What's happening?

තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති Player 02/ 03 මගින් උත්සහ කර බලන්න

ඔන්ලයින් නැරඹීමට පහල ඇති 👇Player 01 / Player  02 හෝ Player  03  Click කරන්න Report Error

  • Player 01
  • Player 02
  • Player 03 (720p)
Afwaah (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Afwaah (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Sometimes, the monster chasing you is a rumourMay. 05, 2023India126 Min.
Your rating: 0
8 1 vote
Afwaah Sinhala Sub
Afwaah Sinhala Subtitles
Afwaah (2023) Sinhala Sub
Afwaah (2023) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

තවත් ලස්සන හිංදි සිනමා පටයක් තමයි මේ අරං එන්නේ. මේක mystery thriller ශානරයට වැටෙන කළාත්මක සිනමා පටයක්. මුලින් මම ගෙනා BHEED වගේම මේකත් වාණිජමය අතින් එතරම් සාර්ථකත්වයක් දැක්වූයේ නෑ. මෙහි Imdb ratings සිනමාපටයට සාධාරණත්වයක් ඉටු කරන්නෙ නෑ.ඉන්දියානු සිනමා රසිකයින් බොහෝ විට විවිධාකාරයෙන් බෙදී ගිය පිරිසක්. ජාතිය, ආගම ,කුලය හා දේශපාලන සාධක මත තම සිනමා රුචිකත්වය තෝරා ගන්නා නිසා ඉතා සිනමාත්මක නිර්මාණයන් පවා රේටිංස් වලදි අඩු වීමක් දක්වනවා.ඒත් මේ සිනමා පටය නම් කළාත්මක සිනමාව ප්‍රිය කරන රසිකයෙකුට බලන්නම ඕනැ එකක්.

දේශපාලනය හා කටකථා අතර ඇත්තේ ඉතා කිට්ටු සම්බන්ධයක්. කටකතා සහ වැරදි තොරතුරු පැතිරවීම සඳහා හොඳම උත්ප්‍රේරකයක් තමයි සමාජ මාධ්‍ය (Social media) ඒ මගින් සමාජයට ඇති කල හැකි බලපෑම සුළුපටු නෑ. එකම ආරංචිය වුවත් එකිනෙකට වෙනත් අර්ථකථනයන් සමගක් සමාජ ගතකිරීම ඉතා පහසු කාර්‍යයක්. එක් අසත්‍ය තොරතුරක් පාලනයෙන් මිදී වේගයෙන් මිනිසුන්ගේ ජීවිත තුලට රිංගන ආකාරය සහ ඒ තුලින් සමාජය තුළ අසමගිය වපුරන ආකාරය පිළිබඳ පණිවිඩයක් දෙමින් මිස්ට්‍රි ත්‍රිලර් එකක් ලස්සනට මෙහි ඉදිරිපත් වෙනවා.

කතාවට බැස්සොත්, නිවි කියන්නේ ප්‍රාදේශීය දේශපාලන නායකයෙකුගෙ එකම දියණිය. ඇය පළාතේ නැගී එන බලවත් තරුණ දේශපාලකයෙකු වන වික්‍රම් සමග විවාහ ගිවිස ගෙන සිටින්නේ.අසනීපයෙන් සිටින ඇගේ පියාගේ බලතලත් පරිහරනය කරමින් වික්‍රම් ගෙන යන ක්‍රියා මාර්ග නිවීගේ සතුටට හේතු වන්නෙ නෑ.ඔවුන්ගේ ක්‍රියාමාර්ග නිසා ඇති වන ආගම්වාදී කෝළාහලයක් අතරතුර වික්‍රම්ගෙන් ඈත් වී පළා යාමට නිවි තීරණය කරනවා.

