What's happening?

Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති Player මගින් උත්සහ කර බලන්න

ඔන්ලයින් නැරඹීමට පහල ඇති 👇Player 01 / Player  02 හෝ Player  03  Click කරන්න Report Error

  • Player 01 (Multi) [With Ads]
  • Player 02 (1080p) [No Ads]
  • Player 03 (720p) [No Ads]
  • Player 04 (480p) [No Ads]

Legend of the Seeker (2008) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ: 1x11

Confession

අද ඔයාලා එකතුවෙන්නෙ ලෙජන්ඩ් ඔෆ් ද සීකර් කතා මාලාවෙ එකළොස් වෙනි කොටසත් එක්ක. මායාවන් පිරි ලෝකයක දුෂ්ට පාලනයෙන් පීඩාවට පත්වෙලා අසරණ වෙලා ඉන්න මිනිස්සු වෙනුවෙන් නැගී සිටින සීකර්ගෙ කතාවෙ තවත් වික්‍රමාන්විත රසබර කොටසක් අදත් ඔයාලට රස විඳින්න පුළුවනි.

පසු ගිය කොටසෙදි ඔයලට මතකනෙ මියගියා කියලා හිතාගෙන හිටිය කෙයිලාන්ගෙ සොයුරිය ඩෙනී ඩාර්කන් රහ්ල්ගෙ සිර ගෙදරකින් බේරගන්න සීකර් ඇතුළු පිරිස සමත් වෙනවා. ගැබිණියක් වෙලා ඉන්න ඩෙනී ප්‍රසූත කරන්නෙ පිරිමි දරුවෙක්. පාපොච්චාරණය කරන්නියන්ගෙ පැරණි සිරිත තමා පිරිමි දරුවන් විනාශ කරන එක.මොකද එයාලට බලය පාලනය කරගන්න බැරි වෙන නිසා.ඒත් සීකර් ප්‍රධාන පාපොච්චාරණය කරන්නියගෙන් මේ දරුව බේරගන්න උත්සහ කරනවා.අන්තිමේදි සීකර් සාර්ථක වෙනවා.දරුවා,ඩෙනී සහ දරුවගේ පියා ෆින් සමඟ වැලේරියා කියන මායාවි දූපතට පිටත් කර හරිනවා එයාලගෙ ආරක්ෂාවට. ඒ වගේම ප්‍රධාන පාපොච්චාරණය කරන්නිය මිය යාම නිසා ප්‍රධාන පාපොච්චාරණය කරන්නිය ලෙස කෙයිලාන්ව නම් කරනවා.ඔන්න ඔයා විදිහටයි සිද්ධවෙන්නෙ.

ඉතින් අද කොටසෙදි රිචඩ්(සීකර්),සෙඩ් සහ කෙයිලාන් ඔර්ඩන් පෙට්ටිය සුරක්ෂිතව තියන්න තැනක් හොයාන්නයි හදන්නෙ.මෙයාලා ඒකට තෝරගන්නෙ පුරාතන සීකර්ලගෙ පූජනීය ටැවොල්රැන්ග් ලෙන. මේ ලෙනට ඇතුල්වෙන්න වුවමනා යතුර ආරක්ෂා කරන්න බාර වෙලා තියෙන්නෙ සෙඩ්ගෙ පවුලට.මේ අතරේ නැගෙනහිර මාර්වෙන් වලින් කෙයිලාන්ට පණිවුඩයක් එනවා උදව් ඉල්ලලා.ඉතින් සෙඩ් තනියම යතුර ගෙනෙන්න තමන්ගෙ නිවසට යන අතරෙ කෙයිලාන් සහ රිචඩ් යනවා නැගෙනහිර මාර්වෙන් වලට.ඒත් යද්දි කෙයිලාන්ට පණිවුඩය එවපු කෝනර් මියගිහින්.ඒ කියන්නෙ මරා දමලා. කෙයිලාන් සහ රිචඩ් මිනීමරුවා හොයන්න සූඳානම් වෙන්නෙ යුක්තිය ඉටුකරන්න.

යුක්තිය පහසුවෙන් ලැබෙන්නෙ නෑ..ඉතින් බලමු අපි කෙයිලාන් සහ රිචඩ්ට යුක්තිය ඉටු කරන්න යාමේදි මොනවටද මුහුණ දෙන්න වෙන්නෙ කියලා.ඒක ඉතින් ඔන්න ඔයාලට බාරයි.. ඉතින් දොලොස්වන කොටසත් එක්ක හමුවෙන බලාපොරොත්තුවෙන් මම ඔබෙන් සමුගන්නම්.
ඔබට ජය…!!

Legend of the Seeker:- S1:E11
Legend of the Seeker:- S1:E11
Jan. 31, 2009

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published

baiscope