Amit Sharma Archives - SinhalaSub https://sinhalasub.lk/cast/amit-sharma/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Thu, 29 May 2025 10:14:11 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.2 https://sinhalasub.lk/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Amit Sharma Archives - SinhalaSub https://sinhalasub.lk/cast/amit-sharma/ 32 32 HIT: The Third Case (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/hit-the-third-case-2025-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/hit-the-third-case-2025-sinhala-subtitles/#comments Thu, 29 May 2025 10:01:26 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=101043 HIT: The Third Case Sinhala Sub HIT: The Third Case Sinhala Subtitles HIT: The Third Case 2025 Sinhala Sub HIT: The Third Case (2025) Sinhala Sub HIT: The Third Case (2025) Sinhala Subtitles ආයුබෝවන් සිනමා රසිකයිනි! ඔයාලා කවුරුත් වගේ මමත් පහුගිය කාලේ ඉඳන් ආසාවෙන් බලන් හිටපු ෆිල්ම් එකක් තමයි “H.I.T” සීරිස් එකේ අලුත්ම ෆිල්ම් එක. […]

The post HIT: The Third Case (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
HIT: The Third Case Sinhala Sub
HIT: The Third Case Sinhala Subtitles
HIT: The Third Case 2025 Sinhala Sub
HIT: The Third Case (2025) Sinhala Sub
HIT: The Third Case (2025) Sinhala Subtitles

ආයුබෝවන් සිනමා රසිකයිනි! ඔයාලා කවුරුත් වගේ මමත් පහුගිය කාලේ ඉඳන් ආසාවෙන් බලන් හිටපු ෆිල්ම් එකක් තමයි “H.I.T” සීරිස් එකේ අලුත්ම ෆිල්ම් එක. මතකනේ “H.I.T: The First Case” එකේ විශ්වක් සේන් කරපු Vikram Rudraraju ගේ වැඩ ටික? ඊටපස්සේ “H.I.T: The Second Case” එකේ අදිවි ස්ෂේ කරපු KD ගේ කේස් එකත් කොහොමද? ආන්න ඒ වගේම කුතුහලයෙන් පිරුණු, හිත ගැස්සෙන තවත් අපරාධ කතාවක් අරගෙන තමයි “H.I.T: The Third Case” 2025 දී අපි අතරට එන්නේ.

කතාව දෙසට හැරුණම,

“H.I.T” කිව්වම ඉතින් අපි දන්නවා ඒක “Homicide Intervention Team” කියන එක. ඒ කියන්නේ මිනීමැරුම් විමර්ශන කණ්ඩායමක්. මේ සැරෙත් අපිට බලාගන්න ලැබෙන්නේ හිතාගන්නවත් බැරි විදිහේ, සංකීර්ණ මිනීමැරුම් මාලාවක් ගැන. හැබැයි මේ “Third Case” එකේ විශේෂත්වයක් තියෙනවා. මේක කලින් කේස් දෙකටම වඩා අභියෝගාත්මකයි වගේම, අපේ ප්‍රධාන විමර්ශන නිලධාරියාගේ පෞද්ගලික ජීවිතේටත් ලොකුවට බලපෑම් කරන සිද්ධි දාමයක් එක්ක තමයි කතාව දිගහැරෙන්නේ. නිකන්ම නිකන් මිනීමැරුමක් හොයනවට වඩා, මේකේ පිටිපස්සේ ලොකු ජාලාවක් තියෙනවා. එකිනෙකට සම්බන්ධයක් නැහැ වගේ පේන සිද්ධි එකින් එක එකතු කරලා, අපරාධකාරයා කවුද කියලා හොයාගන්න දරන උත්සාහය තමයි ෆිල්ම් එක පුරාම තියෙන්නේ.

