Alexis Kendra – SinhalaSub https://sinhalasub.lk සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Thu, 03 Aug 2023 22:01:46 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.3 https://sinhalasub.lk/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Alexis Kendra – SinhalaSub https://sinhalasub.lk 32 32 Hatchet II (2010) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/hatchet-ii-2010-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/hatchet-ii-2010-sinhala-subtitles/#respond Thu, 03 Aug 2023 22:01:46 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=48822 Hatchet II Sinhala Sub
Hatchet II Sinhala Subtitles
Hatchet II (2010) Sinhala Sub
Hatchet II (2010) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

මෙන්න අද අපේ කතාව. ඔයාලට මතක ඇති මීට කලින් ගෙනාපු Hatchet 1 කතාව වගේම Hatchet 3 කතාවත්. මේ කතා දෙක අතර ලොකු හිදැසක් තිබුනා. ඒ තමා අද මන් ගෙනාපු මේ Hatchet 2 ෆිල්මුව. මේ සම්පූර්ණ කතා මාලාවම නොදුටු පැත්තකට යොමු කරන්න මේ ෆිල්මුවට හැකි වෙලා තියෙනවා. කතාව නොකියා ඒක ඔයාලගේ කුතුහලය වඩවන විදියට තියන්නම්. බලලම ඉන්න. පළවෙනි ෆිල්මුවත් එක්ක සන්සන්දනය කරද්දී සෑහෙන තාත්වික රූප පෙලක් අපිට දෙන්න අධ්‍යක්ෂක මණ්ඩලය සෑහෙන ලොකු උත්සාහයක යෙදිලා තියෙනවා. මේක බලද්දී ඔයාලට ඒක තේරේවි.

Hatchet (2006)

කොහොම උනත් ෆිල්මුවේ ප්‍රධාන නිලියගේ ලොකු වෙනස්කමක් නම් වෙලා තියෙනවා. හොදට බලන්න ඒ ඉන්නේ පළවෙනි එකේ ඉන්න කෙනාමද කියලා. මුලින්ම බලද්දී මටත් ප්‍රශ්නයක් උනා මේක. ඒ කොහොම උනත් ෆිල්ම් එකේ වැඩ ටික ලස්සනටම වෙලා තියෙනවා. කතාව ගැන කිව්වොත් වික්ටර් ක්‍රව්ලි අමුනුස්සයා තමා ඉස්සරහින්ම ඉන්නේ. කාටවත් මෙල්ල කරන්න බැරි මේ අමුනුස්ස ආත්මය කරන විනාසය පලමු ෆිල්මුවට වඩා වැඩියෙන් මේකේ විස්තර කරලා තියෙනවා. ෆිල්ම් එක සම්පූරණයෙන්ම දුවන්නේ පළමුවෙනි ෆිල්මුවත් සමගමයි. කොටින්ම කිව්වොත් පළවෙනි එක ඉවර වෙන තැනින් දෙවෙනි එක පටන් ගන්නවා. පළමු ෆිල්මුවේ සහය රංගනයෙන් දායක උන හුගක් කට්ටිය මේකේ ටිකක් දුරට වැඩියෙන් විස්තර වෙලා තියෙනවා. ඒ චරිත තවත් ඉදිරියට ගෙනත් තියෙනවා. ඒ වගේම ෆිල්මුව IMDb අගය 5.5ක් වගේ සුපිරි අගයක් අරන් තියෙනවා. ක්‍රව්ලිගේ ආත්මයට ඇත්තටම සාප කරේ කව්ද. ඔයාට මේක බලලම දැන ගන්න පුළුවන්.

ෆිල්මුවේ රංගනයෙන් දායක වෙන චරිත විදියට ගත්තොත් ප්‍රධාන චරිතේ විදියට Kane Hodder මහතා ක්‍රව්ලි සහ ක්‍රව්ලිගේ තාත්තගේ චරිත වලට පණ පොවනවා. ඒ වගේම Danielle Harris, Tony Todd වගේ රංගවේදීන් රැසක්ම මේ රූප රාමු වලට සාධාරණයක් කරන්න මහන්සි වෙලා තියෙනවා. එහෙනම් ඒ තරම් කතා නොකර ඔයාව ෆිල්මුවත් එක්ක තනි කරනන්නම්. බලලම කියන්න කොහොමද කියලා.

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ ශනිල්ක ජයලත් සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

]]>
https://sinhalasub.lk/movies/hatchet-ii-2010-sinhala-subtitles/feed/ 0