේ තාත්තා ජෝෂප් තරයේ ප්‍රතික්ෂේප විරුද්ධ වනවා. ඊට පස්සේ ඔහු ගිහින් පොලීස් ස්ටේෂමේ කරලා තිබ්බ පැමිණිල්ල ඉල්ලා අස් කර ගන්නවා. එවිට එතන සිටි පොලිස් නිළධාරියෙක් ජෝෂප්ව කලින් දැක තිබෙන බවත් ඔහු පොලිස් පුහුණු වීම් ස්තානයට ආව බවත් ඔහුගේ නම විජෙයි කුමාර් බවත් පවසනවා. එතැන අර ගුරුවරියත් සිටිනවා. මෙය ජෝෂප් තරයේ ප්‍රතික්ෂේප කරනවා. පස්සේ මේ ගුරුවරිය ජෝෂප් ගැන හොයන්න ගන්නවා. ඇයට මොහු කවුද කියලා සොයා ගත හැකි වෙයිද? ඇත්තටම ජෝෂප් කියන්නේ කවුද? ඒ දරුවා කාගේද? මේවාට උත්තර ෆිලුම තුළ තිබේ.

එහෙනම් මම ගියෝ. ආයේ ඉතින්… පුළුවන් උනොත් උපසිරැසියක් ගේන්නම්කෝ. හැමෝටම ජයෙන් ජයම වේවා!!!

“දරුවන්ව හරියට ගුණ නැණ පහදලා දීලා උස් මහත් කරන්න දන්නේ නැති හැම තාත්තා කෙනෙක්ම, වැරැදි කරුවෙකු තමා”

ජයෙන් ජයම වේවා!

]]>
https://sinhalasub.lk/movies/theri-2016-sinhala-subtitles/feed/ 0
Yevadu (2014) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/yevadu-2014-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/yevadu-2014-sinhala-subtitles/#respond Fri, 17 Jan 2025 05:44:32 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=87187 Yevadu Sinhala Sub
Yevadu Sinhala Subtitles
Yevadu 2014 Sinhala Sub
Yevadu (2014) Sinhala Sub
Yevadu (2014) Sinhala Subtitles

“දීප්ති -සත්‍යා” කියන්නේ වයිසාග් වල ආදර වන්තයෝ දෙන්නෙක්,මේ දීප්ති කියන කෙල්ල පස්සේ ඒ නගරේ ඉන්න ලොකුම මාරයා වැටිලා ඉන්නේ “විරු බායි” ඔන්න විරු බායි දිප්තිව බලෙන් කසාද බැද ගන්න හදන්නේ. එත් ඊට කලින් මේ දෙන්න කසාද බදින්න කියලා හයිද්‍රාබාද් යනවා. ඒ යන අතරතුරදී විරු බායිගේ මැරයෝ දිප්තිවයි ,සත්‍යා වයි මරලා ගියපු බස් එකටත් ගිනි තියනවා. හැබැයි සත්‍යා මේ අනතුරෙන් බේරෙනවා. හැබැයි මුනෙන් භාගයක් ගින්නට පිච්චිලා කොහොම හරි මොහුට ඉස්පිරිතාලේදී සයිලජා කියලා දොස්තර කෙනෙක්ගේ තනි කැමැත්තට මුහුණට සැත්කමක් කරලා ඔහුට අලුත් පෙනුමක් ලබා දෙනවා , ඒ මුහුණේ අයිති කාරයා තමා චරන්. සත්‍යා ඔහුගේ ප්‍රතිකාර ඉවර වෙන්න කලින්ම ඔහුගේ ආදරවන්තිය මැරුව පලිය ගන්න පිටත් වෙනවා. ඔහු පලිය ගන්නවා. හැබැයි ඔහුගේ අලුත් පෙනුමටත් සැහෙන්න ලොකු සතුරෝ ප්‍රමාණයක් ඉන්නවා.

කතාව ඇතිනේ ..සත්‍යා කොහොමද ඔහුගේ පලිය ගන්නේ..? ඇයි අර දොස්තර මොහුට චරන්ගේ මුහුණ ලබා දුන්නේ..? ඔහු ඇයගේ කවුද..?චරන් කියන්නේ මොන වගේ කෙනෙක්ද..? චරන්ගේ පෙනුමට රැවටිලා සත්‍යාව මරන්න එන්නේ කවුද ..? ඇයි ඔවුන් චරන්ව මරන්න හදන්නේ ..? ඔය ඔක්කොම බලන්න වෙන්නේ ෆිලුම බළලාම තමා, ක්‍රියාදාම සහිත ටිකක් දුක හිතෙන කතාවක්. ආදරය, මිත්‍රත්ව, ද්‍රෝහී වීම, ඔය හැමදෙයක්ම මේ නිර්මාණයේ තියනවා. බලන්නකෝ හොදද කියලා ..