ප්‍රධාන චරිතය ගැන කථා කලොත්, අර්ජුන් සර්කාර් (Arjun Sarkaar): මේ තමයි අපේ කතා නායකයා, H.I.T. එකේ අලුත්ම, දක්ෂ විමර්ශන නිලධාරියා. මෙයා හරිම බුද්ධිමත්, ඕනම දෙයක් දිහා විවිධ පැතිවලින් බලන්න පුළුවන් කෙනෙක්. හැබැයි පොඩි අඳුරු පැත්තකුත් තියෙනවා.  කලින් වුණු දෙයක් නිසා හිතේ තුවාලයක් එක්ක ජීවත් වෙන, ඒත් තමන්ගේ රාජකාරියට උපරිමයෙන් කැපවෙන චරිතයක් විදිහට තමයි මෙයාව අපිට දකින්න ලැබෙන්නේ. නළුවා විදිහට  ජනප්‍රිය නළු නැචුරල් ස්ටාර් නානි (Nani) තමයි මේ චරිතයට පණ පොවන්නේ. ඉතින් සුපිරිම රංගනයක් බලාගන්න පුළුවන්.

“H.I.T” ෆ්‍රැන්චයිස් එකේ අධ්‍යක්ෂක සෛලේශ් කොලනු (Sailesh Kolanu) තමයි මේ ෆිල්ම් එකත් අධ්‍යක්ෂණය කරන්නේ. ඉතින් එයාගේ වැඩ ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ.

පසුබිම් කතාව (ෆ්‍රැන්චයිස් එක ගැන):

“H.I.T” කියන්නේ එකම විශ්වයක දිගහැරෙන අපරාධ කතා මාලාවක්. හැම ෆිල්ම් එකකම ඉන්නේ H.I.T. (Homicide Intervention Team) එකේ වැඩ කරන දක්ෂ නිලධාරියෙක්. හැබැයි හැම ෆිල්ම් එකකම ප්‍රධාන නිලධාරියා සහ කේස් එක වෙනස්. ඒක තමයි මේකේ තියෙන විශේෂත්වය. පළවෙනි ෆිල්ම් එකේ වික්‍රම් කියන ඔෆිසර් එයාගේ අතීතයේ හොල්මන් කරන සිදුවීම් එක්ක පොරබදින ගමන් තමයි කේස් එක විසඳුවේ. දෙවෙනි එකේ KD කියන ඔෆිසර් ඊට වඩා ටිකක් සැහැල්ලු, ඒත් හරිම තියුණු විදිහට වැඩ කරපු කෙනෙක්. මේ “Third Case” එකේදීත් අපිට අලුත්ම ඔෆිසර් කෙනෙක් එක්ක, අලුත්ම අභියෝගයකට මුහුණ දෙන්න ලැබෙයි. මේ හැම ෆිල්ම් එකක්ම එකිනෙකට සම්බන්ධ නැති වුණත්, H.I.T. කියන සංකල්පය සහ අපරාධ විමර්ශනයේ තියෙන කුතුහලය ඒ හැම එකකම පොදුවේ තියෙනවා.

“H.I.T: The Third Case” කියන්නේ අනිවාර්යයෙන්ම ත්‍රිලර්, ක්‍රයිම් ශාරණයන්ට කැමති අය බලන්නම ඕන ෆිල්ම් එකක්. නානි වගේ දක්ෂ නළුවෙක් එක්ක, සෛලේශ් කොලනුගේ අධ්‍යක්ෂණය එකතු වුණාම නියම අත්දැකීමක් ලැබෙන එක ෂුවර්.

ඉතිං මේ සුපිරි ෆිල්ම් එකට මම මගෙ 400 වෙනි උපසිරැසිකරණය මෙලෙස දිග හැර දක්වනවා. ඉතිං, කිසිදු ඉංග්‍රීසි උපසිරැසියක් නොමැතිව තමයි මේක කලේ. අඩුපාඩුවක් තිබුනොත් esub ආවම යාවත්කාලීන කරන්නම්. එතෙක් ලෝකෙටම අන්තර්ජාලයෙ පලවෙන පලවෙනි උපසිරැසිය තමයි මේක.

