
Cabin Fever Sinhala Sub
Cabin Fever Sinhala Subtitles
Cabin Fever (2003) Sinhala Sub
Cabin Fever (2003) Sinhala Subtitles
කොහොමද! 2016 ආපු Cabin Fever චිත්‍රපටිය ඔයාල බලලා ඇති. ඒක ප්‍රති නිර්මාණය වුණේ මේ චිත්‍රපටිය ඇසුරෙන්. ප්‍රධාන තේමාව ඇතුලත් චිත්‍රපටි 3ක් සමගින් මුළු චිත්‍රපටි 4ක් නිකුත් වෙලා තියෙනවා. මේක තමා 2002 වසරේ නිකුත් වුණ පලවෙනි චිත්‍රපටිය. IMDB අගය 5.6 ක් ලබාගෙන තියෙනවා. කතාව අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Hostel, Thanksgiving වගේ චිත්‍රපටි අධ්‍යක්ෂණය කරපු Eli Roth විසින්. ඔහුත් මේ චිත්‍රපටියේ රංගනයෙන් දායක වෙනවා. ඊට අමතරව Rider Strong, Jordan Ladd, James DeBello, Cerina Vincent සහ Koey Kerm කියන නළු නිළියන් රංගනයෙන් දායක වෙනවා. ඔයාලා Cabin In The Woods චිත්‍රපටිය බලලා ඇති. මේකත් යාන්තමට වගේ ඒකට සමානයි. හැබැයි කතාව සම්පූර්ණයෙන්ම වෙනස්.
චිත්‍රපටියේ කතාව ගත්තොත් මෙහෙමයි: තරුණ යාළුවෝ පස් දෙනෙක් කොලේජ් එකේ අන්තිම දවසේ සතියකට කැබින් එහෙක නිවාඩුවක් ගත කරන්න යනවා. එයාලා යන කැබින් එක තියෙන්නේ ගම්මානයක් ළඟ කැලයක් ඇතුලේ. දවසක් කැබින් එකට රෑ අමුත්තෙක් එනවා. ඇඟ පත දිය වෙලා කුණු වෙච්ච මිනිහෙක්. තරුණයෝ එයාව ඇතුලට ගන්න කැමති වෙන්නේ නෑ. පස්සේ ඒ මිනිහා එයාලගේ වාහනේ ඇතුලට නගිනවා. ඒක හින්ඳා මිනිහට ගුටි කන්න වෙනවා. ඒ වගේම කලබල වුණ තරුණයෝ එයාට ගිනි තියනවා. ඉස්සරහට මොකද වෙන්නේ? බලලම දැනගන්න. විශේෂයෙන්ම කියන්න ඕනේ අවුරුදු 18ට වැඩි අය බැලුවොත් වඩා හොඳයි. අනං මනං දේවල් ටිකක් තියෙන හින්ඳයි කියන්නේ. තව දෙයක් කියන්න හිතුනත් මං නොකියා ඉන්න තීරණේ කලා ඒක සුදුසු නැති හින්ඳා. එහෙනම් අපි තවත් උපසිරසියකින් ආයේ හම්බවෙමු. ජය වේවා!
උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න
Options | Quality | Size |
---|---|---|
FHD 1080p | 2.45 GB | |
HD 720p | 1.20 GB | |
SD 480p | 623 MB |
Options | Quality | Size |
---|---|---|
Subtitles | ---- |