ඇමරිකාවේ සිට ආපසු පැමිණි රහාබ් ටෙලිකොම් සමාගමක හිමි කරුවෙක් වගේම අභිප්‍රේරණ දේශකයෙක්.පැන යන නිවී වික්‍රම්ගේ ආධාර කරුවන්ගෙන් මිදීමට ගන්නා උත්සාහයට ඔහු මැදි වන්නේ අහම්බෙන්. ඔහුගේ දේශන වලදී තමන් ගැනම අතිශයෝක්තියෙන් පවසන ලද වීරත්වයන් සැබෑ ලෙස ක්‍රියාවට නැංවීමට ඔහුට සිදු වෙනවා. අනපේක්ෂිත ලෙස ඔහුටත් සිදු වන්නේ නිවී සමගම ජාති වාදී කෝළහාල මැද ජීවිතය බේරා ගැනීමට පැන යාමටයි.වික්‍රම්ගේ සගයින් තම පෙම්වතිය හා ඇයට සහය වූ මුස්ලිම් තරුණයා හා සම්බන්ධව කට කතාවක් සමාජ මාධ්‍ය තුලින් නිර්මාණය කරනවා. එය සමාජය තුල වේගයෙන් පැතිරෙනවා.මේ සියල්ල සිදු වන්නේ එකම රැයක. රැය පහන් වන විට මොවුන්ගේ ය දිවි ගලවා ගැනීමට දරන උත්සාහයට කුමක් වේද?

පරම්පරා දෙකක් සිය ස්වාමියා වෙනුවෙන් කල දර දිය ඇද අවසානයේ ඔවුන්ගේ දේශපාලන අනාගතය වෙනුවෙන් දන්ගෙඩියට බිලිවීමට නියමිත මැරයෙක් සහ ඔහු මරා දැමීමට පන්නන සිය අනාගත ලාභාපේක්ෂා උදෙසා දේශපාලකයින්ට කඩේ යන පොලිස් නිලධාරියෙක්ඇ තුළු විවිධ අතුරු චරිත රැසක් මෙහි දැක ගන්න පුළුවන්. ජරා ජීර්ණ අවස්ථාවාදී මිනීමරු දේශපාලනය මිනිස් ජීවිත වලට කරන බලපෑම මෙම සිනමා පටයේ ඉතා අපූරුවට පෙන්වා දෙනවා.වැඩි වෙනසක් නෑ අපට මේක ගොඩක් සමීප බව දැනෙයි.

මෙහි ප්‍රධාන චරිත ද්විත්වය හින්දි සිනමාවේ විශිෂ්ඨතම රංගන ශිල්පීන් දෙපළක් වන Nawazuddin Siddiqui, සහ Bhumi Pednekar රඟපාන අතර Sumit Vyaas,Sumit Kaul,Shareeb Hasmi ,T. J.Bhanu ආදීන් රංගනයෙන් දායක වෙනවා. අධ්‍යක්ෂනය Sudhir Mishra.

තවත් නව චිත්‍රපටයකින් හමු වෙමු. ඔබ සැමට ආයුබෝවන්!!

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ BANDULA K සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

සිංහල පරිවර්තනය හා උපසිරැසි සැකසුම

Total Subtitles

89

[Baiscope.LK]
IMDb Rating 5.6 3,290 votes
TMDb Rating 5.875 8 votes
Afwaah (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

මෙම චිත්‍රපටයේ රංගනයෙන් දායකවන නළු නිලියන්ගේ වෙනත් චිත්‍රපට නැරඹීමට පහල ඔවුන්ේ පින්තුර Click කර එම List එකට පිවිසේන

Director

නළු නිලියන් 👇

Bhumi Pednekar isNivedita Singh aka Nivi
Nivedita Singh aka Nivi
Sumeet Vyas isVicky Banna
Vicky Banna
Sharib Hashmi isChandan Singh
Chandan Singh
Sumit Kaul isSandeep Tomar
Sandeep Tomar
TJ Bhanu isRiya Rathod
Riya Rathod

Similar titles

Bhoomi (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Yaara (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Rocky V (1990) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Jalebi (2018) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Poster (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Escape from Mogadishu (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Mast Mein Rehne Ka (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Babygirl (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Chithiram Pesuthadi 2 (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Satyaprem Ki Katha (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Manamantha (2016) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Hard Hit (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published

Home
Movies
Request
Web Series
Search
baiscope sinhalasub