ලිපිය උපුටා ගැනීම :- Zoom.lk හි පලවූ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post HIT: The Third Case (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/hit-the-third-case-2025-sinhala-subtitles/feed/ 3
Kabir Singh (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/kabir-singh-2019-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/kabir-singh-2019-sinhala-subtitles/#respond Sun, 20 Aug 2023 06:17:05 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=51479 Kabir Singh Sinhala Sub Kabir Singh Sinhala Subtitles Kabir Singh (2019) Sinhala Sub Kabir Singh (2019) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! සිනහ වීගෙනම සිටිනුයේ ඇයිද.. නුඹ හමුවුවායින් පසුව මේ දිනවල..? වෙනස්වීගෙන යන්නේ ඇයිද.. මාගේ විලාසය මේ දිනවල? දෙනෙත් මාගේ සෑම තැනකම.. සේවුයේ නුඹවයි.. හේතුවක් නැතිවම.. මේ මමමද???? 2019 වසරේ සිනමාවට බිහිවුණු තවත් අති සාර්ථක සිනමා […]

The post Kabir Singh (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Kabir Singh Sinhala Sub
Kabir Singh Sinhala Subtitles
Kabir Singh (2019) Sinhala Sub
Kabir Singh (2019) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

සිනහ වීගෙනම සිටිනුයේ ඇයිද.. නුඹ හමුවුවායින් පසුව මේ දිනවල..?
වෙනස්වීගෙන යන්නේ ඇයිද.. මාගේ විලාසය මේ දිනවල?
දෙනෙත් මාගේ සෑම තැනකම..
සේවුයේ නුඹවයි.. හේතුවක් නැතිවම..
මේ මමමද????

2019 වසරේ සිනමාවට බිහිවුණු තවත් අති සාර්ථක සිනමා නිර්මාණයක් ඔබවෙත ගෙන එන්නයි මේ සූදානම් වෙන්නේ. Sandeep Reddy Vanga නම් අති දක්ෂ සිනමා අධ්‍යක්ෂකවරයා පහුගිය 2017 වසරේ තෙලුගු සිනමාවට දායාද කරපු Arjun Reddy 2017 චිත්‍රපටය ඔබට අමතක නැතුව ඇති. ඉතිං ඒ චිත්‍රපටය එදා තෙලුගු සිනමාවේ මහා පෙරලියක් කරන්නට සමත් වූවා. එදා තෙලුගු සිනමාව හරහා එලෙස සාර්ථකත්වයට පත් වුනු ඒ වෑයම තවත් පුළුල් ප්‍රේක්ෂක අවධානයකට ලක් කිරීම සඳහා මෙම සිනමාපටය බොලිවුඩ් පුරවරයට අරගෙන යන්නට අධ්‍යක්ෂක සංදීප් තීරණය කරනු ලබනවා. එලෙස Arjun Reddy Official Remake එක සිනමාවට නැගෙන අතර එය බොලිවුඩ් පුරවරයද ආක්‍රමණය කරන්නට සමත් වන්නේ අසීරු කාල සමයක් ගෙවමින් පැවති බොලිවුඩ් පුරයට යලිත් බොක්ස් ඔෆිස් පහස ලඟා කරදෙමින්.

“බ්‍රයිටෙක්..
දොස්තර කෙනෙක්..
බේබද්දෙක්…
මත්ද්‍රව්‍ය වලට තදින්ම ඇබ්බැහි වෙච්ච කෙනෙක්…
බොක්කෙන්ම ආදරය කරපු බුවෙක්…
කුකුල් කේන්තිකාරයෙක්…
ආදී ගතිගුණ රැසකින් පිරි සිත් ඇදගන්නාසුළු අළු චරිතයක්…”