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

]]>
https://sinhalasub.lk/movies/yevadu-2014-sinhala-subtitles/feed/ 0
Thangamagan (2015) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/thangamagan-2015-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/thangamagan-2015-sinhala-subtitles/#respond Thu, 14 Nov 2024 16:15:13 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=81555 Thangamagan Sinhala Sub
Thangamagan Sinhala Subtitles
Thangamagan (2015) Sinhala Sub
Thangamagan (2015) Sinhala Subtitles

2015 වර්ශයේ දෙසැම්බර් මස 18 දින සිට දකුණු ඉන්දියාවේ තිරගතවීම ඇරඹු සිනමා පටයක් වන Thanga Magan (2015) (සිංහ තේරුම රත්තරන් පුතා). මෙය අධ්‍යක්‍ෂණය කරඇත්තේ දමිළ සිනමාවට ඉතා උසස් ගණයේ සිනමා නිර්මාණය කරන ලද ආර් වේල්රාජ් විසින් වේ. ඉන්දියන් බෘස් ලී යන නමින් හදුන්වන දනුෂ් රංගනයෙන් දායකත්වය දක්වන තවත් සුපිරි ගනයේ දමිළ සිනමා සලරුවක් තමයි මෙය. මෙහි නිෂ්පාදන වියදම ලෙස සඳහන් වන්නේ ඉන්දීය රුපියල් කෝටි 42 කි.

තවද මෙහි IMDb අගය ලෙස 6.1/10 වැනි අගයක් ලබා ගැනීමට සමත්ව ඇති අතර මෙහි ප්‍රධාන චරිත රඟ දක්වනු ලබන්නේ “දනුෂ් “ සමන්තා “අමී ජැක්සන්“ යන නළු නිළියන් වන අතර මෙය Family , Drama යන වර්ගීකරණයට අයත් වේ. මෙහි කතාව දෙස අවදානය යොමු කර බැලුවහොත් තමිල් නම් තරුණයකු සිටිනවා ඔහු තම රැකියාව ලෙස බුරියානි කඩයක සේවය කරන අතර ඔහුගේ විශ්ව විද්‍යාල කාල සීමාව තුල සිදුවු පෙම් හබයක් ගැන විස්තර කරන අතර ඔහු එකල පෙම් කල “හේමා“ නම් තරුණිය හදිසීයේම ඔහුව හැරදා ගොස් තිබෙන අතර එයට හේතුවක්ද තිබෙන අතර ඉන්පසු තමිල් විශ්ව විද්‍යාලයේ අවසානයත් සමඟ පියා හා එක් වන අතර ඔහු පියාගේ අනු දැනුම හා යෝජනාව අනුව යමුනා නැමැති තරුණියක් හා විවාහ වන අතර මෙසේ කාලය ගතවන අතර තමිල්ගේ පියා එක් දිනක් නිවස තුලම මියගොස් සිටිනවා ඉන්පසුව මෙම කතාව හාත්පසින්ම වෙනත් මඟකට යොමුවනවා..! ඉතින් තමිල්ගේ සහ හේමාගේ පෙම අවසන්වුයේ කොහොමද තමිල්ගේ පියා මියගියේ කොහොමද එයට හේතුව මොකද්ද යන ගැටලු වලට පිළිතුරු කුමක්දැයි යන්නට දැන ගැනීමට නම් කතාව නරඹා සිටින ලෙසට මා ඔබ සැමට ආරාධනා කර සිටිනවා.

ආත්මාර්ථය හා කෑදරකම නිසා සියල්ල අහිමි වේ……!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ  ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

]]>
https://sinhalasub.lk/movies/thangamagan-2015-sinhala-subtitles/feed/ 0
Crakk: Jeetega… Toh Jiyegaa (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/crakk-jeetega-toh-jiyegaa-2024-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/crakk-jeetega-toh-jiyegaa-2024-sinhala-subtitles/#respond Sat, 27 Apr 2024 17:39:40 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=69381 Crakk: Jeetega… Toh Jiyegaa Sinhala Sub
Crakk: Jeetega… Toh Jiyegaa Sinhala Subtitles
Crakk: Jeetega… Toh Jiyegaa (2024) Sinhala Sub
Crakk: Jeetega… Toh Jiyegaa (2024) Sinhala Subtitles

Crakk කියන්නෙ මේ අවුරුද්දෙ නිකුත් වුන ගොඩක් අය OTT එනකම් බලන් ඉදපු ෆිලුමක් තමයි.. මේක අයත් වෙන්නෙ, Sport / Action කියන කැටගරි එකට.. හින්දි භාෂාවෙන් තිරගත වුන මේ චිත්‍රපටය මිනිත්තු 154 පුරාවට දිව යනව.. මේක අධ්‍යක්ෂණය කරන්නෙ Aditya Datt කියන අධ්‍යක්ෂකවරය විසින්.. ගොඩක් අය මේක බලන්නෙ මේකෙ ප්‍රධාන චරිතය කරන සුපිරි නළු Vidyut Jammwal නිසානේ.. එයාගෙ රංගනයට ගොඩක් අය ආසයිනෙ. කාලෙකට පස්සෙ විද්‍යුත්ගෙ බලන්න පුලුවන් මට්ටමේ හොද ෆිල්ම් එකක් ආවා කියලනම් අවිවාදයෙන්ම කියන්න පුලුවන්.