මේක ඉන්දියානු සිනමවට බිහිවුණු තවත් Cult, Trendsetter චිත්‍රපටයක් කියල හඳුන්වන්න පුළුවන්. තෙලුගු චිත්‍රපටයේ රඟපෑමෙන් දායකවුනේ විජේ දේවරකොණ්ඩා සමගින් ශලිනි පාන්ඩේ. මෙය හින්දියෙන් නැවත නිපදවනවා නම් ඒ සඳහා රන්වීර් සිං යොදාගන්න තමයි අධ්‍යක්ෂක සංදීප් අදහස් කරගෙන ඉඳල තියෙන්නේ. නමුත් ඒ වැඩේ හරිගිහින් නැහැ. හින්දි චිත්‍රපටය සඳහාද එක්වීමට විජේ දේවරකොණ්ඩාට ආරාධනා ලැබුනත් ඔහු එය ප්‍රතික්ෂේප කරනු ලැබුවා. ඒ එකම තිර පිටපතට දෙවතාවක් එකම විදිහට ශක්තිය වැය කරන්නට ඔහු අකමැති වීම. කෙසේ වෙතත් ඒ වනවිට Udta Punjab, Haider වැනි සිනමාපටයන්හි සම්මානනීය රංගනයක යෙදුනු ෂහිඩ් කපූර්ව සංදීප්ගේ සිහියට නැගෙනවා. නමුත් මෙහි රීමේක් අයිතිය මිලදී ගෙන සිටි Cine1 Studios ආයතනයේ යෝජනාව වුයේ මේ සඳහා අර්ජුන් කපුර් යොදාගන්නා ලෙසයි. නමුත් ඒ වනවිට සංදීප් ෂහිඩ් කපුර් සමග මේ චිත්‍රපටය සඳහා ගිවිසුම් අත්සන් කරගෙන තිබුනා. ඉන්පසු සංදීප් රෙඩ්ඩිගේ ආරාධනාවෙන් කබීර් සිං චිත්‍රපටයේ ප්‍රධාන චරිත සඳහා කියාරා අද්වානි සහ ෂහිඩ් කපුර් යොදාගැනෙනවා. මේක තෙලුගු චිත්‍රපටයට වඩා ටිකක් බරදාලා හදන්න තමයි සන්දීප් ඇතුළු කණ්ඩායම සැලසුම් කරන්නේ. ඒ සඳහා TSeries ආයතනය සහ Cine1 Studios ආයතනය හට නිෂ්පාදන කටයුත්ත බාර වෙනවා. එමෙන්ම ඉන්දියානු රුපියල් කෝටි ₹60 විතර බජට් එකක් මේ සඳහා වෙන් කරනු ලබනවා.

මේ වසරේ ජුනි 21 වනදා සිට ලොවපුරා රිදී තීරයන් 3616ක තිරගතවීම ආරම්භ කල කබීර් සිං චිත්‍රපටය තිරගත වීම අවසානයේ ඉන්දියානු රුපියල් කෝටි ₹377ක ආදායමක් ලබන්නට සමත් වන්නේ ඉහල ප්‍රේක්ෂක ප්‍රතිචාර සහ විචාරක ඇගයීමද සමගින්. මිනිත්තු 177 ක් පුරා දිවෙන මේ චිත්‍රපටය වැඩිහිටියන්ට පමණයි කාණ්ඩයෙන් සිනමාතිරයේ දිගහැරෙන අතර මෙහි ඉතාමත් සුලභ වශයෙන් මත්ද්‍රව්‍ය භාවිතා කරන දර්ශන සහ සිපගැනීම් දර්ශන අඩංගු වනවා.



මේක හරිම සූක්ශම විදිහට හදපු චිත්‍රපටයක්. කබීර් සිං වගේ එවුනුත් මේ ලෝකෙ නැතුවාම නොවේ. එවන් අය වටා ක්ෂනයෙන් රොක්වන අයද නැතුවාම නොවේ. ඒ වගේම ප්‍රීති වගේ පෙම්වතියන්ද නැතුවාම නොවේ.

මේකයි.. මේ චිත්‍රපටය බලනවනම් මනස ටිකක් රිලැක්ස් කරලා එන්න ඕන. මේ කතන්දරය ජීවිතේ බොහෝ දේ විඳි සුවිශේෂී අමුතු චරිතයක් වටා තමයි ගොඩනැගිලා තියෙන්නේ. මුලින්ම ප්‍රේක්ෂකයාට ඔහු අංක එකේ දාමරිකයෙක්, පාදඩයෙක් විදිහට පෙන්නුම් කරනවා. alcoholic, Womenizer, Drug Addict යන හැම ලේබලයක්ම ඔහුගේ නමෙහි අලවන්න පුළුවන්. නමුත් ඔහු එක් විශිෂ්ඨ දෙයක් සහජයෙන්ම උපයාගෙන තිබෙනවා. ඒ තමයි ශල්‍ය වෛද්‍ය වෘත්තීය. ඔහු මේ පොලව තුල අතිශය වගකීමෙන් ඉටු කරන එකම කාර්යය ඒක කියල හඳුන්වන්න පුළුවන්. එමෙන්ම ප්‍රීති කෙරෙහි ඔහුගේ තිබෙන ආදරයද ඒ හා සමානයි. නමුත් ඔහුගේ ජීවිතය දවසින් දවස Twisting ජීවන චාරිකාවක් ගෙවමින් අගාදයටම පියමං කරමින් පවතින්නක්. එහෙම යද්දිත් ඔහු තම වෛද්‍ය වෘත්තියේ නොසැලී ක්‍රියා කරන මහා බල කණුවක්. පාලනය කල නොහැකි කේන්තියක් හිමි අයෙක්, නිතරම මත් ද්‍රව්‍යයෙන් මත් වූ කෙනෙක්, ඉතාමත්ව සංවේදීව සංයමයෙන් ශල්‍ය වෛද්‍ය වෘත්තියේ නිරත වෙන ආකාරය හරිම පරස්පර විරෝධියි. නමුත් ඒක බලා සිටින්නට හරි ආකර්ශනීයි. චිත්‍රපටයේ මුල් බාගය පුරාවටටම මනසට නැගෙන්නේ මෙවන් දාමරික පහත චරිතයක් වෛද්‍ය වෘත්තීය වගේ දේවකාරියකට අත ගහන්නේ කොහොමද? කියන ප්‍රශ්නය. ඒ හැම එකටම චිත්‍රපටය පුරාවට තිබෙන ෆ්ලෑෂ්බැක් දර්ශන පිළිතුරු දෙනවා හරි අපූරුවට. ඒ අතරේ ඔය හැම එකටම සමාන්තරව ගලාගෙන යන කබීර් සහ ප්‍රීති ආදර කතාවත් හරිම ආකර්ශනීයයි.

කැඩපතක් විසින්ද නැතිනම් නුඹ විසින්ද?
දිනෙන් දින මා සුන්දරත්වය වැඩි කරණුයේ…
මේතරම් සිතනුයේ කිමද…?
මා මේ දිනවල නුඹ ගැන මෙතරම්?
නුඹ නිසොල්මන් විලක් බඳුය…
දහසක් වදන් වලින් මා එය කළඹමි…
දැනුණේ නුඹ හැඟුමන් ලොවක් බඳුය..
පුංචිම පුංචි එක නගරයකි මා ලොවෙහි..

චිත්‍රපටයේ තවත් සොඳුරුම අංගයක් තමයි සංගීතය. වසරේ නිකුත් වුනු හොඳම මියුසික් ඇල්බම් එකක් විදිහට කබීර් සිං මියුසික් ඇල්බම් එක හඳුන්වන්න පුළුවන්.

Mithoon, Amaal Mallik, Vishal Mishra, Sachet–Parampara සහ Akhil Sachdeva යන අතිදක්ෂ සංගීත අධ්‍යක්ෂවරුන්ගේ අතින් නිපදවුණු කබීර් සිං චිත්‍රපටයේ සංගීතමය රාජකාරිය පහුගිය මාස කිහිපය තුල යූ ටියුබ් මෙන්ම නානාප්‍රකාර වූ සංගීතමය වෙබ් අඩවි කෙලෙස සරසන්න ඇතිද කියා ඔබේ දෙසවනට ඇසෙන්න ඇති.

කියන්නට දේවල් ගොඩක් තිබුනත් උපසිරැසිය ඔබට පුදන්නට අවැසි නිසා මෙසේ නවතින්නම්. අරගෙන බැලුවාට කිසි පාඩුවක් නැති චිත්‍රපටයක් කියා ඔයාලට එකෙම්ම රෙකමන්ඩ් කරනවා. මං දන්නවා බයිස්කෝප් එකට නිතර එන යන අය නම් මේ චිත්‍රපටය ගැන හොඳින් දන්නවා වගේම අර්ජුන් රෙඩ්ඩි චිත්‍රපටයත් නරඹලා ඇති. නරඹපු අයත් ආයේ බැලුවාට පාඩුවක් නැහැ. මොකද මේක සංගීතය පැත්තෙන් මුල් චිත්‍රපටයට වඩා පියවරක් ඉදිරියෙන් සිටිනවා. අනික එකම අධ්‍යක්ෂකවරයා චිත්‍රපටයක් රීමේක් කිරීමේදී මුල් නිර්මාණයේදී සිදුවූ අඩුපාඩු අවම කරන්නට වගබලාගන්න බව අමුතුවෙන් කියන්න ඕන නැහැනේ. මුල් එකද රීමේක් එකද හොඳ නරක සැසඳීම දෙකම බලපු ඔබේ කාර්යයක්. ඒවා ඉතිං කතා බහ කරලා විසඳගන්න කමෙන්ට් සෙක්ෂන් එක ඕනම වෙලාවක විවෘතයි.