Cast

Vidyut Jammwal as Siddharth “Siddhu” Dixit

Arjun Rampal as Dev

Nora Fatehi as Alia

Amy Jackson as Patricia Novak

Film එකේ අන්තර්ගතය ගැන කිව්වොත්..

නිහාල් කියන්නෙ සිද්ගෙ අයියා.. තරඟයකට සෙල්ලම් කරන්න ගිහින් එයා මැරෙනවා. එතකොට සිද් කියන්නෙ පොඩ්ඩක් හිතුවක්කාර කොල්කෙල්.. කවුරු මොනවා කිව්වත් පොර කරන්න පොරට ඕන දේ. මෙහෙම ඉන්නකොට අයියා ගිය තරගෙටම සිද්දුත් ඇප්ලයි කරනවා. කොහොමහරි එයාට මෙයිදාන් එකට යන්න පුලුවන් වෙනවා. අන්න එතනට ගියාම තමා එයාට දේව්ව හම්බවෙන්නෙ.

කවුද මේ දේව්?

සිද්දුගෙ අයියා මැරුණෙ කොහොමද?

දේව් පෝලන්තයෙ කරගෙන යන රහස් ජාවාරම මොකක්ද?

සිද් එහෙට යන්නෙ එයාගෙ අයියගෙ මරණයෙ පලිය ගන්නද?

සිද්ට තරඟෙන් දිනලා සල්ලි ඔක්කොම ගන්න පුලුවන් වෙයිද?

මේ ප්‍රශ්නවලට උත්තරත් ඔයාලට ෆිල්ම් එක බැලුවොත් හම්බවෙයි. එහෙනම් එක හුස්මට බලන්න පුලුවන් මේ සලරුව ඔයාලත් රසවිඳින්නකෝ.

]]>
https://sinhalasub.lk/movies/crakk-jeetega-toh-jiyegaa-2024-sinhala-subtitles/feed/ 0
Mission: Chapter 1 (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/mission-chapter-1-2024-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/mission-chapter-1-2024-sinhala-subtitles/#respond Sat, 16 Mar 2024 02:00:45 +0000 https://sinhalasub.life/?post_type=movies&p=65077 Mission: Chapter 1 Sinhala Sub
Mission: Chapter 1 Sinhala Subtitles
Mission: Chapter 1 (2024) Sinhala Sub
Mission: Chapter 1 (2024) Sinhala Subtitles

තවත් ඇක්සන් ෆිල්ම් එකක් අරු විජේගේ. මාෆියා එකට පස්සේ ඒ වගේ නමුත් ටිකක් හැගීම්බර කරල බලන් ඉන්න පුළුවන් විදියට හොදට කරල තියෙන මූවි එකක්. අලුතෙන් මොකුත් නැතිවුනත් බලන්න පුළුවන් ෆිලුමක්. මේකට එංගලන්තයේ නලු නිළියන් කිහීප දෙනෙකුත් එකතුවෙලා තියෙනවා. ඒ වැඩිපුරම රූගත කිරීම් එංගලන්තය ආශ්‍රිතව කරල තියෙන නිසා.

මේක අධ්‍යක්ෂණය A. L. Vijay ගෙන් නිෂ්පාදන දායකත්වය Lyca Productions එකෙන් හා Shri Shirdi Sai Movies එකෙන් . කැමරාකරණය Sandeep K. Vijay සහා සංස්කරණය Anthony විසින් . සංගීතයත් කිසිම අඩුවක් නැතිව G. V. Prakash Kumar විසින් කරල තියෙනවා.

රංගන දායකතවය. Arun Vijay එක්ක Amy Jackson සහා Nimisha Sajayan මලයාලම් නිළියත් එකතුවෙනවා . ඒ වගේම Abi Hassan, Bharat Bopana රංගනයෙන් දායකතවය දෙනවා .

ඉතින් කතාව බලමු:

ගුනසේකරන් ( අරුන්) එංගලන්තයට යන්න වෙනවා දුවගේ හදිසි සැතකමකට. මුදල් හුවමාරුව නිත්‍යානුකූලව කරගන්න කාලය මදි නිසා හවාලා ක්‍රමයට සල්ලි මාරුකරගන්න ගුනා එංගලන්තයේදී එය මුදල් කරගන්න ලැබෙයිද ?දුවගේ සැත්කම සර්ථකව කරන්න පුළුවන් වෙයිද ?

එහෙනම් මේකත් බලමු නේද ?

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ පීටර් බාත්ලට්  සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

]]>
https://sinhalasub.lk/movies/mission-chapter-1-2024-sinhala-subtitles/feed/ 0