කබීර් සිං චිත්‍රපටයේ මුල් නිර්මාණය වන අර්ජුන් රෙඩ්ඩි චිත්‍රපටය 2017 දී නිපදවන්නේ ඉ.රු. කෝටි 5ක වගේ පොඩි බජට් එකකින්. පොඩි බජට් එකක් උනත් ඒ වෙලාවේ ඒකට ආයෝජනය කරන්න කිසිදු නිෂ්පාදකවරයෙක් කැමති වන්නේ නැහැ. ඔවුන්ගේ වාණිජමය අවශ්‍යතාවය සඳහා මෙහි පිටපත මසාලා පැත්තට බර කරලා වෙනස් කරන කොන්දේසි ඉදිරිපත් කරමින් තමයි ඔවුන් මේ සඳහා ආයෝජනය කරන්න කැමත්ත පල කරන්නේ. නමුත් පිටපත වෙනස් කරන්නට එකඟ නොවන අධ්‍යක්ශක Sandeep Reddy ඔවුන්ගේ කොන්දේසි හමුවේ තම පිටපත හකුලා ගන්නවා. පසුව ඔහුගේ සහෝදරයා වන Pranay Reddy Vanga ගෙන් සහ තවත් විවිධ ක්‍රමයන්ගෙන් ගත් ණය මුදල් කිහිපයක් උපයෝගී කරගෙන මේ සඳහා මුදල් ආයෝජනය කර චිත්‍රපටය නිපදවනවා. ඉන්පසු කිසිවෙකු නොසිතු අයුරින් එය තෙලුගු සිනමාව තුල අතිශය සාර්ථක වන අතර පසුව එය බොලිවුඩ් සිනමාව තුල නැවත නිපදවන්නට නිෂ්පාදකවරුන් පෙළගැසී බලන් සිටි බවක් දක්නට ලැබුනා. අසාර්ථකත්වය අවජාතක වුවත් සාර්ථකත්වයට පියවරුන් දහසක් සිටියි කියන කියමනට එය හොඳම උදාහරණයක්.

එමෙන්ම 2017 දී කෝටි 5ක් හොයාගන්නට විදිහක් නොමැතිව සිටි සංදීප් මේ මොහොත (සැප්:10) වනවිට 2019 වසරේ දෙවන වැඩිම අදායමක් ලැබූ ඉන්දියානු චිත්‍රපටය සහ ඉන්දියානු සිනමාවේ වැඩිම ආදායමක් ලැබූ චිත්‍රපට අතර 22 වන ස්ථානයේ පසුවනවා. ඒ ඉන්දියානු රුපියල් කෝටි 377ක ආදායමක් ලබමින්.

මෙම චිත්‍රපටය වයස අවුරුදු 18ට අඩු ළමයින්ට නැරඹීමට නුසුදුසු වන අතර චිත්‍රපටයේ බහුලව මත්ද්‍රව්‍ය සහ සිපගැනීම් දර්ශන අඩංගු වේ. එමෙන්ම දෙබස් වල පරුෂ වචනද අඩංගු වන අතර උපසිරැසියෙහිද ඒවා එලෙසම භාවිතා කර ඇත. පවුලේ සැම සමග නරඹන්නට ගොස් අපහසුතාවයට පත් නොවන්න.

…මේ ලෝකයේ ජිවිතයක් දෙන්න තරම් ශක්තියක් තියෙන්නේ… දෙවියන්ට…
ඉන්පස්සේ දොස්තර කෙනෙකුට…

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ තා‍ර‍ක ‍නු‍වන්‍ ‍දිල්‍‍හා‍ර සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Kabir Singh (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/kabir-singh-2019-sinhala-subtitles/feed/ 0